මෛත්‍රී සිත

මහණෙනි, 

මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳගත් මහා හුළු අත්තක් තිබේ. ඇවිලි ඇවිලී දැල්වෙයි. පලාතම එළිය කරමින් දැල්වෙයි. සැනෙකින් මහ වනයක් ගිනි තබන්නට පුළුවන. ඒ මිනිසා “මම මේ හුළු අත්තෙන් ගංගා නම් ගඟ දිය උණු කරන්නෙමි. තවන්නෙමි.” කියමින් හුළු අත්ත රැගෙන ගංගා නම් ගඟ වෙත දුවයි.

“මහණෙනි ඔබ හිතන්නේ කුමක්ද? ඒ මිනිහාට ගංගා නම් ගඟ තවන්නට, උණු කරන්නට හැකිවේවිද?”

“ස්වාමීනි, ඒ මිනිහාට එය කළ නොහැකියි. ගංගා නම් ගඟ ගැඹුරුයි. මහා දිය කඳකින් පිරුණකි. හුළු අත්තකින් කෙසේ ඒ ගඟේ දිය උණු කරන්නද? ඒ මෝඩ මිනිහා වෙහෙසීම පමණයි සිදුවන්නේ.”

මහණෙනි, නොමනා වචනයෙන් මෛත්‍රී සිත වෙනස් කරන්නට යාමද එබඳුය. යම් කිසිවෙක් කාලෝචිත වූ හෝ නොවූ, සත්‍ය වූ හෝ අසත්‍ය වූ, රළු වූ හෝ මෘදු වූ, අර්ථ සහිත වූ හෝ අර්ථ රහිත වූ වචන මාර්ගයකින් නුඹලා ඇමතුව හොත් ළාමක වචන නිකුත් නොකොට, හිතානුකම්පීව, ආකාශය හා සම වූ මෛත්‍රී සිත පතුරුවා වසන්න. එවිට ඒ වචන නිකුත් කළ පුද්ගලයා වෙහෙසට පත්වීම පමණකි සිදුවන්නේ.

මජ්ජිම නිකාය, කකචූපම සූත්‍රය.

උපුටා ගැනීම: පොරවගම ඥාණසිරි තෙරුන් රචිත, බුදුහාමුදුරුවන්ගේ උපමා කතා 2

About these ads
  1. 2012 ජනවාරි 31 දින පෙ.ව. 10:48 ට | #1

    මේ දු‍ටු ගැමුණු බලකාය කියන්නේ කව්ද…..

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 84 other followers

%d bloggers like this: