ගෝතම ගීතය

“කර්මයෙන් සියල්ල සිදුවෙතැයි බොහෝ දෙනා සිතති. ඉරණම කර්මය යයි ඔවුහු සලකති. කර්මයෙන් සියල්ල සිදුවේ නම් උත්සාහයක් කුමටද බ්‍රාහ්මණය? මේ කර්මවාදය නිසා බොහෝ මනුෂ්‍යයෝ නිවටව පසුවෙති; අලස ව නිදති. යහපත් සිතිවිලිත් දෘඪ ආත්ම ශක්තියක් ඇත්නම් පින්වත ඔබට බුදු විය හැකි ය. සිත දෛවයේ නිර්මාතෘ වරයාය. ඔබේ සිතුවිලි බලය අනුව ඔබේ ඉරණම විසඳේ.” (පිටුව 126)

බෞද්ධ සංස්කෘතියේ සහ බෞද්ධ දර්ශනයේ ශ්‍රේෂ්ඨත්වය නිමිති කරගෙන නවකතා රචනයට ප්‍රසිද්ධියක් උසුලන ජයසේන ජයකොඩි නම් අපූර්ව ලේඛකයා අතින් අකුරු කෙරුණු තවත් නවකතාවක් ගෝතම ගීතය නම් වෙයි. අසමසම ලොව්තුරා බුදුවරයෙකුගේ ගුණ මහිමය ගැන විස්තර කෙරෙන මෙම නවකතාවට පාදක කොටගෙන ඇත්තේ බුදුන් වහන්සේව විවාහ කරගන්නට සිතා එය ඉටුනොවූ පසු උන්වහන්සේගෙන් පලිගන්නා අරමුණින් විවිධ අකුසලයන්හි යෙදුණු මාගන්ධි බැමිණියගේ කතාවයි. සියළු අපහාස, දෝෂාරෝපණ මධ්‍යයේ නොසෙල්වී සිටිමින්, උපේක්ෂාවෙන් විඳදරාගන්නා බුද්ධ චරිතය මෙම කතාව පුරාවටම අපූරුවට විස්තර කරන්නට ලේඛකයා සමත් වී ඇත.

“දරුව ඔබටත් උවමනා නම් අඳුර විනිවිද දැකිය හැකි නැණසක් ලද හැකියි.”

“ස්වාමීනි… නිවන් අවබෝධ වුවහොත් යලි උපතක් නැතැයි අසා ඇත්තෙමි. මේ මහා වනයෙහි සිඟාලයෙකුව ඉපදීම එවන් නිර්වාණ සම්පත්තියකට වඩා මට වැඩදායකය ස්වාමීනි.”

“දරුව නාලක… මේ මනුෂ්‍ය ජීවිතය නිසා ඔබ ලබන තෘප්තිය කුමක්ද?”

“ස්වාමීනි මම මනෝ රාජ්‍යයක ජීවත් වන්නෙක්මි. මටම ආවේණික ලෝකයක් තනා ඒ තුල උදම් සිතින් පසුවන්නෙමි.”

” දරුව මම ඔබට සත්‍යය පසක් කිරීමට තව දුරටත් නොවෙහෙසෙමි… සතුටින් සොම්නසින් ජීවත් වන්න. කැමති කාලයක් භවයෙහි සැරිසරන්න.” (පිටු 99-102)

නිර්වාණාවබෝධයට පින් පුරා ඇති මිනිසුන් සොයා ගම් නියම් ගම්වල සැරිසැරුව සේම, නිවන් මඟට එන්නට පින් පුරා නැතිවුන් නිවන්මඟට ගැනීමට දිගින් දිගටම උත්සාහ නොකොට ඔවුනට සුදුසු ලෙස ජීවත් වීමට ආශිර්වාද කළ ගෝතම බුදුන් වහන්සේ සියළු සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කළ ආකාරය මෙන්ම, මිත්‍යා දෘෂ්ඨිකයන්ගෙන් බුද්ධ චරිතයට සහ ශාසනයට එල්ල වුණු ප්‍රහාර, දෝෂාරෝපණ ගැනද මෙම නවකතාවෙන් පැහැදිලි කෙරෙයි.

පිච්චමල නවකතා මාලාව ඇතුළුව සම්බුද්ධ ශාසනය, භික්ෂු චරිතය පිළිබඳව පහන් හැඟීම් පාඨකයා තුල ඇතිකරන නිර්මාණ රැසක් අපවෙත ගෙන ආ ජයසේන ජයකොඩි නම් වූ ලේඛකයා විසින් දැයට දායාද කළ තවත් සිත් පහන් කරවන කෘතියක් ලෙස “ගෝතම ගීතය” නම් කළ හැකිය.

කෙනෙකුගේ චිත්ත ශක්තිය අනුව නිවන සාක්ෂාත් කරගැනීම හෝ සසර දිගු කරගැනීම හඳුනා, කෙලෙස් වඩන්නන්ට අනුකම්පා කළ ගෝතම බුදුන් වහන්සේගේ විතරාගී ගුණය “ගෝතම ගීතය” පුරා ලියවී ඇත්තේය.

About these ads
  1. 2012 අගෝස්තු 28 දින පෙ.ව. 9:02 ට | #1

    බොදුනුවන්ට හැම විටකම කියන්නේ ඕකයි. උත්සාහ කරන්න. ලොකු බොරුවක්. තම වියාපාර කටයුතු උත්සාහයෙන් කරගෙන ගිය මගේ සැමියා කර්මානුකුලව මොලේ නහරයක් පුපුරා ලෙඩ ඇඳෙය. කොතරම් උත්සාහ කලත් අපටද ඔහුගේ කර්මය ඛණ්ඩනය කිරීමට නොහැකි වී තිබේ. දොස්තරවරුන්ටද පුදුමයකි.
    බෝධිසත්වයන් සය අවුරුද්දක් දුෂ්කරක් ක්‍රියා කර උත්සාහ කලත් බුදු බව ලැබුනේ නියම වෙලාව ආවාම. වෙලාව තීරණය වෙන්නේ කර්මයෙන්.

  2. 2012 ඔක්තෝබර් 14 දින පෙ.ව. 8:17 ට | #2

    ඔබගේ අනගි විචාරය මා හට මේ පොත කියවන්ට බලවත් ආශාවක් ඇතිඋනෙමි. අද සමාජයේ මිනිසා පිරිහෙන්නේ මේ හේතුව නිසා බව මම අත්දැකීමෙන් දනිමි. කර්මයට ඉඩ දී දේවාල පසුපස බලි බිලි පුජා කරමින් අවසානයේ දෙවියන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් සිටින්නේ මේ අති උත්තම බුද්ධ ධර්මය නොදන්නා නිසාවෙනි. තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් නොවන නිසාවෙනි. දෙවියන්ද පිහිට වන්නේ තුරුණුවන් සරණ ගිය පන්සිල් රකින මිනුසුන්ට බව සිංහල බෞධයා තවමත් නොදන්නේ අවසනවකටය. බුදු රජාණන් වහන්සේ පැවසුවේ “අත්තාහි අත්ත නොනතෝ”, තම හිසට සෙවන තම අතමය…

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 84 other followers

%d bloggers like this: