සයිබර් අවකාශයේ හෙළ හඬ
මෛත්‍රී සිත
මහණෙනි,
මිනිහෙක් අත පරඬැල් මටුළු ආදිය එකතු කර බැඳගත් මහා හුළු අත්තක් තිබේ. ඇවිලි ඇවිලී දැල්වෙයි. පලාතම එළිය කරමින් දැල්වෙයි. සැනෙකින් මහ වනයක් ගිනි තබන්නට පුළුවන. ඒ මිනිසා “මම මේ හුළු අත්තෙන් ගංගා නම් ගඟ දිය උණු කරන්නෙමි. තවන්නෙමි.” කියමින් හුළු අත්ත රැගෙන ගංගා නම් ගඟ වෙත දුවයි.
“මහණෙනි ඔබ හිතන්නේ කුමක්ද? ඒ මිනිහාට ගංගා නම් ගඟ තවන්නට, උණු කරන්නට හැකිවේවිද?”
“ස්වාමීනි, ඒ මිනිහාට එය කළ නොහැකියි. ගංගා නම් ගඟ ගැඹුරුයි. මහා දිය කඳකින් පිරුණකි. හුළු අත්තකින් කෙසේ ඒ ගඟේ දිය උණු කරන්නද? ඒ මෝඩ මිනිහා වෙහෙසීම පමණයි සිදුවන්නේ.”
මහණෙනි, නොමනා වචනයෙන් මෛත්‍රී සිත වෙනස් කරන්නට යාමද එබඳුය. යම් කිසිවෙක් කාලෝචිත වූ හෝ නොවූ, සත්‍ය වූ හෝ අසත්‍ය වූ, රළු වූ හෝ මෘදු වූ, අර්ථ සහිත වූ හෝ අර්ථ රහිත වූ වචන මාර්ගයකින් නුඹලා ඇමතුව හොත් ළාමක වචන නිකුත් නොකොට, හිතානුකම්පීව, ආකාශය හා සම වූ මෛත්‍රී සිත පතුරුවා වසන්න. එවිට ඒ වචන නිකුත් කළ පුද්ගලයා වෙහෙසට පත්වීම පමණකි සිදුවන්නේ.
මජ්ජිම නිකාය, කකචූපම සූත්‍රය.
උපුටා ගැනීම: පොරවගම ඥාණසිරි තෙරුන් රචිත, බුදුහාමුදුරුවන්ගේ උපමා කතා 2
කැප්පෙටිපොළ සැමරුම
වසර 193කට කලින් අද වගේ දවසක බෝගම්බරදි අපේ ජාතියට අහිමි කළේ රට ජාතියට පණ මෙන් ආදරය කළ අභීත සිංහලයෙක්… වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධයෙක්. සිංහල බෞද්ධයගෙ අනන්‍යතාවය රැකගන්න වගේම අනාගතේ බිහිවෙන අපේ පොඩිඋන්ට තමන්ගෙම කියලා රටක් ඉතුරු කරලා තියන්න සටන් වැදුණු මොණරවිල කැප්පෙටිපොල නිළමෙ තුමාව මේ විදිහට අපි සිහිපත් කරන්නෙ ඒ ගෙවුණු අතීතය සිහි කරලා උදම් අනන්නවත්, කඳුළු සලන්නවත් නෙමෙයි…  සිංහලේ පවතින තුරා ඔවුන්ව, ඔවුන් කළ මෙහෙවර මතක තියාගන්න.
එකක් නෑර හැමදෙයක්ම සිහියෙ තියාගන්න ඕනෙ කාලෙ ඇවිත්. අපේ විරුවො රට, ජාතිය, ආගම වෙනුවෙන් සටන් වැදපු හැටි, ජීවිත පූජා කළ හැටි, විතරක් නෙමෙයි… කැප්පෙටිපොල නිළමෙ තුමාව ඉංග්‍රීසින්ට පාවා දුන්න හැටි සිහි වෙනකොට, අද ඉන්න අපේ සමහරුන්ගෙ කෙරුවාව ගැන අනේ අපොයි කියලා හිතෙනවා. රට වෙනුවෙන් දිවි දුන් පිනෙන් නිවන් දකිනාතෙක් අපේ වරිගෙ රැකගන්න මේ පින්බිමේම උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජිනදාස, සරල බව උතුම් කොටගත් සැබෑ මිනිසෙකුගේ කතාව ….
අවුරුදු සියය ඉක්මවා ජීවත්වන මිනිසුන් සොයා ගැනීම අප රටේ අපහසු කරුණකි. අවුරුදු 50, 60 වැනි කාලවලදී නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරුව, තවත් අවුරුදු කීපයක් දුක්විඳ, බොහෝ දෙනා කෙටි කාලයකින් අවසන් ගමන් යයි. මේ අවසාන කාලයේදීත් බොහෝ විට සිය පවුලේ සාමාජිකයන්ගේ උදව්වෙන් ජිවත් වේ. ජීවත් වුවත් මළවුන් වැනිය. මෙවැනි බොහෝ දෙනා අප අපට අද සමාජයේ අනන්තවත් හමුවේ.
නමුත් කිසිවෙකුටත් බරක් නොවී තමන්ගේ ශක්තියෙන් වසර 111 පුරා ජීවත් වූ මිනිසෙකු ගැන ඔබ දන්නවාද? කාත් කවුරුවත් නැතිව මෙපමණ කලක් කෙසේ ජීවත් වනවාද යන්න නම් හිතා ගැනීමට අපහසු කරුණකි. අඩුම තරමේ රජයෙන් හෝ කිසිම ආධාරයක් නොලබා මෙලෙස ජීවත් වීම යනු අද කාලයේ හැටියට පුදුමයට කරුණකි.
අසහාය කාය ශක්තියකට හිමිකම් කියූ මොහු, අප කවුරුත් නම කිවූ සැණින් දන්නා “යකඩයා” නමින් හැඳින් වූ සාංචිආරච්චිගේ ජිනදාසයි. කිසිදා නොසැලුණු මේ අසහාය මිනිසා පසුගිය දිනෙක මෙලොවින් සමුගත් පුවත අසන්නට ලැබුණි. රජයේ වියදමින් අවසන්  කටයුතු කළ බවත් දැන ගන්නට ලැබුණි.
මුළු රටක් දැන සිටි මේ මිනිසා කිසි දිනක අනුන්ගෙන් කිසිවක් බලාපොරොත්තු වූ අයෙකු නොවේ. තමන්ට අවශ්‍ය දේ තමා විසින්ම සපයා ගනිමින් ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කළ මිනිසෙකි. කිසිවක් තමා වෙනුවෙන් ඉතිරි කර නැති මොහු, තමාට ලැබෙන පරිත්‍යාගයන්ද ‍දුප්පතුන්ට පරිත්‍යාග කරමින් මහ මඟ ජීවත් විය. තමන්ට කියා නිවසක් හෝ කිසිම දෙයක් නොමැති මේ අපූරු පුද්ගලයා සිය ප්‍රථම ආදරය වෙනුවෙන් ජීවිත කාලයම කැප කර ඇති ආතර, තම ආදරවන්තිය කාපිරින් විසින් මරා දැමීමෙන් අනතුරුව තනිව ජීවත් වීමට තීරණය කර ඇත. තමාට යකඩයා යන නමින් ඇමතීම පිළිබඳ ඉතා නිහතමානි ආඩම්බර කමක් හිත රඳවාගෙන සිටි මොහු තමන්ගේ සැබෑ නම වන ජිනදාස යන නමට දැක්වූයේ දැඩි කැමැත්තකි. ඒ බුදු හිමියන්ට සේවය කරන අයෙකු ලෙස හැඳින්වීමටයි.
වරෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී ලබාදුන් රුපියල් 10,000 ක මුදල ජනාධිපති මන්දිරයෙන් පිටව යද්දීම ඒ අසල සිටි යාචකයන්ට බෙදා දී තිබුණි. “ ඉතින් දහදාහ එතන බෙදුවා හිඟන්නොන්ට. ඉතිං මට පොලිසියෙන් කිව්වා මොන පිස්සු වැඩක්ද ඕයි මේ කලේ?  මම කිව්වා මම තනි මිනිහෙක් කනවට වඩා ඔය සිය ගාණක් දුප්පත්තු කන එක කොයි තරම් පිනක්ද කියලා ඇහුවා. ඉතිං කොල්ලෝ ටික සේරම පිරිලා. ඉතිං දුන්නා. ඊට පස්සේ මට පිස්සු කියලා ඔක්කොම හිතා ගත්තා. පිස්සුවක් නෙමෙයි ඒක මගේ කරුණාව. ඒක ජනාධිපතිතුමාටත් පිං. එතුමා දීපු සල්ලිනේ. එතුමාට පින් අයිති වෙන්න ඕනේ.”  තමන්ට ඉන්න හිටින්න තැනක් නැතිව, කන්න බොන්න දෙන්න කෙනෙක් නැතිව ඔහේ ඇවිද ඇවිද හිටපු සියවසක් ඉක්මවූ මේ මිනිසාගේ සිතුම් පැතුම් කොතරම් ආදර්ශවත්ද.
කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවූ මොහු මගෙන් එක් ඉල්ලීමක් පමණක් කළේය. “මහත්තයා මේ විස්තර පත්තරේට ලියන්න. අපේ අනාගත ළමයි මේවා දැන ගන්න ඕනේ. මෙච්චර කාලයක් මම මේ විදියට නිරෝගීව ජීවත් වෙන්නේ මස් මාංශ නොකාපු නිසා. ඒ වගේම අරක්කු සිගරැට් නොබීපු නිසා” මේ සාකච්ජාව  අන්තර්ජාලයට එක් කරන බව පැවසුවත් එය ඔහුට අවබෝධ කර දීමට නම් මට නොහැකි විය. අවාසනාවට ඔහු මිය යන තෙක්ම මෙම සාකච්ජාව පුවත් පතකට ලිවීමට මට අවස්ථාවක් නොලැබුණි.
මොහුට යකඩයා යන නම පට බැඳුණු ආකාරය ඉතාම රසවත් කතාවකි. මේ ඔහුගේම වචන වලින්… “ඉතිං අපි රේල් පාරේ යනකොට කංකානම යන්න දෙන්න බෑ කිව්වා. ඇයි කියලා අහුවා. අපට තාර පාරක් නෑනේ රේල් පාරෙනේ යන්න තියෙන්නේ කිව්වා. නෑ ඒ වුණාට යන්න දෙන්නේ නෑ කිව්වා. තමුසේ කොහොමද රජ්ජු‍රුවෝ වෙන්න හදනවාද කියලා ඌ ගැහුවා අර රේල් පීල්ල මනින ලෙවෙල් එකෙන් මට එකක්. ගහපුවාම යකඩ කූර අල්ලාගෙන ඇදලා ගත්තා. සීයා උගන්නපු චීනඩි සාස්තරෙන් දුන්නා බීජ කෝෂය, තැලිවල, බොටුව පහර තුන ගැහුවා දිව එළියට දාගෙන වැටුනා. මුගේ ඔළුව පලන්න නෑනේ පොල්ලක් කියලා හිටන් බලපුවාම අර අඩි 10 රේල් පීලි ගොඩක් තියෙනවා. ඉතිං මම ඇල්ලුවා එකක්. පුළුන් රොද වගේ ආවා. ආවාම අර රේල් පාර අස්සෙන දාලා නැමුවා. මුගේ බෙල්ලට දාන්න ඕනේ කියලා. පස්සේ බෙල්ලට දාලා හිර කළා. පස්සේ උසාවි ගිහින් මට කියලා ගැලෙව්වේ. නඩුකාරයා ඇහුවා තව යකඩ පුත්තු ගෙදර නැද්ද කියලා. ඊට පස්සේ උසාවියෙන් එනකොට නඩුකාරයා කිව්වා ඔය ශක්තිය හොඳට යොදවන්න කිව්වා. නරකට යොදවන්න එපා කියලා. මම කිව්වා නිකරුනේ අලියෙක් ගැහුවොත් මම අලියටත් ගහනවා කිව්වා. එලියට එනකොට ආන් යකඩයා යනවා කියලා කට්ටිය කිව්වා.”
මේ සිදුවීමෙන් පසුව ඔහුට ඉතා විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර විදේශ රටවලින් පවා මොහුව රැගෙන යන්නට පැමිණි බවත් නමුත් ලංකාවේ සිටීමට සහ රටට සේවය කිරීමේ කැමැත්ත නිසා එසේ නොගිය බව මා සමග පැවසීය.
තම ජීවිත කථාව චිත්‍රපටයකට නැඟිම පිළිබඳ ඉතාම ආඩම්බරයෙන් සිටියත්, ගාමිණී ෆොන්සේකා මහතා යකඩයාගේ චරිතය රඟපෑ ආකාරය සම්පූර්ණයෙන්ම තම චරිතයට නිගා කිරීමක් ලෙස හෙලා දකියි. කිසිදිනෙක මත්පැන් සිගරැට් තොල නොගෑ මේ සැබෑ මිනිසා තම ජීවිත කතා පටයේදී මත්ලෝලියෙකු සේ හැඳින්වීමට එහි අධ්‍යක්ෂ මරවනාගොඩ සහ ගාමිණි ෆොන්සේකා ගත් උත්සහාය ගැන ඔහුගේ වදනින්… “ මම කීවා ගාමිණියට එන්න කියලා වත්තලට ගෙනාවා. මං අරක්කු බොනවා මස් මාලු කනවා දුම්බොනවා  දැකලා තියෙනවාද යකෝ කියලා ඇහුවා මං. පර බල්ලා…. ඒක මං පුරුද්දක් වශයෙන් කරන දෙයක් කියලා මගෙන් සමාව ගත්තා” මේ ආකාරයට එදා සිටම මේ මිනිසා අසාධාරණයට ලක් වී ඇති අතර මෙම චිත්‍රපටය වෙනුවෙන්ද තමා කිසිම මුදලක් ලබා නොගත් බව පැවසුවේ ඉතාම උජාරුවෙනි.
සිය ජීවිතයේ අවසාන කාලයේදී පවා මොහු ගතින් වයසට ගියද සිතින් තම තරුණ කල තිබූ ජවය මත ජීවත් වූ අයෙකි. ඔහුගේ අසාහාය කාය ශක්තිය පිළිබඳ මා විමසූ විට පැවසුවේ ඕනෙ වෙලාවට ශක්තිය තමාට ලැබෙන බවයි. මොහුගේ කායික ශක්තියේ හා මානසික ශක්තියේ නොගැලපීම අවසන් කාලයේදී මානසික රෝහලේගතකරන්නට හේතුවක් වන්ට ඇතැයි මට සිතේ. සිය වසකටත් වඩා වැඩි කලත් ජීවත් වූ මොහුගේ පෙනුම අවුරුදු 70 පමණ අයෙකුගේ වන අතර කටහඬද ඉතාම තියුණුය. සිය ජීවිතයේ අවසන් දශක කීපය ඉතා ධාර්මිකව ගෙවන්නට උත්සහා ගත් බවක පෙනෙන්නට තිබුණි. යන්ත්‍ර මන්ත්‍ර කෙරෙහි ඉතා තදින් විශ්වාස කළ මොහු  නිතරම යමක් සඟාවාගෙන ආරක්ෂා කරන අයුරක් දිස්විය. තමන් සතුව තිබූ සියල්ල අන් අයට බෙදා දුන් ජිනදාසට ඉතිරිව තිබූ යකඩ යෂ්ඨියත් ත්‍රිකුණාමල රෝහලේදී මීට වසර ගණනාවකට කලින් කිසියම් කෙනෙකු පැහැර ගත් බව පැවසුවත්, ඔහුට එය ගැන එතරම් තැකීමක් තිබුණේ නැත.
සිය තරුණ කාලයේදී සිදුකළ යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳ කිසිඳු අවස්ථාවක පසුතැවීමක් ඔහුට තිබුණේ නැත. බලාපොරොත්තුවක් ද තිබුණේ නැත. නමුත් නිදහස් තැනෙක සැඳෑ සමය ගත කිරීමේ ආශාවක් නම් හිතේ තිබුණු බව පැහැදිලිය. හැම විටම තමන් නිවැරදි දේ කළ බව ඔහුගේ විශ්වාසය විය. තමන්ට කාත් කවුරුවත් නොමැති බව පැහැදිලිව දැන සිටි ජිනදාස පිලිබඳව මුළු ලංකාවම දැන සිටියත්, ඔහු කිසිවෙකුගෙන් කිසිවක්ම ඉල්ලා සිටියේද නැත. සිය ජීවිතයේ අවසන් කාලය මොහුට මානසික රෝහලක ගත කරන්නට සිදුවුණේ මොහු මානසික රෝගියෙක් වූ නිසා නොවේ. තමන්ගේ කියා කිසිවෙකු නොමැතිවීමත්, ඔහු තුළ තිබූ අනුන්ට අවනත නොවන ගතිය නිසාත්, කකුලේ දිගුකලක් පැවති තුවාලය නිසාත් මානසික රෝහල ඔහුට තම දිවියේ අවසාන නවාතැන්පළ බවට පත්විය. ඔහුට  ලංකාවේ රොබින් හුඩ් යැයි කීවත් රොබින්හුඩ්ට ලැබුණු පිලිගැනීම පසුකාලයේදී ඔහුට ලැබී තිබුණේ නැත. බලාපොරොත්තු වූයේද නැත. එසේ බලාපොරොත්තුවක් නොමැතිව අනුන්ට හැකි පමණින් උදව් කළ ඒ අසාමාන්‍ය ශක්තිමත්  මිනිසාට අපි නිවන් සුව පතමු.
යකඩයා සමග 2010 දි කරන ලද සාකච්චාවෙන් කොටසක්…
කරුණාවතීට පිහිට වෙමු…
Necrotizing fasciitis යනු දුර්ලභ මෙන්ම  දරුණු රෝගයක් වුවද මෙය සුවකළ හැකි අවධියේදී නිසි ප්‍රතිකාර ලබා ගැනීම හරහා ජීවිතය රැක ගැනීමට හැකිවෙනු ඇත. මෙම රෝගයට ගොදුරුවී සිටින කරුණාවතී ගැන ඔබට දන්වන්නට අප තීරණය කලේ හේතු කිහිපයක් ඇතිවය.
පළමුව නම්, ඇයට නිරෝගී සුවය ලඟා කරගන්නට අපට හැකි අයුරින් උපකාර කරන්නට පෙළ ගැසෙමු යැයි ඔබෙන් ඉල්ලා සිටින්නටයි. එමෙන්ම මෙවන් රෝග වලට ගොදුරුවන මිනිසුන් කෙරේ අනුකම්පාවෙන් අප කටයුතු කළ යුතු බවත් කොයිම මොහොතක හෝ ඔවුන්ව කොන් කර මානසිකව වැටෙන්නට ඉඩ නොදිය යුතු බවත් මතක් කරන්නටයි.
අපි ගෙවන සංසාරයේ ඇති භයානක කම පැහැදිලිව පෙන්වාදෙන මෙවන් අවස්ථාවලට, හෙට දිනයේදී අප ගොදුරු නොවෙතැයි කිව හැක්කේ කාටද? රූපය ගැන මුලාවී මානයෙන් පසුවන, ඒ ගැන උදම් අනන අයටත්, ව්‍යාධියට ලක්වෙන, වයසට යන, දිරාපත් වෙන මේ රුව රැකගන්නට නානාප්‍රකාර දෑ කරන අයටත් මුලාවෙන් මිදී  මොහොතකට සිතා බලන්නට සුදුසු කරුණක් නොවෙයිද මෙය? මෙවන් පුවත් හමුවේ “මේක තමයි කරුමෙ” යැයි කියා කර්ම ශක්තිය පිට දමා බොහෝ දෙනා ප්‍රශ්නයෙන් පැන යති. එසේ නොකර මදක් හිතා බලන්න පුළුවන් නම්, රූපය පිලිබඳ තෘණාවෙන් මිදී ස්වභාවධර්මයේ විපරියාස වලට උපේක්ෂාවෙන් මුහුණ දෙන්නට හුරුවීම, සරල ජීවිතයක් ගතකොට මතුදිනෙක නිර්වාණ අවබෝධයටද බෙහෙවින් ඉවහල් වෙනු ඇත.
නැවතත් කරුණාවතී පත්ව ඇති තත්වය මතක් කරමින්, ඇයට හැකි අයුරින් උපකාර කරන්නට අපි දුටුගැමුණු පාඨක පිරිසගෙන් ඉල්ලා සිටිමු.
උදව් කිරීමට හැකි ආකාරය .
C/O Padmasiri Weledasela
G.G.S. Amarasinghe
Nuwanpura
Galewela
Tel: +94-71-835-7383 (Mr. S. Mudalige)
Email: ggsamarasinghe@gmail.com
http://www.helpkarunawathi.org/index.php
බුදුන්ගේ දේශයේ අවසානයද….?
“අනුරපුර පල්ලිය ඉවත් කිරීමට නියෝග කල නිළධාරිණියට ස්ථාන මාරුවක්”…
යන සිරස්තලයෙන් පුවත්පත්වල සහ අන්තර්ජාලයෙත් පලවූ පුවතත් සමඟ, අප කණ්ඩායම විසින් මෙම අනවසර ඉදිකිරීම් ගැන වැඩි කතා බහකින් තොරව සිටීමේ පිළිවෙත වෙනස් කිරීමට තීරණය කළෙමු. මේ සිද්ධිය ගැන මුලදිත් ලිපියක් පල නොකිරීමට ප්‍රධානම හේතුව වූයේ, මෙවන් ලිපි කියවා එවෙලෙට කුපිත වන සිංහල බෞද්ධ මෙන්ම, අන්‍යාගමික හෝ අන්‍යාගමික හිතැති පිරිස් විසින් සයිබර් අවකාශයේ ඵල රහිත වාග් සංග්‍රාම වලට පැටලී තාවකාලික වීරයන් වීම විනා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් කිසිදිනක නොගන්නා බැවිනි. මෙම විහිළු දැකීමෙන් කලකිරී සිටි අප කණ්ඩායම මෙවන් පුවත් ගැන බ්ලොග් අඩවියෙන් සාකච්ඡා කිරීම සීමා කළෙමු.
නමුත් ඉහත සඳහන් සිදුවීමත් සමඟ තවදුරටත් මේ ගැන මුනිවත රැකීම නොකළයුත්තක් බව හැඟේ. ඒ අතරම, බෞද්ධයාගේ රටේ, සිය උරුමය වෙනුවෙන් කටයුතු කරන්නන්ට සිදුවන මෙවන් අසාධාරණ හමුවේ මේ දේවල් ගැන කතා කිරීමද එක අතකට නිශ්ඵල යැයි සිතේ. අනුරපුර පූජා භූමිය තුලම හොරෙන්ම පල්ලියක් අටවාගන්නට මෙම අන්‍ය ආගමිකයන් ක්‍රියා කලේ ඔවුන්ට පල්ලියක් අටවා ගන්නට වෙන ඉඩමක් නොතිබුණු නිසාමද?…. නැත. මේ සිද්ධ වෙන්නෙ ආක්‍රමණයකි. එළිපිටම කරන මේ නින්දිත ආක්‍රමණයට විරුද්ධව බුද්ධිමත්ව පෙළ ගැහෙන්නට සිංහල බෞද්ධයා සූදානම් විය යුතුමයි.
ලංකාව බුදුන්ගේ දේශය වුණේ අතීතයේ විසූ රජ කෙනෙක් අපේ රට බුදුන් වහන්සේට පූජා කල නිසා පමණක්ම නොවෙයි. වසර දහස් ගණනක් පුරාවට, රටේ ගමක් නගරයක් නෑර වෙහෙර විහාර ඉදිකරමින්, ආක්‍රමණිකයන් හා දිවිහිමියෙන් සටන් වදිමින් බුදු සසුන මෙලොවින් වියැකෙන්නට නොදී රැකගත් එකම ජාතිය වෙසෙන්නේ ලංකාවේ බැවිනි. ඒ ජාතිය සිංහල බෞද්ධයායි. අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කලත් නවගුණ වැල මෙන්ම, සසුන රැකගැන්මට අවැසි තැනදී ආයුධයක් අතට ගන්නට පවා මැලිනොවුණු ජාතියකට අද උරුම වී ඇති ඉරණම ඉතාම කණගාටුදායකය.
අනුරපුර පල්ලිය ඉවත් කල පුවතත් සමඟ තවමත් කොන්ද පණ තියෙන බෞද්ධයන් ලංකාවේ සිටීම පිළිබඳව අප සතුටු වුණත්, ඔවුන්ට මේ අත්වෙන ඉරණම හමුවේ තවදුරටත් ලංකාද්වීපය බුදුන්ගේ දේශය නොවේදැයි අපට සැක පහළ වෙයි. මේ පිළිලයට සිත්සේ වැඩෙන්නට ඉඩහැර මානව අයිතිවාසිකම් ගැන පණ්ඩිතකම් දොඩමින් සිටියොත් අපේ අනාගත දරු පරපුරට වෙසෙන්නට නිවහල් රටක් ඉතුරු නොවෙනු ඇත. අතීතයේ අපේ රට ජාතිය ආක්‍රමණ වලින් බේරාගත් අපේ මුතුන් මිත්තන් ගැන අපි අදටත් ආඩම්බරයෙන් කතා කලත්, මෙහෙම ගියොත් අපේ අනාගත පරපුර නම් අපට දෙස් දෙවොල් තබනු නොඅනුමානය.
රෝමියෝ ජූලියට් වගේ…
දින කිහිපයකට උඩදි බස් රථයක ගමන් ගනිමින් ඉඳිද්දි අපූරු සිදුවීමකට මුහුණ දුන්නා. බස් රථයේ මා ඉඳගෙන සිටි අසුන අසලම හිටගෙන උන්නු පාසල් සිසුවියන් දෙදෙනෙක් (9 වසරෙ හෝ 10 වසරෙ විතර ඇති මේ දෙන්නා) අතර ඇතිවුණු සංවාදයක්, ගමනාන්තය දක්වාම මාව කල්පනාවක නිමග්න කරලා තියන්න සමත් වුනා කීවොත් වඩාත් නිවැරදියි. බස් එකේ සෙනඟ මැද උනත් මේ දෙන්නා කතා වෙමින් හිටියෙ ඔවුන් හඳුනන පෙම්වතුන් යුවළක් ගැන. කවුරු මොනවා කොහේදි කතා කලත් අපිට ඒවයින් පලක් නැති බව ඇත්ත. නමුත් මේ සංවාදයට මගේ හිත යොමුවුණේ එක් සිසුවියක් කියූ වදන් පෙලක් නිසා. ඒ තමයි ඔවුන්ගේ සංවාදයේ මාතෘකාව වී සිටි පෙම්වතුන් යුවළ, රෝමියෝ ජූලියට් වගේ කියලා ඇය පැවසීම. අපොයි දෙවියනේ…. උන් දෙන්නා ආදරය කරන්න ගිහින් මලානෙ
ආදරවන්තයන්ව රෝමියෝ ජූලියට්ට සමාන කරන කිසි කෙනෙක් එහෙම කරන්නෙ අකල් මරණයක් ගැන හිතාගෙන නෙමෙයි. බ්‍රිතාන්‍ය ජාතික නට්‍යවේදී විලියම් ශේක්ෂ්පියර්ගෙ රෝමියෝ ජූලියට් නම් වේදිකා නාට්‍යය, වසර සිය ගණනක් ගතවෙලත් අදටත් ප්‍රේක්ෂකයා ආදරයෙන් රසවිඳිනවා. බල තණ්හාව, පන්ති අරගලය හා වංශාධිපතියන්ගේ මාන්නය අතරට මැදිවුණු යොවුන් වියේ ප්‍රේමයක ඛේදාන්තය යන තේමාවන් උක්ත කරගෙන ගොඩනැගුණු මෙම කතාවේ එන රෝමියෝ සහ ජූලියට් කියන්නෙ ලෝකය ගැන දැනුමෙන් සහ අත්දැකීමෙන් මුහුකුරා නොගිය නිසා බාල වයසේම හදිසි තීරණ ගන්න ගිහින් ජීවිතය නැතිකරගත්තු ළමයි දෙන්නෙක් විතරයි. ආදරයේ නාමයෙන් මැරුණයි කීවට, මෙම ප්‍රබන්ධය උනත් සිහි නුවණින් පරිශීලනය කරලා බලනකොට, රෝමියෝ සහ ජූලියට් හදිස්සි වෙලා තීරණ ගනිද්දි, ආදරය කියන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්නවත් බැරි ළාබාල වයසක ඔවුන් සිටි බව වැටහේවි.
අනේ ඉතින් එහෙම දෙන්නෙකුට තමා අද අපේ තරුණ පරපුර ආදරවන්තයන්ව සමාන කරන්නෙ. අද කාලෙ ආදරය කරනවයි කියන බොහෝදෙනා දුරදිග නොබලා ගන්න ලාමක තීරණ හා ක්‍රියාමාර්ග දිහා බලද්දි, ආදරවන්තයන් හා රෝමියෝ ජූලියට් අතර සමාන කමක් නැත්තෙත් නැහැ වගෙයි. ආදරවන්තයන්ව රෝමියෝ ජූලියට්ට සමාන කරන බොහෝදෙනා ශේක්ෂ්පියර්ගේ රෝමියෝ ජූලියට් කතාව හරියට කියවපු අය නෙමෙයි. මෙහි තියෙන අවාසනාවන්තම තත්වය තමයි ආදරය වෙනුවෙන් දිවිනසා ගැනීම මහා ලොකු වීරකමක් හැටියට මාධ්‍ය මගින් පවා උලුප්පා දීම. වත්මන් පරපුරේ තරුණ තරුණියන් පොඩ්ඩක් ඇත්නම් වහ බොන්න, ගෙලවැලලා ගන්න හෝ කන්දකින් පනින්න පෙළඹීම හා මෙම රෝමියෝ ජූලියට් වීරයන් ලෙස හුවා දැක්වීම අතර වක්‍රාකාරව හෝ සම්බන්ධයක් ඇතැයි අපට සිතේ. නිර්මාණයක ඇතැම් කොටස් උලුප්පා දක්වමින්, සමාජයට අහිතකර අදහස් තරුණ පරපුර අතර පතුරුවා හැරීම තදින්ම විවේචනයට ලක්විය යුතු කාරණයක්. ප්‍රාණඝාතය මහා අකුසලයක් ලෙස සලකන බොදු රටක, බුද්ධියෙන් විමසා කටයුතු කරන්න උපදෙස් දුන් බුදුවරයෙකුගේ මග යන සමාජයක, ආදරය හෙවත් (කලින් ලිපියක කතා කල පරිදි ආදරය යනු තෘෂ්ණාවේම කොටසකි) තෘෂ්ණාව හේතුවෙන් ජීවිතය නැතිකරගැනීම වැනි කොන්ද පණ නැති වැඩකට වීරත්වයක් ආරූඩ කිරීම පිළිකුල් සහගත වැඩක් ලෙස අපි දකිමු.
ඉතින්… සියළු බාධක බිඳගෙන ආදරය ජයගන්නවට වඩා… අමාරුවෙන් ලබාගත්තු මිනිසත් බව ආදරයෙ නාමයෙන් නැතිකරගන්න එක වීරකමක් හැටියට සලකන්න අද කාලෙ ළමයින් පුරුදුවෙලා. මේ දේවල් මෙහෙම සිද්ධ වෙන්නෙ තරුණ පරපුරේ වරදින්ම නෙමෙයි කියලා කියන්නත් අපි කැමතියි. වැඩිහිටියො වගේම මාධ්‍ය මගිනුත් නිවැරදි මාවත පෙන්වනව නම් කවුරුත් ජීවිතයක අරුත සහ වටිනාකම හඳුනාගන්න ඉගෙන ගනීවි. ආදරය වෙනුවෙන් පණ උනත් දෙනවයි කියන අදහසේ ලොකු වරදක් මෙන්ම මෝඩකමක් ගැබ්ව තියෙනවා.  කෙනෙකුට හරි තීරණයක් ගන්න බුද්ධිය අවශ්‍යයි. කෙනෙක් බුද්ධිමත් වෙන්න දැනුම අවශ්‍යයි, ජීවිතයට අත්දැකීම් එකතු කරගෙන තිබීම අවශ්‍යයි… පාසල් යන ළමයින්ට පෙම් හබ වලට පැටලෙන්න එපා කියල වැඩිහිටියො උනත් නිතර කියන්නෙ තරහකට, ඉරිසියාවකට හෝ නූගත් කමකට නෙමෙයි…. ආදරයට.