නිවස > බුදු දහම, සාහිත්‍ය පියස > මිනිස් ගුණ හා නුගුණ…

මිනිස් ගුණ හා නුගුණ…

පින්මද පුතුන් සියයක් ලදුවත්                                    නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතු ම ය ඉතා                       ගරු
එක පුන් සඳින් දුරු වෙයි ලොව ගන                             අඳුරු
නෙක තරු රුසින් එලෙසට නොම වේය                            දුරු

කු ලු ණු ගු ණෙ න් යුතු උතුමන් සිත                            මහරු
දු ද න බ සි න් නොයෙදෙයි කරනට                            නපුරු
න ව රු ව නි න් පිරිමහ සමුදුරු                                    ගැඹුරු
ත ණ සු ලෙ කි න් හුණු කළ හැකි වෙති                       කවුරු

නැ ණ ති දනන් හට මඳ ගුණයක්                               කළද
ප ව තී ගල කෙටූ අකුරක් මෙන්                                නිබඳ
වි ම ති දනන් හට කළ නිසි ගුණ                           නොමඳ
එ නැ ති වේ ය දිය පිට ඇඳි ඉරක්                             ලෙද

ත  ම න් හ ට නො සමයන් වන කලට                         සම
මු වි න් නොබැණ ඉවසනු සුදන                             ගරුකම
නො මි න් කුමුදු වන විකසිත වනු දැකම                 දැකම
වි ළි න් මෙන් තඹුරු මුකුලිත වේය                            හැම

නො මි න් ලොව සියලු දේ දක්නා                          ඇසට
ත ම න් සැටි මඳක් වත් නොපෙනෙන                   ලෙසට
අ නු න් දොස් දකිති අනුවණ දන                             කපට
එ මෙ න් සිය නුගුණ නොදකිති නියම                     කොට

තේරුම :

1.    පිනෙන් අඩු පුතුන් සියයක් ලැබුවත් ප්‍රයෝජනයක් නැත.ඉතා වැදගත් වන්නේ ගුණ නැණ බලයෙන් යුත් පුතුමය. ලොව ගණ අඳුර එකම පුන් සඳින් දුරු වී යයි.තරු දහස් ගණන් පෑයුව ද අඳුර දුරු නොවේ.

2.    කරුණාගුණයෙන් යුත් උතුමන්ගේ සිත් දුර්ජනයන්ගේ වචන වලින් කිලිටි කළ නොහැක.නව වැදෑරුම් රත්නයන්ගෙන් පිරුණු මහා සමුද්‍රය තණ සුළෙකින් කිසිවෙකුටත් උණු කළ නොහැකි ලෙසිනි.

3.    නුවණ ඇත්තවුනට උදව්වක් කළ විට එය ගලෙහි කෙටූ අකුර මෙන් ඔවුන්ගේ මතකයෙහි පවතී.එහෙත් මෝඩයන්ට බොහෝ උදව් කළත් එය දිය පිට ඇඳි ඉරක් (මැකීයන්නාක්) මෙන් ඔවුන්ට අමතක වී යයි.

4.    තමාට නොගැලපෙන්නවුන් ආශ්‍රයට එන විට සත් පුරුෂයන් කතා නොකොට ඉවසීමෙන් තම ගෞරවය රැක ගන්නේ, කුමුදු මල් පිපෙන විට නෙළුම් මල් ලැජ්ජාවෙන් හැකිලෙන්න‍ාක් මෙනි.

5. අඩු නැතිව ලොව සියළු දේ දකින ඇසට තමාගේ ආකාරය මඳක් වත් නොපෙනේ.එසේම , මෝඩ කපටි මිනිස්සු අනුන්ගේ දුරුවල කම් දකිති.තමන්ගේ දුර්වල කම් නොදකිති.

අලගියවන්න මුකවෙටි තුමන්ලියූ සුභාෂිතය නම් කවි පොතෙනි

Advertisements
  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: