නිවස > බුදු දහම > ..::බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස::..

..::බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස::..

රන්ගිරි දඹුලු විහාරය

බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස”  පිලිබදව ඔබ සියලුදෙනා දැනුවත් කිරීමට මා සිත යොමු කලෙමි. බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීමෙන් තමාගේ මෙලොව පරලොව දියුණුව ලඟා කරගත හැක.  ඒවා නම්;


  • සතර අපායට පත් නොවීම
  • නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම
  • සත්‍ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම
  • නිහතමානී ගති පැවතුම් ඇතිවීම
  • ලෝකයාට ප්‍රියමනාප වීම
  • බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම
  • දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම
  • අන් අයගෙ කරුණා මෛත්‍රියට භාජනය වීම
  • තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම
  • භූත, ප්‍රේත, පිසාච ආදී විපත් ලං නොවීම
  • පාපයට ලැජ්ජ භය වීම
  • අධි කුසලයට සිත නැඹුරු වීම
  • අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම
  • ගුණ, නුවණින් පිරිපුන් වීම
  • පිටසක්වල නූපදීම
  • අඳ, ගොළු, බිහිරි ආදී අභව්‍ය නොවීම
  • උන්මන්තක නොවීම
  • මිසිදිටු නොගැන්වීම
  • මරණයට නොබියව මුහුණදීම
  • මුහුණෙ වර්ණය පැහැපත්වීම
  • වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම
  • බුදුබව පවා පැතීමට සිත නැමීම
  • තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම
  • යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම
  • එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම
  • තම සිතුම් පැතුම් එලෙසම ඉටු වීම
  • ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම
  • සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම
  • සම්මා දිට්ඨියෙහි පිහිටීම
  • යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම
  • ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම
  • ප්‍රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම
  • මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම
  • සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම
  • නපුරු සිහින නොපෙනීම
  • භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම
  • (පොත පත ඇසුරෙණි)

    යන මෙලොව පරලොව සැප සම්පත් ඔබේ ජීවිතයට ලඟා කරගත හැක. මෙය මාගේ පලමු ලිපිය වන අතර සුළුවෙන් හෝ අඩුපාඩුවක් සිදුවී ඇත්නම් එය පිලිබදව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    ඔබ සැම කුසලටම නැඹුරු වේවා. අකුසලින් මිදී සංසාර ගමන කෙටිකර ගැනීමට මග පෑදෙත්වා යි මා එකසිතින් ප්‍රාර්ථනා කරමි.

    මෙය කියවන නොකියවන සියලුදෙනාට සම්මා සම්බුදු සරණයි ! තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණයි !

    1. 2010 අප්‍රේල් 5 දින පෙ.ව. 9:59 ට

      බුදු ගුණ වැඩීම කල හැක්කේ බුදුවරයෙකුට පමණයි නේ ද? අපට කළ හැක්කෙ බුදු ගුණ මෙනෙහි කිරිමයි.
      මා වැරදි නම් මාව නිවැරදි කරන්න.

    2. නුවන් බුද්ධික
      2010 අප්‍රේල් 5 දින පෙ.ව. 11:32 ට

      බුදු ගුණ මෙනෙහි කිරෛම ගෑන අසා ඈත්තෙමි. නමුත් බුදු ගුණ වෑඩීම පිළිබඳව මා නොදනිමි. හැකි නම් එය පැහැදිළි කර දෙන්න.
      තෙරුවන් සරණයි…!!!

    3. maharaavana
      2010 අප්‍රේල් 5 දින ප.ව. 8:12 ට

      මාද මෙම ලිපිය ප්‍රකාශ කිරීමට පෙරාතුව මේ පිලිබිදව අපගේ අනිත් සහෝදර සහෝදරියන්ගෙන්ද මෙලෙස මත විමසුමක් කරන ලදි, “බුදුගුණ වැඩීම හා මෙනෙහි කිරීම වචන දෙකක්ද එසේත් නැතිනම් එක සමාන අර්ථදෙන වචන දෙකක්ද” යනුවෙන්. එහිදී “මෙනෙහි” කරනවා යනු මනස හා සම්බන්ධව කරන ක්‍රියාවක් ලෙස එහිදී එක සහෝදරයෙක් ඔහුගේ අදහස ඉදිරිපත් කලා. මෙහි “බුදුගුණ වැඩීම” යනුවෙන් මා අදහස් කරනුයේ ප්‍රායෝගිකව බුදුගුණ වැඩීමට යම් පුද්ගලයෙක් කටයුතු කිරීම යනු යැයි මාගෙ දැනුම් ප්‍රමාණය හැටියට වැටහෙන ආකාරයයි. අපි මෙහි හරියටම වැරදි නිවැරදි බව සොයා ගතයුතුයි. එමනිසා මේ පිළිබදව වඩාත් දැනුමෙන් පරිපූර්ණ අය සමඟ සාකච්ඡාකොට මෙම ගැටළුව නිවැරදි කරගනිමු. ඔබ දෙපලගේ අදහස් මා ඉතා ගෞරවයෙන් යුතුව පිලිගන්නා අතර අනෙක් අයගේද අදහස් විමසා බලමු (ඒ අවශ්‍යතාවය නිසාම තමයි මම මේ ලිපියෙහි මතෘකාවට එම වචනය යොදාගත්තෙ)

      ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගෙ රැකවරණයි !

    4. 2010 අප්‍රේල් 5 දින ප.ව. 8:39 ට

      මා සිතන විදිහට මෙමගින් කියවෙන්නෙ බුද්ධානුස්සති භාවනාව ගැන විය යුතුයි. බුද්ධානුස්සති යනු සමත භාවනා ගනයට අයත් වන අතර මෙහි ඔබ දක්වා ඇති ආනිසංස සමත භාවනාවල ආනිසංස හා බොහොදුරට සමාන වන බව පෙනේ. එම නිසා මෙම ලිපියේ මාර්තුකාව බුද්ධානුස්සති භාවනාව වැඩීම යනුවෙන් නිවැරදි විය යුතුය.
      මේ ගැන අනෙක් අයගෙ අදහස් ද බලාපොරොත්තු වෙමි.

    5. නුවන් බුද්ධික
      2010 අප්‍රේල් 5 දින ප.ව. 8:58 ට

      බොහොමත්ම ස්තුතියි ඔබ දෙදෙනාටම. මෙය තව දුරටත් පැහැදිලි කරගැනීමට අනෙක් අයගේද අදහස් දැනගැනීමට කැමතියි…
      තෙරුවන් සරණයි…!!!

    6. maharaavana
      2010 අප්‍රේල් 5 දින ප.ව. 9:38 ට

      ඔව් දුටුගැමුණු සහෝදරයගෙ අදහසට මාත් එකඟ විය යුතු යැයි මා සිතනව. මොකද ඔහු එය පිලිබදව හොද අර්ථකතනයක් ලබා දී ඇති නිසා. හොදයි මම එය එලෙස ඉටු කරන්නම්. අදහස් දැක්වූ සැමට තුති.

      සැමට සම්මා සම්බුදු සරණයි ! ශ්‍රී දළඳා සමිදු පිහිටියි !

    7. maharaavana
      2010 අප්‍රේල් 6 දින පෙ.ව. 12:05 ට

      මා හට ලැබුණු අදහස් හා ප්‍රතිචාර වලට අනුව මා “බුදුගුණ වැඩීමේ ආනිසංස” යනුවෙන් තිබූ මෙම ලිපියෙහි මාතෘකාව “බුද්ධානුස්සති භාවනාව වැඩීමේ ආනිසංස” යනුවෙන් වෙනස් කරන ලදි. අනෙක් අයගේ දැනගැනීම පිණිස මෙය ප්‍රකාශ කරන ලදි. ස්තුතියි

      ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේලාගෙ රැකවරණයි !

    8. hansani
      2013 අප්‍රේල් 28 දින ප.ව. 3:33 ට

      අගනා ධර්ම දානයකි ! බොහොමයක් පින් ! සියළු සත්ත්වයන්යට අමා මහ නිවනින් සැනසෙන්නට මා විසින් සිදු කලා වූ සියළු පින් අනුමෝදන් වේවා ! සැමට සම්මා සමිබුදු සරණයි !!!

    1. No trackbacks yet.

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    Fill in your details below or click an icon to log in:

    WordPress.com Logo

    ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

    Twitter picture

    ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

    Facebook photo

    ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

    Google+ photo

    ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

    %d bloggers like this: