නිවස > හෙළ උත්සව > මෙවර සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර යෙදී ඇති වෙලාවන්

මෙවර සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර යෙදී ඇති වෙලාවන්

සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර


පරණ අවුරුද්ද සදහා ස්නානය

අප්‍රේල් මස 12 වෙනි සඳුදා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොර ඉශ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අළුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වෙනි බදාදා පු.භා. 06:58 ට සිංහල අළුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 සිට 14 වෙනි බදාදා පස්වරු 01.22 දක්වා පුණ්‍ය බැවින් අප්‍රේල් 13 වෙනි දින අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 ට පළමු ව ආහාර අනුභව කොට  සියලු  වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව ආදී චාරිත්‍ර  ඉටු කිරීමද මැනවි.

ආහාර පිසීම

අපේල් මස 14 වැනි බදාදා පු.භා. 07:01 ට පළාවන් පැහැති වස්ත්‍රාභ්‍රණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා උදු මිශ්‍ර කැවිලි වර්ගයක්ද කිරි බතක්ද පිලියෙල කර ගැනීම මැනවි.

වැඩ ඇල්ලීම. ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අපේල් මස 14 වෙනි බදාදා පු.භා 09:07 ට පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියළු වැඩ අල්ලා ගනුදෙනු කොට අහාර අනුභවය මැනවි

හිස තෙල් ගෑම

අප්‍රේල් මස 15 වෙනි බ්‍රහස්පතින්දා පු.භා 10:06 ට උතුරු දිශාව බලා හිසට බෝපත ද , පයට කොහොඹපත්ද තබා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තෙන් හා බෝපත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිඊම මැනවි.

රැකී රක්ෂා සදහා පිටත් වී යෑම

අප්‍රේල් මස 19 වෙනි සඳුදා පූ.භා 06:42 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උඳු මිශ කැවිලි වර්ගයක් හා කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.

සේවා අවශ්‍යතාවය සඳහා

අප්‍රේල් මස 16 වෙනි සිකුරාදා පූ.භා 06:08 ට සුදු මිශ්‍ර නිල් පැහැති වස්ත්‍රාරනයෙන් සැරසී එළකිරි මිශ්‍ර කිරිබත් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත් වීම මැනවි.

Advertisements
  1. 2010 අප්‍රේල් 14 දින පෙ.ව. 4:32 ට

    ස්තුති යහලුවා.. ගෙදර තිබුන ලිත එහෙ මෙහෙ වෙලා.. මම මෙතනින් බලලා අම්මට කිව්වෙ නැකත් වෙලාව ගැන.

  2. Kariyakarawana
    2014 නොවැම්බර් 2 දින ප.ව. 6:40 ට

    අළුත් නොවේ අලුත්. අළුත් යනු අළු සමඟ යන්නයි. නව යන අරුතින් නම් යෙදිය යුත්තේ අලුත්ය.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: