නිවස > දුටුගැමුණු බළකාය > ..:: දුරුතු පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

..:: දුරුතු පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

මෙවර ලිපි පෙලෙන් මා පොහොය දිනයන් වල සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා පිළිබදව ඔබ සැමව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඒ සඳහා මා පිලිවෙලින් දුරුතු පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා පිළිබදව මෙම ලිපියෙන් ඔබ සැමව දැනුවත් කරන්නමි.


  • මෙම පුන් පොහොය දිනය ශ්‍රී ලංකා වාසී අපට විශේෂ පොහෝ දිනයක් වේ. ඒ මන්ද අප මහ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට වැඩම කිරීම මෙම පොහොය දිනයේ සිදු වූ බැවිනි.

  • යක්ෂ හා නාග ගෝත්‍රිකයින්ගේ ආරවුල සමථකයට පත් කිරීම හා යක්ෂ ගෝත්‍රිකයන් ගිරි දිවයිනට යැවීම.

  • සුමන සමන් දෙවියන් හට කේෂධාතු පිළිගැන්වීම.

  • තුන් බෑ ජටිලයන් ප්‍රමුඛකොට ගෙන දහසක් ජටිලයන් හට “අනන්ත ලක්ඛන සූත්‍රය” දේශනා කිරීම. ඉන් පසු ඔවුන් සියලුදෙනා බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වීම.

  • බිම්බිසාර රජතුමාගේ ආරාධනය පිළිගෙන උරුවෙල් දනව්වේ සිට රජගහ නුවර දක්වා දහසක් වූ ජටිල මහ රහතන් වහන්සේලා සමඟ වැඩම කිරීම.

  • බිම්බිසාර රජතුමා තුළ  ඇතිවූ සැකය දුරු කිරීමට උරුවෙල් කාශ්‍යප මහ රහතන් වහන්සේ පෙළහර පෑම.

  • ඉන් පසුව බිම්බිසාර රජු ඇතිවූ සැකය දුරුකර ගත් පසු බුදුරජාණන් වහන්සේ රජතුමා ප්‍රමුඛ පිරිසට ධර්මය දේශනා කල අතර, ඉන් පසුව දොළොස් නනූනයන් සමඟ පිරිස තිසරණයෙහි පිහිටා රජු බුදු දහම පිළිගැනීම.

  • ආරාම පිළිගැනීම සුදුසු යැයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා නියම කිරීම යන සිදුවීම් හා අවස්ථා දුරුතු පොහොය දිනයේ දී සිදුවිය.

  • එසේම සිරිසඟබෝ කුමරුගේ මාමණ්ඩිය වූ නන්ද හාමුදුරුවන් කුමරුට අවවාද අනුශාසන ලබා දී රාජ්‍යයට සුදුස්සෙකු කිරීම (එය සිදු කරන ලද්දේ මහියංගන චෛත්‍ය අසල පිහිටි ශ්‍රී මහා බෝධිය අභියසදීය).

මා අතින් මගහැරුනු තව කරුණු කාරණා වෙතොත් ඒ පිළිබදව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. අන්කුත් පොහොය දිනයන් හී සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා සමඟින් නැවත හමු වෙමු.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! ශ්‍රී දළඳා සමිදු පිහිටයි !

Advertisements
  1. 2010 අප්‍රේල් 7 දින ප.ව. 9:16 ට

    බොහොම පිං

  2. maharaavana
    2010 අප්‍රේල් 7 දින ප.ව. 9:29 ට

    ඔබගේ ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි.

  3. 2010 අප්‍රේල් 11 දින පෙ.ව. 2:29 ට

    ඉතා හොඳ අදහසක් 🙂

    බුදුන් වහන්සේට නිගරු කරනා සමහර හිතළු බෞද්ධ සාහිත්‍යයේ එනවා(මහාවංශය ඇතුළු)
    එක උදාහරණයක් යක්කු ගිරි දිවයිනට පැන්නීම.
    මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේ කෙනෙක් යම් රටක සිටින ස්වදේශික ජනතාව එම රටින් එළවා දමයිද?(කුමන හෝ හේතුවක් නිසා?)
    එතැන කොයින්ද මහා කරුණාව? මේවා යම් යම් අයගේ පටු අරමුණු උදෙසා බුද්ධචරිතයේ ශ්‍රේෂ්ඨත්වය විනාස කරන අවස්ථා.නුවණින් දැක බුදු දහම සුරකිමු.

  4. 2011 ජූලි 21 දින ප.ව. 6:23 ට

    මේක තමයි සිංහලයාට දුන් මහා ලණුව. හැම දුරුතු පෝයටම මෙහේ හිටියේ කටින් දළ දෙකක් එලියට ඇදුණු මහා භයානක යක්‍ෂයන්. වංසකතාකරුවන් මොවුන් හෙවත් අපව එලවා දැමීමට බුදුන් වහන්සේ බලල් අතක් කොට ගනී. මාගේ ‘අභිමානි හෙළන්කා – ලංකා ඉතිහාසයට විප්ලවීය අර්ථකථනයක් -2007’ පෙන්වා දී තිබෙන්නේ මහියංගනයේ යුද්ධයක් නොගිය බවත් මේ යක්‍ෂ නමින් හදුන්වන ජන කොට්ඨාශය රැුස්වී සිටියේ, වෙළෙන්දන් මගින් බුදුහිමිට කරන ලද ආරාධනය ඉවසා වැදෑරූ උන්වහන්සේ, මහියංගනයට වඩින බව දන්වා එවූ නිසා, බණ ඇසීමට මොවුන් රැුස්වූ බවයි.
    අද කෑගල්ලේ කොටගල දැලි වෙහෙරෙන් සොයා ගත් සේද රෙදි කැබැල්ලෙන් අප කි‍්‍ර.පූ.3 වන සියවසේ සිට සේද මාවතේ වෙළදාම් කළ බව ඔප්පු වී ඇත. මෙහෙම ජාතියක් වංසකතාකරුවන්ට තවත් නැටවිය දිය යුතුද?
    බැරි වෙලාවත් අද වගේ කාලයක බුදුහිමි හිටියා නම් වඩින්නේ සුගතදාස ස්ටේඩියම් එකට විය හැක. එවිට අපේ දේශදෙ‍්‍රා්හීන් මෙසේ කියනු ඇත. ‘‘සිරස සුපර් ස්ටාර්වලට පලවන වටයට තෝරා ගන්නා විනිශ්චය සභාවට උන්වහන්සේ වැඩියා කියා.
    ඇයි නෑ යකුනේ තේරෙන්නේ නැද්ද එදා මහියංගනයට බොහෝ සෙනගකට එකවර රැුස්වන්නට තිබුණු හොදම බිම ඒ යකුන් යුද්ධ ශිල්පය හදාරණ බිම බව? ඒනට කිව්වේ සංග‍්‍රම භූමි කියලා. නැතුව ඛෙත්තාරාමය කියන්ඩයැ? හොදට සිහි බුද්ධියෙන් මහාවංසය කියවන්න. සංග‍්‍රාමයක් සිදුවන තැනකටද බුදුහිමි වැඩියේ කියා? මා මේ පිිබදව වාදයකට සැරසෙමින් මහාචාර්ය ජේ.බී.දිසානායකයන්ගෙන් විමසීමට හදද්දී එතුමා ලුහුටා ගියේ මහාචාර්ය මැන්දිස් රෝහණධීර පෙන්වමින් එතුමාගෙන් අසන ලෙසටය. අද වන තුරු කිසිම ඉතිහාසඥයකු මට අභියෝගයක් නොවූණි. ඉදිරියටත් නොවන්නේමය.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: