නිවස > බුදු දහම > ..:: නවම් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

..:: නවම් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

මෙවර ලිපියෙන් “නවම් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා” පිළිබදව ඔබ සැමව දැනුවත් කිරීමට මා බලපොරොත්තු වෙමි. සම්මා සම්බුද්ධ ඉතිහාසයේ වැදගත් සිද්ධීන් කිහිපයක්ම මේ උතුම් පොහොය දිනයේ දී සිදුවිය. එම නිසා සියළු ලෝකවාසි බෞද්ධයන් හට මෙම උතුම් පොහොය දිනය අනුස්මරණීය දිනයක් බව නොඅනුමානය.

  • ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලූ භික්ෂූ සේනාව එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්වීම මෙම උතුම් පොහොය දිනයේදී සිදුවිය. මෙම සංඝ සම්මේලනය “රජගහ නුවර වේළුවනාරාමයේදී” පැවැත්විය.

ප්‍රථම සංඝ සම්මේලනය

  • නවම් පුන් පොහොය දිනයේ දී සිදුවූ තවත් වීශේෂ සිදුවීමක් වනුයේ බුද්ධ ශාසනය තුල අගසව් තනතුරු පිරිනැමීමයි. මේ සඳහා “ධර්ම සෙනවි සැරියුත් තෙරුණ්” බුදු පියාණන්ගේ දකුණත් සව් ලෙසටද, “මහා ඎදි ලාභී මුගලන් තෙරුණ් ” බුදු පියාණන්ගේ වමත් සව් ලෙසටද පත්විය.

අගසව් තනතුරු පිරිනැමීම

  • සම්බුද්ධ ධර්මයෙහි මූලික දේශනා දෙකකි. එනම් “ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව හා  ආනා දේශනාවයි”, මෙහි “ඕවාද ප්‍රාතිමෝක්ෂ” යනුවෙන් හැදින්වෙන්නේ යම් කිසි අවවාදයක් කිරීමත්, ස්වයං හික්මීමත්, ඉවසීම උතුම් සැපත බව හා සියළු අකුසල් නොකලයුතු බවත් යන්නයි. එසේම “ආනා දේශනාව” යනුවෙන් හැදින්වෙන්නේ අණ කිරීමත්, ශික්ෂාපද පැනවීමත් යන්නය. මෙම දේශනාවන් විනය රැකගන්නට මෙය බෙහෙවින් වැදගත් විය. මෙහි “ඕවාද ප්‍රාතිමෝක්ෂ” දේශනාව නවම් පුන් පොහොය දින “රජගහ නුවර වේළුවනාරාමයේ පැවති සංඝ සම්මේලනයේදී” දේශනා කරන ලද්දේය.

ප්‍රථම ධර්ම සංගායනාව

  • අප මහා ලොව්තුරා බුදු පියණන් වහන්සේ “ගිජ්ජකූට පර්වතය” අසල පිහිටි “සුඛරකථලෙන” නම් ස්ථානයේ වැඩසිටිද්දී “දීඝනක” නම් තවුසාණට “වේදනපරිත්ත සූත්‍රය” දේශනා කොට වදාලේද නවම් පුන් පොහොය දිනයකදී ය.

  • අප ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ “ආයු සංස්කාරය” අත්හළේද නවම් පුන් පොහොය දිනයකදීය. සැරියුත්, මුගලන් අගසව් දෙනම පිරිනිවන් පෑමෙන් අනතුරුව බුදු රජාණන් වහන්සේ “රජගහ නුවරින්” පිටත්ව, “චාපාල චෛත්‍යය” වෙත වැඩම කළ සේක. “සතර ඍද්ධිපාදලාභියෙකුට” කල්පයක් ජීවත්විය හැකි බව ලොව්තුරා තථාගත බුදු රජාණන් වහන්සේ විසින්, “ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්ට” තෙවරක්ම ප්‍රකාශ කළ ද එය, අනද හිමියනට තේරුම් ගත නොහැකි විය. ඉන් ප්‍රයෝජනගත් මාරයා, තථාගත බුදු පියාණන්ට පිරිනිවන් පාන්නට ආරාධනා කළේය.

මේසේ  නවම් පුන් පොහොය දිනයන් තුළ සම්බුද්ධ ඉතිහාසයේ වැදගත් මෙන්ම විශේෂ සිදුවීම් සිදුවිය. මා අතින් සුළුවෙන් හෝ අඩුපාඩුවක් සිදුවී ඇත්නම් එය පෙන්වා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. නැවත තවත් උතුම් පොහොය දිනයක සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා සමගින් හමුවෙමු.

ඔබ සැමට ලබන්නා වූ නව වසර කුසලින් පිරි, අකුසලයෙන් තොර වූ නව වසරක් වේවායි ! මා එක සිතින් පතමි. සැමට සම්මා සම්බුදු සරණයි ! දළඳා සමිදු පිහිටයි !

Advertisements
  1. දයියා
    2010 අප්‍රේල් 11 දින ප.ව. 11:15 ට

    ගොඩක් වැදගත් හදිසියට ඔන උනාම පොත් පෙරලලා ඉවරයක් නෑ. සියල්ලම ලියන්න. හැමෝටම වැදගත් වේවි.

  2. maharaavana
    2010 අප්‍රේල් 11 දින ප.ව. 11:33 ට

    ඔබගේ ප්‍රතිචාරයට බොහොමත්ම පින්. හැකි ඉක්මනින් අනෙක් පොහොය දිනයන් පිලිබදව ලිපි පල කරන්නම්.

    බුදු සරණයි !

  3. Hasiya
    2010 අප්‍රේල් 12 දින පෙ.ව. 9:41 ට

    ” ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලූ භික්ෂූ සේනාව එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක්(ප්‍රථම ධර්ම සංගායනාව) පැවැත්වීම ”

    මේ වාක්‍යයට පොඩි සංශෝධනයක් කරන්න කැමතියි. මෙහිදී පැවැත්වුණේ සංඝ සම්මේලනයක් විතරයි. බුදු හාමුදුරුවෝ ශාසනයේ පැවැත්ම උදෙසා අවශ්‍ය උපදෙස් ලබාදීමක් විතරයිනේ මෙහිදී සිදුවුණේ.

    සංගායනා කිරීමකදී සිදුවෙන්නේ බුදුන් වදාල යමක් පිලිබදව එක් භික්ෂුවක් දේශනා කල විට අනෙක් අය ඒ පිලිබදව සාකච්ඡා කර අවසානයේ සියළු දෙනා එක්ව එය පිලිගෙන් සජ්ජායනයා කිරීමයි.

    ශාසන ඉතිහාසයට අනුව පළමු ධර්ම සංගායනාව සිදුවෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් 3 මසක් ගිය තැන වේභාර පර්වතය පාමුල සප්තපර්ණී ගුහාවේදී මහා කාශ්‍යප මහ රහතුන් ඇතුළු රහතන් වහන්සේලා 500 ක සහභාගීතවයෙන්…………….

    තෙරුවන් සරණයි !!!

  4. maharaavana
    2010 අප්‍රේල් 12 දින ප.ව. 7:02 ට

    Hasiya :

    මා අතින් විශාල අතපසු වීමක් සිදු වී තිබෙන්නෙ. මා එය නිවැරදි කළා, වැරැද්ද පෙන්වා දුන්නාට ඔබට බොහෝ පින්. එයින් විශාල වැරදි අදහසක් පිටතට යෑමට තිබූ අවස්ථාව මග හැරුනා. නැවත වරක් ස්තූතියි.

    බුදු සරණයි !

  5. Hasiya
    2010 අප්‍රේල් 12 දින ප.ව. 8:50 ට

    ඔබ මේ ලෙසින් කරන්නාවූ සත් කාර්යයට දායක වෙන්න ලැබුණු එක ගැන සතුටුයි. මෙවන් වූ සත් කාර්යයක් ඉදිරියට කර ගෙන යාමට තුණුරුවනේ ආශිර්වාදය ඔබට ලැබේවා…………

    තෙරුවන් සරණයි !!!

  6. නන්දිමිත්‍ර
    2010 අප්‍රේල් 18 දින පෙ.ව. 1:21 ට

    ඉතා වටිනා ධර්ම කරුණු රැසකින් අප දැනුවත් කිරීම ගැන ඔබට බොහෝ පිං..

    තව තවත් ධර්මය ආශ්‍රිත සද්කරුණු අප වෙත ගෙන එන්න ඔබට තෙරුවන් සරණින් ශක්තිය ලැබේවා….

  7. මහ රාවණා
    2010 අප්‍රේල් 19 දින ප.ව. 9:21 ට

    නන්දිමිත්‍ර :

    ඉතා වටිනා ධර්ම කරුණු රැසකින් අප දැනුවත් කිරීම ගැන ඔබට බොහෝ පිං..

    තව තවත් ධර්මය ආශ්‍රිත සද්කරුණු අප වෙත ගෙන එන්න ඔබට තෙරුවන් සරණින් ශක්තිය ලැබේවා….

    ඔබගේ ප්‍රතිචාරය මහත්සේ අගය කරමි, ඔබටත් තෙරුවණ් සරණයි !!!

  8. මහ රාවණා
    2010 අප්‍රේල් 19 දින ප.ව. 9:22 ට

    නන්දිමිත්‍ර :

    ඉතා වටිනා ධර්ම කරුණු රැසකින් අප දැනුවත් කිරීම ගැන ඔබට බොහෝ පිං..

    තව තවත් ධර්මය ආශ්‍රිත සද්කරුණු අප වෙත ගෙන එන්න ඔබට තෙරුවන් සරණින් ශක්තිය ලැබේවා….

    ඔබගේ ප්‍රතිචාරයටත් මාගේ හදපිරි ස්තුතිය.

    බුදු සරණයි !!!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: