නිවස > බුදු දහම > ..:: මැදින් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

..:: මැදින් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

මා අද දින ලිපියෙහි පල කිරීමට උත්සුක වන්නේ “මැදින් පුන් පොහොය දින සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා” පිළිබදවයි. මෙම උතුම් පොහොය දිනයේ යම් සුවිශේෂ වූ විශේෂත්වයක් බෞද්ධ අප කාටත් පෙනී යයි. ඒ කුමක්ද යත් මෙම උතුම් පොහොය දිනයේ සිදු වූ විශේෂ සිදුවීම් හා අවස්ථා වෙන් වෙන් වශයෙන් ගත් විට පැහැදිලිව පෙනී යන්නේ අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් තම නෑදෑ හිත මිතුරන්ට හා තම උපන් ගමට කෘතගුණ දැක්වීම සඳහා යොදාගත් ඓතිහාසික උතුම් මංගල පොහොය දිනයක් ලෙසටය. අප ඒ මොනවාදැයි වෙන් වෙන් වශයෙන් රැගෙන බලමු.


  • සුද්ධෝදන රජතුමා තම පුතණුවන් උතුම් වූ බුදු බව ලබා බරණැස ඉසිපතනාරාමයේ දී ප්‍රථම ධර්ම දේශනාව පවත්වා අනතුරුව රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ සිටින බව දැන උන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සඳහා බෝසත් සිදුහත් කුමරුන් හා එකම දින උපන් “කාළුදායි ඇමති” පිටත් කොට උන් වහන්සේව “ශාක්‍ය දේශය”(වර්ථමානයේ නේපාලය) බලා වැඩම කරවූයේ මැදින් පුන් පොහොය දිනකදීය.

  • අනෙකුත් ශාක්‍ය වංශික රජවරු, කුමාරවරු ඉතාමත් මාන්නාදික පිරිස් වූහ. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු බවට පත් වුවද තමන්ට වඩා වයසින් බාල නිසා උන් වහන්සේට වැද නමස් කාර කිරීමට පසුබට විය. මෙය තේරුම් ගත් අප බුදු පියාණන් වහන්සේ ඔව්න්ගේ මාන්නය දුරු කිරීමට අහස් කුසට  නැග “යමා මහ පෙළහර” පෑ සේක.එය දුටු සුද්ධෝදන රජු තම පුතුට (ලොව්තුරා බුදු පියණන් වහන්සේ හට) තෙවන වරට වදින ලද්දේ මැදින් පුන් පොහොය දිනයේය.

  • බෝසත් සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු සියළු සුඛ විහරන අත් හැර අල්පේච්ච ජීවිතයක් ගත කළ “යසෝදරා” දේවිය බැහැ දැකීමට “කිඹුල්වත් නුවරට” වැඩම කල බුදු පියාණන් වහන්සේ පෙර ආත්ම භවයන් සිහිපත් කර යසෝදරා දේවියට “සඳ කිඳුරු” ජාතකය දේශනා කරන ලද්දේ ද මැදින් මාසයේදීය.

  • අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “කිඹුල්වතට” වැඩම කර පිළිවලින් තෙවන හා සත් වන දිනයන්හීදී “නන්ද” කුමරුන් වත් “රාහුල” කුමරුන්වත් පැවදි කළ සේක. යසෝදරා දේවිය තම පුත් රාහුල කුමරුන් හට “නරසීහ ගාථා” හා පිය ගුණ කියා දී මග වඩින බුදු පියාණන් වහන්සේ පෙන්වා උන් වහන්සේ සතුව ඇති වස්තුව, තම උරුමය ලබා ගන්න යැයි පවසමින් රාහුල කුමරුන් එමගට යැවූහ. පසුව රාහුල කුමරු බුදු පියාණන් පසු පස විහාරයට වැඩම කලේය. ඉන් පසු බුදු පියාණන් වහන්සේ රාහුල කුමරුන්ව පැවදි කරන මෙන් සැරියුත් තෙරුණ් හට වඳාල සේක. මෙය දැනගත් සුද්ධෝදන රජු ඉමහත් ශෝකයට පත්ව දෙමව්පියන් හා දරුවන් අතර ඇති කිසිදා නොබිදෙන සම්බන්ධය පිළිබදව බුදුන් වහන්සේ හට පවසා නැවත දෙමව්පියන්ගේ අවසරයකින් තොරව දරුවන් මහණ නොකරන මෙන්  ඉල්ලා සිටියේය. එ හේතුවෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින් කිසිදිනක දී දෙමාපිය අවසරයකින් තොරව දරුවන් බුද්ධ ශාසනය තුල පැවදි කරනොගන්නා ලෙස අනුශාසනා කරන ලද්දේ මැදින් පුන් පොහොය දිනයකදීය.

  • පසුව අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ මාළිගයට වැඩම කර දානය වළදා සුද්ධෝදන රජතුමා ඇතුලු පිරිසට “ධර්මපාල ජාතකය” වදාල සේක. ඉන් පසු සුද්ධෝදන රජු “අනාගාමී ඵලය” ලබාගත්තේය. මේ සියල්ලම මැදින් පොහොය දිනය ඇසුරින් සිදුවිය.

  • වර්ථමානයේ විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට මැදින් පුන් පොහොය වැදගත් වන්නෙ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය පිහිටා ඇති “ශ්‍රී පාද” වන්දනාවට සුදුසුම කාලය මැදින් මස තුල උදාවන නිසායි.

මේ ආකාරයෙන් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ තම නෑසිය හිතමිත්‍ර ආදීන්ට කෘතගුණ දැක්වීම සඳහා විශේෂ වූ පොහොය දින සිදුවීම් හා අවස්ථා මා ඔබ වෙත හුවා දැක්විමි. පෙර සේම ඔබගෙන් මා කාරුණිකව අපේක්ෂා කරනුයේ මෙහි සුළුවෙන් හෝ අඩුපාඩුවක් අතපසු වීමක් සිදුවී ඇත්නම් එය පෙන්වා දෙන ලෙසටය.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි ! ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ! ලබන්නා වූ නව වසර කිරියෙන් පැණියෙන් මෙන්ම කුසල් දහමින් පිරි සුභ නව වසරක් වේවා ! යැයි එකසිතින් මා පතමි.

Advertisements
  1. නුවා
    2010 අප්‍රේල් 13 දින පෙ.ව. 12:13 ට

    නොදන්නා කරුණු රාශියක් දැනගන්නට ලැබුනා ඔබේ ලිපියෙන්. මහරාවනා සොහොයුරාට බොහොමත්ම ස්තුතියි…

  2. දයියා
    2010 අප්‍රේල් 13 දින පෙ.ව. 7:32 ට

    සුභ අළුත් අවුරුද්ක්,
    මේවායේ වටිනා කම හරිම ඉහළයි. කෙනෙකුට හිතෙයි මේවා පොත් පත්වල තියෙන දේවල් නේද කියල. ඒත් උවමානාවක් වෙලා හොයා ගන්න ගියාම පොත් කබඩ් ඔක්කොම පෙරළුවත් අවශ්‍ය දේ හොයා ගන්න සෑහෙන්න වෙලා යනව. එතකොට පෙරහැර ගිහිල්ලා.

  3. maharaavana
    2010 අප්‍රේල් 15 දින පෙ.ව. 12:34 ට

    නුවා :

    නොදන්නා කරුණු රාශියක් දැනගන්නට ලැබුනා ඔබේ ලිපියෙන්. මහරාවනා සොහොයුරාට බොහොමත්ම ස්තුතියි…

    මාගේ ලිපියෙන් කෙනෙකු යම් ඵල ප්‍රයෝජනයක් ගත්තානම් එය මාගේ සතුටයි. ප්‍රතිචාරයට බොහෝ පින්, සුභ නව වසරක් වේවා !!!

  4. maharaavana
    2010 අප්‍රේල් 15 දින පෙ.ව. 12:36 ට

    දයියා :

    සුභ අළුත් අවුරුද්ක්,
    මේවායේ වටිනා කම හරිම ඉහළයි. කෙනෙකුට හිතෙයි මේවා පොත් පත්වල තියෙන දේවල් නේද කියල. ඒත් උවමානාවක් වෙලා හොයා ගන්න ගියාම පොත් කබඩ් ඔක්කොම පෙරළුවත් අවශ්‍ය දේ හොයා ගන්න සෑහෙන්න වෙලා යනව. එතකොට පෙරහැර ගිහිල්ලා.

    මාත් එයට එකඟ වෙනවා. ප්‍රතිචාරයට ස්තූතියි. ඔබට සුභ නව වසරක් වේවා ! බුදු සරණයි !

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: