නිවස > බුදු දහම > රෝග සුවයට භාවනා

රෝග සුවයට භාවනා

බෞද්ධ අපට වැලදෙන ලෙඩ රෝග සුවකර ගැනීමට බෞද්ධ ආගමික භාවනා ක්‍රම සහ වත් පිළිවෙත් ක්‍රම තිබෙන නිසා විහාරස්ථානයකට මිස කෝවිලකට හෝ පල්ලියකට යාමේ අවශ්‍යතාවයක් අපට නැත.

සියලුම රෝග බෙහෙත් ඖශධ වලින් සුවකිරීමට පුළුවන් කමක් නැත. සියලු රෝග සුව කරන එකම ක්‍රමයක් නැත්තේ මිනිසාට ලෙඩ රෝග වැළදෙන්නේ විවිධ හේතු නිසා බැවිනි.කායික හේතු මානසික හේතු සහ භූත දෝස ආදිය ඊට බලපාන බැවිනි.

අපට වැළදෙන ලෙඩ රෝග අතුරින් රෝග රාශියක් සුවකර ගැනීමට, පවතින නිරෝගී සුවය වැඩි දියුණු කර ගැනීමට පුළුවන්කම ඇති භාවනා ක්‍රම රාශියක් ඇත. උදාහරණ ලෙස මෛත්‍රී භාවනාව සහ ආනාපානසති භාවනාව දැක්විය හැක.

මීට අවුරුදු 2600 කට පමණ පෙර එක් දිනක් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

ධම්මෝසධ සමන්නත්ති – එතන්පිවත භික්කවෝ

එනම් “මහණෙනි, ධර්මයට සමාන බෙහෙතක් නැත. මෙය පානය කරන්න.” යනුයි.

ඒ නෛර්යානික බුද්ධ වචන අදටත් එසේම කිසිම වෙනසක් නැතුව වලංගු බව ඔප්පු වන්නේ, මානසික සුවය සඳහා පමණක් නොව හදවත් රෝග, රුධිර පීඩනය, ශීර්ශබාධ ආදී වූ රෝගාබාධ සුව වීමට හා රෝග තත්ව පාලනය කර සමනය කර ගැනීමට භාවනා ක්‍රම තුලින් හැකියාව ඇති බව වෛද්‍ය විද්‍යාඥයන්ගේ පරියේෂණ තුලින් ඔප්පු වී ඇති බැවිනි.

භාවනාවේ ඇති වටිනාකම වඩාත් වැඩි වන්නේ ඖශධ වර්ග භාවිත කිරීමේදී එම ඖශධ නිසා පවතින රෝගය සුව උනත් වෙනත් රෝගාබාධ මතුවීම වැනි භයානක තත්වයක් භාවනාව තුල නොමැති වීමයි. එපමණක් නොව දුම් පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකීමට පවා භාවනාවෙන් ලැබෙන මානසික ශක්තිය ඉමහත් සේ උපකාරී වේ. අලස ගති පහවී මානසික ප්‍රබෝධය වැඩිවේ.

බුදු දහමේ ප්‍රධාන බලාපොරොත්තුව ලෝකෝත්තර සුවය හෙවත් නිවනයි. නිවනින් මෙහා තිබෙන ලොකුම සුවය (ආරෝග්‍යා පරමාලාබා) නිරෝගී සුවයයි. භාවනා කිරීමටත් බණ ඉගෙනීමටත් නැතුවම බැරි දෙයක් නම් නිරෝගී සුවයයි. නිරෝගී සුවය අපේක්ෂා කරන අයෙකුට මෙම භාවනා ක්‍රම අනුගමනය කිරීමෙන් ඉමහත් සුවයක් ලැබේ. ඔබත් මෙම භාවනා ක්‍රම දියුණු කර ආයුරාරෝග්‍ය සැපත දියුණු කරගන්න. දෙවනුව විදසුන් වඩා ලොව්තුරා සැනසුම ලබාගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි…!!!

(උපුටා ගැනීම පරගස්තොට සුධම්ම හිමි විසින් රචිත “රෝග සුවයට භාවනා” ග්‍රන්ථයෙනි)

  1. maharaavana
    2010 අප්‍රේල් 12 දින ප.ව. 11:33 ට

    වැදගත් ලිපියක්, ඉගෙනීමට හා සිතීමට කරුණු බොහෝ ඇත. ඔබට බෝහෝ පින්.

    බුදු සරණයි !!!

  2. 2010 අප්‍රේල් 13 දින ප.ව. 10:11 ට

    කාලීන වැදගත් ලිපියක්. භාවනාව තුලින් සක්‍රිය වන ඇල්පා හා බීටා තරංග තුල ඇතිවන සමතුලිතතාවය ලෙඩ රෝග සුවයට ඉමහත් බලපෑම් කරන බව පරීක්ෂණාත්මකව සොයාගෙන ඇත්තක්.
    මෙවන් වටිනා ලිපි ඉදිරියටත් බලාපොරොත්තු වෙමි. ජයෙන් ජය….

  3. 2010 අප්‍රේල් 20 දින ප.ව. 5:22 ට

    සසර දුක නමැති රෝගයෙන් පීඩා විඳින අපට ඉන් සුව වීමට උපකාර වන ධර්මයම, කායික හා මානසික රෝග පීඩා ආදියෙන් සුවපත් කරලනවා. රුධිර පීඩනය සමනය කිරීම, හෘදයෙහි ක්‍රියාකාරිත්වය පහසු කරලීම, ප්‍රතිශක්තිය වැඩි කිරීම මගින් පිළිකා ආදිය පාaලනනයට දායක වීම ඉන් කිහිපයක්. එපමණක් නොවෙයි, මානසික පීඩාවන්හිදී කෙරෙන ඇතැම් මනෝ ප්‍රතිකාර ක්‍රමත් බුදු දහමේ, භාවනාවේ ඇති ක්‍රමවේද ප්‍රයෝජනයට ගන්නවා. බෞද්ධ මනෝවිද්‍යාව යළි අධ්‍යයනය කර විශ්වවිද්‍යාල ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙසින් ඉදිරිපත් කර තිබෙන්නේ මේ ප්‍රයෝජන හොඳින් ඔප්පු වී ඇති නිසයි.
    ඉතාම ප්‍රයෝජනවත් ලිපියක්.

  4. නුවා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 11:25 ට

    සහෝදරියට බොහොම ස්තුතියි ප්‍රතිචාරයට…

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: