නිවස > බුදු දහම > ..:: බක් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

..:: බක් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

අද දින මා ලිපියෙහි මතෘකාව කරගනු ලබන්නේ “බක් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා” යන්නයි. මෙම බක් පුන් පොහොය දිනය ශ්‍රී ලාංකික අප කාටත් වැදගත් උතුම් පොහොය දිනයකි. අප ලොව්තුරා බුදු පියාණන් විසින් කරුණා ගුණයෙන් සාමය උදාකල උතුම් දිනයක් ලෙසටද මෙම පොහොය දිනය හැදින්විය හැක.

  • “මහෝදර” යනු යොදුන් පන්සියයක් වූ නාග රාජ්‍යයක අධිපතිය. ඔහු ඉතා බලසම්පන්න වූ අතර ඔහුගේ බෑන නුවන් එනම් නැගණියගේ පුත්‍ර රත්නය වූයේ “චූලෝදර”ය. “කන්වඩම්” පර්වතයේ නා රජු චූලොදරගේ පියා විය. මහෝදර නා රජුගේ පියාණන් හට ඉතා අගනා මැණික් ඔබ්බවූ පුටුවක් විය. ඔහු මිය යනවිට එම මැණික් ඔබ්බවූ පුටුව තම පුතුවූ මහෝදර හට නොදී තම දුව(මහෝදර රජුගේ නැඟනිය වූ චුලෝදරගේ මෑණියන්) හට එය පැවරීය. මෙය නාරජවරු දෙදෙනාගේ විරසකයට හේතු විය. මෙම විරසකය වර්ධනය වී කෝළාහලයකටත්, පසුව එය විශාල යුද්ධයක් දක්වාද වර්ධනය විය. සිදුවන්නට යන මහත් ව්‍යවසනය දිවැසින් දුටු අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “දෙව්රම් වෙහෙර” දොරටුව අසල වූ කිරිපළු රුක අරක්ගෙන සිටි “සුමිද්ධ සුමන” දිව්‍ය පුත්‍රයාද කැදවාගෙන ලක්දිව නාගදීපයට වැඩම කලෝය. ගමනාරම්භයේදී සුමිද්ධ සුමන දිව්‍ය රාජ්‍යයා තමා අරක්ගෙන සිටි කිරිපළු රුක උගුල්ලා එය ඡත්‍රයක් සේ බුදු පියාණන් වෙත අල්ලාගෙන තමා පෙර ජාතියකදී විසූ නාග දීපයට පැමිණියේය. එසේ වැඩම කල උන් වහන්සේ යුධ භූමියේ සිටි නාග සේනාව වෙත අහසේ වැඩ හිදිමින් ඝණාදුරක් මවා පේවෝය. ඉන් බියට පත් නාග සේනාවෝ උන් වහන්සේට පසඟ පිහිටුවා වැද නමස්කාර කළෝය. ඉන් පසු අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ උඬගුකමේ ආදීනව පෙන්වාදෙන හා සාමයේ වැදගත්කම කියැවෙන “කකොලුක, ලටුකික, වට්ටක හා එන්දන” යන ජාතක කථා අළෙලා ධර්මය දේශනා කලේය (පන්සිය පනස් ජාතක පොතෙහි මෙම ජාතක කථා පිළිවෙලින් 269, 352, 388 හා 467 යන ජාතකයන්හී දැක්වේ). ඉන් පසු නාග රජ දෙපල ඇතුලු අනෙකුත් පිරිවර බුදුන් සරණෙහි යමින් මැණික් ඔබ්බවූ පුටුව බුදු පියාණන් හට පූජා කරන ලදි. අවසානයේ දී නා රජුන් බුදු පියාණන් සිහිවනු වස් උන්වහන්සේගේ පූජා වස්තුවක් ඉල්ලූ විට අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ උන් වහන්සේට පූජා කල මැණික් පුටුව හා කිරිපළු රුක පූජා වස්තූන් ලෙස නා රජ දෙපලට පවරා දෙන ලදි. ඉන් පසු එම මැණික් පුටුව නිදන් කොට නාගදීපයේ ස්තූපයක් කරවූ අතර එය “රාජායතන” ස්තූපය ලෙස හැදින්වීය. අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ දෙවන ලංකාගමනයත් (බුද්ධත්වයෙන් පස් වසරකට පසු), නා රජුන් දමනයත් සිදුවූයේ මෙම උතුම් බක් පුන් පොහොය දින්යේදීය.

  • තවද මෙම දිනයේදීම සිදුවූ තවත් වැදගත් සුදුවීම වන්නෙ මහෝදර නා රජුගේ සහයට පැමිණි ඔහුගේ මයිලනුවන් වන “මණි අක්ඛිත” නා රජු විසින් බුදු පියාණන් හට තම අණසක පැතිරුනු “කැළණිය” වෙත වඩින මෙන් ආරාධනා කලේද මෙම උතුම් පුන් පොහොය දිනයේදීය.

මෙම උතුම් බක් පොහොය දිනයේදී සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා මෙසේ විය. මා අතින් ගිලිහුනු යම්කරණුක් හෝ වැරදි අඩුපාඩුවක් වෙතොත් ඒ පිළිබදව මා දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

ඔබ සැමට ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන කුසලින් පිරි නව වසරක් වේවායි මා ප්‍රාර්ථනා කරමි.

සැමට සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

  1. නුවා
    2010 අප්‍රේල් 15 දින ප.ව. 9:18 ට

    සුපුරුදු පරිදි කරුණු බොහොමයක් ඉගෙනගත්තා. බොහොම ස්තුතියි…

  2. මහ රාවණා
    2010 අප්‍රේල් 16 දින ප.ව. 1:24 ට

    ප්‍රතිචාරයට බොහොමත්ම ස්තූතියි.

  3. Hasiya
    2010 අප්‍රේල් 16 දින ප.ව. 9:00 ට

    ” මෙලෙස මැණික් පුටුව නිදන් කොට නාගදීපයේ ස්ථූපයක් කරවූ අතර එය රාජායතන ස්ථූපය ලෙසද හඳුන්වනු ලැබේ. ” මා සිතන පරිදි මේ කොටසද ඔබේ සටහනට ඇතුළත් වන්නේ නම් කදිමය

  4. මහ රාවණා
    2010 අප්‍රේල් 17 දින ප.ව. 7:23 ට

    Hasiya :

    ” මෙලෙස මැණික් පුටුව නිදන් කොට නාගදීපයේ ස්ථූපයක් කරවූ අතර එය රාජායතන ස්ථූපය ලෙසද හඳුන්වනු ලැබේ. ” මා සිතන පරිදි මේ කොටසද ඔබේ සටහනට ඇතුළත් වන්නේ නම් කදිමය

    හ්ම්ම්ම්ම්ම් මාත් හිතනවා මෙය එක් වුවහොත් හොදයි කියා. ඔබ දැක්වූ සහයෝගයට බොහෝ පින්.

    බුදු සරණයි !!!

  5. චේතියා
    2010 අප්‍රේල් 17 දින ප.ව. 9:49 ට

    බොහොම ස්තුතියි තොරතුරු වලට

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: