නිවස > කාළීන සිදුවීම් > සූර්‍ය මංගල්‍යය මිත්‍යා දෘෂ්ඨිකද?

සූර්‍ය මංගල්‍යය මිත්‍යා දෘෂ්ඨිකද?

අළුත් අවුරුද්දක් ගෙවීගෙන යන මේ වෙලාවෙ දුටුගැමුණු බලකායෙ අපේ අවධානය පැහැරගන්නට  සමත් යමක් තිබුණා. එනම්, සිංහල අළුත් අවුරුදු  චාරිත්‍ර වනාහී මිතයා දෘෂ්ඨික, හින්දු බමුණන් අපට ඇබ්බැහි කරවන ලද සංස්කෘතිකාංගයකියි කියමින් අන්තර්ජාලය හරහා දිගින් දිගටම ලිපි නිකුත් වීමයි.  විටෙක බ්ලොග් වලද, තවත් විටෙක සිංහලයන් ගැවසෙන වෙබ් අඩවි වලද මෙම ලිපි දක්නට ලැබුණ අතර, කියවන්නාට “අනේ ඇත්ත නේන්නම්” යැයි සිතෙන අයුරින් මනහර භාශා විලාශයකින් මේවා ලියැවේ. පුදුමයකට මෙන් මෙසේ ලියන්නන්, සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර හා නැකැත් ඉතා පහත් අන්දමින් හෙලා දකින්නේ ඒවා බුදු දහමට පටහැණි බව කියමිනි. අප හට තෝරා බේරාගන්නට නොහැක්කේද එයමය. අවසානයේ අපට කාරණා අවබෝධ වුණු හැටියට සැබෑ බෞද්ධයන් යැයි කියාගන්නා මොවුන් බුදු දහම රැකගන්නට යන්නේ හෙළ සංස්කෘතිය හා ඉතිහාසයත් යටපත් කරගෙනය.

සිංහල අළුත් අවුරුද්දේ ආරම්භය පිළිබඳ තතු මීට පෙර ලිපියකින් අපි මෙහිදීම සාකච්ඡා කල බැවින් නැවත් ඒ ගැන කියන්නට නොයමු. එහෙත් සිව් හෙළය සූර්‍ය වන්දනයේ යෙදුණ බවට අපට සාධක ලැබෙන්නේ මහා සම්මත මනු රජ දවස පටන්ය (ඒ මීට වසර 28 000කටත් පෙර සිටයි). තාරකා ශාස්ත්‍රය, නැකැත් ආදී මේ සියල්ල ඉන්දියාවෙන අපට ලැබුණ බමුණු මත පමණක්මැයි  සිතා සිටීම නිවැරදි නොවේ. ඈත අතීතයේ පටන්ම හෙළ රජවරු මෙම විෂය පරතෙරට හැදෑරූහ. පැහැදිලිම උදාහරණය වන්නේ චක්‍රවර්තී දසිස් රාවනයන්ය. එතුමාණන් ජ්‍යොතිශ්‍ය පිළිබඳ හසල දැනුමකින් හෙබි වූවා සේම, විදයාත්මක පර්යේශණ හරහා ගුවන් යානයද නිපදවීය. නක්ශත්‍රය හා විද්‍යාව යන අංශ දෙකම සමබරව භාවිතා කළේය.

එහෙමනම් වර්තමානයේ වෙසෙන සමහර බෞද්ධයින්ට හදිසියේම මේ වැහුණ යකා මොකාද? (යකාව නම් මෙතන නොකිව්වට අපිට අඳුනගන්න බැරි කමකුත් නැත). බුදු දහම වනාහී ලෝ සතුනට සසරින් එතෙර වන්නට අප මහ බුදුරජාණන් වහන්සේලා කලින් කලට, සිය නුවණින් වටහාගෙන මිනිසුන්ට දායාද කල, කරන උතුම් වූ පිවිතුරු සත්‍යයයි. එනමුදු බෞද්ධයෙකු විම වනාහී සිය සංස්කෘතිය සම්පූර්ණයෙන්ම අතහැර දිවි ගෙවීම හෝ, අපේ කම අතහැර දැමීම යැයි බුදුරජාණන් වහන්සේ  කිසි දිනක දේශනා කලේ නැත. සිංහලයන් වසර දහස් ගණනක් පුරාවට බුදු දහම රැකගෙන ආවා සේම තම සංස්කෘතියද රැකගෙන ආවෝය. නමුත් වර්තමානයේ කොහෙන්දෝ මතුවුණ සමහරුන්ගේ අදහස වී ඇත්තේ බුදු දහම රැකගෙන ධර්ම මාර්ගයේ ගමන් කිරීම යනු සංස්කෘතිය යටපත් කරගෙන, අකා මකා දමා අමුතුම මිනිසුන් බවට පත්වීමකි.

අප මහ බුදුරජාණන් වහන්සේ සත්වයන් දුකින් මිදූ සේක. ගිහියාටද ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට අවැසි උපදෙස් ලබා දුන් සේක. එනමුදු කිසිවෙකුගේ සංස්කෘතිය හෝ මෙවන් සංස්කෘතිකාංග පහත් අයුරින් හෙළා දැක්කේ නැත. හැමෝටම ගිහිගෙය හැරගොස් මහණ වන්නට හෝ තපසට යන්නට මෙවන් බලපෑම් ඇති කලේද නැත.  එසේනම් මේ අයුරින් අන්තර්ජාලයට එක්වෙන අන්තවාදී ලිපි පිටුපස සැබෑවටම සිටින්නේ බුදු හිමි ගිය මඟ අනුගමනය කරන බෞද්ධයන්මදැයි අපට නැවත වරක් නුවණින් විමසා බලන්නට සිදුවේ.

ගෞතම බුද්ධ ශාසනය වසර 5000ක් පැවතේ යැයි කියවේ. මෙය ඉබේම සිදුවන්නකියි ඇතැමෙක් සිතා සිටිනවා වන්නට පුළුවන. බුදුන් සරණ ගිය අප මුතුන් මිත්තන් සියළු දෙනාම ගිහිගෙය හැරදමා ගියේ නම්, සංස්කෘතියට සමඟ ඉදිරියට යෑමට තිත තැබුවේ නම්, සංස්කෘතිය තබා සම්බුද්ධ ශාසනය වත් මෙතුවක් කල් ඉතුරු නොවනු ඇත. මෙහිදී ගමයි පන්සලයි යන සංකල්පය බෙහෙවින් වටී. ධර්මය රැකගන්නට නම් සිල්වත් භික්ෂූන් වහන්සේලාගෙන් හා සැදැහැවත් ගිහියන්ගෙන් සැදි සමාජයක් උවමනාය. මීලඟ පරපුරටද ධර්ම ඥානය ලබා දෙන්නට ඇසූ පිරූ ඇති, දැනුමින් පරිපූර්ණ උගතුන් උවමනාය. ශාසනය නසන්නට සතුරු ආක්‍රමණ එනවිට ඉදිරියට ගොස් සටන් කරන්නට එඩිතර බෞද්ධයන් උවමනාය. බුද්ධ ශාසනය ඉබේ රැකෙන්නේ නැත. එය අප විසින් රැකිය යුතු වන්නේය. ඉතිහාසය පුරාවට දුටුගැමුණු, වළගම්බා වැනි නරනායකයින් යුද්ධ කලේ මේ බව මනාව වටහා ගත් බැවිණි.

ප්‍රවර්ග:කාළීන සිදුවීම්
  1. 2010 අප්‍රේල් 20 දින පෙ.ව. 2:10 ට

    සිව් හෙලය සූර්‍ය වන්දනාවේ යෙදුනා යයි කියා කේන්දර ආදිය සාධාරණීකරණය කරන්නේ කොහොමද! ඔබ කෙසේ කීවත් අපල කියන්නේ මිත්‍යා දෘෂ්ටික සංකල්පයක්. පුන්‍ය කාලයයයි වෙනම කාලයක් වෙන්කරගෙන සුභ වැඩ ඒ කාලය තුල නොකර ඉන්න ඌනෑම මෝඩයෙක් මිසදිටුවෙක් තමයි. එයා හෙලයෙක්ද නැද්ද කියන එක ගැටලුවක් නෑ. කොහොම වුනත් මෙම කියන ශාස්ත්‍ර තිරස්චීන විද්‍යා කියලා තථාගථයන් වහන්සේ දේශනා කර තිබෙනවා.ඔයා නිකම් මෙතන අන්ධයෙක් වගේ කෑගැහුවාට!
    පරපුර රැකගන්න සටන් කරන එකෙයි මිත්‍යාවක් සරණ යන එකෙයි තියන සමානකම පැහැදිලි කලොත් හුගක් වටිනවා.

    “…අප මුතුන් මිත්තන් සියළු දෙනාම ගිහිගෙය හැරදමා ගියේ නම්, සංස්කෘතියට සමඟ ඉදිරියට යෑමට තිත තැබුවේ නම්, සංස්කෘතිය තබා සම්බුද්ධ ශාසනය වත් මෙතුවක් කල් ඉතුරු නොවනු ඇත….”

    බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනවා බාහිර ධාතු ස්වභාවයන්ගේ වෙනස් වීමක් නිසා මේ බුද්ධ සාශනය විනාශ නොවන වග. එය අතුරුදන් වන ආකාරණයත් දේශනා කරල තියනව. ඒක නිස පුහු තර්ක ඉදිරිපත් කරන්න එපා.

    සංස්කෘතියක් විදියට අනුගමනය කල යුතු දේවල් ඌන තරම් තියනවා හැබැයි මිත්‍යා නම් නොවෙයි.බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනව නේද පරපුරෙන් ආපු පලියට පිලිගන්න එපා කියලා.

    • චේතියා
      2010 අප්‍රේල් 20 දින පෙ.ව. 9:46 ට

      “සිව් හෙලය සූර්‍ය වන්දනාවේ යෙදුනා යයි කියා කේන්දර ආදිය සාධාරණීකරණය කරන්නේ කොහොමද! ඔබ කෙසේ කීවත් අපල කියන්නේ මිත්‍යා දෘෂ්ටික සංකල්පයක්. පුන්‍ය කාලයයයි වෙනම කාලයක් වෙන්කරගෙන සුභ වැඩ ඒ කාලය තුල නොකර ඉන්න ඌනෑම මෝඩයෙක් මිසදිටුවෙක් තමයි.”

      කේන්දර නෙමේනෙ අලුත් අවුරුද්දෙ බලන්නෙ, නැකැත්නෙ. තාරකා ශාස්ත්‍රය කියන්නෙ හුදෙක් මනෝ විකාරයක් නෙමෙයි. වසර දහස් ගණනක් පුරාවට පඬිවරුන් විසින් හදාරපු ගණිතමය විද්‍යාවක්. මේකට ග්‍රහ තාරකා වල ගුරුත්වාකර්ශණය, විශ්ව ශක්තිය ආදී සියල්ලම යටත්වෙන නූතන විද්‍යාවටවත් සාර්ථකව ගෝචර නොවෙන ශාස්ත්‍රයක්. ඉතිං ඒක සමහරුන්ට ගෝචර නොවුන පලියට මිත්‍යාවක් කියලා බැහැර කරන්න බෑ …….. එහෙම කරනව නම් ඒක අනුවණ කමක් හැටියට දකින්න සිද්ධ වෙනවා.

      පුණ්‍ය කාලය ගැන කිව්වනෙ, අමතක උනාද ඔහේ ඔය කියන මිසදිටුවො පුණ්‍ය කාලය වෙන්කලේ ආගමික කටයුතු වලට බව? නැකැත් ක්‍රමය අනුව එහෙම වෙලාවල් වෙන් කරන එක මිත්‍යා දෘශ්ඨික නම්, සඳේ ගමන් මාර්ගය අරගෙන පෝය දවස බෞද්ධයන් වෙනුවෙන් වෙන් කිරීමට ඔබ දෙන අර්තකථනය මම දැනගන්න කැමතියි. මොකද සැබෑ බෞද්ධයෙක් නම් සීලයේ පිහිටන්න වෙනම දිනයක්, වෙලාවක් වෙන්කරලා දිය යුතු නැතිව ඇතිනෙ නේද?

      ” බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනවා බාහිර ධාතු ස්වභාවයන්ගේ වෙනස් වීමක් නිසා මේ බුද්ධ සාශනය විනාශ නොවන වග. “

      බුද්ධ ධර්මයයි, සම්බුද්ධ ශාසනයයි පැටලුනාවත්ද? ….. බුදුන් වහන්සේ දේශනා කලේ ධර්මය විනාශ නොවන බවයි. කලින් කලට පහලවන බුදුවරුන් එය සොයාගෙන ලොවට දේශනා කරන බවයි. ශාසනය විනාශ නොවුනා නම්, ගෞතම බුදුන් පහල වන විට කාශ්‍යප බුදුන් වහන්සේගෙ ධර්මය පිලිපදින බෞද්ධයන් සිටිය යුතුයි…………. බුදුවරුන් නම් පහල වන බව දත් පිරිසක් එවකටත් ලංකාවෙ සිටියා ….. ඒත් ධර්මය දත් අය ඒ වනවිට හිටියෙ නෑ …… ශාසනය විනාස වෙනව යන්නෙන් අදහස් වෙන්නෙ ඒකයි. නැවත බුදුවරයෙක් දේශනා කරනතුරු ධර්ම මාර්ගය වැසී යාමයි.

      “බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනව නේද පරපුරෙන් ආපු පලියට පිලිගන්න එපා කියලා.”

      පරපුරෙන් පැවතෙන යමක් පිලිනොගත යුත්තේ විමසා බලා එය වැරැද්දක් බව වැටහේ නම් පමණයි. සිංහල අවුරුදු චාරිත්‍ර හා සබැඳුනු නැකැත් ක්‍රමය පිලිපැදීම තුලින් සැදැහැවතෙකුගේ නිර්වාන මාර්ගය අවහිර වෙනවාද? මුළු රටක් ජාතියක් එකට එකතු වෙලා ආගමත් මුල් කරගෙන, එකමුතු බවේ සංකේතය ලෙසින් සමරන, එකම වෙලාවට මුළු ජාතියක් එකට ලිප ගිනි මොලවන, එකම දිශාවක් බලා එකම වෙලාවට ආහාර අනුභව කරන අපේ සංස්කෘතියෙන් ඔය කියන විදිහට බැහැර කලයුතු කිසිවක් මම දකින්නෙ නෑ. අතීතයටත් වඩා ඔය චාරිත්‍ර අදටයි ගැලපෙන්නෙ.

      මෙතන ගැටළුව තියෙන්නෙ බුද්ධ ධර්මයේ වත්, හෙළ සංස්කෘතියෙ වත් නෙමෙයි. සියල්ලම විකෘති කරන්න දඟලන අමුතුම පිරිසකගේ ක්‍රියා කලාපය ගැනයි. ආපහු කියවල බැළුවොත් පැහැදිලි වෙවි මෙතන අන්ධයෙක් වගේ කෑගහල තියෙන්නෙ කවුද කියලා.

      • 2010 අප්‍රේල් 20 දින ප.ව. 12:29 ට

        ශාසනය විනාශ වනවා තමයි. ඒත් ඔබ ඔය කියන ආකාරයට නොවෙයි.

        “බුදුන් වහන්සේ දේශනා කලේ ධර්මය විනාශ නොවන බවයි”

        බුදුන් වහන්සේ දේශනා කරල තිබෙන්නේ ශාසනය අතුරුදන් වීම ගැන. ඒ ගැන තව හොඳට හොයල බලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා.

        “ග්‍රහ තාරකා වල ගුරුත්වාකර්ශණය”

        මේවායේ බලපෑමෙන් අපට කල හැකි දෙයක් නෑ! ගුරුත්වාකර්ශණය වැඩිවෙලා අපේ පෘතිවියේ ඇවිත් වැදුනොත් මිසක්!. අපි කරපු හොඳනරක සහ නියාම ධර්ම වලට අනුවයි අප අත්විඳින යහපත අයහපත තීරණය වන්නේ.(දැන් පුලුවන්නම් නියාම ධර්ම වලටත් තාරකා සම්බන්ද කරන්න) එහෙම බැලුවොත් තාරකා ලක්ෂ ගනන් වලින් සමන්විත වන අප ග්‍රහ පද්ධතිය අවට ඇති චක්‍රාවාට වලින් මොන තරම් බලපැමක් අපිට වෙන්න ඌනද. ඒවා සියල්ල ඔය කියන මහා ගණිත ක්‍රමයට ගෝචර වෙනවාද?
        භෞතිකව බැලුවත් අප පෘතිවිය මත බ්‍රහස්පතී,සූර්‍යයා සහ අනෙකුත් ග්‍රහ ලෝක වලින් යෙදෙන බලයට වඩා දස දහස් වාරයක(අති විශාල) බලයක් අප ආසන්නයේ අඈති චක්‍රාවාට වලින් යෙදෙනවනෙ. එතකොට අඇයි ඒක නොසලකා හැරලා බ්‍රහස්පතී,..සූර්යයා අල්ලගෙන ඉන්නේ. මෙන්න මේවා බුදු ඇසින් දැකල තමයි බුදුන් වහන්සේ මේවා සරණ යන්න ඌන නෑ කියල දේශනා කලේ, මේවායින් අපට කලහැක්කක් නෑ කියල දේශනා කලේ.
        ජාතිය එකමුතුව සිටීමේ කිසි වැරැද්දක් නෑ ඒත් ඒකට නැකැත් ඌන නෑ. පැවිදි කරන්නත් කේන්දර බලන අත් වලින්ම තමයි නැකැත් හදන්නේ කියන එකත් අමතක කරන්න එපා.

        “අමතක උනාද ඔහේ ඔය කියන මිසදිටුවො පුණ්‍ය කාලය වෙන්කලේ ආගමික කටයුතු වලට බව? ”
        ඒකම තමයි ගැටලුව ඒවෙලාවට සුභ කටයුතු කරන්න තියන බයට පුන්‍ය කටයුතු වල යෙදෙන එක හරිද? මේවා හෙල සංස්කෘතිය නෙවෙයි මේ හින්දු දහම!

        “පරපුරෙන් පැවතෙන යමක් පිලිනොගත යුත්තේ විමසා බලා එය වැරැද්දක් බව වැටහේ නම් පමණයි”
        ඒක ඔයාගේ ක්‍රමය වෙන්න ඈති. වැරැද්දක් බව වැටහේ නම් පමණක් නොවෙයි එය බුද්ධි ගෝචර නැත්නම් මොකක්ද කරන්නේ කියලා මට කියන්න පුලුවන්ද?

        “සඳේ ගමන් මාර්ගය අරගෙන පෝය දවස බෞද්ධයන් වෙනුවෙන් වෙන් කිරීමට…”
        මෙක මම ඔබට තවදුරටත් සිතන්නට බාරකරනවා….

  2. 2010 අප්‍රේල් 20 දින පෙ.ව. 8:25 ට

    answer: NOpe. Nice write up. very good one. need to think all buggers who r try to show “we r the full buhhist guys”

  3. 2010 අප්‍රේල් 20 දින පෙ.ව. 9:10 ට

    මෙඩිසින් එක රිදෙන්න දීල වගේ

  4. චතුර විජේකෝන්
    2010 අප්‍රේල් 20 දින පෙ.ව. 11:46 ට

    බුදු දහමත් හෙළ සංස්කෘතියත් දෙකක් තමයි. ඒ අතර පුංචි පරස්පරයන් තියෙනවා කියන එකත් ඇත්ත තමයි. ජ්‍යෝතිෂය හරි වුණත් වැරදි වුණත් අපි බෞද්ධයන් ලෙස ඒ ගැන නොතැකිය යුතුයි තමයි. ඒත් මේ සංස්කෘතික උත්සවය හරහා සිංහල බෞද්ධ අපට ඉතිරි වුණු සොඳුරු ගතිගුණ ගැන අප ආඩම්බර විය යුතුයි.. අවුරුද්දකට සැරයක් වත් අපි ට අපි සිංහලයෝ කියල මතක් කරලා දෙන්නේ සිංහල අවුරුද්ද නෙවෙයිද? බුලත් හුරුල්ලක් දීලා වැඩිහිටියන්ට වැඳිම වැනි චාරිත්‍රයන් කොයි තරම් අගනේද? අවුරුදු ක්‍රීඩා කරලා තරුණ තරුණියන් කොයි තරම් සතුටක් ලබනවද? අවුරුද්ද පුරාවටම හමුනොවුන ඇතැම් නෑදෑයන් හමුවුනාම කොයි තරම් සතුටුද?

    පුණ්‍ය කාලයේ වත් පුණ්‍ය කටයුතු වල යෙදෙනවානම් කොයි තරම් හොඳද? පුණ්‍ය කටයුතු වල නොයෙදුනත්, අපිට විවේකයෙන් ඉන්න කාලයක් ලැබෙන එකම කොයි තරම් හොඳද?

    තාරකා විද්‍යාව අනුව කුමක් සිදුවුනත්, සිංහල අපිට අපේ තියෙන කරුණාව, මෛත්‍රිය, ලෙංගතුකම වැඩි කර ගන්න තියෙන හොඳම උත්සවය සිංහල අලුත් අවුරුද්ද කියලයි මට හිතෙන්නේ…

    මත්පැන්, මස් මාංශ භාවිතය හැර අන් කිසිම මිත්‍යා දෘෂ්ඨික ක්‍රියාවක් මෙහි නොවන බවයි මගේ හැඟීම.

    සංවාදශීලි සටහනක් තැබූ ඔබට ස්තුතියි.

  5. 2010 අප්‍රේල් 20 දින ප.ව. 12:28 ට

    Dilshan :

    සිව් හෙලය සූර්‍ය වන්දනාවේ යෙදුනා යයි කියා කේන්දර ආදිය සාධාරණීකරණය කරන්නේ කොහොමද! ඔබ කෙසේ කීවත් අපල කියන්නේ මිත්‍යා දෘෂ්ටික සංකල්පයක්. පුන්‍ය කාලයයයි වෙනම කාලයක් වෙන්කරගෙන සුභ වැඩ ඒ කාලය තුල නොකර ඉන්න ඌනෑම මෝඩයෙක් මිසදිටුවෙක් තමයි. එයා හෙලයෙක්ද නැද්ද කියන එක ගැටලුවක් නෑ. කොහොම වුනත් මෙම කියන ශාස්ත්‍ර තිරස්චීන විද්‍යා කියලා තථාගථයන් වහන්සේ දේශනා කර තිබෙනවා.ඔයා නිකම් මෙතන අන්ධයෙක් වගේ කෑගැහුවාට!
    පරපුර රැකගන්න සටන් කරන එකෙයි මිත්‍යාවක් සරණ යන එකෙයි තියන සමානකම පැහැදිලි කලොත් හුගක් වටිනවා.
    “…අප මුතුන් මිත්තන් සියළු දෙනාම ගිහිගෙය හැරදමා ගියේ නම්, සංස්කෘතියට සමඟ ඉදිරියට යෑමට තිත තැබුවේ නම්, සංස්කෘතිය තබා සම්බුද්ධ ශාසනය වත් මෙතුවක් කල් ඉතුරු නොවනු ඇත….”
    බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනවා බාහිර ධාතු ස්වභාවයන්ගේ වෙනස් වීමක් නිසා මේ බුද්ධ සාශනය විනාශ නොවන වග. එය අතුරුදන් වන ආකාරණයත් දේශනා කරල තියනව. ඒක නිස පුහු තර්ක ඉදිරිපත් කරන්න එපා.
    සංස්කෘතියක් විදියට අනුගමනය කල යුතු දේවල් ඌන තරම් තියනවා හැබැයි මිත්‍යා නම් නොවෙයි.බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙනව නේද පරපුරෙන් ආපු පලියට පිලිගන්න එපා කියලා.

    ඔබතුමා කියන විදියට ජෝතිෂ්‍ය අනුව අපල කියන දේ මිත්‍යාවක් නම් බුද්ධ ධර්මයට අනුව කර්මය පලදෙනවා කියන එකත් මිත්‍යාදෘෂ්‍ටියක් වෙන්න ඕන. තාරකා විද්‍යාව කියන්නෙ විද්‍යාත්මක න්‍යායන් වලින් ඔබ්බට ගිය එකක්. ජෝත්ෂ්‍ය ගැන හරිහැටි නොදන්න පුද්ගලයින් අද සමාජයේ නැතිකම නිසාත් බොරු ජෝතිෂ්‍යකාරයන් නිසාත් ජෝත්ෂ්‍ය විෂය පිරිහුණාට බොරුවක් කියල අහක දාන්න බෑ. බුද්ධ ධර්මයත් ඒ වගෙයි. විද්‍යාත්මකව ඔප්පු කරන්න අමාරුයි. මොකද විද්‍යාත්මක නිර්ණායක වලට වඩා බුද්ධ ධර්මය ඉදිරියෙන් සිටින නිසා.

    • 2010 අප්‍රේල් 20 දින ප.ව. 12:48 ට

      සී.ජේ. :

      ඔබතුමා එහෙම කියන්න කිසියම් පදනමක් තියනවද? අපලයි කර්ම පලදීමයි අහසට පොලව වගේ කිව්වත් වැරදි නෑ. මම එය මිත්‍යාවක් කියලා කිව්වේ එය හුදෙක් මනෝ විකාරයක් යයි හිතාගෙන නොවෙයි.
      කර්ම පලදෙනවා කියල කියන්නේ අපි මේ අති දීර්ඝ් සසර තුල ඌනෑම අවස්ථාවක කරන ලද කිසියම් ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස සිදුවන දෙයක්. එය මීට පෙර එක භවයක්,දෙකක් දාහක් , කෝටියක් , කල්පයක් එහෙම කියල සීමා කරන්න පවා බෑ.
      ඒකයි සියල්ල අවබෝධ කලාවූ තථාගථ බුදුවරු විසින් කර්ම විශය අචින්ත්‍ය දෙයක් කියලා පෙන්වා දෙන්නේ. නමුත් අපල කියන දෙය එහෙම එකක්ද? ඒකෙන් කියන්නේ බොහෝවිට පෙර ආත්මයක් ගැනයි. ඔබ කවදාවත් අහල තියනවද මෙමගින් සසර ඌනෑම කාලයක කල කර්ම ගැන කියන්න පුලුවන් කියලා. ඒක නිසා මෙය පටු චින්තනයක් කියල ඔබට නුවණින් විමසා බැලුවොත් තේරෙයි.

  6. Pasan
    2010 අප්‍රේල් 20 දින ප.ව. 3:25 ට

    සූර්ය වන්දනාව ඇති වෙන්නෙ කෘශිකාර්මික සමාජයත් එක්ක.. අපේ මිනිසුන්ට වගා කරන්න හැම දේටම සවිය දෙන්නෙ හිරු එළීය. අවුරුද්දට සැරයක් හිරු වෙනුවෙන් වෙන් කරන්නෙ ඒකට කළගුන සැලකීමක් විදිහට.. කළගුන සැලකීමට පණ ඇතිද පණ නැතිද කියල වෙනසක් නෑ බුදු හාමුදුරුවොත් අනිමිස ලෝචන පුජාව කරල ඒකද ආදර්ශයක් තමා පෙන්නුවෙ. සංස්කෘතියයි ආගමයි පටල ගන්න එපා..

  7. 2010 අප්‍රේල් 20 දින ප.ව. 3:46 ට

    බොහොම ස්තුතියි මේ කාලීන ලිපියට.
    නැකැත් ශාස්ත්‍රය, තාරකා විද්‍යාව ආදිය නිවන සඳහා හේතු නොවන බව ඇත්තයි. නමුත් සමාජයේ ජීවත් වෙන හැම කෙනාම නිවන අරමුණු කරගෙන නෙවෙයිනෙ ජීවත් වෙන්නෙ. එහෙම බැලුවොත් මේ විද්‍යාවන් සහ අවුරුදු උත්සව පමණක් නොවෙයි, දාගැබ් සහ සුවිසල් බුදු පිළිම සහිත මනරම් සිද්ධස්ථානත් අනවශ්‍යයි; බුදු හාමුදුරුවො එහෙම දේවල් අනුමත කළේ නැත; බුදු දහමට පටහැණිය කියල තර්ක කරන්න පුලුවනි. මොකද , මේ කිසි දෙයක් ධර්මාවබෝධය සඳහා, දුකින් මිදීම සඳහා උපකාර නොවෙන නිසා.
    අවුරුදු දිනවල නැකතට චාරිත්‍ර කළත් බහුතරයක් සිංහලයන් අනික් දවස්වලට නැකතට වැඩ කරන්නෙ නැහැ- වෙනත් වචනවලින් කිව්වොත් නැකැත් සරණ ගිහින් නැහැ. ඔවුන් ලෙඩ වුණ වෙලාවට රෝහල්/වෛද්‍යවරුන්ගෙ සරණ පතනව; මුදල් අගහිඟකම් ආවම බැංකුවල සරණ පතනව; ආහාර, ඇඳුම් වැනි අවශ්‍යතා පිණිස රැකියාවල සරණ පතනව; හොඳ රැකියාවක් ලබා ගනු පිණිස, බොහෝවිට, අධ්‍යාපනයේ සරණ පතනව.
    ඔය හැම දෙයක්ම නිවන සඳහා උපකාර වෙන දේවල් නොවෙයි කියල අතහරින්නයයි බුදු හිමියන් වදාළෙ නැහැ. ඒ දේවල් අතහැරල නිවනට කැප වුණු අයට මාර්ගයක් තියෙනවා; සමාජයේ ඉන්න ගිහියන්ට අනුගමනය කළ හැකි මාර්ගයක් තියෙනවා.
    නැකත මත්තේම නහින්න හදනවනම්, ඒ නිසා වෙනත් කටයුතු අතපසු කරගන්නවනම්, ඒ නිසා නොකළ යුතු දේ කරනවනම් ඒක බුදු දහමට එකඟ නැතැයි කිව හැකියි. නැකැත් අනුව මාර්ගඵල ලැබිය හැකි දින වකවානු සොයනවනම් ඒක බුදු දහමට එකඟ නැතැයි කිව හැකියි; අවුරුදු දිනයේ නැකතට සියල්ලන්ම් එක්ව කටයුතු කිරීම බුදු දහමට පටහැණියයි මම සිතන්නෙ නෑ. සියලු වැඩ අත් හැර ටිකක් විවේකයෙන් සිටීම හෝ පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීම වරදක්යයි මම හිතන්නෙ නැහැ. එසේම එහෙම කරන්න අකමැති අය නොකර සිටීමේ වරදකුත් නැහැ.
    නමුත් මේ නිසා බුදුදහම අතහැර මිත්‍යාදෘෂ්ටි පිළිගත්තායයි අන් අයට චෝදනා කරන පුද්ගලයන් කී දෙනෙක් නිතිපතා පන්සිල් රකිනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවාද? වෙනත් විදිහකට කිව්වොත් සම්මා දෘෂ්ටියට පැමිණ තිබෙනවද?

  8. මහ රාවණා
    2010 අප්‍රේල් 20 දින ප.ව. 7:33 ට

    චතුර විජේකෝන් :

    බුදු දහමත් හෙළ සංස්කෘතියත් දෙකක් තමයි. ඒ අතර පුංචි පරස්පරයන් තියෙනවා කියන එකත් ඇත්ත තමයි. ජ්‍යෝතිෂය හරි වුණත් වැරදි වුණත් අපි බෞද්ධයන් ලෙස ඒ ගැන නොතැකිය යුතුයි තමයි. ඒත් මේ සංස්කෘතික උත්සවය හරහා සිංහල බෞද්ධ අපට ඉතිරි වුණු සොඳුරු ගතිගුණ ගැන අප ආඩම්බර විය යුතුයි.. අවුරුද්දකට සැරයක් වත් අපි ට අපි සිංහලයෝ කියල මතක් කරලා දෙන්නේ සිංහල අවුරුද්ද නෙවෙයිද? බුලත් හුරුල්ලක් දීලා වැඩිහිටියන්ට වැඳිම වැනි චාරිත්‍රයන් කොයි තරම් අගනේද? අවුරුදු ක්‍රීඩා කරලා තරුණ තරුණියන් කොයි තරම් සතුටක් ලබනවද? අවුරුද්ද පුරාවටම හමුනොවුන ඇතැම් නෑදෑයන් හමුවුනාම කොයි තරම් සතුටුද?

    පුණ්‍ය කාලයේ වත් පුණ්‍ය කටයුතු වල යෙදෙනවානම් කොයි තරම් හොඳද? පුණ්‍ය කටයුතු වල නොයෙදුනත්, අපිට විවේකයෙන් ඉන්න කාලයක් ලැබෙන එකම කොයි තරම් හොඳද?

    තාරකා විද්‍යාව අනුව කුමක් සිදුවුනත්, සිංහල අපිට අපේ තියෙන කරුණාව, මෛත්‍රිය, ලෙංගතුකම වැඩි කර ගන්න තියෙන හොඳම උත්සවය සිංහල අලුත් අවුරුද්ද කියලයි මට හිතෙන්නේ…

    මත්පැන්, මස් මාංශ භාවිතය හැර අන් කිසිම මිත්‍යා දෘෂ්ඨික ක්‍රියාවක් මෙහි නොවන බවයි මගේ හැඟීම.

    සංවාදශීලි සටහනක් තැබූ ඔබට ස්තුතියි.

    ඉතාමත් සරලව හා හොදින් ඕනෑම කෙනෙකුට තේරුම්ගත හැකි ආකරයේ අර්ථකතනයක් ඔබ ලබා දී තියෙනව. බුද්ධිමත් අය වෙතොත් මෙහි ගැඹුරු පැතිකඩ තේරුම් ගත හැකි වේවි.

    බුදු සරණයි !!!

  9. මහ රාවණා
    2010 අප්‍රේල් 20 දින ප.ව. 7:44 ට

    චන්දිමා :

    බොහොම ස්තුතියි මේ කාලීන ලිපියට.
    නැකැත් ශාස්ත්‍රය, තාරකා විද්‍යාව ආදිය නිවන සඳහා හේතු නොවන බව ඇත්තයි. නමුත් සමාජයේ ජීවත් වෙන හැම කෙනාම නිවන අරමුණු කරගෙන නෙවෙයිනෙ ජීවත් වෙන්නෙ. එහෙම බැලුවොත් මේ විද්‍යාවන් සහ අවුරුදු උත්සව පමණක් නොවෙයි, දාගැබ් සහ සුවිසල් බුදු පිළිම සහිත මනරම් සිද්ධස්ථානත් අනවශ්‍යයි; බුදු හාමුදුරුවො එහෙම දේවල් අනුමත කළේ නැත; බුදු දහමට පටහැණිය කියල තර්ක කරන්න පුලුවනි. මොකද , මේ කිසි දෙයක් ධර්මාවබෝධය සඳහා, දුකින් මිදීම සඳහා උපකාර නොවෙන නිසා.
    අවුරුදු දිනවල නැකතට චාරිත්‍ර කළත් බහුතරයක් සිංහලයන් අනික් දවස්වලට නැකතට වැඩ කරන්නෙ නැහැ- වෙනත් වචනවලින් කිව්වොත් නැකැත් සරණ ගිහින් නැහැ. ඔවුන් ලෙඩ වුණ වෙලාවට රෝහල්/වෛද්‍යවරුන්ගෙ සරණ පතනව; මුදල් අගහිඟකම් ආවම බැංකුවල සරණ පතනව; ආහාර, ඇඳුම් වැනි අවශ්‍යතා පිණිස රැකියාවල සරණ පතනව; හොඳ රැකියාවක් ලබා ගනු පිණිස, බොහෝවිට, අධ්‍යාපනයේ සරණ පතනව.
    ඔය හැම දෙයක්ම නිවන සඳහා උපකාර වෙන දේවල් නොවෙයි කියල අතහරින්නයයි බුදු හිමියන් වදාළෙ නැහැ. ඒ දේවල් අතහැරල නිවනට කැප වුණු අයට මාර්ගයක් තියෙනවා; සමාජයේ ඉන්න ගිහියන්ට අනුගමනය කළ හැකි මාර්ගයක් තියෙනවා.
    නැකත මත්තේම නහින්න හදනවනම්, ඒ නිසා වෙනත් කටයුතු අතපසු කරගන්නවනම්, ඒ නිසා නොකළ යුතු දේ කරනවනම් ඒක බුදු දහමට එකඟ නැතැයි කිව හැකියි. නැකැත් අනුව මාර්ගඵල ලැබිය හැකි දින වකවානු සොයනවනම් ඒක බුදු දහමට එකඟ නැතැයි කිව හැකියි; අවුරුදු දිනයේ නැකතට සියල්ලන්ම් එක්ව කටයුතු කිරීම බුදු දහමට පටහැණියයි මම සිතන්නෙ නෑ. සියලු වැඩ අත් හැර ටිකක් විවේකයෙන් සිටීම හෝ පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීම වරදක්යයි මම හිතන්නෙ නැහැ. එසේම එහෙම කරන්න අකමැති අය නොකර සිටීමේ වරදකුත් නැහැ.
    නමුත් මේ නිසා බුදුදහම අතහැර මිත්‍යාදෘෂ්ටි පිළිගත්තායයි අන් අයට චෝදනා කරන පුද්ගලයන් කී දෙනෙක් නිතිපතා පන්සිල් රකිනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවාද? වෙනත් විදිහකට කිව්වොත් සම්මා දෘෂ්ටියට පැමිණ තිබෙනවද?

    බුද්ධිමත් ඕනෑම අයෙකුට වැටහෙන්න ඕන දෙයක්. ඔබ හොද අර්ථකතනයක් ලබා දී තියෙනව.

    බුදු සරණයි !!!

  10. උපේන්ද්‍රමිණික
    2010 අප්‍රේල් 22 දින ප.ව. 3:41 ට

    ඉතාම අපූරු ලිපියක් චේතියා.තතු දන්නෝ දනිති 🙂

  11. samitha
    2012 මාර්තු 27 දින ප.ව. 5:45 ට

    yako…surya namaskaaraya kiyanne hindu sankalpayak. thopita amu kewilada? meka bauddayange aluth awuruddha nemeyi. misadetuwange aluth awurudda.

    • 2012 අප්‍රේල් 13 දින පෙ.ව. 1:17 ට

      නිකන් බොරුවට කෑ මොරදෙන්නෙ නැතුව සිහි බුද්ධියෙන් කල්පනාකරල බලන්න, සූර්‍යය නමස්කාරය අපේ මුතුන් මිත්තො කලේ මීට වසර 28 000 කට පමන පෙර ඉදන්, එය ගෞරවයක් මිස ආගමක් ඇදහීමක් නොවේ. බුදු රදුන් තමන්වහන්සේට පිට දුන් බෝ රුකට අනිමිසලෝචන පූජාව පැවැත්වූයේද කෙලෙහිගුන දැක්වීමට මිසක් මිසදුටු කමකට නොවේ. තවකෙකු කියූපමනට පිලි නොගෙන තමන්ම හරි වැරැද්ද තේරුම්ගන්න. ඕබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.
      තෙරුවන් සරණයි

  12. 2012 අප්‍රේල් 14 දින ප.ව. 9:34 ට

    ඇත්තම කියනවා නම් අපේ සිංහලයන් ඔක්කොම වරද්දගෙන. සූර්ය නමස්කාරය කියන්නේ බොහොම හොඳ යෙක්. හැබැයි ඉර පායන විටයි එය කළ යුත්තේ. මෙය කරන ක‍්‍රම වේදයකුත් තියෙනවා. ඒ අනුව කරන විට අපට විශ්ව ශක්තිය එක්ක ඒකාත්මික වෙන්න පුලුවන්.
    සූර්ය මංගල්ලයෙන් අප කරන්නේ විශ්වය ගැන අපේ තියෙන දැණුම (ඉතා අනාදිමත් කාලයක සිට* සමරණ එකයි. මේකත් උපන් දින සැමරුමක්. පෘථවිය වසරකින් වියපත් වීම. ඉතින් මෙය සමරන්න ජාති ආගම් භේදයක් අනවශ්‍යයයි. කාටත් සමරන්න පුලුවන්. හැබැයි මතක තබා ගත යුත්තේ පෘථවියේ භ‍්‍රමණය හා පරිභ‍්‍රමනය ලෝකෙට හෙළි කළේ සිංහලයන් වීමයි.
    නොනගතේ වෙලාවේ කෑවට කමක් නෑ. වැඩේ කියන්නේ නරක වෙලාවක් අහු උනොත් විෂ වෙන්න ඉඩ තියෙනවා. ඔ්ක හැම වෙලාවෙම වෙන්නේ නෑ. විෂ කලාව නගින වෙලාවට පත්තෑයෙක් දෂ්ට කළත් නයි විෂ එන්න පුලුවන් වගේ.
    තවත් දෙයක් කිව යුතුයි. අපව යම් යම් දේවල්වලට භය කරලා තියෙන්නේ ඇත්ත කිවුවොත් අප ගණන් ගන්නේ නැති නිසයි. අපේ පැරැුන්නෝ කියන කතාවක් තමයි ඉදල ගේ ඇතුලෙන් ගෙනියන්න එපා දුප්පත් වෙනවා කියා. දුප්පත් වෙනවාට බියේ අප ඉදල ගෙනියන්නේ නෑ. ඇත්ත කතාව ඉදල ගේ හරහා ගෙනියන කොට හු`ගක් ක්‍ෂුද‍්‍ර ජීවින් පොලොවට වැටෙනවා. බැරිවෙලාවත් ඔය ගෙදරක බඩ ගාන දරුවකු හිටියොත් ඒ දරුවා ලෙඩ වෙන්නත් ඒක කාරණයක් වේවි.
    ඉතින් බුද්ධාගමත් එක්ක සිංහලකම පටලවා ගන්න එපා. එහෙනම් බුදු හාමුදුරුවෝ දවසක් ආනන්‍ද හාමුදුරුවන්ට දේශනා කළාලු මට කිඹුල්වත්පුරයෙන් එන සුළගත් සැපයි කියා. ඒ වීතරාගී බුදු පියාණෝය. මේ පෘථග්ජන අපම නොවේද?
    දුටුගැමුණුට දෙයක් කිව යුතුයි. හැමෝම වරද්දාගෙන තියෙන දෙයක් තමයි මේ අනිමිස ලෝචන පූජාව. ති‍්‍රපිටකයේ කොතැනකවත් නෑ අනිමිස ලෝචන පූජාවට අර්ථකථනයක් දීලා. ඉතින් මගේ අභිමානි හෙළන්කා (ලංකා ඉතිහාසයට විප්ලවීය අර්ථකථනයක්* ග‍්‍රන්‍ථයෙන් මා දුන් අර්ථකථනය නම් පුදු හිමියෝ එසේ වැඩ සිටියේ විශ්ව ශක්තිය ආරෝපනය කර ගැනීමටයි කියා. එය තවත් විග‍්‍රහ කර මා පවසා සිටියේ බුදු හිමියන්ට කෙළෙහිගුණේ පිළිබඳ ආකල්පයක් නම් තිබුණේ සුද්ධෝදන රජ පණිවිඩ 10 ක් එවන තුරු බලා නොසිට කිඹුල්වත්පුරයට වඩින බවයි.(පිටුව 7*

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: