නිවස > ඉතිහාසය > ගාමිණී අභය හෙවත් දුටුගැමුණු – 3 කොටස

ගාමිණී අභය හෙවත් දුටුගැමුණු – 3 කොටස

මහාවංශයේ එන සොළී ජාතික එළාර ආක්‍රමණිකයෙකි. ආක්‍රමණිකයෙකුට කිසි දිනක රටක කිරුළ හිමි රජෙක් වන්නට හෝ ඊට සමාන වන්නට නොහැක. එනමුදු වංසකතා කරුවාට ඔහු යුක්තිය ඉටු කල සාධාරණ රජ කෙනෙකි. ඒ බව ගෙනහැර දක්වන්නට ඔහු යොදාගන්නේ එළදෙනක් විසින් සිනුවක් ගැසූ කතාවත්, එළාරගේම පුතු යුක්තිය වෙනුවෙන් ඝාතනය කිරීමත්ය.  එසේනම් එළාර යනු මහාවිහාරයේ මල් ආසනවල පූජා කරන ලද මල් විසිකර, විහාර භූමියේ කැත කරන්නට මිනිසුන් යෙදවූ ධාර්මික යුක්ති සහගත පාලකයාය. දුටු ගැමුණු වනාහී සිය පියාව විරුද්ධව නැඟී සිට, ඔහුට ගැහැණු ඇඳුම් යවා අපහාස කල දුට්ඨ ගාමිණී නම් වීරයාය. වීරත්වයක් ආරෝපණය කරන අතරම ගැමුණු කුමරුගේ දුෂ්ඨ බවත්, එළාර ගේ යුක්තිගරුක බවත් අප සිත් තුල තැන්පත් කරන්නට රචකයා සමත් වී ඇත. රටක ඉතිහසයක් ලිවිය යුත්තේ එම රටේ මුල සිටම පැවතෙන පදිංචිකරුවන්ය, එය ඔවුන්ගේ කතාවයි, ඔවුන්ගේ පරපුරයි, ඔවුන්ගේ ඉතිහාසයයි. එහෙත් මහාවංශය රචනා කල මහානාම හිමියන් කාලිංග වංශික පිටරැටියෙකි. එළාරද කාලිංඝයෙන් පැමිණි ආක්‍රමණිකයෙකි. එපමණක් නොව, ලක්වැසියන්ගේ අනුබුදු ලෙස සැලකෙන මිහිඳු මහ රහතන් වහන්සේද කාලිංඝ වංශිකයෙකි. ඒ අනුව දුටුගැමුණු චරිතය රචනයේදී වංසකතාකරුවා අතින් සිදුව ඇති පටලැවිල්ල අහඹුවක් ලෙස සැලකිය නොහැක.

මේ අල්ල පනල්ලේ එළාර යක්ශ ගෝත්‍රිකයෙක් බව ඇතැමෙක් පවසන්නේ මහවැළි ගඟ දිගට එළාරගේ බලකොටු 32ක් ගැමුණු රජු විසින් විනාශ කිරීම මුල් කරගෙනයි. බලකොටු 32ක් තනන්නට තරම් ජන බලයක් සුලු කාලයක් තුල ආක්‍රමණිකයෙකුට නොලැබීම හා මහවැලි ගඟ අසල ජනාවාස වීම හේතුවෙන් ඔවුන් යකුන් වියහැකි බවට නිගමනයන්ට පැමිණේ. අපේ නිගමනය නම් බලකොටු වල කටයුතු කල සොළීන් හෝ කුලී හේවායන් කෙසේ වෙතත් එළාර යකෙක් නොවන බවයි. එමෙන්ම බලකොටු යකුන්ට අයත් නොවන බවයි. යකුන්ගෙන් පැවතෙන්නන් එහි සේවය කිරීම එම වකවානුව අනුව විය හැක. පුරාණයේ පටන්ම ලොවක් මවිත කල වාරි තාක්ශණයක් හිමි හෙළය වැව් දියෙන් කුඹුරු කරද්දී ගංගා දිගට ජනාවාස තැනීමේ විශේෂ අවශ්‍යතාවක් නොවීය. එමෙන්ම එදා එළාර විසින් සිය ජනතාවට මහාවිහාරයේ කැත කරන්නට දුන් අණම පසුකළෙක බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අවිහිංසාවාදී මහත්මා ගාන්ධි තුමා විසින් සිය අනුගාමිකයන්ට දීම තුළින් එය ඉන්දියානුවන්ටම ආවේණික දෙයකියි සිතමි. එබැවින් එළාර නම් සොළී ආක්‍රමණිකයා යක්ශ ගෝත්‍රයට ඈඳා ගැනීම නුසුදුසු බවක් හැඟේ. 😛

මෙහිදී අප හුවා දක්වන්නට උත්සහ කරන්නේ වංශකතාවේ අඩුලුහුඬු කම් හරහා එය බොරුවක් බව නොව. හෙළ ඉතිහාසයේ ස්වර්ණමය යුගයන් විචිත්‍රවත්ව ලියැවුණ මහාවංශය තරම්, දීර්ඝ කාලීන ඉතිහාසයක් කැටිකරගත් කෘතියක් හිමි ලොව වෙනත් ජාතියක් ගැන මගේ මතකයට නොපැමිණේ. එය එතරම්ම අනර්ඝය. එහෙත් ඉතිහාසයේ එන අපට වැදගත් චරිත ගැන ගැඹුරින් හදාරන්න නම් වංශකතාවෙන් ඔබ්බට ගොස් විවිධ මූලාශ්‍ර හා ගැටෙන්නට සිදුවෙයි. එහිදී අපට දැනගන්නට ලැබෙන දෑ මෙතෙක් කල් අප දැරූ සියළු මත, අදහස් වෙනස් කරන්නට සමත් වෙනු ඇත. වියයුත්තේද එයම යැයි අපි විශ්වාස කරමු. අද අප විසින් කියනා ඉතිහාස කරුණු හෙට දිනයේ සිදුවන නව සොයාගැනීම් සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වන්නට ඉඩ ඇත. මෙතෙක් දුරට එක්රැස් කරන ලද කරුණු ඔස්සේ අප අතින් ලියැවුණ ගැමුණු අබා හෙවත් දුටුගැමුණු චරිතය දෙස නැවත වරක් බලන කල පෙනී යන්නේ ඔහු රාක්ෂ (හෝ යක්ෂ), නාග සම්භවයකින් පැවතෙන පාලකයෙකු වන අතර අපි ඔහු ගැන දන්න දේට වඩා තවත් සොයා දැනගන්නට තිබෙන දෑ බොහෝ බවයි. එහෙත් ලිපිය ආරම්භයේ පැවසූ අයුරින්  ඔහු කවුද? හෙළයෙක්ද? ආර්‍ය වංශිකයෙක්ද? හුදෙක් සිංහලයෙක්ද යන්න තීරණය කිරීම දුටුගැමුණු බළකාය වන අප විසින් පාඨක ඔබට භාර කරමු.

Advertisements
ප්‍රවර්ග:ඉතිහාසය
  1. udperi
    2010 අප්‍රේල් 24 දින ප.ව. 11:06 ට

    වටිනා ලිපියක්
    සුබ පතනවා

    “මහාවංශය රචනා කල මහානාම හිමියන් කාලිංග වංශික පිටරැටියෙකි. එළාරද කාලිංඝයෙන් පැමිණි ආක්‍රමණිකයෙකි. එපමණක් නොව, ලක්වැසියන්ගේ අනුබුදු ලෙස සැලකෙන මිහිඳු මහ රහතන් වහන්සේද කාලිංඝ වංශිකයෙකි. ඒ අනුව දුටුගැමුණු චරිතය රචනයේදී වංසකතාකරුවා අතින් සිදුව ඇති පටලැවිල්ල අහඹුවක් ලෙස සැලකිය නොහැක”

    මහානාම හිමියන් කාලිංග වංශිකයෙක් බව දැනගත්තෙ අදයි

  2. 2010 අප්‍රේල් 26 දින පෙ.ව. 11:41 ට

    ඉතිහාසය විකෘති කර තමන්ගෙ ජාතියට වාසි වන පරිදි පොත් ලිවීමනම් දැනටත් සිදු වෙනවනෙ. 😀 අර එළාර රජුගෙ එළදෙනගෙ කතාවනම් නොයෙකුත් ආකාරයෙන් විවිධ රටවල ජනශෘතිවල සඳහන් වෙනවා. තමන්ගෙ වීරයගෙ හොඳකම පෙන්නන්න ඒක මේකටත් ඈඳන්න ඇති. කොහොම නමුත් සිද්ධීන්වල වැඩි විස්තර කෙසේ වෙතත්, ආක්‍රමණ සිදුවීම, වැව් විහාර ආදිය තැනීම වගේ සිද්ධීන් වාර්තා කිරීමත්, එවක පැවති ග්‍රාම නාම, පාලන ක්‍රම ආදිය ගැන යම් හෝ හෝඩුවාවක් සැපයීමත් මහාවංශයෙන් සිදු වෙන සේවයක්.
    “එමෙන්ම එදා එළාර විසින් සිය ජනතාවට මහාවිහාරයේ කැත කරන්නට දුන් අණම පසුකළෙක බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අවිහිංසාවාදී මහත්මා ගාන්ධි තුමා විසින් සිය අනුගාමිකයන්ට දීම තුළින් එය ඉන්දියානුවන්ටම ආවේණික දෙයකියි සිතමි.” හික්. ඇත්තටම මේ හැසිරීමනම් තවමත් සිංහලයන් අතර නැහැ තමයි.

  3. චතුර විජේකෝන්
    2010 අප්‍රේල් 27 දින ප.ව. 12:57 ට

    ඉතිහාසය ගැන අපේ ඇති දැනුම කොයි තරම් අල්ප ද කියල දනවන ලිපියක්. මේ තුලින් මං හිතාගෙන හිටිය දේවල් නම් බොහොමයක් වෙනස් වුණා…. බොහොම ස්තුතියි මේ දැනුම ලබා දුන්නාට…

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: