නිවස > සැරිසර > සැරිසර වාර්තා – කැළණිය

සැරිසර වාර්තා – කැළණිය

“නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැළණිය පුරවරට”

මේ සැළලිහිණි සංදේශයේ සංදේශය රැගෙන යන සැළලිහිණියා කැළණි පුරවරට ගිය කතාවයි. නමුත් අද සැරිසරෙන් කියවෙන්නේ දුටුගැමුණු බළකාය කැළණියට ගිය කතාවයි. 😉

2010 මැදින් මස 14 වන දින උදෑසන 7.30 ට දුටුගැමුණු බළකාය කොහුවල මංසන්ධියේ කැළණිය බලා යන බස් රථ නවත්වන ස්ථානයට එකතු වුණා.  අපේ කණ්ඩායමට වැඩක් කරන්න ගියහම වෙලාවක් කලාවක් නැති උනාට මොකද, කොහේ යන්න ගියත් අපරාදෙ කියන්න බෑ කියන තැනකට වෙලාවට එනවා.  කොහුවල ඉඳලා සතුටු සාමීචියේ යෙදෙමින්, ආගිය තොරතුරු, අපි එතෙක් සැරිසරට ගිය ස්ථාන ගැන කතා කරමින් අපි කැළණියටම ආවා.

ගෞතම බුදුන් වහන්සේගේ තෙවන ලංකාගමනයේදී බුදු පා පහසින් පාරිශුද්ධත්වයට පත් පින්බිම. මණි අක් නා, විභීෂණ වැනි ප්‍රතාපවත් නා රජුන් විසූ කල්‍යාණි පුරවරය. අතීතයේ දහස් ගණනක් රහතන් වහන්සේලා මේ බිමෙහි වසන්නට ඇති. කැළණිය කියන්නෙ නාග ගෝත්‍රිකයන්ගෙ නිජබිමක්. කොළඹ වරායට එන විදේශ වෙළඳ බඩු අතීතයේදී කැළණි ගඟ දිගේ රටතුලට ගෙනයමින් වෙළඳාමේ යෙදුණ නාග ගෝත්‍රිකයන් සිහිගන්වන, නයි පෙන පහකින්  සමන්විත නාග මුරගල්වලින් පවුරක් විහාරය මායිම දිගට  හදලා තියෙනවා.

සැරිසර උනත් විහාරස්ථානයකට යද්දි අපි තෙල්, මල්, පහන් අරන් යන්ට ඕනනෙ. ඉතිං අපිත් මුලින්ම ගියේ මල් ගන්න. අපේ කණ්ඩායමේ කවුරුත් පාහේ පූජා කරන්න කැමති නිල් මානෙල් මල්. ඒක අපේ ජාතික පුෂ්පය වගේම යක්ෂ ගෝත්‍රය අතර ජනප්‍රියම මල් වර්ගයද වෙනවා. ඒ බව දැන හෝ නොදැන උනත් අපේ කට්ටියත් හොයන්නෙම නිල් මානෙල්. කොහොමහරි මල් තෙල් හඳුන්කූරු අරගෙන අපි ගියා විහාරයට. මුලින්ම කැළණි වෙහෙර වන්දනා කලා. මේ දාගැබ  තනලා තියෙන්නෙ ධාන්‍යාකාර හැඩයට. ඒකත් විශේෂයි. ඉන්පසුව අපි ගියේ පහන් පත්තු කරන්න.  නමුත් පුදුම සෙනඟක් ….. විශේෂයෙන්ම ඉරිදා  දවසක් නිසා. පහන් පත්තු කරන්න ඉතිං ඉඩක් නෑ. ඒ නිසා එම අදහස ටිකකට කල් දාලා මල් පූජා කරලා ඊළඟට ගියේ වැදගත්ම අංගයකට. ප්‍රසිද්ධ කැළණි විහාරයේ  සුප්‍රසිද්ධ බිතු සිතුවම් බලන්න.

එදා  අපේ ඡායාරූප ශිල්පියාට වැඩ ගොඩයි. අපි හැමෝම සිතුවම් නරඹමින් ඉතිහාසය ගැන සංවාදයක යෙදෙන අතර  වටිනා සිතුවම් රැසක් කැමරාවේ සටහන් උනා.  මේ අතර බොහොම සුන්දර ආරවුලකුත් ඇතිවුණානෙ ….. ඒක ඉතිං මෙතන කියන්ට ඕන නෑ, දුටුගැමුණු බලකාය ඒ සිදුවීම මතක් කරලා තනියම හිනාවේවි 😀

මීලඟට ගියේ කෞතුකාගාරයට. බොහොම වටින කෞතුක භාණ්ඩ රැසක් දක්නට ලැබුණා. කෞතුකගාරයෙන් පිටත මැද මිදුලක් වැනි තැනක ඉස්තෝප්පුවේ පෙලට තැබූ මැටි බඳුන් තිබුණා. ඔතනට ගිය අපි ඒ අවට කැරකි කැරකි ඉන්නකොට එක මැටි බඳුනක් ඇතුලෙ කවුරුහරි සෙරෙප්පු කුට්ටමක් දාලා තියෙනවා දැක්ක. චේතියාට ඕනම උනා ඒ සෙරෙප්පු කුට්ටම අරගෙන ටිකක් ඈතින් තියෙන වෙන මැටි බඳුනකට දාන්න 😀 කොහෙද ඉතින් අනික් අය ඉඩ දුන්නෙම නෑනෙ ඒකට.

ප්‍රවර්ග:සැරිසර
  1. චන්දිමා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:51 ට

    කැළණි විහාරෙ වඳින්න ගියවිටක වුණු සිද්දියක් මතක් වුණා: පුංචි ළමයි දෙන්නෙක් චෛත්‍යයට දන්න ගාථා සේරම කියල වදිනවා- ඉතිපිසෝ ගාතාව, මල් පූජා කරන ගාථාව, චෛත්‍යයට වඳින ගාථාව එහෙම කියල වුද්ධිකාරෝ අලිංගිත්වා ත් කිව්වා! 😀

  2. චේතියා
    2010 අප්‍රේල් 25 දින ප.ව. 12:04 ට

    පව් පොඩි උන් …… ඒ ළමයි එහෙමවත් වඳිනවා, සමහර වැඩිහිටියො පන්සිල් ගන්නෙත් නෑනෙ පන්සලට ගිහිල්ලත් …. ඒ වගේ වෙලාවලට අහක ඉන්න අපියි කලකිරෙන්නෙ 😦 😛

  3. Hasitha
    2010 නොවැම්බර් 12 දින ප.ව. 3:22 ට

    “මණි අක් නා, විභීෂණ වැනි ප්‍රතාපවත් නා රජුන් විසූ කල්‍යාණි පුරවරය.”

    විභීෂණ යක්ෂ ගෝත්‍රිකයෙක් නේද ?

  4. චේතියා
    2010 නොවැම්බර් 12 දින ප.ව. 9:28 ට

    Hasitha :

    “මණි අක් නා, විභීෂණ වැනි ප්‍රතාපවත් නා රජුන් විසූ කල්‍යාණි පුරවරය.”
    විභීෂණ යක්ෂ ගෝත්‍රිකයෙක් නේද ?

    විභීෂණ නාග ගෝත්‍රිකයෙක්. ඒ කාලෙ සිරිත අනුව මව් පාර්ශවයෙ ගෝත්‍රය තමයි දරුවන්ටත් හිමිවුණයි කියන්නෙ. විභීෂණගෙ අම්මා මාලනී නම් නාග ගෝත්‍රික කුමරියක්. ඒ නිසයි විභීෂණත් නාග ගෝත්‍රිකයෙක් හැටියට හැඳින්වෙන්නෙ.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: