නිවස > පිරිත් > ගිරිමානන්ද සූත්රය

ගිරිමානන්ද සූත්රය

නිදාන – කථාව

අනාත පින්ඩික සිටුවරයා විසින් කරවන ලද ජේතවනාරාම මහා විහාරයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ විසූයේය. එසමයෙහි  ගිරිමානන්ද ස්ථවිර දැඩිසේ රෝගී විය. යැවිට ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුවගේ ගිලන් බව බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ ඒ බව මෙසේ බුදුරජාණන් වහන්සේ වෙත දන්වා සිටියේය.

“ස්වාමිනි බුදුරජාණන් වහන්ස,  ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ දැඩිසේ රෝගීව සිටිති. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළහොත් මැනවි. එය අසා වදාළ බුදුරජාණන් වහන්සේ එසේ නම් ආනන්ද තොප එහිගොස් මේ දස සංඥාවන් ගිරිමානන්ද භික්ෂුවට කියව. එසේ තොප දස සඤ්ඤාවන් කී කල එය අසා ගිරිමානන්ද භික්ෂුව සුවපත් වන්නේ යයි වදාරා අනිත්‍ය සඤ්ඤාවන් දෙසූ සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙම දස සඤ්ඤාවන් උගෙන ගිරිමානන්ද භික්ෂුව වෙත ගොස් කීහ. එම දස සඤ්ඤාවන් අසා ගිරිමානන්ද භික්ෂු තෙම නිරෝග විය. සුවපත් විය.

ගිරිමානන්ද මහරහතන් වහන්සේ

අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ නාම ලේඛනයෙහි ඇතුළත් සුමේධ බුදුරජාණන් වහන්සේ 13 වැනි අංකයට ගැනෙති. එම සුමේධ බුදුරදුන් දවස මහා සිටුවරයෙකු ලෙස ජීවත් වූ අයෙකි. මෙම ගිරිමානන්ද භික්ෂුව එසේ සිටියදී තම මව-පියා- සොහොයුරා බිරිඳ පුත්‍රයා යන අය එක් දිනෙකම මිය ගියහ. මහත් දුකට පත් ඔහු ප්‍රකෘති සිහිය ලබා ගැනීමට අසමත් වූයේ වනගත විය. පිස්සකු මෙන් හැසිරෙන්නේ ඉතා අසරණ විය. මෙසේ සිටියදී සුමේධ බුදුරජ ඔහු සමීපයේ අසල ගසක් මුල වැඩ සිටියේය. ස්වල්ප වේලාවකින් අසරණ සිටුවරයා සාමාන්‍ය සිහිය ලැබීය. එය අවස්ථාව කරගත් සුමේධ බුදුරජාණන් වහන්සේ

අනවිහාතා තතෝ ආගුං

අනනුඤ්ඤාතො ඉතො අගා

යථාගතා තථාගතා

කානාතත්ථ පරිදේවනා

මේ ගාථාව වදාරා ධර්ම දේශනා කළහ. ඒ ඇසූ සිටුවරයා ශෝකය සංසිඳවා ගෙන බුදුරදුන්ට විශේෂ පුෂ්ප පූජාවක් කළේය. එයින් සසර අනන්ත සැප ලැබ අප බුදු රදුන් දවස බිම්බිසාර රජුගේ පුරෝහිත බමුණාගේ පුතෙක්ව ඉපිද සුදුසු වියට පත් කළ බුදු ගුණ අසා පැවිදි විය. ග්‍රාමවාසය හැර අරණ්‍යවාසව කල් ගෙවීය.

වරෙක බුදුරදුන් දක්නට වැඩි බව අසා බිමිබ්සාර රජතුමා පැමිණ වන සෙනසුන් කරා නොවඩිනා ලෙසට ගිරිමානන්ද හිමිට ආරාධනා කොට සිව් පසයෙන්  උපස්ථාන කරන බවද දැන්විය. එය නොඉවසා  වන සෙනසුනට වැඩියේය. කුටියක් එහි නොවීය. වැසි කල පැමිණියේය.

එහෙයින් ගිරිමානන්ද රහතන් වහන්සේට පීඩාවන නිසා දෙවියෝ වැසි නතර කළහ. රටට අවශ්‍ය වැසි නැතිව රටවැස්සෝ පෙළුනහ. රජතුමා කරුණු විමසා දැන වන සෙනසුනෙහි කුටියක් තනවා පූජා කළේය. ඉන්පසු රටට වැසි ලැබින සසර පුරුද්ද නිසා උන්වහනසේ වන සෙසුනට පි‍්‍රය කළහ.

දෙවියන්ට වැසි වැස්ස වීමටත් වැස්ස නතර කිරීමටත් මෙම සුත්‍රයෙන් ප්‍රකාශ වීම ඉතා වැදගත්වන්නේය. මෙම ගිරිමානන්ද සූත්‍රය පිරිතක් වශයෙන් උදේ සවස සජ්ඣායනා කිරීමෙන් රෝගාබාධයන් ගෙන් මිදිය හැකිබවද සදහන් වේ.

Download

Advertisements
ප්‍රවර්ග:පිරිත්
  1. රවා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 5:16 ට

    මෙන්න වතුර පාරක් .. ලියන්න තව…

  2. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 5:17 ට

    මරු‌මරු, යමක් ඉගෙනගත්තා

  3. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 5:34 ට

    බොහොම පිං 🙂

  4. චන්දිමා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 10:16 ට

    හොඳ සටහනක්. මම ගිරිමානන්ද හිමියන් ගැන වැඩි විස්තරයක් දැන හිටියෙ නෑ. අද ඒ ගැන ඉගෙන ගත්තා.
    ගිරිමානන්ද සූත්‍රය නිකම් ශ්‍රවනය කිරීමට නොවෙයි, පිළි පැදීමටත් ඉතාම අගනා සූත්‍රයක්. රෝගවලින් පීඩා විඳින කෙනෙකුට ‘අද්භූත බලවේගයකින්’ සුවය ලබා දෙන වැඩ සටහන්, එහෙම කියල මිණී මරන ආගමික නිකාය බහුල කාලයකදී, සිරුරට මොන රෝගයක් වැළඳුනත් සිත සුවපත්ව තබා ගැනුමට මග පෙන්වා දෙන බුද්ධ දේශනාවක් ලෙස මෙය හැඳින්විය හැකිය. සියළුම සඥ්ඥා කෙසේ වෙතත්, මුල් කිහිපය වෙන අනිත්‍ය සඥ්ඥා, අනාත්ම සඥ්ඥා, අසුභ සඥ්ඥා, ආදීනව සඥ්ඥා, පහාණ සඥ්ඥා ආදිය අපේ ජීවිතයට එක් කර ගත හැකිනම් කොතරම් අගනේද?

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: