නිවස > සැරිසර > සැරිසර වාර්තා – එගොඩ කැළණිය

සැරිසර වාර්තා – එගොඩ කැළණිය

කැළණි විහාරයට යන බොහෝ දෙනෙක් එතැනින් එහාට ඇති එගොඩ කැළණියට යන්නෙ නැහැ. නමුත් අපි ගියා. පාරුවට ගොඩ වෙලා ගඟ තරණය කරලා බුදුන් වහන්සේ සැබැවින්ම වැඩියා යැයි සැලකෙන එගොඩ කැළණියට ආවා. කැළණි විහාරෙ තරම් ජනාකීර්ණ නැති මෙම විහාරයෙදි නිවි හැනහිල්ලෙ පහන් පත්තු කලා. එම විහාරස්ථානයේ පුරාණ කෞතුක වස්තු, ගලින් කල පිළිමයක නටඹුන්, සිරිපතුලක් හෙම දක්නට ලැබුණා. මණිඅක්ඛික නා රජු ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ වැඩියේ එගොඩ කැළණිය පිහිටි බිමට යැයි පිළිගැනෙනවා.

එගොඩ කැළණිය වැඳපුදාගෙන ආපහු පාරුවෙන්ම මෙගොඩ ආපු අපේ බලකාය ආපහු සිය ගම් දොරවල් බලා යන්න සූදානමින් එතැනින් පිටත් වුණා. ඒ වගේම මතක් කරන්න අවශ්‍ය තවත් දෙයක් තියෙනව අපිට. ඒ තමයි විහාරයට පැමිණෙන පෙම්වතුන් සමහරක ගේ හැසිරීම. එම හැසිරීම එවන්  පුදබිමකට නම් කිසිසේත්ම නොගැලපෙන බවත් මේ අවස්ථාවෙ පෙන්වා දෙන්න කැමතියි.

බස් එකක නැග්ගා පිටකොටුවට එන්න. අපරාදෙ කියන්න බෑ දෙන්නෙක් හොඳ නින්දක් නිදාගත්තලු ඒ ටිකටත්. ඇරත් මහදවාලෙ 🙂 . පිටකොටුවට ඇවිත් අපි කට්ටිය ටිකක් වෙලා එතන රැඳිලා හිටියා විසිර යන්න කලින්. ඒ වනවිට අප කණ්ඩායම විසින් සැරිසර පටන් අරන් මාස තුනකටත් ආසන්න වෙලා. ඒ මතකයනුත් සමඟ බස්නැවතුම්පලින් අප කණ්ඩායම විසිර ගියේ තවත් සැරිසරක් සාර්ථකව නිමා කරමින්.

සටහන – චේතියා

ඡායාරූප – තරිඳු

ප්‍රවර්ග:සැරිසර
  1. චන්දිමා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:35 ට

    මම අහල තිබුණෙ නෑනෙ මේ ගැන. කැළණි විහාරයටනම් දෙවරක් ගිහින් තියෙනවා. (ඊළඟට යන්න ඉන්නෙ මැරෙන්න කිට්ටුව :P) යන්න ඕනෙ වෙලාවක මෙතනටත්. බොහොම ස්තුතියි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න