නිවස > දුටුගැමුණු බළකාය > මැරතන් දුවල ඉවරායි..

මැරතන් දුවල ඉවරායි..

මේක අළුත් අත්දැකිමක් උනා අපි හැමෝටම, කලින් කිව්ව වගේ හිතේ තිබ්බ ගොඩක් දේවල් කියාගන්න පුළුවන් උනා. ඒ වගේම අළුත් මිතුරු මිතුරියො ගොඩකුත් අඳුනගන්න පුළුවන් උනා. ඒකත් ලොකු දෙයක් නෙ. දැන් නම් ඉතින් ගොඩක් මහන්සියි දුවලම. ඉතින් මං මේ අවස්ථාව උපයෝගී කරගන්නවා උදව් කල හැම දෙනාටම ස්තූති කරන්න. මුලින්ම අපිට මේ බ්ලොග් එකට උදව් උපකාර කල, ලිපි ලිව්ව, ආව ගිය, ප්‍රතිචාර දක්වපු, හැමෝටම ගොඩක් ස්තූතියි.

ඒ වගේම මැරතන් එකට සහය දුන්න, වතුර ගැහුව, චැට් කරපු හැමෝටම ගොඩක් පින් ගොඩක් ස්තූතියි.

අන්තර්ජාලයෙන් ලබාගත් ජායාරූපයකි

පන්සලේ පල්ලියේ දහඩියෙන් අප තැනූ

පිළිම දාගැබ් පෙනේ ලෝකයක් දන නැමූ

ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි

වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ

මේ බවක් තේරුනේ නැති බැවින් ලෝකයේ

නැති කමයි රජවුනේ දුක් නොවව් මිනිසුනේ

හෙට වුනත් නැහැ පමා පණ පොවා ජීවිතේ

රළ පෙළක් සේ ‍නැගෙව් මියැදුනත් හාමතේ

වීරියෙන් රට නැඟූ දහදියෙන් බිම තෙමූ

ජීවිතේ වේදනාවෙන් සදා කල් ගෙවූ

මිනිසුනේ හදවතේ ලේ වලින් පණ ලැබූ

පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ…..

  1. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 8:03 ට

    නියමයි !

  2. නන්දිමිත්‍ර
    2010 අප්‍රේල් 29 දින ප.ව. 9:46 ට

    අපි තව තවත් යහපත් දේ ලුහුබඳිමින් මින් මතුවටත් එකා සේ එක් රොක්ව එක මාවතක එකිනෙකා නොපරයා දුවමු..
    ඊයේ දවස මට බැරිවුනත් හෙට දවසේ මා ඔබ සමඟ මට හැකිතාක් දුර දුවන්නට මෙයින් සනිටුහන් දෙමි….

  3. 2010 අප්‍රේල් 30 දින ප.ව. 8:17 ට

    ඔව්, අපි කලේ යහපත් දෙයක් වෙනුවෙන් අන් අයත් සමඟ සහයෝගයෙන් දුවපු එක.
    තරඟකාරී ලොකයේ එකිනෙකාව පරාජය කරන්න දුවන දිවිල්ලට වඩා මේ දිවිම හරිම සුන්දර උනා…
    ඒකෙන් සමාජයට යමක් දෙන්න පුළුවන් වුනා කියලයි හිතන්නෙ. 🙂

  4. AABEYSIRI
    2010 ජූලි 14 දින ප.ව. 10:17 ට

    sinhala akuru type karanna amarui…..eka nisa mea widiyata suba pathanawa…

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න