නිවස > බුදු දහම > ..:: අධි වෙසක් පොහොය ::..

..:: අධි වෙසක් පොහොය ::..

මෙම වසරේ දී හෙළයෙ මහා මංගල්‍ය වන වෙසක් උළෙල “අධි වෙසක්”  හා “වෙසක්” ලෙසට පොහොයවල් දෙකක් අපට නුපුරුදු ආකාරයට යෙදී ඇති බව අප සැම දන්නා කරුණකි. මෙයට හේතුභූත වූ කාරණා කිහිපයක් ඇත. පළමුවෙන්ම සඳහන් කරන්නම් මා දන්නා ආකාරයට අධි පොහොයක් යනුවෙන් හදුන්වන්නෙ කුමන පොහොයකටද කියා.
යම් මාසයකට පොහොය දිනවල් දෙකක් යෙදේද ඒ යෙදෙන දෙවැනි පොහොය ඉදිරියෙන් “අධි(අමතර)” යන්නෙන් සඳහන්වෙයි”. (උදාහරණයක් ලෙස ගතහොත් “අධි වෙසක්, අධි පොසොන්” ලෙසින්.)
දැන් මා සඳහන් කරන්නම් මා දන්නා ආකාරයට මෙලෙස අධි පොහොයක් යෙදෙන්නෙ ඇයි කියා. වර්තමානයේ අප සැම භාවිතා කරනු ලබන දින දර්ශනය හදුන්වන්නේ “ග්‍රෙගෝරියන් දින දර්ශනය” යනුවෙනි. මෙම දින දර්ශනයෙහි අංකනයන් සිදු කරනු ලබන්නේ “ජේසුස්” වහන්සේගේ උපත සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර හා සූර්‍ය්යාගේ ගමන් මාර්ගය මගය. නමුත් අපගේ හෙළ මුතුන් මිත්තන්  අතීතයේ භාවිතා කළේ “චන්ද්‍ර මාස” ක්‍රමය එසේත් නොමැතිනම් “ලූනර් දින දර්ශනයයි”. මෙම චන්ද්‍ර මාස දින දර්ශනය අඩුපාඩු අතින් ඉතාමත් අවම හා  සෞරග්‍රහ මණ්ඩලය පිළිබදව මනා අවබෝධයකින් යුක්තව සාදන ලද්දකි. මේ ආකාරයෙන් චන්ද්‍ර මාස දින දර්ශනයට අනුව අපට මෙලෙස අධි පොහොය දිනයන් යෙදෙන්නෙ නැත. චන්ද්‍රමාස දින දර්ශනයට අනුව නිවැරදි වෙසක් දිනය රටින් රටට, සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට වෙනස් වේ.
බෞද්ධ දින දර්ශනය අනුගමනය කරන ථෙරවාදි බෞද්ධ රටවල එය නියම වන්නේ පසළොස්වක උපෝශත දිනයටයි. (සිරිතක් වශයෙන් පස් වැනි හෝ හය වැනි චන්ද්‍ර මාසය) චීනයේ එය යෙදෙන්නේ චීන චන්ද්‍ර දින දර්ශනයේ හතර වැනි මාසයේ පළමු පසළොස් වක දිනයටයි. බටහිර ග්‍රෙගරියන් දින දර්ශනයට අනුව එම දිනය වසරින් වසර වෙනස් වන නමුත් සාමාන්‍යයෙන් අප්‍රේල් හෝ මැයි මාසයට යෙදේ.
බොහෝ ආසියානු කලාපීය රටවල වල එරට ආණ්ඩුන් විසින් මෙම උතුම් තෙමඟුල සිදුවූ දින ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. (උදාහරණ ලෙස ශ්‍රී ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, මියැන්මාරය(භූතානය), මැලේසියාව)
මෙම ලිපිය සඳහා මා හට නොමසුරු දායකත්වය ලබාදුන් “චන්දිමා සොයුරියටත්, දුටුගැමුණු සොයුරාටත්, චේතියා සොයුරියටත්” මාගේ ස්තුතිය පුදමි. මේ ලිපියෙහි කුඩා හෝ අඩුපාඩුවක්, වැරැද්දක් වේනම් ඒ පිළිබදව මා දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබ සැමට සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවායි පතමි. සම්මා සම්බුදු සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!
  1. රවා
    2010 අප්‍රේල් 28 දින පෙ.ව. 12:28 ට

    ස්තුති යහලුවා..

  2. 2010 අප්‍රේල් 28 දින පෙ.ව. 12:44 ට

    මේ පිලිබද වැඩිදුර තොරතුරු බළාපොරොත්තු වන්න. 🙂

  3. 2010 අප්‍රේල් 28 දින පෙ.ව. 9:08 ට

    ස්තුතියි ලිපියට.. 🙂

  4. චේතියා
    2010 අප්‍රේල් 28 දින පෙ.ව. 9:08 ට

    අපූරු විස්තරයක් ………. හරිම වටිනවා

  5. වැප්
    2010 අප්‍රේල් 28 දින පෙ.ව. 9:56 ට

    නොදත් දෙයක් දැන ගතිමි

  6. මහ රාවණා
    2010 අප්‍රේල් 28 දින පෙ.ව. 10:44 ට

    රවා :

    ස්තුති යහලුවා..

    කණිෂ්ක :

    ස්තුතියි ලිපියට.. :)

    ඔබතුමන්ලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි.

  7. මහ රාවණා
    2010 අප්‍රේල් 28 දින පෙ.ව. 10:46 ට

    චේතියා :

    අපූරු විස්තරයක් ………. හරිම වටිනවා

    වැප් :

    නොදත් දෙයක් දැන ගතිමි

    මෙම ලිපියන් ඔබගේ දැනුමට යමක් එකතු වූවානම් එය අපේ සතුටයි. ස්තූතියි.

    බුදු සරණයි !!!

  8. /බිඟුවා...!
    2010 අප්‍රේල් 28 දින පෙ.ව. 11:03 ට

    good one

  9. 2010 අප්‍රේල් 28 දින ප.ව. 12:47 ට

    නියමයි

  10. චන්දිමා
    2010 අප්‍රේල් 28 දින ප.ව. 8:58 ට

    ඔන්න අපි වැඩිදුර තොරතුරු බලාපොරොත්තුව ඉන්නවා. 😀

  11. 2010 අප්‍රේල් 28 දින ප.ව. 10:15 ට

    ඉතාම වටිනා ලිපියක් ඉතාමත් අගෙයි…

  12. නන්දිමිත්‍ර
    2010 අප්‍රේල් 29 දින ප.ව. 9:38 ට

    ඉතා හරවත් හා සාරවත් ලිපියක්..දිගටම ලියන්න

  13. මහ රාවණා
    2010 මැයි 1 දින පෙ.ව. 12:21 ට

    /බිඟුවා…! :

    good one

    චතුරංග රූපසිංහ :

    නියමයි

    සපුමල් බණ්ඩාර :

    ඉතාම වටිනා ලිපියක් ඉතාමත් අගෙයි…

    නන්දිමිත්‍ර :

    ඉතා හරවත් හා සාරවත් ලිපියක්..දිගටම ලියන්න

    ප්‍රතිචාර වලට ගොඩක් පින්.

    බුදු සරණයි !!!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: