නිවස > බුදු දහම > බෞද්ධ භාවනා – 1 කොටස

බෞද්ධ භාවනා – 1 කොටස

`

සමථ භාවනා විදර්ශනා භාවනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් ගැන බුදු දහමෙහි ඉගැන්වේ. සමථ භාවනා  කාමච්ඡන්න්ද ආදි පංච නීවරණ නමින් හැදින්වෙන් අකුසල් ධර්ම පහක් සමනය කර ගැනිමට ඉවහල් වන අතර විදර්ශනා භාවනාව නිර්වාණ අවබෝධය සදහා විශේෂයෙන් ම ඉවහල් වේ. බෞද්ධ භාවනාවේ අවසාන අරමුණ ද එයයි.

සමථ භාවනා

සිත එක අරමූණක පිහිටුවා ගැනිමෙන් කෙරෙන භාවනාවක් බැවින් මෙය චිත්ත භාවනා, සමාධි භාවනා
යන නමි වලින් හැදින් වෙයි. කුසල් ඇති කර ගැනීමට ඇති බාධක පංච නීවරණ වේ. එම බාධක සංසිදුවා
සිත තැන්පත් බවට පමුණුවා සිත දියුණු කරලීම මෙම භාවනාවෙන් සිදු වේ. ධ්‍යාන උපදවා ගැනිමට උදවු
වන භාවනාවකි.

සමථ කර්මස්ථාන

භවනාව සදහා අරමූනූ කර ගත යුතු (නිමිති) කරුණු කර්මස්ථාන නමින් හැදින්වෙයි.  සමථ භාවනාවට
අරමුණු වශයෙන් ගත හැකි කර්මස්ථාන හතලිහකි. කසිණදසය, අසුභදසය, අනුස්සති දසය, අප්පමඤ්ඤා
සතර, ආහාරේ පට්ටකුල සඤ්ඤ‍ායව, චතුධාතු වවත්ථානය, ආරුප්ප සතර යනු එම සමථ කර්මස්ථාන
සතලිසයි.

දස කසිණ

1.  පඨවි කසිණය
2.  ආපො කසිණය
3.  තේජො කසිණය
4.  වායෝ  කසිණය
5.  නීල කසිණය
6.  පීත කසිණය
7.  ලෝහිත කසිණය
8.  ඕදාත කසිණය
9.   ආකාශ කසිණය
10. ආලෝක කසිණය

භාවනාවේ යෙදෙන්නා විසින් සිත පිහිටුවා ගැනිම සදහා භාවිතයට ගන්නා වු මැටියෙන් ඔප මට්ටමි කොට බෙර ඇසක් මෙන් තනාගත් මණ්ඩලය පඨවි කසිණයයි. මෙම මණ්ඩල යටත් පිරිසෙන් එක්වියත් සතර අගලයක් පමණ හෝ විශාල කොට ගන්නේ නම් කුඩයක් පමණ හෝ නමතක් පමණ හෝ වීම සුදුසු ය.

මණ්ඩලාකාරයෙන් පිහිටි ජලය ආපෝ කසිණයයි . අමුතු පැහැයක් ඇති ජලය හෝ කැළඹුන ජලය ඒ සදහා නොගත යුතු ය. පාත්‍රයක් වැනි රවුමි මුව ඇති භාජනයකට ජලය පුරවාගෙන විවේක ඇති තැනක තබා සිතින් එය අරමුණු කොට ගෙන භාවනා කළ යුතු ය.

මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න තෙජො කසිණයයි. දරවලින් ගිනි ලගාඩක් පිළියෙළ කොට ගෙන වියතකුත් අගල් හතරක් පමණ කාවාකාර සිදුරක් ඇති තහඩුවකන් ඒ ගිනින සමීපයෙහි තබා ඒ ගින්න අරමුණු කොට ගෙන තෙජෝ කසිණ භාවනාව කළ හැකි ය.

සුළග කැපී සෙලවෙන පෙනෙන යමක් අනුව තමාගේ සිතින් ම වායුධාරාවක් ඇති සැටියෙන් සිතාගෙන හෝ යමි කිසි සිදුරකින් අවුත් තමාගේ ශරීරයෙහි හැපෙන වාතය සිහි කිරිමෙන් හෝ වායෝ කසිණ භාවනාව කළහැකි ය. එය වායෝ කසිණයයි.

නිල්පාට ඇති මණ්ඩල නීල කසිණසයි. කහපාට ඇති මණ්ඩල පීත කසිණයයි. රතු පාට ඇති මණ්ඩලය ලෝහිත කසිණයයි. සුදු පාට ඇති මණ්ඩල ඕදාත කසිණයයි. ඒ ඒ පාට ඇති සායමි කිසිවක ආලේප කොට වර්ණ කසිණ මණ්ඩල සදා ගත හැකි ය.

ආකාශ මණ්ඩල ආලෝක කසිණසයි.යම් කිසිවක වියතකුත් සතර අගලක් තරමි සිදුරක් සදා එම සිදුර තුළින් ආකාශය මෙනෙහි කිරිමි වශයෙන් හෝ ආකාස කසිණ භාවනාව කළ හැකි ය.

ආලෝක මණ්ඩලය ආලෝක කසිණසයි. බීමට හෝ බිත්ති යම් තැනකට හෝ වියතකුත් අගල් සතරක් පමණ වු සිදුරකින්  ආලෝක වැටෙන්නකට සලස්වා ඒ ආලෝකය බලාගෙක භාවනා කිරිම ආලෝක කසිණයයි.  මෙසේ කුඩා සිදුරකින් වැටෙන හිරු එළිය, සද එළිය හෝ පහනක ආලෝකය වශයෙන් ලැබෙන ආලෝක මණ්ඩලය අරමූණු කොට ගෙන භාවනා කිරිම ආලෝක කසිණ භාවනාව යනුවෙන් අදහස් කෙරෙයි.

  1. චතුර විජේකෝන්
    2010 මැයි 3 දින ප.ව. 7:19 ට

    ඉතා වැදගත්, අර්ථවත් නිර්මාණයට පිං.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: