නිවස > බුදු දහම > බෞද්ධ භාවනා – 2 කොටස

බෞද්ධ භාවනා – 2 කොටස

දස අසුභය

මෘත ශරිරයක විවිධ අවස්ථා අරමූණු කොට ගෙන භාවනා කිරිම දස අසුභ ලෙස සදහන් වෙයි.

1.  උද්ධු මාතක   –  ඉදීමී ගිය මළ සිරුර
2.  විනීලක         –  ඉදිමී නිල්වන් වු  මළ සිරුර
3.  විපුබ්බක      –  ඒ ඒ තැනින් සැරව ගලන සිරුර
4.  විචිඡිද්දක      –   යුද්ධ භුමි ආදියෙදි දී දෙකට කපා දැමු (සිදුරු සහිත) මළ සිරුර
5.  වික්ඛායිතක  –   බලු , සිවල් ආදි සතුන් විසින් තැනින් තැන කා දමන ලද සිරුර
6.  වික්ඛිත්තක   –  බලු සිවල් ආදි සතුන් විසින් අත් පා ආදි අවයව තැන් තැන් වලට ඇද දැමු පිළිකුල් සහිත මළ සිරුර
7.  හත වික්ඛිත්තක   –   ආයුධ වලින් ඇග පසග කැබලි, කැබලි වලට කපා තැන තැන විසුරුවා ලු මළ සිරුර
8.  ලෝහිතක            –  ලේ වැගිරෙන පිළිකුල් සහිත මළ සිරුර
9.  පුලවක               –   පණුවන් ගැසුන මළ සිරුර
10. අට්ඨික           –   ලේ මස් නැති ඇ‍‍ට සමුහය හෙවත් ඇටසැකිල්ල

අනුස්සති දසය

නැවත නැවත සිහි කිරීම හෙවත් අනුස්මරණය අනුස්සති  වේ. මෙම භාවනා අරමූණ වශයෙන් දැක්වෙන අනුස්සති දසය ගැන අංගුත්තර නිකාය ආදි ත්‍රිපිටක ග්‍රන්ථ වලද , විශුද්ධි මාර්ගයෙහි ද සදහන් වෙයි.

1.    බුද්ධානුස්සති
2.   ධම්මානුස්සති
3.   සංඝානුස්සති
4.   සීලානුස්සති
5.   චාගානුස්සති
6.   දේවතානුස්සති
7.   ආනාපානසති
8.   මරණානුස්සති
9.   කායගතාසති
10.    උපසමානුස්සති

බුදුරජාණන් වහන්සේ අරහං ආදි ගුණ අරමුණු කොට ගෙන සිතේ උපදින සිහිය බුද්ධානුස්සතියයි. ස්වාක්ඛාත ආදි ධර්ම ගුණ නැවත නැවත සිතන විට සිත තුළ උපදින සිහිය ධම්මානුස්සතියයි. සුපිටිපන්න ආදි සංඝ ගුණ සිහි කරන්නාගේ සිත තුළ උපදින සිහිය සංඝානුස්සතියයි. තමාගේ සීලය නොබීදි , නොකෙලෙසී, පිරිසිදුව පවතින්නේ යැයි සිතන විට සිත තුළ උපදින සිහිය සීලානුස්සති වේ. තමාගේ ත්‍යාග ගුණය මසුරු මළ නැති බව ගැන සිතන විට සිත තුළ උපදින සිහිය චාගානුස්සති වේ. තමාගේ ශ්‍රද්ධාදී ගුණ ධර්ම පරසිත් දන්නා දෙව්වරුන් පවා දැන ගතියි සිතන විට හෙවත් ගුණ ධර්ම පිරිමේදි දෙවියන්ගේ කය ක්‍ෂ වෙතියි සිතන විට තමාගේ ශ්‍රද්ධාදි ගුණ ධර්ම අරමුණු කොට ගෙන උපදින සිහිය දේවානුස්සති වේ. හුස්ම හෙලීම ගැනීම දෙක අරමුණු කොට ගෙන සිහිය දියුණු කර ගන්නා විට ඇති වන සිහිය ආනාපානසතිය වේ. මරණය කාටත් සාධාරණය, මම ද මරණයට ගොදුරු වෙමි යනාදි වශයෙන් මරණය අරමුණු කොට වඩන සිහිය මරණානුස්සති වේ. මේ ශරීරයෙහි ක්ලේශ ආදී දෙතිස් කුණප කොටස් ඇත. මේ කය බිදෙන සුළු ය. ආත්මවාදී වශයෙන් ගත යුතු , සුභ, අසුභ ආදි වශයෙන් ගත යුතු යමක් නැත ආදි වශයෙන් සිතන විට උපදින සිහිය කායගකතානුසති  වේ. සියලු කෙලෙස් සංසිදෙන නිවන අරමුණු කොට ගෙන උපදවා ගන්නා සිහිය උපමානුස්සති වේ.

අප්පමඤ්ඤා සතර

මෛත්‍රි , කරුණා, මුදිතා, උපේක්ෂා යනු අප්පමඤ්ඤා සතරයි. අප්‍රමා‍ණ සත්වයන් කෙරෙහි පැතිර විය යුතු බැවින් මෙය අප්පමඤ්ඤා නමින් හැදින් වේ. මෙය සතර බ්‍රහ්ම විහරණ නමින් ද හැදින්වෙයි.

ආහාරෙ පටිකුල සඤ්ඤාව

කබලීකාර ආහාර, ඵස්ස ආහාර, මනොසංචේතනික ආහාර, විඤ්ඤාණආහාර යනුවෙන් ආහාර සතර වැදැරුමි ය. එයින් මෙහි කියෙවෙන්නේ කබලීකාර ආහාරයයි. (අනෙක් අහාර වර්ග තුන මානසික ආහර වේ). එම ආහාරය කටට ගත් තැන් සිට කෙළ ආදිය සමග මිශ්‍ර විමෙන් ක්‍රමයෙන් පිළිකුල් සහගත තත්ත්වයට පත් වන අන්දම නුවණින් සලකා බැලීම මෙයින් සිදු කෙරේ.

චතුධාතු වවත්ථාන

ධාතු මනසිකාර යනුවෙන් ද මෙය හැදින් වේ. මේ ශරීරය පඨවි, ආපො‍්, තෙජෝ, වායෝ යනුවෙන් ධාතු වශයෙන් වෙන් කොට නැවත බෙදෙමින් යොන්සෝ මනසිකාරයෙන්(නිවරදි දැකීමෙන්) බැලීම මෙයින් අදහස් කෙරේ.

සතර ආරුප්ප

ආකාසානඤ්චයාතන, විඤ්ඤාණඤ්චායතන, ආ‍ඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප ධ්‍යාන සතර අරමුණු වශයෙන් ගැනිම සතර ආරුප්ප වේ.

පඨවි ආදි කසිණ අරමුණක් ඇතිව භාවනාවෙහි යෙදීමෙන් රූපාවචර චතුර්ධ්‍යාන ලැබු තැනැත්තා ආරුප්ප භාවනාවෙහි යෙදීමට සමත් වෙයි. චතුර්ධ්‍යානය ලැබු තැනැත්තා ආරුප්ප භාවනාවෙහි යෙදීමට සමත් වෙයි. චතුර්ධ්‍යානලාභීයා තමා ලබා ඇති කසිණාලෝකය අනන්තය ලෙස මනොමය අහසෙහි පතුරවයි. ඊට පසු ඒ ආලෝකය අතුරුදහන් වන ලෙස අධිෂ්ඨාන කොට ඉන් පසුව පෙනෙන හිස්  (කසිණ එළිය උගුල්ලා දැමීමෙන් පසු පෙනෙන) මනොමය අහස අරමුණු කොට එහි සිත රදවා තැබීම තැත් කරයි. එහි සිත එකගව තහවුරු වු පසු ඇතිවන සිතේ එකග බව    ආකාසානඤ්චයාතන නමි. ඉන් සිත බොහෝ දුරට සියුමි වේ. තව දුරටත් භාවනාවේ යෙදෙමින් ඉතිරි  විඤ්ඤාණඤ්චායතන, ආ‍ඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන සමාධි ලැබේ.

අප්පමඤ්ඤා

Advertisements
  1. 2010 මැයි 4 දින ප.ව. 7:44 ට

    http://www.dahamsayura.org/index.php?option=com_content&view=article&id=465&Itemid=482
    ටික ටික කොපි කර කර දාන්නැතුව කෙලින්ම ලින්ක් එක දැම්මනම් ඉවරයිනේ.

  2. 2010 මැයි 4 දින ප.ව. 11:03 ට

    මෙම ලිපිය (ලිපි පෙළ) copy-past කිරීමක් නොවන අතර දහම් පාසලේ ධර්මාචාර්ය විභාගය සදහා නියමිත “ථේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්” යන පොතහි ඇති “භාවනා” යන නමින් ඇති පාඩම මුළික ලෙස උපායෝගි කරගෙන ලියන ලද්දකි.

    එකවර ඉතා දිගු ලිපියක් මෙහි පල කිරීමෙන් වැඩක් නොවන නිසා මෙය කොටස් වශයෙන් පළකරමි.

  3. 2010 මැයි 5 දින පෙ.ව. 12:33 ට

    මේවන් ලිපියක් පොත පත ඇසුරින් සැකසුවද එම පොත් සදහන් කිරිම යුතුකමකි. කතෘ තුමා ග්‍රන්ත මූලශ්‍ර ප්හැදිලිව සදහන් කළයුතුව තිබුණි. ඉදිරියේදී මෙම බ්ලොග් අඩවිය සදහා බලපත්‍රයක් භාවිතා කිරිමට බලාපොරොත්තු වන බැවින් ලේඛක සහ පාථක යන දෙපාර්ශවයෙන්ම එම බළපත්‍ර යට අදාලව ක්‍රියාකරැයි යැයි බලාපොරොත්තු වෙමි. ඕබ සැමට තෙරුවන් සරණයි

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: