නිවස > දුටුගැමුණු බළකාය, සැරිසර > දෙවනගල ~ සැරිසර වාර්තා

දෙවනගල ~ සැරිසර වාර්තා

මෑතකදී අන්තර්ජාලය හරහා පලවුණ ලිපි කිහිපයකට දුටුගැමුණු බලකායේ අවධානය යොමුවුණේ මෙම වසර ආරම්භයෙදිමයි. ස්ථානය, දෙවනගල පුරාණ විහාරය. බලකාය පිටත්වුණේ 2010 දුරුතු මස 03 වෙනි ඉරිදා පාන්දරින්ම.

දෙවනගල ආරණ්‍යයේ ඉතිහාසය ගැන වැඩි යමක් අපි ඒ වෙනකොට දැනගෙන හිටියෙ නැහැ. කලක් දළදා වහන්සේ තැන්පත් කර තිබූ ස්ථානයක් හැටියට ප්‍රචලිත දෙවනගල විහාරය මේ වන විට මුස්ලිම් ආක්‍රමණ වලට ගොදුරුව ඇති බවත්, සෙල්ලිපි ආදිය විනාශ කරන්නට යම් පිරිසක් උත්සාහ දරන බවත්, ඓතිහාසික වැදගත් කමකින් යුතු මෙම ස්ථානයේ භික්ෂූන් වහන්සේ නමක්වත් වැඩ වාසය නොකරන බවත් ඉහත කී අන්තර්ජාලයේ පල වූ ලිපි වලින් අපි දැනගත්තා. ඒ සමඟම මෙහි ඇත්ත නැත්ත සොයන්නට උපන් කුතුහලය විසින් සැරිසර කණ්ඩායමේ අපව රැගෙන ගියා අලුත් නුවරට.

අලුත් නුවරට අධිපති දුනුමන්ත (දැඩිමුණ්ඩ) දෙවියන්ගේ අඩවියේ තමයි දෙවනගල පුරාණ විහාරස්ථානය පිහිටලා තියෙන්නෙ. දුනුමන්ත දෙවි ගෞතම බුදුන්ගේ සමකාලීනයෙක්. ඔහුගේ පියා යක්ෂ ගෝත්‍රික සෙන්පති පූර්ණක වූ අතර මව එරන්දතී (නාග ගෝත්‍රික) නම් වූවාය. අලුත්නුවර පිහිටි දැඩිමුණ්ඩ දේවාලයත් අදටත් සුවහසක් බැතිමතුන්ගේ වන්දනයට ලක්වන ස්ථානයක්.

;) වැරදිලා ගිය තැන  – කඳුරේගල ශ්‍රී සුභද්‍රාරාමය

කොහොමහරි අපේ නඩේ දවල් වෙනකොට දෙවනගලට ආවා. විහාරයට යන්න තිබුණ කඩිමුඩිය නිසාම “දෙවනගල” කියලා ගහලා තිබුණ පුවරුවක් දැක්ක ගමන් එතනින් උඩට වැටිලා තිබුණ පඩිපෙල දිගේ ගලට නැග්ගා. අපි හිතුවට වඩා පහසුවෙන් තරණය කල ඒ ගල් තලාව උඩ, පෙරකී ලිපිවල අප දුටු සෙල්ලිපිය හෝ සිරිපතුල දක්නට ලැබුණෙ නැහැ. නමුත් පුංචි විහාරයක් තිබුණා. ඉතින් එක පාරටම සැක නොහිතුණ නිසා හැමතැනම විපරම් කරලා බැළුවා. කිව්වත් වගේ ආක්‍රමණය කරන අය ඒ ටිකට විහාරය අතුරුදහන් කලාවත්ද කියලා හිතුණා. එහෙම නැත්නම් හනුමා ආයෙ ඇවිත්, කලින් හිමාලයෙන් කොටසක් අරන් එහෙ මෙහෙ ගියා වගේ දෙවනගල විහාරයත් අරන් ගිහිං වෙන්ට ඕනෑ. ඔය වගේ විකාර කියව කියව අපි විහාර භූමිය පුරා යද්දි අපි උන්නු ගල් කුලට ඈතින් පිහිටි තරමක් විශාල ගල්කුලක් තරණය කරන කෙනෙක් දුටුවා. එච්චර දුරට අපට ඔවුන්ව දර්ශනය උනේ ගල තරණය කරමින් සිටි භික්ෂූන් වහන්සේ නමකගෙ චීවරයෙ තැඹිලි පැහැය ඈතටම දිස්වුණ නිසයි. ටික වෙලාවක් යනකොට කාට කාටත් වැටහුණා අපි වැරදි තැනකට ආපු විත්තිය. හිමින් සීරුවේ අපිට නෙමෙයි වගේ ආපහු බැහැලා අවට ගම් වාසීන්ගෙන් හරි පාරත් අහගෙන අපි ගියා ඓතිහාසික දෙවනගල විහාරස්ථානයට.


ගල මුදුනට යන ගමන ටිකක් දුෂ්කර උනා. විශේෂයෙන්ම අපිට මේ තරම් මහන්සියක් දැණුනෙ අපි ඊට කලින් දවසෙ (ඒ කියන්නෙ දුරුතු මාසෙ 02 වෙනිදා) සිරිපා කරුණා කරලා මේ එන ගමන්නෙ (අපේ සැරිසර වාර්තා කියවන පාඨකයන්ට නම් මතක ඇති සිරිපා ගමන). හැටන් වලින් බස් එකේ නැගලා අපි කෙලින්ම ආවෙ නුවරට. ඉතිං මේ වෙද්දි මුළු කණ්ඩායමම හිටියෙ මහන්සියෙන්. එහෙත් මුදුනට ගියාට පස්සෙ ඒ සේරම අමතකයි. බැලු බැලු අත අක්කර 72ක් පුරා විහිදුන ගල් තලාව. දෙවනගල මුදුනට මුළු කෑගලු පුරවරයම අපූරුවට පේනවා. අපි මුලින්ම හොයාගෙන ගියේ ආක්‍රමණිකයන් විසින් අසභ්‍ය වචන ලියා තිබුණැයි කියපු සිරිපතුල. ගල මත කෙටූ සිරිපතුල වටා යකඩ වැටකින් ආවරණයක් තිබුණත් සිරිපතුල මත දෙමල බසින් ලියවුණු අසභ්‍ය වචන දක්නට ලැබුණා. ඉන්පසු අපි ගියේ සෙල් ලිපිය හොයාගෙන. ඒකත් සිරිපතුලට නුදුරින් දක්නට ලැබුණා. යන මර්ගයේ විහාරස්ථානයට අයත් ගල් තලාව මත අසභ්‍ය ලෙස එකිනෙකාගෙ නම් ලියා ඇති අයුරු සැබැවින්ම හද කම්පා කරවන දසුනක්. සෙල්ලිපියටත් හානි පමුණුවන්න උත්සාහ දරා ඇති බව පැහැදිලිව පෙණුනා. සෙල්ලිපිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අප හිටි ඉසව්වට ඔබ්බෙන් පිහිටි දෙවනගල විහාරස්ථානය දෙසට අපි ඇදුනෙ නිරායාසයෙන්මයි. නිතර හමන තද සුළඟ නිසා ගමන් මහන්සිය ඉක්මණින්ම අතුරුදහන් උනා. ඒ වගේම අවට පරිසරයෙ සුන්දරත්වයෙන් අපි වශී වෙලයි උන්නෙ.

සෙල් ලිපියේ අන්තර්ගතය – පරාක්‍රමබාහු රජුගේ සෙන්පතියෙකු වූ කිත්නුවරගල් විසින් බුරුමයේ රාමඥ්ඥ රට ආක්‍රමණය කර  “කුසම්ය” නම් නගරය දිනා ගැනීම වෙනුවෙන් මලබටුව ඉඩම හා කිත්සෙන් පව්වෙන් අමුණු  12ක් හා පෑල __ ක් ඇතුළු යාල දෙකක ඉඩම් පමුණු කොට දීම සහ පරාක්‍රමබාහු රජු විසින්  තම ඥාති සහෝදරයන් වූ ගජබාහු සහ මානාභරණ යන දෙදෙනාට විරුද්ධව කල යුද්ධ ගැනද සදහන්ව ඇත.

විහාරස්ථානය අසලට ගියහම අපට මුලින්ම මුණ ගැසුණෙ විහාරයේ භික්ෂුන් වහන්සේව. උන්වහන්සේට අප ගැන තතු වගේම මේ ගමන එන්නට හේතුවුන කාරනා පැවසීමෙන් අනතුරුව හාමුදුරුවන් වහන්සේ සහ තවත් ගිහි ආධාර කරුවෙක් සූදානම් වුනා අප සමඟ විහාරස්ථානය පුරා ගොස් අපට අවශ්‍ය තොරතුරු ලබාදෙන්න.

අපි ඔවුන්ගෙන් තොරතුරු ඇහුවා. තොරතුරු වලටත් වඩා අපි සූදානම් කරගෙන හිටි ප්‍රශ්න මාලාවක් කීවොත් නිවැරදියි. හැබෑවටම හාමුදුරුවො විහාරස්ථානය අතැරලා ගොස් සිටි කාලයක් තිබිලා තියෙනවා. ඊට හේතුව වෙලා තිබුණෙත් මෙම අන්‍යාගමික ආක්‍රමණ හමුවේ විහාරයේ තනිව විසීම තවදුරටත් අනාරක්ෂිත වීමයි. එම ප්‍රදේශයේ තත්වය සියැසින් දැක්ක දුටුගැමුණු බලකායේ අදහසත්, උන්වහන්සේ ගත් තීරණය නිවැරදි බවයි. නමුත් මේ වනවිට සිවිල් ආරක්ෂක සෙබළුන් හය දෙනෙකු පමණ දිවා රාත්‍රී සේවයේ යෙදෙමින් විහාරස්ථානය ආරක්ෂා කරන්නට කැපවෙනවා. එනමුදු පැවති තර්ජන තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නැති බව ඔවුන් කී කතාවලින් පැහැදිලියි.

මීලඟට අප ගියේ මේ මනරම් විහාරස්ථානයේ ඉතිහාසය සොයාගෙනයි. පළමුව, පැරකුම්බා රජු සමයේ දළදා වහන්සේ සඟවා තබන ලද දළදා මාළිගාව වෙත ගියා. මේ වනවිට මෙහි ඉතිරිව ඇත්තේ ගලින් කල බිත්ති හතර පමණයි. මුළු ගොඩනැගිල්ලම තනිකර කළු ගලින් නිමවා තිබෙන්නට ඇති බවකුයි පෙණුනේ. විහාර භූමියේ පිහිටි පොකුණද ඉතාම සිත්ගන්නා සුළුයි. ගල්තලාව මත වූ එවන් පොකුණක් දැකීමෙන් නිතැතින්ම සිහිවෙන්නෙ සීගිරි පර්වත මුදුනේ පිහිටි පොකුණුයි.

බුදුගෙට ඇතුළුවෙත්ම දිගින් දිගටම දුටුවෙ හද කම්පා කරවන දසුන්. පැරණි පිළිම (බුදු පිළිම සහ දේව ප්‍රතිමා) එකක්වත් යථා තත්වයේ නැහැ. සියල්ලම නිදන් හොරු විසින් ඉතාම පහත් ලෙස විනාශ කරලා. බුදු පිළිමයක් දැක්කහම අපේ හිත් වලට දැනෙන බුදුන් වහන්සේගේ මහා කරුණාව, මෛත්‍රිය යටපත් කරගෙන බැලූ බැල්මට හිතට සියුම් බියක් ඇතිවෙන තරමටම ඒ පිළිම විනාශ කරලා. මෙවන් නින්දිත ක්‍රියාවල නිරත වෙන පව්කාර මිනිස්සු ගැන ඇතිවුණ ද්වේශයත් සමඟම අපේ උරුමයන්ට සිදුකරලා තියෙන විනාශය ඉදිරියේ ඇස්වලට කඳුළු ආවා.

දෙවනගල විහාරය කරවූ සෙන්පති තුමා මෙන්ම දළදා වහන්සේ ආරක්ෂා කරන ලද භික්ෂූන් වහන්සේගේ සිතුවම් විහාරගෙයි දක්නට ලැබුණා. අපට තරමක් නුහුරු ශෛලියකින් අඳින ලද මෙම සිතුවම් වල සිටි පුද්ගලයන් යක්ෂ ගෝත්‍රිකයන්දෝයි අපට හිතුණෙ සිතුවම් දෙපස ඉර හඳ සලකුණු  සිත්තම් කර ඇති අයුරු දැකීමෙනුයි. ඒ අනුව මෙම විහාරය හා බුදුන් වහන්සේට සමකාලීන යක්ෂ ගෝත්‍රිකයන් අතර ඇති සබැඳියාව හොයන්නට අප පෙලඹෙන විටම විහාරස්ථානය භාර හාමුදුරුවන් වහන්සේ අපව කැඳවාගෙන ගියේ විහාර භූමිය කෙලවර වූ දේවාලයකට. එහිදී අපට දකින්නට ලැබුණෙ දුනුමන්ත (දැඩිමුණ්ඩ) කුමරුගේත්, ඔහුගේ මව් එරන්දතියගේත් පිළිම.  අපි සැක කල පරිදිම හිතුවටත් වඩා ඉතිහාසයක් දෙවනගලට තියෙන බව අපට තහවුරු වුණා. එහෙත් ඒ ගැන සෙවීම අපි භාරකරමු අනාගතයට. දැනට පවතින තත්වය අනුව පළමුව සිදුවිය යුත්තේ ඓතිහාසික වටිනාකමකින් යුතු මෙම විහාරය ආරක්ෂා කරගැනීමයි. සංරක්ෂණය කිරීමයි. මේ පිළිබඳව වගකිව යුතු බලධාරින්ගේ අවධානය යොමු වේ නම් වටී.

විහාරස්ථානයේ පුරාවස්තු සැබැවින්ම තර්ජනයට ලක්වෙලා ඇති අයුරු අපි සියැසින්ම දුටුව නිසා මෑතකදී අන්තර්ජාලය හරහා පලවුණු පුවත් මුසාවක් හෝ අතිශ්‍යෝක්තියක් නොවන බව අපි දැන් දන්නවා. එබැවින් මේ විහාරයේ උන්නතිය සඳහා මෙහෙම සටහනක් තබන්නට අපි හිතුවා.

කාලයක් පාළුවට ගිහිං තිබුණු විහාරය හාමුදුරුවන් වහන්සේගෙ නැවත පැමිණිමත් සමඟ දැන් ජීවය ලබමින් පවතිනවා. හැන්දෑවට මල්, තෙල් රැගෙන විහාරස්ථානයට බැතිමතුන් එකා දෙන්නා පැමිණෙන අයුරුත් දක්නට ලැබුණා. විය යුත්තේත් එයම නොවේද? විහාරස්ථානයක් රැකෙන්නේ ඒ අවට වෙසෙන ගිහියන් අතිනුයි. එසේ නොවන කල විහාරස්ථාන පාළුවට ගිහිං වැලලී යන්නෙ ඉතිහාසයේ වැදගත් ප්රිච්ඡේදත් සමඟිනුයි. මීට හොදම උදාහරණයත් දෙවනගලම නේද? විශේෂයෙන්ම අපේ උරුමය රැකගත යුත්තේත් අපිමයි. පිටින් ඇවිත් මේ දේවල් රැකල දෙන්න හදනව නම් ඒ අපිට තියෙන ආදරයකට නොවන බවත් අපි මතක තබාගත යුතුයි. අපේ උරුමය රැකීමේ වගකීම සිංහලයෙක් ලෙස මේ පොළවෙ උපන් අප හැමෝගෙම කරමත තියෙනවා. අපෙයි කියලා කියන්න පුළුවන් රටක්, ජාතියක්, සංස්කෘතියක් අනාගතයට ඉතුරු වෙන්නෙ අපි වර්තමානයේ ඉඳගෙන අපේ වගකීම ඉටු කළොත් පමණයි.

හැන්දෑ වුනා හොදටම. අපි ආපහු පමානොවී ගම් රටවල් බලා එන්නත් ඕන නිසා සැරිසර මෙතනින් නිමා කරලා අකමැත්තෙන් උනත් ඒ සුන්දර පරිසරයෙන් සමුගත්තා. අපි ගල් පඩි දිගේ පහලට බහින අතරේ විහාරස්ථානයෙන් නැගුණු පිරිත් හඬ අවට ගම්වලට පැතිරිලා යද්දි අපේ විඩාබර හිත්වලට දැනුණෙ අප්‍රමාණ සැනසිල්ලක්. බුදුන් දහම් සරණ ගියෝ හැමදාමත් තම විඩාබර ජීවිත වලට ලඟාකරගන්නෙ මෙවන්ම වූ සැනසිල්ලක් නොවේද?

විශේෂ ස්තුතිය  -  දෙවනගල රජමහා විහරාධිපති පූජ්‍ය අඹතලාවේ සංඝරතන ස්ථවිරයන්ට                             සහ  සිවිල් ආරක්ෂක සෙබළ පිරිසට

සටහන – චේතියා
ඡායාරූප – තරිඳු


About these ads
  1. 2010 මැයි 13 දින පෙ.ව. 2:39 ට | #1

    ඇත්තටම සිත් කම්පාවන කාරනයක්…..
    මේ ගැන කතාකරල වැඩක් නෑ එහෙම උනොත් කතා කරන අපිටමයි ජාතිවාදී ලේබලේ ඇලවෙන්නේ.

    • isuru
      2013 අගෝස්තු 20 දින පෙ.ව. 3:05 ට | #2

      ehema kiyanna epa yaaluwa,api mewata katha kale nath nao wena kauda katha karanne,jaathi waadiyo une nathnao me welawe ape issraha param parawata ithuru wenne mewaye natabun vitharai,api 1aa wage nagittoth aye wen unta katha karanna deyak naha,theruwan saranai..!!!

  2. 2010 මැයි 13 දින පෙ.ව. 7:33 ට | #3

    ඇත්තටම වටින වැඩක් ඔයාලා කරලා තියෙන්නේ. ඉතින් මේ සම්බන්ධව ඉදිරියට කරන්න ඉන්නේ මොකක්ද ?

  3. nimal
    2010 මැයි 13 දින ප.ව. 3:38 ට | #4

    jathi vaadiin keevath kamak ne ape urumaya vanuven kriyavenma pela gahemu

  4. නුවා
    2010 මැයි 16 දින පෙ.ව. 10:47 ට | #5

    පාලුවට ගිය විහාරය වෙත ආපහු බැතිමතුන් එන එක ගැන නම් ගොඩක් සතුටුයි… :)
    බොහොම ස්තුතියි ලිපියට චේතියා…

  5. ishara
    2010 මැයි 16 දින පෙ.ව. 11:54 ට | #6

    ඇත්තටම වැදගත් ලිපියක්.මේවිදියෙ දේවල් තව කොච්චරනම් වෙනව ඇද්ද මේ පුංචි ලංකාවෙ.
    ඔයාලට ගොඩාක් ස්තූතියි,සුභ පතනව ඉදිරියට යන්න…….

  6. උපේන්ද්‍රමිණික
    2010 මැයි 16 දින ප.ව. 10:30 ට | #7

    මාත් දෙතුන්පාරක් ඔය පැත්තේ ගිහින් තියනවා

  7. නුවන් බුද්ධික
    2010 මැයි 24 දින ප.ව. 11:04 ට | #8

    බොහොමත්ම තුති ඔබේ වටිනා ලිපියට…

  8. Rukmal
    2010 ජූනි 27 දින පෙ.ව. 11:31 ට | #9

    Ithanath hondama honda wedak oyala me karala thiyenne.

  9. Rukmal
    2010 ජූනි 27 දින පෙ.ව. 11:35 ට | #10

    api ekathu wela mewenuwen yamak wahama kalayuthui.palakayanta meka baradeela bala inna be. mona pata unath ekata ekathuwemu.

  10. manusha de silva
    2012 ජූනි 10 දින පෙ.ව. 11:46 ට | #11

    oba thumanla mey karanne ithama watina wadak.hama sinhala bouddhayama oya wage hithanawa nam harima agei.ape wandanawe yana piris walata mey wage than walata yanna polambawanna puluwn nam ,mey wage than wala watina kama daham pasal margayen hari danuwath karanna puluwan nam ithama agei……bs

  11. මුදියනසෙ පසල්දනව්ව
    2012 ජූනි 19 දින පෙ.ව. 8:36 ට | #12

    ඉතිහාසයෙන් බිදක් හෝ නොරැකුනොත් මීළග පරම්පරාවට සිංහල කියලා කියන්න බැරිවෙයි අපේ දරුවන්ට බලන්න හොදම දේවල් තවත් දෙන්න ඔබ සැමට ශක්තිය ලැබේවා සැමට බොහොම පිං

  12. 2012 ජූලි 20 දින ප.ව. 11:38 ට | #13

    me karana dewal walata godak pin.
    Thama sinhalayo innawa

  13. amila
    2013 අගෝස්තු 18 දින ප.ව. 8:41 ට | #14

    ai mehama wenna

  14. 2013 අගෝස්තු 18 දින ප.ව. 8:44 ට | #15

    Hambayo mewa elipita kiyadhdhi boruwata unge sahajeewanaya mawagena mewata eka eka hethu kiyakiya magaharinawa.Lagadhima hambayonta gemak dhenta wenawa.

  15. 2013 අගෝස්තු 18 දින ප.ව. 10:20 ට | #16

    me lipiya obala apata kiyawannna dunnata godak pin

  16. lasantha
    2013 අගෝස්තු 18 දින ප.ව. 10:22 ට | #17

    ATHTHATAMA HODAI… API NODANNA DEWAL GODAK DENAGATHTHA..

  17. b.h.a.l wickramasinghe
    2013 අගෝස්තු 19 දින පෙ.ව. 2:50 ට | #18

    janatawa danuwat karanawata obalata stutie

  18. 2013 අගෝස්තු 19 දින ප.ව. 12:18 ට | #19

    Mewa Palakayo Wisin Araksha Karanna one

  19. 2013 අගෝස්තු 19 දින ප.ව. 12:58 ට | #20

    දැනුවත් කළාට බොහොම පින්. අපේ උරුමයන් රැක ගන්න මොනයම් ආකාරයෙන් හෝ ඔයාලා දරන දායකත්වය ගොඩක් අගය කරනවා

  20. Nishshanka Muthunayaka
    2013 අගෝස්තු 19 දින ප.ව. 1:15 ට | #21

    Semada Hadawathinma Api Obath Samaga…….. Idiriyatama yanna..

  21. nuwan
    2013 අගෝස්තු 19 දින ප.ව. 9:40 ට | #22

    palakayo mewata wagakiwautui

  22. chamara.
    2013 අගෝස්තු 19 දින ප.ව. 11:09 ට | #23

    mage podi kale man okata giya.e mathakaya thamath mata thiyanawa…..meka dakkama loku dukak danuna.wihara geta athulu wenakota e kale thibbe ath dath walin hadapu dorak.loku hamuduruwo kiwa nidan horu harala kiyala dagabath.ane manda.mewa araksha karanna apita konda pana thiyana 1k nane……

  23. yasad elvitigala
    2013 අගෝස්තු 20 දින ප.ව. 2:21 ට | #24

    wedi wistara dena ganna kagenda..? kohomada meyata sambanda wenne..?

  24. 2013 අගෝස්තු 23 දින පෙ.ව. 4:11 ට | #25

    We should protect our cultural & religous heritage…….It is our duty…..Administraters must pay more attention regarding this Pest…

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 93 other followers

%d bloggers like this: