නිවස > කාළීන සිදුවීම් > සීගිරිය සහ බඹරු 2

සීගිරිය සහ බඹරු 2

දැන් මොකද වෙන්නෙ?

2010 වසරේ මාර්තු මාසය මුලදී  වසර ගණනාවක් පුරා සීගිරිය අවට වූ බඹර වද පුළුස්සා දමා බඹරුන් සීගිරියෙන් පන්නා දමන ලදී. මෙම මිලේච්ඡ ක්‍රියාවට විරුද්ධව බොහෝ දෙනා හඬ නැගූ මුත් ගිය නුවණ ඇතුන් ලවා හෝ අද්දන්නට නොහැකි බැවින් බඹරුන් වෙනුවෙන් කම්පා වෙනවාට එහා අප හට කලහැකි යමකුත් නොවීය.

බඹර වද විනාශයෙන් විනාශ වන්නේ බඹරුන් පමණක් නොවේ. පරිසරයේ සමතුලිත භාවය බිඳී ගොස්, තුන් මසක් යන්නටත් මත්තෙන් වෙනත් කෘමී විශේෂයක් සීගිරිය ආක්‍රමණය කරන ලදී. උන් පහර දුන්නේ සංචාරකයන්ට නොව බිතු සිතුවම් වලටයි. විනාශ වන්නේ වසර දහස් ගණනක් පැරණි අපේ උරුමයයි. එම උරුමය සංචාරකයින්ට බාධාවකින් තොරව විකුණාගනු වස් බඹරුන් විනාශ කරන ලදී. එහි ප්‍රතිඵලය විසින් අද වන විට උරුමය විනාශ කරමින් පවතී. මෙම දිට්ඨ ධම්ම වේදනීය අකුසලයෙන් විපාක විඳින්නේත් හිත් පිත් නැති සිතුවම්ය. කම්පා වන්නේත් ඉහත බඹරුන් වෙනුවෙන් දුක් වූවන්මය. වෙළෙන්දා මෙතනින් පසුව විකුණාගන්නට තවත් උරුමයක් සොයා යනු ඇත. දුක දැනෙන්නේ සීගිරියට සැබැවින්ම ආදරය කලවුන්ටය.

මීළඟට දැනගන්නට ලැබුණේ සීගිරියෙන් පලවාහරින ලද බඹරුන් දඹුල්ල ආක්‍රමණය කල බවයි. රන්ගිරි දඹුලු විහාරයේ බුදු පිළිමයේ පවා බඹර වද බඳිමින් පවතින බව පුවත්පත් වලින් සැලවිය. සීගිරි ගල වටා මෙන් නොව, පිළිමය මත බඹර වද බැඳීම බුදු පිළිමයට හානි දායක විය හැක. මහා කරුණා ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ උපේක්ෂාවෙන් මේ සියල්ල දරාගත්තද අපේ උරුමයන්ට ආදරය කරන, එහි වටිනාකම දන්න පෘථග්ජන අපට මෙය දරාගත නොහී අපි කම්පා වෙමු.

මේ සියල්ල සමනය වන්නටත් පෙර අසන්නට ලැබුණේ සිංහකට ඉදිරිපිට වැසිකිලි පද්ධතියක් ඉදිකරනට සැලසුම් ඇඳ ඇති බවකි. මොන දෙයියන්ට කියන්නද? මෙය සිංහකට අවට පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ වෙන වැඩපිළිවෙලක් බව අමුතුවෙන් කිව යුතු නැත. සීගිරිය වනාහී පැය ගණනක් පුරාවට සැතපුම් ගණනක් දිගු මාර්ගයක තරණය කල යුතු පර්වතයක් නොවන බැවින්ද සීගිරි සංකීර්ණයට ඇතුළුවන ස්ථානයේම වැසිකිළි පහසුකම් ඇති බැවින්ද ඕක සිංහකටටත් රැගෙන යා යුතුමද? කිව්වත් වගේ මොන දෙයියන්ට කියන්නද? ලේ දුන්නත් මොලේ දෙන්න බැරි  නිසාත්, තවත් කෝළම් නටනකම් බලා හිඳීමෙන් විනාශ වන්නේ අපේම උරුමයන් නිසාත් මෙම ක්‍රියාවන්ට වගකිව යුතු උදවියගේත්, පාලක මඩුල්ලේත් ගිය නුවණ කෙසේහෝ අද්දන්නට සිදුවේ.  එසේ නොවුණොත් ඇත්තටම …… ඊලඟට මොනවා වේවිද?

Advertisements
ප්‍රවර්ග:කාළීන සිදුවීම්
  1. 2010 මැයි 17 දින පෙ.ව. 10:10 ට

    කියන්න තියෙන්නේ මුන්ගේ අම්මලට……. කියල තමා.
    මේ දවස්වල දඹුල්ලේ ඉන්න කෙනෙක් විදිහට මේගැන කිසිදෙයක් ආරන්චි නොවීමත් ඒගැන පිටින් “සයිබර් අවකාශයේ හෙළ හඬ
    ” ගෙන් අසන්නට ලැබීමත් ඇත්තටම ශෝක ජනකයි. මේ ප්‍රදේශයේ ඉන්න උන්ගෙන් 80% වත් යැපෙන්නේ මේ උරුමයන් නිසා ඒත් මේ එකෙකුටවත් ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නැති කම.

  2. Praසන්ன
    2010 මැයි 17 දින පෙ.ව. 11:48 ට

    අපේ මිනිස්සුන්ගෙ ඔලමොට්ටල වැඩ ගැනනම් කියල වැඩක් නෑ.

  3. ilandhariya
    2010 මැයි 17 දින ප.ව. 1:13 ට

    මුන්තාම සුදදාට දේන එක නවත්තලා නැහනේ ….. එකයි..මේ..මුන්ව මුලඉදලම් හදන්න ඔනේ….

    අපි ඉස්කොලේ යනකාලේ සිගිරි යනකොට උගුවරු කියන්වා කගහන්න එපා ලමයි…ඹබරු ඇවිස්සෙයි කියලා…..අපි කර බාගෙන ගිය වැඩේ හරියට කරලා … අසිරිය අපුරුවට විදලා අවා….. එතලොට ඹබරු ඇවිස්සුනේ නැහනේ …. ස්බාවධර්මයාට කටවත්ම ඉහලින් යන්න් බැහැනේ.ඔය හැමැදෙම වෙන්නේ චක්‍රයකට අනුව…මෙහෙම ගියොත් තව ටිකකලෙකින් වෙන්නේ…..චිත්‍ර තියන් ගුහවලග…..ඩිජිටල් ප්‍රින්ට් එකක් අල්වල ඉස්සර මෙහෙම තිබුනා කියලා කියන්න තමා….
    සි ගිරි නගින්නේ ඔය ලස්සන බලන්නනේ ..නැත්නම් ඇගේ අමාරුවට ඇ….චිත්‍රත් මැකිලා….ඔය තියන් ලස්සන හෙදිලා ගියහම…. සිගිරි බලන්න යන්නේ මොක්කුද?….ඉට පස්සෙ සිගිරි යන්න වෙන්නේ බඩ අඩු කරගන්න ….

  4. මහ රාවණා
    2010 මැයි 27 දින පෙ.ව. 10:47 ට

    එක පාරක් සීගිරි බිතුසිතුවම් වලට තාරගෑව. එක කරපු එකා අදටත් හොයාගන්න නෑ. දැන් තව එකක්. ඕව බලන්න යන එවුන් ඒ විදියට ඕව බලල එනවනම් බඹබරු තියා මොකෙක්වත් ඇවිස්සෙන්නෙ නෑ. උන් උන්ගෙ ජාතකෙ වැරැද්ද එතනට ගිහිනුත් පෙන්නන්න ගත්තම බඹරුනෙමෙයි මනුස්ස අපි උනත් ඇවිස්සෙනව.

    අපරාදෙ සිංහකට ඉදිරිපිට වැසිකිලි පද්ධතිය හඩන්නෙ. සීගිරිය උඩ මාළිගාව ඇතුලෙ ඕක හදන්න තිබ්බෙ. මුන්ට මොළයක් කියල දෙයක් නැද්ද මන්ද. මීට කලින් මිනිස්සු ඔය ස්ථානයට ගිහින් ඒ ඒ කර්ථවයන් යම්කිසි විධිමත් ආකරයකට කරගන්න ඇතිනෙ. දැන් මුන්ට ඇතිවෙලා තියෙන කැක්කුම මොකක්ද. ආයි දෙකක් නෑ ඔය හදන්නෙ පිටින් එන සුද්දන් ගැන තියෙන කැක්කුමට.

    ඉතාමත් හරවත් ලිපියක්. මෙම ලිපිය මිනිසුන් අතරට යවන්න උත්සාහ කරන්න. ඊමේල් මාර්ගයෙන් යවන්න. යුනිකෝඩ් වලින් යවන්න එපා ඉමේජ් එකක් විදියට යවන්න.

    බුදු සරණයි !!!

  1. 2010 අගෝස්තු 8 දින පෙ.ව. 12:43 ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: