නිවස > කාළීන සිදුවීම්, බුදු දහම > බෞද්ධයන්ව සාමදානයේ සැතපවීම

බෞද්ධයන්ව සාමදානයේ සැතපවීම

අද අන්තර්ජාලය තුල පවතින සමාජා ශාලා වෙබ් අඩවි ( social networking web sites)  වල හා අන්තර්ජාල සන්සද (internet forum/board) වල හා අනෙකුත් වෙබ් අඩවි වල මියගිය සිංහල බෞද්ධයන්ව සිංහල බෞද්ධයන් විසින්ම සාමදාන‍යේ සැතපවීමට කටයුතු කරන ආකාරයක් සුලබව දැකගත හැක. මෙහි ‘සාමදානයේ සැතපවීම’ යනු මියගිය බෞද්ධයන් හට ‘rest in peace’ හෙවත් ‘RIP’ යනුවෙන් පාර්ථනා කිරීමයි.

මෙලෙස ‘rest in peace’ හෙවත් ‘RIP’ යනුවෙන් මියගිය බෞද්ධයන් හට පාර්ථනා කරන පුද්ගලයන් මෙම සරල වැකියේ තේරුමවත් නොදන්නා අතර සිංහලයන්ගේ පවතින පිටරටින් පැමිණෙන සියලු දේ බදා ගැනීමේ ගුණය හා අනුකාරකත්වය මැනවින් විදහාපාන තවත් අවස්ථාවක් ලෙස මෙය ඉතා කණගාටුවෙන් යුතුව පෙන්වාදිය හැක.

‘Rest in peace’ යන්න ලතින් වාක්‍ය ඛණ්ඩයක් වන ‘requiescat (or (plural) requiescant) in pace’ බිදී ආවක් වන අතර  ලතින් වැකියේ තේරුම “may he/she rest in peace” (singular) හෝ “may they rest in peace” (plural) වේ. එහි කෙටි යෙදුම ‘RIP’ වේ. මියගිය පුද්ගලයන්ගේ ආත්මය මරණින් මතු සාමය සොයා ගන්න යන්න මෙයින් අදහස් කෙරේ. මෙය බහුලව කතෝලිකයන්ගෙ සොහොන් කොත් වල දැකගත හැකි අතර රෝමානු කතෝලික අවමංගල්‍ය කටයුතු වලදී භාවිතා කල වැකියකින් ව්‍යත්පන්න වූවකි.

මෙය අප(බෞද්ධයන්) විසින් භාවිතා කරන “නිවන් සැප ලැබේවා” යන පාර්ථනාවට කිසිසේත්ම සමාන නොවන අතර බෞද්ධයන් ආත්මයක් පිළිබදව ද විශ්වාස නොකරයි. මෙලෙස මියගිය බෞද්ධයන් හට සාමාදානයේ සැතපීම පාර්ථනා කිරීම ඉතාමත් අණුවන ක්‍රියාවක් වන අතර මිය ගිය පුද්ගලයාටද කරන අපහාසයකි.මෙය අන්තර්ජාලයෙන් නතර නොකර ගත්තොත් බෞද්ධයන්ගෙ සොහොන් කොත් වලත් (අනුකාරකයන් විසින්)  “rest in peace” “RIP”  යනුවෙන් සටහන් කරන දිනය වැඩි ඈතක නොවනු ඇත. මෙහි ඇති අභාග්‍ය නම් සිංහල බෞද්ධ කම ගැන කතා කරන පුද්ගලයනුත් මේ දෙය කිරීමයි.මේ මෝඩ ක්‍රියාව අප වහා නතර කල යුතුය.

Advertisements
  1. මාරයාගේ හෝරාව
    2010 මැයි 27 දින පෙ.ව. 1:40 ට

    හොඳම ලිපියක්..
    අපේ ඉන්න හුගාක් බක පණ්ඩිතයින්ගේ වැඩ අපිවත් මඥ්ඥං කරවනවා..

  2. 2010 මැයි 27 දින පෙ.ව. 6:23 ට

    හොඳ ලිපියක් තරිඳු
    මේ වගේම තමයි, අවමංගල්‍ය අවස්ථා වලට බෞද්ධයන් දැන් දැන් කළු පාට ඇඳුම් අඳින්නත් හුරු වෙලා. මේ ගැනත් ඉදිරියට ඔබේ අවධානය යොමු වේවි කියලා විශ්වාස කරනවා.

  3. 2010 මැයි 27 දින පෙ.ව. 7:08 ට

    මේක නම් ගැටලුවක් තමයි..

  4. එරංග
    2010 මැයි 27 දින පෙ.ව. 7:38 ට

    එළ මචං.
    (නොහදු‍නන මචං ‍විසින්.)

  5. 2010 මැයි 27 දින පෙ.ව. 9:58 ට

    මෙය බොහෝ දුරට සිදුවන්නෙ තමන් කරන්නෙ මොකක්ද කියලවත් හරියට නොදැන, අනුන් කරන්නන් වාලෙ වැඩ කරන්න ගියාම. සමහරවිට මේ පිලිබඳව දන්න කෙනෙක් උනත් මෙහෙම දැක්කම හිතන්නෙ මැරිච්ච කෙනා අබෞද්ධ කියල. නමුත් ගොඩක් වෙලාවට හොයලා බැලුවම පෙනෙන්න තිබ්බෙ ඔහොම කියන කෙනත් බෞද්ධ, මියගිය කෙනත් බෞද්ධ කියල. ඉතින් පේනවනෙ අද සමජයෙ බෞද්ධයගෙ ක්‍රියාකලාපය. මෙහෙම ගියොත් හාමුදුරු නමක් අපවත් උනාමත් RIP කියල කියන දවස වැඩි ඈතක නෙමෙ. 😦

  6. මහ රාවණා
    2010 මැයි 27 දින පෙ.ව. 10:25 ට

    ඉතාමත් කාලෝචිත මාතෘකාවක්. මෙම ලිපිය සමාජය අතරට යා යුතුයි. ඔබට බොහෝ පින්.

    බුදු සරණයි !!!

  7. Hasitha
    2010 මැයි 29 දින ප.ව. 2:18 ට

    සුද්දෝ කරන වැඩ කුට්ටි පිටින් කොපි කරන්න ගිහින් සම හරක් අය කරන් වැඩක් තමා මේකත්. මේ විදිහට හෝ මේවා ගැන කතා කරන එක අගය කරන්න ඕනේ.

  8. හිතමිතුරු
    2010 මැයි 30 දින ප.ව. 7:05 ට

    මගේ අතිනුත් ඔය අකුරු තුන කිහිපවිටක්ම ලියවිලා තියෙනවා 😦
    ඒත් මමනම් දැන් හැදිලා…:)
    නිවනට එපිට මෙපිට සැපතක් නැතිකොට “ඇයි අපි සමාදානයේ සැතපෙන්නේ”

  9. 2011 ඔක්තෝබර් 20 දින පෙ.ව. 8:44 ට

    මේක මාත් කාලයක් තිස්සේ කතාකරන්න හිටපු මාතෘකාවක්.අහම්බෙන් දැක්කෙ.(මේ සබැඳිය මගේ ගුරුවරයෙකු මූණුපොතට දාල තිබුණා).ඇත්තම කියනවනම් මේ වාක්‍ය සිංහල බෞද්ධයෙකු වන මාත් භාවිත කරනවා.නමුත් ඒ මගේ අන්‍යාගමික මිතුරන් සඳහා.මොකද මට අවශ්‍ය වෙන්නේ ඔවුන් සමඟ දුක බෙදා ගැනීමට පමණයි.ඒ වගේ මොහොතක ඔවුන් විශ්වාස කරනදේ ගැන කතා කිරීම ඔවුන්ගේ හිත සැනසෙන මඟක් බව මම අත්දැකීමෙන් දන්නවා.
    නමුත් බෞද්ධයන් සඳහා මම මේ වාක්‍ය කිසිම වෙලාවක භාවිතා කරන්නේ නෑ.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: