නිවස > දුටුගැමුණු බළකාය > වෙසක් සත්කාරය

වෙසක් සත්කාරය

දුටුගැමුණු බළකායේද සහයෝගය ඇතිව, සීගිරි.කොම් වෙබ් අඩවිය මගින් සංවිධානය කරන ලද වෙසක් සත්කාරය වැඩසටහන් මාලාව අද ඉතා සාර්ථකව අවසන් විය. මෙම වැඩසටහනේ ප්‍රථම අදියර වශයෙන් පසුගිය 28 වන දින මහා සඟරුවන වැඩමවා ජාතික පිළිකා රෝහලෙහි සෙත් පිරිත් දේශනයක් පවත්වා නේවාසිකව ප්‍රතිකාර ලබන කුඩා ළමුන්ගේ සුවදුක් විමසා ඒ ළමයින් හට තෑගි බෙදා දීමක්ද සිදු කෙරුණි.

අද පැවති දෙවන අදියරේදී රුපියල් 190 000 ආසන්න වටිනාකමක් ඇති බෙහෙත් ප්‍රදානයක් ජාතික පිළිකා රෝහලේ අධයක්ෂක තුමිය වෙත සිදුකෙරුණි.

අන්තර්ජාලය හරහා මෙවැනි ආදර්ශමත් කටයුත්තක් සංවිධානය කිරීමට ලැබීමත්,  ඒ සඳහා දායක වීමට ලැබීමත් ගැන දුටුගැමුණු බළකාය වශයෙන් අපි හදවතින්ම සතුටු වන්නෙමු. ඉදිරියේදිත් මෙවන් ආදර්ශවත් වැඩසටහන් සදාහා දුටුගැමුණු බළකායෙහි පූර්ණ අනුග්‍රහය සහ සහභාගිත්වය ලබාදීමට ක්‍රියාකරන බව නැවතත් දන්වා සිටිමු.

අවසාන වශයෙන් මෙම වැඩසටහන් සදහා මූලිකත්වය දැරූ සීගිරි අඩවි පරිපාලක ඇතුලු සීගිරි සාමාජික සාමජිකාවන්ටත් දුටුගැමුණු බළකායේ සියලු දෙනාටත් අපගෙ ස්තූතිය පුදකළ යුතුවේ.

Advertisements
  1. 2010 ජූනි 2 දින පෙ.ව. 6:39 ට

    මේ වනවිට අතිසාර්ථක ලෙස නිම කිරීමට හැකිවූ “වෙසක් සත්කාරය” වෙනුවෙන් දුටුගැමුණු බලකාය සහා මෙහි සාමාජික සාමාජිකාවන් ලබා දුන් අපිරිමිත දායකත්වයට මගේ හද පත්ලෙන් නැගෙන ආදර ගෞරවය නැවත වරක්පුද කරසිටිනවා.
    ඒ වගේම ඔනෑම යහපත් කටයුත්තක් සදහා දුටුගැමුණු බලකාය වෙනුවෙන් ඔනෑම මොහොතක සීගිරි බලකොටුවේ දොරටු විවර කර ඇතිබව දනුම් දෙන්නේ හදපිරි සතුටිනි.
    ස්තූතියි.
    ෴ඇඩ්මින්෴
    http://www.seegiri.com
    ඊ මේල්- wwwseegiricom@gmail.com
    seegiri.com@gmail.com

  2. Hasitha
    2010 ජූනි 2 දින පෙ.ව. 6:42 ට

    සාදු සාදු සාදු
    මේ වගේ සත් කාර්යයකට දායක වූ සැමට නීරෝගී සුව අත් වේවා.

    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි ද එය බුදුන්ට උපස්ථාන කලා හා සමානයි” කියලා. මේ විදිහට හරි ගිලනුන්ගේ සුව දුක් බලා ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා කළ සත් කාර්යය සැබවින්ම අගය කරමි.

  3. lakmini madhavi
    2010 ජූනි 4 දින ප.ව. 12:37 ට

    oyala wage aya innakam ape ratata waradinne ne .oyalata godak pin me karana dewal walata .
    apith asai oyala eakka eakathu wela punchi hari dayakathwayak laba denna .eahema kramayak thiyenawada?

  4. චූටි මල්ලි
    2010 ජූනි 30 දින පෙ.ව. 10:59 ට

    සාදු සාදු සාදු !!
    මෙම යහපත් කටයුත්ත සදහා මටත් සහබාගි වීමට අවස්ථාව ලබාදීම සම්බන්දයෙන් ස්තූතිවන්ත වෙමි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: