නිවස > ඉතිහාසය, කාළීන සිදුවීම්, බුදු දහම > ..:: පොසොන් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

..:: පොසොන් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

දිගු විරාමයකින් අනතුරුව මා මෙවර ලිපියෙන් ඉදිරිපත් කරනුයේ “පොසොන් පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම හා අවස්ථා” යි. මුළුමහත් ශ්‍රී ලංකා වාසී ජනයා හට ඉතාමත් වැදගත් ආගමික හා සංස්කෘතික දිනයක් ලෙස මෙම දිනය හැදින් විය හැක.

  • අප මුළු මහත් මාතෘ භූමියම පැහැදිලි අවබෝධයකින් යුතුව බුදු දහම වැළදගත් දිනය ලෙස අපට මෙම  “පොසොන්” පුන් පොහොය දිනය හැදින්විය හැක.  හුදෙක් ස්වයං විනෝදය පිණිස මුව දඩයමේ යෙදී සිටි “දේවානම් පියතිස්ස” රජු හට “මිස්සක පව්ව” අසලදී හුදෙක් මුළු ශ්‍රී ලංකා වාසී ජනයා පිළිබදව අව්‍යාජ අනුකම්පාවකින් ජම්බුද්දී(වී)පයේ සිට වැඩි “මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු පිරිස(ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා) මුණ ගැසුනේ මෙම උතුම් පොහොය දිනයේ දීය. රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කලේය. මෙඟි ඇති තවත් විශේෂයක් වනුයේ මෙම චුල්ල හත්ථි පදෝපම සූත්‍රය මිහිදු හිමියන් විසින් ප්‍රථම වරට දේශනා කරන ලද බණ වීමයි. මෙහි වටිනා කම පිළිබදව සැලකුවහොත් එය “දම්සක් පැවතුම්” සුත්‍රය තරමටම වටින්නේය. ඉන් අවසානයේදී මේයට සහභාගී වී සිටි අනෙකුත් දෙවි දේවතා සමූහයට “සචිත්ත පරියාය” සූත්‍රය දේශනා කළහ.

  • චූල හත්ථි පදෝපම සූත්‍රය පිළිබදව ස්වල්ප විග්‍රහයක් කළහොත්, මෙම සූත්‍රයෙන් අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ සම්‍යක් සම්බුද්ධ භාවයත්, ධර්මයෙහි ඇති සත්‍ය භාවයත්, සංඝයා වහන්සේලා සතු අප්‍රමාණ ගුණ මහිමයත් හා ත්‍රිවිද රත්නයේම ඇති අති ශ්‍රේෂ්ඨත්වයත් පෙන්වා දෙයි.
  • මිහිදු මාහිමියන්ගේ වැඩමවීම පිළිබද්ව තවදුරටත් සාකච්ඡා කරන කළ උන් වහන්සේ මෙරටට වැඩම කොට ඉන් පසු දින අනුරාධපුරයට වැඩම කොට රජගෙදර විශේෂ මණ්ඩපයක සිටි බිසෝවරුන් ඇතුලු 500ක් කාන්තාවන් පිරිසකට “විමානවත්ථු, පේතවත්ථු හා සච්ච සංයුක්ත” යන ධර්ම දේශනා කළහ. ඉන් අවසන “අනුලා” දේවිය ඇතුළු 500ක් කාන්තාවෝ සෝවාන් වෝ අනාගාමී විය. ඉන් දෙවන දිනයේදී රජුගේ ඇත් හලේදී රට වැසියා වෙනුවෙන්  “දේව දූත” සූත්‍රය දේශනා කළහ. ඉන් අනතුරුව 1000ක් දෙනා  සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී “බාල පණ්ඩිත” සූත්‍රය දේශනා කිරීමෙන් 1000ක් කාන්තාවන් සෝවාන් විය. මේ වන විට 2500කට අධික පිරිසක් මාර්ගඵල ලබා සිටියහ. තුන්වන දිනයේ දී මිහිදු හිමියන් රජමාළිගයෙන් දන් වළඳා “නන්දන” වනයෙහි වැඩ සිට “ආසීවසෝපම” සූත්‍රයද හතර වන දිනයේදී “අනමතග්ගිය සංයුක්තිය” දේශනා කළ අතර ඉන් අනතුරුව 1000ක් දෙනා  ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින “ධම්ම චක්ක පවත්තන” සූත්‍රය දේශනා කළේය. එසේ දින හතක් තුළදී 8500කට අධික ප්‍රමාණයක් මාර්ග ඵල අවබෝධය ලැබීය. මෙසේ මිහිදු හිමියන්ගේ ලංකා ගමනය නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩවිසූ උයන “ජෝතිය” උයන ලෙසින් හැදින් විනි.
  • තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයකි. ඉන් එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද,  ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු විය.

මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසු සුදුවූ ආගමික හා සංස්කෘතික විපර්යාස පිළිබදව වෙනමම ලිපියකින් කථා කලයුතු තරමටම  කරුණු කාරණා ඇත. එහෙයි අප එම ලිපිය “දුටුගැමුණු” බළකායේ සොයුරු සොයුරියන් සමග එකතුව පාඨක ඔබට ඉතා වටිනා දැනුම් සම්භාරයක් අඩංගු ලිපියක් ඉදිරියේදී පල කරන්නම්. මෙම ලිපියෙහි වැරදි අඩුපාඩු සිදුවිය යුතු සංශෝධනයන් වෙතොත් ඒ පිළිබදව අප දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! දළදා සමිදු පිහිටයි !!! අයියනායක දෙවියන්ගේ ආරක්ෂාවයි !!!

  1. Hasitha
    2010 ජූනි 25 දින පෙ.ව. 8:10 ට

    වටිනා ලිපියක්. යමක් එකතු කරන්න කැමතියි…..

    චුල්ල හත්ථ පදෝපම සූත්‍රයෙන් ත්‍රිවිධ රත්නය ගැන තත්වාබෝධයක් ලබාදෙන අතර යම් අයෙක් බුදු සමය පිළිගෙන භික්ෂුවක් වන අන්දම විස්තරයක් මෙහි ඇතුළත් වේ. එහිදී පළමුව තෙරුවන් කෙරෙහි පැහැදෙන පුද්ගලයා ක්‍රමයෙන් කය සහ වචනයේ සංවරබව ඇති කරගෙන චාරිත්‍ර වාරිත්‍ර සීලයන්හි පිහිටන අන්දමත් එහිදී භික්ෂු ජීවිතයට පත්වීම අවසානයේ භික්ෂු ජීවිතටේ අග්‍ර ඵලය වෙන අර්හත්බාවය ලබා ගැනීම ගැනද විස්තර මේ සූත්‍රයේ ඇතුළත්. ඒ වගේම චතුරාර්ය සත්‍යය දේශනාව වගේ බුදු දහමේ මූලික සංකල්ප රැසක්ද මේ සූත්‍රයේ ඇතුළත්….

    ඔබ සියළු දෙනා කරගෙන යන්නා වූ සත් කාර්යයන් තව දුරටත් ඉදිරියට කරගෙන යාමට තුණුරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ආශිර්වාද ලැබේවා !!!

    • මහ රාවණා
      2010 ජූනි 26 දින ප.ව. 10:06 ට

      ඔබ දැක්වූ සහයෝගයට ගොඩාක් ස්තූතියි හසිත සහෝදරයා. ඔබ තවත් වැදගත් කරුණු ටිකක් මෙම ලිපියට තව එකතු කළා.

      බුදු සරණයි !!!

  2. නුවන් බුද්ධික
    2010 ජූනි 25 දින ප.ව. 3:11 ට

    වැදගත් සටහනක්…
    අපේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් සංධිස්ථානයක් මේ විදිහට සටහන් කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි. තවත් විස්තර බලාපොරොත්තු වෙනවා අපේ දයාබර සොයුරු සොයුරියන්ගෙන්…

    සැමට තෙරුවන් සරණයි…!!!

  3. හිතමිතුරු
    2010 ජූනි 25 දින ප.ව. 5:22 ට

    ඇත්තටම දේවානම්පියතිස්ස වගෙ බුද්ධිමත් රජ කෙනෙක් එකල රට පාලනය කල නිසා,
    බුදුදහම අවබෝධකරගෙන ගෞරවයෙන් වැලඳගත්තා.
    එසේ නොවන්නට මහින්දාගමනය ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ සංධිස්ථානය හෝ ආරම්භය නොවන්නට ඉඩ තිබුණා.
    අගනා ලිපියක්..:)
    හරවත් පණිවිඩයක්..
    සැමට ජය, තෙරුවන් සරණයි..!

    • Hasitha
      2010 ජූනි 25 දින ප.ව. 9:59 ට

      රජතුමාගේ බුද්ධිමත්බව හොදින්ම පේනවා රජතුමා මිහිඳු හාමුදුරුවෝ අහපු අඹ ප්‍රශ්නයට හා ඥාති ප්‍රශ්නයට උත්තර දීපු විදිහෙන්…………

  4. හෙළයා
    2010 ජූනි 26 දින පෙ.ව. 2:01 ට

    ඒ කාලෙත් දැන් වගේ බුද්ධිමත් දේශපාලඥ්ඥයෝ හිටියනම් අද මේ රටේ බුද්ධාගමත් නෑ

  5. අඛිල
    2010 ජූනි 26 දින පෙ.ව. 10:47 ට

    ඉතා වටිනා වැදගත් ලිපියක්, ඔබ සැමට බොහෝ පින්..

  6. මහ රාවණා
    2010 ජූනි 26 දින ප.ව. 10:11 ට

    නුවන් බුද්ධික :

    වැදගත් සටහනක්…
    අපේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් සංධිස්ථානයක් මේ විදිහට සටහන් කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි. තවත් විස්තර බලාපොරොත්තු වෙනවා අපේ දයාබර සොයුරු සොයුරියන්ගෙන්…

    සැමට තෙරුවන් සරණයි…!!!

    හිතමිතුරු :

    ඇත්තටම දේවානම්පියතිස්ස වගෙ බුද්ධිමත් රජ කෙනෙක් එකල රට පාලනය කල නිසා,
    බුදුදහම අවබෝධකරගෙන ගෞරවයෙන් වැලඳගත්තා.
    එසේ නොවන්නට මහින්දාගමනය ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියේ සංධිස්ථානය හෝ ආරම්භය නොවන්නට ඉඩ තිබුණා.
    අගනා ලිපියක්..:)
    හරවත් පණිවිඩයක්..
    සැමට ජය, තෙරුවන් සරණයි..!

    අඛිල :

    ඉතා වටිනා වැදගත් ලිපියක්, ඔබ සැමට බොහෝ පින්..

    ඔබලා දැක්වූ ප්‍රතිචාර වලට ගොඩක් පිං. ඔබතුමන්ලාගේ ප්‍රතිචාර අප දිරිමත් කිරීමක්.

    තෙරුවණ් සරණයි !!! දළඳා සමිදු පිහිටයි !!!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: