නිවස > කාළීන සිදුවීම් > නවීන පොසොන් බැති ගී

නවීන පොසොන් බැති ගී

මේ කියන්නට යන සිද්ධිය පසුගිය පොසොන් පුන් පෝ දින අප කණ්ඩායම විසින් ලද අත්දැකීමකි. පසුගිය මාසයේ වෙසක් දිනද මෙවන් බහුරූ කෝළම් දැක සංවේගයට පත්ව “වෙසක් සමරමින් සසර දික් කරගැනීම” යන ශීර්ෂය යටතේ ලිපියක් අප විසින් මෙහි පල කල අතර බොහෝ දෙනාගේ අවධානයට එම ලිපිය පාත්‍ර වූ අයුරුද දුටිමු. එබැවින් මෙවරද මේ ගැන දීර්ඝ විස්තරයක් කරන්නට බලාපොරොත්තු නොවෙමු.

පොසොන් වන්දනාවේ යන සැදැහැවතුනට සංග්‍රහ කරනු වස් පැවැත්වූ දන්සැලකි. දන්සැලෙහි කටයුතු එහි සංවිධායකයන් විසින් මනාව පිලිවෙලකට කරගෙන ගිය බවද දක්නට ලැබිණි. එහෙත් රෑ වෙනවිට දන්සැලේ ස්වභාවය වෙනස් විය. රාත්‍රි භාගයේදී, අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන් නම් ගායකයාගේ ගීත නාදයෙන් දන්සැල හැඩගැන්විණි. බැතිමත්හු බුද්ධාලම්භන ප්‍රීතියෙන්ද කොහෙදෝ නටන්නට පටන්ගෙණ තිබිණි. දස පාරමී, දස කුසල්, සතර සංග්‍රහ වස්තු ආදී මේ සියල්ලෙහිම ප්‍රථම ස්ථානය ගන්නා දානය සැබැවින්ම මහඟු පින්කමකි. අප විසින් කල යුත්තේද ඇති හැකි අයුරින් නිතරම දානමානාදියෙහි යෙදීමයි, කුසල් රැස් කිරීමයි. එනමුදු දන් දීමෙන් කුසල් රැස් කරගැනීමද කරන්නන්වාලේ කිරීමත් යෝග්‍ය නොවේ. නියම සැදැහැවත් බෞද්ධයන් ලෙස සිත, කය, වචනය යන තුන් දොර දමනය කරගෙන සංවරව කුසල ක්‍රියාහි යෙදීම වඩාත් යහපත් සහ පිලිගත් ක්‍රමයයි. නමුත් වර්තමානයේ බහුතරයක් සැදැහැවතුන් දන්සැල් දෙන්නේ මේ කිසිවක් හිත්හි තබාගෙන නොවෙයි.  හුදෙක් උත්සව සමයේ සිය විනෝදය තකායි, ගමට වැඩක් කල බව පෙන්වන්නටයි, ගමේ ජනතාව අතර ප්‍රචලිත වන්නටයි. සෑම වසරකම  හැම වෙසක්, පොසොන් පෝයකටම මෙලෙස දන්සැල් දීලත් මෙවන් සැදැහැවතුන් මරණින් මතු දුගතියක ඉපදුනොත් ඒත් පුදුම විය යුතු නැත. මන්දයත්  කරන පිනක් අනුමෝදන් වීමට චේතනාවම මුල්වන බැවිනි.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ එම සත්‍යයි. කුසල චේතනාවන් මුල්කොට ගෙන, තුන් දොර සංවර කරගෙන, දැහැමෙන් කරන පුණ්‍ය කටයුතුම කුසලානිසංශ වලට හේතු වේ.

මෙම සැදැහැවතුන්ගෙන් අප කරන එකම ඉල්ලීම නම් කිරි කල වලට ගොමබිඳු එක් නොකරන ලෙසයි.

  1. pree
    2011 ජූනි 27 දින පෙ.ව. 9:25 ට

    අනේ අනිච්චං

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: