නිවස > දුටුගැමුණු බළකාය, සැරිසර > මාලිගාතැන්න විවේක සේනාසනය – සැරිසර වාර්තා

මාලිගාතැන්න විවේක සේනාසනය – සැරිසර වාර්තා

බස්නාහිර පලාතේ පිහිටි උසම ස්ථානය අපට හමුවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිගාතැන්නෙන්. මෙම මනරම් ගල්තලාව මත පිහිටි මාලිගාතැන්න විවේක සේනාසනය නරඹන්න දුටුගැමුණු සැරිසර කණ්ඩායම නොබෝ දිනක පිටත් වුණා.  මාර්ගය දෙපස පිහිටි මනරම් වෙල්යාය පහු කරගෙන විහාරස්ථානයට යන ගමනෙදි අවට පරිසරයෙ නිස්කලංක බවත් එක්ක අපේ හිතත් ඉබේම සැහැල්ලු වෙනවා.  විහාරස්ථානය පිහිටලා තියෙන්නෙ කන්ද පාමුලට වෙන්න. සියවස් ගණනක්  ඉපැරණි මේ පුදබිම කලින් කලට පැමිණි සතුරු ආක්‍රමණයන්හිදී හෙළ රජදරුවන්ට ආරක්ෂාව සැපයූ ස්ථානයක් බව ඉතිහාසයේ සඳහන්. එසේ මාලිගාතැන්න පුදබිමේ ආරක්ෂාව ලද රජවරුන් අතර අනුරපුර යුගයේ වළගම්බා රජුත් වෙනවා.

සේනාසනය පසුකරගෙන අපි ඊලඟට ගියේ පර්වත මුදුනෙ පිහිටි උඩ මළුවට.  උඩ මළුවේ ඇති චෛත්‍යය, බෝධිය මෙන්ම පසෙකින් දක්නට ලැබෙන කුඩා පොකුණද අපේ සිත්ගත් අංගයන් වුණා.  මෙම විහාරයට බොහෝ පැරණි ඉතිහාසයක් ඇති බවට තවත් සාධකයක් ලෙස කටාරම් කෙටූ ලෙන් කිහිපයක්ම අපට දක්නට ලැබුණා.  මේ සියල්ලටම වඩා පැහැදිලිව මුළු බස්නාහිර පලාතම පර්වත මුදුනට බොහොම අපූරුවට දර්ශනය වෙනවා. නමුත් උඩ මළුවේ චෛත්‍යයට ලඟා වෙන්නට ඇති මාර්ගය තරමක් දුෂ්කරයි.  සකස් කල ගල් පඩි පෙළක් තිබුණත්, පඩි සකස් කර නොමැති, ඉතා සුපරික්ෂාකාරීව ගමන් කලයුතු ප්‍රදේශයකුත් හමු වෙනවා. එම නිසා මාලිගාතැන්න බලන්නට යන අය හොද කල්පනාවෙන් පර්වත මුදුනට යා යුතු බවත් මතක් කර දෙන්න ඕනෙ.

ඉතාම සුන්දර වටපිටාවක, ඉතිහාසයේ වැදගත් පරිච්ඡේදයන් හා සබැඳිව පවතින මාලිගාතැන්න විවේක සේනාසනයෙන් පිටත් වෙන වෙලාව හිතුවටත් වඩා ඉක්මණට එළැඹුනේ අපේ කාර්‍යබහුලත්වය නිසාමයි. කෙසේ වෙතත් විහාරයේ ඇති පැරණි කැටයම්, හිඳි පිළිමය, බෝධිය, කටාරම් කෙටූ ලෙන් ආදී මේ සියල්ල දැකබලා ගැනීමෙන් අනතුරුව  මේවා සංරක්ෂණය කර රටේ අනෙකුත් පුරවැසියන්ද මේ ගැන දැනුවත් කිරීමේ වැදගත්කම අපේ හිත් වලට දැණුනා. නිවාඩු දවස් වලට මෙසේ සැරිසර  තුලින් අප කණ්ඩායම ඉපැරණි පුදබිම් සොයා ගොස් අපේ උරුමයන් ගැන ලක් වැසියන් දැනුවත් කිරීමට මෙසේ පෙළගැසී සිටීම ගැන විටෙක අපේ හිත්වලට නැගෙන්නෙත්  පුංචි අහිංසක ආඩම්බරයක්.  යන යන හැම නගරයකම බෞද්ධ පුදබිම් පිරුණු මේ පුංචි රට හැබෑවටම ධර්මද්වීපයක්.

  1. Hasitha
    2010 ජූලි 5 දින පෙ.ව. 7:28 ට

    වටිනා ලිපියක්. ස්තුතියි අපිට කරුණු කිව්වාට. පුලුවන් වුණු දවසක් යන්න ඕනේ.

    මාලිගාතැන්න ගැන කියන තවත් ලිපියක් මෙන්න….

    http://www.chandrapadma.co.cc/2009/08/blog-post_09.html

  2. මාරයාගේ හෝරාව
    2010 ජූලි 5 දින පෙ.ව. 10:06 ට

    මාළිගාතැන්නත් වළගම්බා විහාරයක්.
    සතුරු උපද්‍රව වලින් බේරෙන්න වළගම්බා රජු සැගවී සිටි ස්ථාන පෙළක්ම අවට තියෙනවා.
    අත්තනගල්ල
    වාරණ
    මාළිගාතැන්න
    පිළිකුත්තුව
    වෑබඩ
    දරණගම

    මේ විහාර එක පෙළට පිහිටලා තියෙන ඒවා.
    අත්තනගල්ලට නැග්ගහම වාරණත්,
    වාරණ කදු මුදුනට නැග්ගහම මාළිගාතැන්නත්,
    මාළිගාතැන්නට නැග්ගහම පිළකුත්තුවත්,
    පිළිකුත්තුවට නැග්ගහම වෑබඩත්,
    වෑබඩ පන්සල් මුදුනට දරණගමත් ආදී වශයෙන් එකින් එක තැන් පේනවා.
    රජු එක් තැනක එක රැයකට වඩා රැඳී නොසිට තැනින් තැනට මාරු වෙමින් තමා ඉඳලා තියෙන්නේ…
    මේ විහාර වළින් මා තවම දරණගම පන්සලට ගිහින් නැහැ.
    ඒ හැර අන් සියළුම තැන් මම නිතර යන එන තැන් වෙලා තිබුණා කාලයක්.

    ඔයින් එක පන්සලක් අපේ ගම.
    දැන් මම ඉන්නෙත් තවත් ඔය විහාර ආසන්නයේමයි.

    අනිත් විහාර කිහිපයත් බලන්න යන්න.

  3. 2010 ජූලි 7 දින ප.ව. 3:56 ට

    මාලිගාතැන්න විහාරයට සබැඳි අනෙකුත් විහාරයන් ගැනත් අප දැනුවත් කල මාරයාගේ හෝරාවට ස්තුතියි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: