නිවස > කාළීන සිදුවීම්, ධර්ම සාකච්ඡා > බුදු බණ ඇසුවට නිරන්තරේ ….

බුදු බණ ඇසුවට නිරන්තරේ ….

අද අපි සයිබර් අවකාශයේ හෙළ හඬ මගින් ආරම්භ කරන්න යන්නෙ වෙනස්ම වැඩක්. අළුත් දෙයක්.  අප මහ බුදුරජාණන් වහන්සේ මංගල කාරණයක් ලෙස හඳුන්වා  “කාලේන ධම්ම සාකච්ඡා – ඒතං මංගල මුත්තමං” යනුවෙන් දේශනා කල,  සුදුසු කල්හි ධර්ම සාකච්ඡා පැවැත්වීමේ වැදගත්කම පෙරදැරි කරගෙන අපි සූදානම් වෙන්නෙ අපේ පාඨක මිතුරු මිතුරියන් සමඟ ධර්ම සාකච්ඡාවකට අවතීර්ණ වෙන්නයි.  අපි පළමුවෙන්ම කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ වත්මන් බෞද්ධයාගෙ නිර්වාණ මාර්ගය ගැනයි.  මේ සම්බන්ධ දහම් කරුණු හා තම අදහස් අප සමඟ බෙදා ගන්නට ආරාධනා කරමින් මේ ධර්ම සාකච්ඡාව සම්පූර්ණ කරන්න අපි භාරදෙනවා පාඨක ඔබට.

මාර්ගඵල වලට නොපැමිණි බෞද්ධයන් සංසාර‍යෙ ගමන් කරන්නේ නිවන් ලබා ගැනීමෙ අරමුණින් …… හැබෑටම අපි ජීවත් වෙන්නෙ, පින් දහම් කරන්නෙ ඒ අරමුණින්ද?  නිවන් දැකීම සදහා ඔබලා කටයුතු කරන ආකාරය ගැන දැන ගැනීමටත් අපි කැමතියි.

  • තමන් නිවන් දැකිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව ( බුදු, පසේබුදු, අරහත්) අදහසක් තියෙනවාද?
  • ඒ පිළිබදව සිතා හෝ තිබෙනවාද?
  • ඒ සදහා කටයුතු කරනවාද?
  • එසේ නම් ඒ කෙසේද?
  • එසේ නොමැති නම් එය වචනයකට පමණක් සීමාවූවක්ද?

යනාදී කරුණු පිළිබඳව තම තමන්ගෙන්ම අසා දැනගෙන තිබීම නිවන් මාර්ගයෙහි ගමන් කරන සැදැහැවත් බෞද්ධයෙකුට වටිනවා.  අපි අපෙන්ම මෙවන් ප්‍රශ්න අසා දැනගෙන අපේ හිතට දැනෙන කරුණු මේ ධර්ම සාකච්ඡාව මගින් මිතුරන් සමඟ හුවමාරු කරගමු.

මේ භවයේ නම් අපට නිවන් දැකිය නොහැකියයි සිතා සිටින පිරිසකුත් අප අතර වේ.  නමුත් මෙම භවයේ  නිර්වාණාවබෝධ කරගත නොහැකියැයි සිතා එය ලබන ආත්මයකට කල් දැමීම නොකල යුත්තක් සේ පෙනේ. මේ ලැබූ දුර්ලභ මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගෙන මේ භවයේදීම නිර්වාණය අවබෝධ කරගැන්මට අධිෂ්ඨාන කරගැනීම වටී. නොඑසේනම් ඉදිරි භවයකදී හෝ අඩුම තරමින් මතු බුදුවන මෛත්‍රී බුදුන් වහන්සේගේ ශාසනයේදී  හෝ අර්හත් ඵලයට පැමිණ නිවන් අවබෝධ කරගැනීමට අධිෂ්ඨාන කරගෙන ඒ සඳහා කටයුතු කල හැක.  එබැවින් නිර්වාණය පිළිබඳ අප ඉහත ඇසූ පැනයන්ට පිළිතුරු සපයමින් මෙම කතිකාවතට උර දෙන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

තෙරුවන් සරණයි!

  1. Kanishka Dilshan
    2010 ජූලි 18 දින පෙ.ව. 7:56 ට

    ඉතාම වටිනා ලිපියක්,
    අප ඉදිරියේ තිබෙන මේ භවයේදී නිවන් අවබෝධ කල නොහැකියයි සිතන කෙනා නොපෙනෙන ඉදිරි භවයන් වලදී නිවන් අවබෝධ කල හැකියි සිතයි කියා කෙසේ නම් සිතන්නද!. මේ අති දුර්ලභව ලැබී ඇති ක්ෂණ සම්පත්තිය අපිට මඟ හැරුණොත් තව කොපමණ කල්ප ගනණකට අපිට බුදුවරුන් ගැන, රහතුන් ගැන, නිවන ගැන… අසන්නට නොලැබේවිද!.
    තෙරුවන් සරණයි!!!

  2. 2010 ජූලි 18 දින පෙ.ව. 8:55 ට

    ඉතා හොඳ ලිපියක්….

  3. 2010 ජූලි 18 දින පෙ.ව. 10:34 ට

    Kanishka Dilshan :

    ඉතාම වටිනා ලිපියක්,
    අප ඉදිරියේ තිබෙන මේ භවයේදී නිවන් අවබෝධ කල නොහැකියයි සිතන කෙනා නොපෙනෙන ඉදිරි භවයන් වලදී නිවන් අවබෝධ කල හැකියි සිතයි කියා කෙසේ නම් සිතන්නද!. මේ අති දුර්ලභව ලැබී ඇති ක්ෂණ සම්පත්තිය අපිට මඟ හැරුණොත් තව කොපමණ කල්ප ගනණකට අපිට බුදුවරුන් ගැන, රහතුන් ගැන, නිවන ගැන… අසන්නට නොලැබේවිද!.
    තෙරුවන් සරණයි!!!

    ඔබ කියා ඇති පරිදි නිවන් අවබෝධ කිරීම කල් දමන තැනත්තා මේ ලැබී තිබෙන දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. මේ ලිපියේ අසා ඇති ප්‍රශ්න වලටත් ඔබගේ පිළිතුරු ලබාදී කතිකාව තව දුරක් ගෙනයාමට හැකිනම් අගෙයි.

    තෙරුවන් සරණයි!

  4. 2010 ජූලි 18 දින පෙ.ව. 10:48 ට

    Shadow/හේමලයා :

    ඉතා හොඳ ලිපියක්….

    ස්තුතියි මිතුර ….. අපේ ප්‍රශ්ණාවලියට පිළිතුරු දෙමින් ධර්ම සාකච්ඡාවටත් එකතු වියහැකි නම් මැනවි.

    තෙරුවන් සරණයි!

  5. 2010 ජූලි 18 දින ප.ව. 2:00 ට

    ඉතාම වැදගත් ලිපියක්
    නිවන් අවබෝධ කිරිම ඉලඟ භාවයට කල් දමන තැනැත්තා දන්නවාද ඔහුට ඉලඟ භාවයේදි මිනිස් අත්මයක් හො බුදු දහාම අදහන තැනකවත් ඉපදේන්න ලැබේවි කියා ඉතින් ඔහු මේ ඉලඟට ලැබේන අත්මය ගැනවත් නොදැන ඔහු කොහොමද නිවන් අවබෝධ කිරිම ඉලඟ භාවයට කල් දමන්නෙ ඇත්තෙන්ම ඔහු මේහෙම කිරිම තුලින් මේ සසර තුල අතරමං වෙනවා නොවෙද?. නිවන් අවබෝධ කිරිම ඉලඟ භාවයට කල් දමන් තැනැත්තා බෞධයේක් උනත් ඔහුට මෙම බුදු දහාම පිළිබදව හරි හැටි අව‍බෝධයක් නොතිබෙන්න පුළුවන් නේද?.

    ඉතින් මේ ලැබි ඇති දුර්ලබ මිනිස් අත්මය තුලදිම අපි නිවන් දකිමු.

    ඔබ සැමට තෙරුවන් සරණයි!

  6. 2010 ජූලි 31 දින ප.ව. 2:06 ට

    හැකි ඉක්මනින් නිවන් ලබාගනු ප්‍රිය තැනැත්තා සිල්වත් විය යුතුයි. මූලිකම සීලය වන පන්සිල් හි පහත දේ කියෙවේ. ඒ කියන්නේ සත්ව ඝාතනය (හිංසා) නොකිරීම, සොරකම් නොකිරීම, කාමය වරදවා නොහැසිරීම, බොරු නොකීම, මත වන දේ පාවිච්චි නොකිරීම.ආශාවන්, බැඳීම් ඇත හල යුතුයි. මමය, මාගේය, මට අයිතිය යන මමත්වය අවම කර ගත යුතුයි.
    යුද්ධ කිරීම සත්ව ඝාතනයක් බවයි පෙනෙයි. ඒ නිසා පෙරකී පුද්ගලයා එහි නියලීම සුදුසු නොවේ. මොනම හේතුවක් මතවත් බොරු කීමද සුදුසු නොවෙයි. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මා විසින් රැක ගැනීම සඳහා සටන් වැදිය යුතුය යන අදහසේ, මමය, මාගේය, මට අයිතිය යන මමත්වයත්, රට ජාතිය ආගම පිලිබඳ වූ මහත් වූ බැඳීමකුත් අඩංගු වී ඇති බව පෙනේ. ඊට අමතරව එම අරමුණින් සත්ව හිංසනයේ යෙදීමත් විටෙක දැක ගත හැක. ඉහත කී පුද්ගලයා හට එවැන්නක් සුදුසු නොවන බව පෙනෙන්නට තිබේ. ඊට අමතරව, තම මවුපියන්, සහකාර, සහකාරියන්, දරුවන්, මිතුරන් හා ඇති බැඳීම් ද අත්හැරිය යුතු වෙයි. මීට අමතරව විදසුන් වැඩීම, ආශා, වෛර, ක්‍රෝධ, වැනි කෙලෙස් තැවීම වැනි තවත් බොහෝ සංකීර්ණ දේ සිදු කල යුතුව ඇත.

    • තරිදු
      2010 අගෝස්තු 3 දින පෙ.ව. 1:15 ට

      බුද්ධ ශාසනයේ ආරක්ෂාවට කටයුතු කිරීම පවක් ලෙස පිලිගත නොහැක. අන්සතු රාජ්‍යයක් පැහැරගනු වස් කරන යුද්ධයක් පාපී ක්‍රියාවක් වුවද බුදු ශාසනය ආරක්ෂා කර ගැනීමේ චේතනාවෙන් සටන් වදින්නා පාපී ක්‍රියාවක් නොකරයි. උපැවිදිව සොළීන් හා සටන් කොට, රාජ්‍යය බේරාගෙන නැවත සිවුරු දරා අර්හත් ඵලයට පැමිණි ථෙරපුත්ථාභය රහතන් වහන්සේ අමතක වීද? විශේෂයෙන්ම සිංහල බෞද්ධයා බුදු දහම රැකගන්නට ඉදිරිපත් වන්නේ නැත්නම් වසර 5000ක් පවතිතැයි කියන ගෞතම බුද්ධ රාජ්‍යය ඉබේ රැකේවිද? නැත. බුදු සසුන කෙතරම් කලක් රැකේ යයි සඳහන් වේද එම අන්තිම මොහොත දක්වා ශාසනය ආරක්ෂා කිරීම සිංහලයා සතු යුතුකමකටත් වඩා වගකීමකි.

      ”මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජ සැප පිණිස නොවේ. සම්බුද්ධ ශාසනයේ දියුණුව පිණිසය.” ~ දුටුගැමුණු රජතුමා
      .

  7. 2010 අගෝස්තු 5 දින පෙ.ව. 5:13 ට

    ඔබ කියන දේ පිලිගනිමි, මම උදක්ම පැවසුවේ ‘හැකි ඉක්මනින්’ නිවන් ලබාගනු රිස්සන් ගැන පමණි. අන් යට දහම බේරා ගෙනිමට යුද්ද කිරීම වැරදි හෝ නිවැරදි තාවයක් දැකීමට අපොහොසත්මි. බුදුන් වහන්සේ සිටියානම් අසා දන ගැනීමට තිබිණි.
    ඔබත් පෙරකී ආකාරයේ තැනැත්තෙක් නම් පහත ධර්මය දේශනයට සවන් දීමට කැමති වෙතයි සිතමි. (nothing to do with war and Buddhism, only about achieving understanding)
    http://www.sobhana.net/audio/sinhala/pgunaratana/indexm.htm

  8. chamara
    2010 අගෝස්තු 14 දින ප.ව. 11:42 ට

    Mama danna vidiyata uththara dennam obe prashna valata. Mata Sinhala typing bari veema gena sama venna.

    Api godak dena nivana kiyana de aramunu karana bavak penenne na. Eyala laukika sepa genama alila innava. Ahala thiyena nisa, nivana kiyala deyak gena hithe thiyenava. Namuth e sandaha aramunu vechcha maavathak na.

    Budun vahanse dharmaya desana kale laukika aramunak sandaha nevei. Nivana sandaha. Meka itha vedagath. Ada samaharu meka patalagena. Nivana aramunu kala kenage laukika karunu nikanma sampoorna venava. Laukika aramunu thiyena kenage aasaaval methekai kiyala kiyanna puluvanda?

    Palamu kaaranaya api nivana aramunu karagena api karana siyalu de kala yuthui. Sasara gamana kelavara kireeme vatinakama therum gatha yuthui. budun vahanse desana kala paridi hisa ginigaththeku ginna niva gannata hadanavatath vadiya ikmanin…

    Ethakota kenek ahanna puluvan, mokakda me nivana? Nivana kiyanne thanhava nathi kalama ena svabhavaya. Api avidyaven andha vela, thanhaven loketa bandila innakal gatum godakata madi vela. Hithanna e aasaaval, bandeem tikakin hari adu una nam kochchara senaseemakda? Yam kisi kenek e vidiyata yam pamanakin hari thanhaven, avidyaven midunoth, e pamanin eya nivana dakinava. Anna ehemai nivan maargaye yanne. Yanna yanna paara thava issarahata penenava.

    Ehema nam, sansaara gamana navathvanne kohomada? E sandaha maargaya hoya gaththe budu hamuduruvo. Budun vahanselata pamanai e maargaya thama svothsahayen labenne. Api un vahansege sravakayo. E dahama ahala thamai api dena ganne. E asuva vu dahama api menehi kala yuthui. Namuth palamu avashyathava, kalyana mithurekgen dahama aseema. Varadi dahamak asuvoth api amaaruve..

    Ehenam hari veradi dahama thoranne kohomada? Budun vahanse desana kala “aththahi aththano naatho” Apimai eya theeranaya karanna oone. E gena budun vahanse desana karanava mehema. “yamak raaga kshayata, moha kshayata, dvesha kshayata hethu vanneda eya thathaagathayan vahansege desanavaki. yamak raaga kshayata, moha kshayata, dvesha kshayata hethu novanneda, eya Buddha desanavak nove”

    E vidiyata thora bera ganeema apita baarai. Thava kenekta ba apiva nivan dakkanna. Namuth e ayata puluvan apita paara pennanna. Dharma saakachchavakinuth api balaaporoththu venne ekai.

  9. chamara
    2010 අගෝස්තු 15 දින පෙ.ව. 7:24 ට

    Venath kenekta mama liyapu deyak. Namuth oyalatath ehemama valangui. E nisa methanatath copy karannam…..

    Nivana apita ‘gochara’ naththan, ehema venne, api eeta godak dura nisa venna puluvani. Namuth mehema deyak thiyenava.

    Api raagaya, dveshaya, mohaya agra karagena yana gamane, kothana hari, yam tharamak hari eyin midenna labunoth, kochchara senaseemakda? Nodanna daham karunak asaa denagaththoth kochchara loku senaseemakda? Anna, api inna thena indan apita e senaseema penenava. Maargaye yanna yanna, idiriyedi labena senaseema gena vadiya honda adahasak labenava. Ehi thibena senaseema nisa thamai api maargaye digatama yanne. “dutu nivanak” karaa yanava kivve ekai.

    Pruthagjana kenek sovaan margayata enava. E margaya sampoorna karanava. Sakrudagami margayata enava. Sampoorna karanava. Anaagami margayata enava. Sampoorna karanava. arihath maargayata enava. Sampoorna karanava. Step by Step. Eka kochchara vegen venavada kiyana eka pudgalaya anuva venas venava. Namuth venne ohomai. Gamana yanna yanna, issaraha vadiya hondata penenava. Nivana ‘gochara’ karaganne ehemai.

    Apita puluvan punchi punchi piyavara valin hari nivana dakinna uthsaha karanna. E gamana issarahata yanna. Kavadavath oyata varadinne na. Budu Saranai!

  10. මහ රාවණා
    2010 අගෝස්තු 15 දින ප.ව. 3:59 ට

    ලද සෑම අවස්ථාවකදිම සංසාරගමන කෙටි කරගැනීමට කටයුතු කරනවානම් හොදයි. මහා ලොකුවට නොවුවත් වචනයෙන් හරි ඒ සඳහාම සුදානම් වෙනවනම් එය හොද ආරම්භයක් වේවි. බොහොමත්ම ස්තූතියි ලිපියට. අපේ මිනිස්සුන්ට මේ ගැන ඉදල හිටල හරි මතක් කරල දෙන්න ඕනෙ.

    සියලුම දානයන්ට වඩා ධර්ම දානය උතුම්…

  11. 2010 අගෝස්තු 20 දින ප.ව. 2:30 ට

    aththatama hoda lipiyak .obata hugak pin yaluwa

  12. chamara
    2010 අගෝස්තු 21 දින පෙ.ව. 12:00 ට

    Soodanam venava kiyanavata vadiya, mama kemathiy katayuthu karanava kivva nam. Hisa gini gaththu kenek eka nivanna soodaanam venne na ne🙂

  13. 2010 අගෝස්තු 21 දින පෙ.ව. 1:53 ට

    බොහොම ස්තුතියි චාමර ඔබේ අගනා පැහැදිලි කිරීමට

  1. 2012 මැයි 5 දින පෙ.ව. 12:08 ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: