නිවස > කාළීන සිදුවීම් > මේ සිංහල බැරි අපගෙ රටයි 2

මේ සිංහල බැරි අපගෙ රටයි 2

මීට සති කිහිපයකට උඩදී  ”මේ සිංහල බැරි අපගෙ රටයි” යන මාතෘකාව යටතේ අන්තර්ජාලය තුලත්, එදිනෙදා ව්‍යවහාරයේදීත් අප අතින් සිදුවන ව්‍යාකරණ දෝෂ, න ණ ල ළ දෝෂ සහ ඇතැමෙක් විසින් සිදුකරන භාෂා විකෘති ගැන කතා කළෙමු.  ලිපිය පලවීමෙන් පසු බොහෝ පාඨකයින් කල ඉල්ලීමක් නම් සිංහල ව්‍යාකරණ ගැන ලිපි පෙළක් ඉදිරිපත් කරන ලෙසයි. එම ඉල්ලීම අනුව ක්‍රියාත්මක වූ අපි මෙතැන් පටන් සිංහල ව්‍යාකරණ හා මූර්ධජ දන්තජ අකුරු නිවැරදිව භාවිතා කිරීම පිළිබඳ ලිපි පෙලක් මෙසේ  ඉදිරිපත් කරමු.

නිවැරදි සිංහල භාවිතය

“න, ණ”

දන්තජ “න” යෙදෙන අවස්ථා

1. හලන්ත බහු වචන අගට – හල් “න” අකුරෙන් බහු වචනය අවසාන වේ නම් එහිදී දන්තජ නයන්න යොදා ගැනේ.
උදා: නුවන්, සවන්, පින්

2. විධි ක්‍රියා පද වල අගට: දුවනු, නටනු, කපනු

3. රකාරාංශයට පසුව “න” අකුර හල්වන විට දන්තජ නයන්න යෙදේ:  ග්‍රන්ථය, ප්‍රාන්තය, සංක්‍රාන්තිය

4. අනතීත කාල කෘදන්ත පද අගට: නටන, දුවන, පනින

5. වචනයක ත, ථ, ද, ධ, න යන අකුරු වලට මුලින් යෙදෙන්නේද දන්තජ නයන්නයි
අන්තරාය, ග්‍රන්ථය, පන්දම, ගන්ධය, බලන්න

6. වචනයක ච, ථ, ත, ද, ධ, න, ම, ව, ශ, හ අකුරු වලට පසුව යෙදෙන්නේත් දන්තජ නයන්නයි.

7. නයන්න වචනයක මුලට පැමිණේ නම් හැමවිටම දන්තජ නයන්න භාවිතා වේ. එසේ නොවන එකම වචනව “ණය”  පමණයි.

මූර්ධජ “ණ” යෙදෙන අවස්ථා

1. වචනයක අවසන් අකුර ලෙස ණයන්න යෙදීමේදී මූර්ධජ ණ හල් නොවේ.

2. ට, ඨ, ඩ අකුරු වලට මුලින් යෙදෙන්නේ මූර්ධජ ණයන්නයි: කණ්ථක, අහිකුණ්ඨික, බණ්ඩා

3. ඍ, ර, ෂ අකුරු වලට පසුව යෙදේ : ඍණ, දෙරණ, තෘෂ්ණාව

4. රකාරාංශයට පසුව (හලන්ත නොවන) අවස්ථා: මුද්‍රණාලය, ප්‍රණිත

5. ගෞරවාර්ථ පද යෙදීමේදී
ආණ: පියාණෝ    අණු: මයිලණු    අණි: මෑණි

6. අතීත කාල  ක්‍රියාපද (කර්ම කාරක) :  කැපිණි,  ලැබිණි, කියැවුණු

7. අතීත කාල නිරුත්සාහී ක්‍රියා පද: පෙනිණි, නැමුණු

8. අතීත කාල කෘදන්ත වලින් හා ඉන් සෑදුණු ආඛ්‍යාත පද වල: නැටුණු, නැටුණේ, නැටුණෝ, කැපුණේය, පිපුණි, වැටුණහ

ආශ්‍රිත – “අපට උරුම සිංහල” – ආරියවංශ මුතුගම

ප්‍රවර්ග:කාළීන සිදුවීම්
  1. සුමිත්
    2010 අගෝස්තු 15 දින පෙ.ව. 1:20 ට

    ස්තතියි ගොඩක් වැදගත් ලිපියක්. සිංහල ලියන්න ( සියබස් ) වලට කපුටා 2004 font එක දාගන්න බැරිද.?

  2. කුම්භකර්ණයා
    2010 අගෝස්තු 15 දින පෙ.ව. 2:19 ට

    දුටුගැමුණු බලකායෙ ජාතික කොඩියට නම් මාත් කැමතියි

  3. 2010 අගෝස්තු 15 දින පෙ.ව. 3:09 ට

    ඉතාම අගනා පටන් ගැන්මක්.. කා හටත් සෑහෙන ප්‍රයෝජනවත් වේවි. දිගටම කරගෙන යන්න..

  4. Hasitha
    2010 අගෝස්තු 15 දින පෙ.ව. 8:51 ට

    හරිම වටිනා කියන වැඩක්

  5. Chaminda
    2010 අගෝස්තු 15 දින පෙ.ව. 9:13 ට

    Thank you

  6. awak
    2010 අගෝස්තු 15 දින පෙ.ව. 11:37 ට

    meke thiyena samahara wachana monawada kiyalath kiyala dunne nathnam meka therum ganna amaru wei neda? Na na La la wagema wyakarana neethith apata baruwai inne…

  7. මහ රාවණා
    2010 අගෝස්තු 15 දින ප.ව. 3:50 ට

    හොද ලිපියක්…කාලෝචිතයි කියල මම හිතනව. බොහෝම ස්තූතියි.

    බුදු සරණයි !!!

  8. 2010 අගෝස්තු 16 දින ප.ව. 10:19 ට

    බොහොම ස්තූතියි. නොදන්නා දේවල් රැසක් ඉගෙනගත්තා.

  9. 2015 පෙබරවාරි 21 දින ප.ව. 12:11 ට

    බුදිනවා යන්නෙහි අතීත කාල පදය කුමක් ද?

  1. 2010 අගෝස්තු 19 දින පෙ.ව. 12:08 ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: