නිවස > කාළීන සිදුවීම්, ධර්ම සාකච්ඡා > ධර්මද්වීපයේ ලේ ගංගාව

ධර්මද්වීපයේ ලේ ගංගාව

පෙර අඟනක් එක් එළු දෙනක හිස සිදා
සියො ළඟ වැළදී ගිනි දැල් නිරයෙ දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා
මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා

(ලෝවැඩ සඟරාව)

දහම් පාසල් යන කාලෙ ඉගෙනගත්තු මේ කවිය නැවත නැවතත් සිහියට ආවෙ නොබෝදා සිදුවුණු සත්ව සංහාරයත් එක්ක. සතුන් බිල්ලට දී දේවාශිර්වාදය පතන මිලේච්ඡයන් විසින්  පසුගිය 25 වෙනිදා මුන්නේෂ්වරම්හි කාලි දේවාලයේ පැවති වාර්ෂික බිලි පූජාවේදී එළුවන් 500ක්, කුකුලන් ඇතුළු දහසකට අධික සතුන් සංඛ්‍යාවකගේ දිවි සැහැසි ලෙස තොර කලේය. මෙම බිලි පූජාව වාර්ෂිකව පැහැත්වෙන්නේ සුවහසක් බෞද්ධ ජනතාවගේ විරෝධතා මැදය. මෙම වසරේදීත් දැඩි විරෝධතා, සත්‍යග්‍රහ මැද වුවද මිලේච්ඡත්වය ජයග්‍රහණය කලේය. සැබැවින්ම එය ජයග්‍රහණයක් යැයි හැඳින්වීමද කල නොහැක..

සිරිලක ධර්මද්වීපයකි ….. බුදුන්ගේ දේශයයි යනුවෙන් බොදුනුවන් උදම් ඇනුවද මෙවැනි සාහසික ක්‍රියාද මේ ලංකාද්වීපය තුල සිදුවන බව හාංකවිසියක් නොදන්නා පිරිසක්ද මෙහි වෙති. අප බිලි පූජා වලට විරෝධය දක්වන විට ඇතැම් පණ්ඩිතයන් කීවේ දවසකට හරක්, එළුවො, කුකුල්ලු දහස් ගණනක් මස් වලට මරන එකේ ඕකට කෑ ගහලා පලක් නෑ කියායි. ඔවුන්ට දෙන්නට ඇති පිළිතුර නම්, මස් කන්නේ නැත්නම් මස් පිණිස කෙරෙනා ප්‍රාණඝාතද අවම කරගත හැකි බවයි. නමුත් දැනට උද්ගත වී ඇති ගැටළුව මාංශ පරිභෝජනයට වඩා සංකීර්ණය.

අහිංසක සතුන්ගේ ලෙයින් තුටු වන්නේ අමනුෂ්‍යයන් මිස දෙවි දේවතාවුන් නොවන බව ඉතාමත් පැහැදිලි කාරණයකි. එහෙව් අමනුෂ්‍යයන්ට දොල පිදේනි නුදුන් පලියට බුදු පා පහස ලද මේ පින්බිමට හනියක් කරන්නට ඔවුන්ට හැකියාවක් නැත. පන්සිල් රකින, තුන්දොර දමනය කල බෞද්ධයා යන මාර්ගය අවහිර කර ඔවුනට හිරිහැර පමුණුවන්නටද නොහැක. ඒ ටික තේරුම් නොගත්, මිසදිටු අදහස් කරපින්නාගත් පිරිසක් අහිංසක සතුන් බිල්ලට දෙමින් විමුක්තිය සොයා දුගතියට යති. මේ කල්ක්‍රියාව හේතුවෙන් එක් දෙයක් නම් පැහැදිලිය. එනම් මුන්නේෂ්වරම් දේවාල භූමියට ඇදගෙන ආ මරණ බියෙන් ගැහෙමින් හඬමින් උන් සතුන්ගේ දිවි තොර කරද්දී, තමන්ට ජීවත් වෙන්නට ඇති අයිතිය උදුරාගෙන වේදනාකාරී මරණයක් හිමිකරදුන් මේ සාහසිකයන්ට ඒ මියගිය සතුන් කී වරක් නම් සාප කරන්නට ඇත්ද? එම සතුන් මරණ බයෙන් අවසන් මොහොතේ කරනා ඒ සාපයම ඝාතකයින්ගේ ජීවිත අගාධයට ඇද දැමීමට ප්‍රමාණවත්ය. එබැවින් මේ භවයේදීම සදා දුකට පත් මිසදිටුවන් ඉන් මිදෙනු වස් තව තවත් ප්‍රාණඝාතයේ නියැලෙති. සතුන්ගේ ලෙයින් අමනුෂ්‍යයන් පුදති. අවසන මරණින් මතු දුගතියෙහිම ඉපිද කල්ප ගණනක් යනතුරු නිරා දුක් විඳිති. කණගාටුවට කරුණ නම් ඇතැම් බොදුනුවන්ද මිත්‍යා ඇදහිලි වලට වහල්ව ඉසුරු සොයා හෝ තමා සමඟ අමනාපව පසුවන්නෙකු විනාශ කරන අදහසින් මෙම දේවාල භූමියේ පිහිට පැතීමයි. ධර්මද්වීපයක බෞද්ධයෙක්ව ඉපදීමට තරම් පින් තිබුණු ඔවුන් ලද අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන විනාශය කරා යන අයුරු බේදනීයයි.

බුදුන්ගේ දේශය තුල අවසන් බෞද්ධයාත් ජීවත්ව සිටින තුරු, මෙම බිලි පූජාවන් ආදී මිසදිටු ක්‍රියාවන්ට ඉඩ නොදිය යුතු බව අපගේ අදහසයි. බුදුන් වහන්සේගේ දන්ත ධාතූන්, ලලාට ධාතුව, ග්‍රීවා ධාතුව ආදී ධාතූන් වහන්සේලා රැසක් නිධන් කර රට පුරා වෙහෙර බැඳ ඇති පින්බිමක වාර්ෂිකව සිදුවන මෙවන් සත්ව සංහාර අනුමත කල හැකිද? වෙසක් දාට වීදි වල පිරෙන බෞද්ධයන් කෝ? ඇසළ පෙරහැර බලන්නට මහනුවර රැස් කන බොදුනුවන් කෝ? සැණකෙළි සමයට රැස්වෙන බෞද්ධයන් මෙවන් සාහසික ක්‍රියා මැඩලීමට පසු බසින්නේ කුමන හේතුවක් නිසාද යන්න අපටත් ගැටළුවකි. මෙම සත්ව ඝාතනයන්ට විරුද්ධව පෙල ගැසුණු බොදු බලය මෙවරත් ප්‍රමාණවත් නොවීම නිසාම එම සතුන්ගේ ජීවිත විනාශ වුණු බව අපේ හැඟීමයි. රට වෙනුවෙන්, ආගම වෙනුවෙන්, අවිහිංසාව වෙනුවෙන් නැගී සිටින අතලොස්සක් පිරිසට අතහිත දෙමින් ජාතිය, අගම වෙනුවෙන් සිංහල බෞද්ධයන් පෙරමුණට යා යුතුම යුගය ආරම්භ වී ඇතැයි අපි සිතමු.

  1. dinesh
    2010 අගෝස්තු 28 දින පෙ.ව. 6:01 ට

    විවිධ ආගම් අදහන ජාතීන් එකට ජීවත් වෙනකොට අපිට සමහර දේවල් අපහසුවෙන් උනත් ඉවසන්න වෙනවා.අපි අදහන බුද්ධාගමේ සත්ව හිංසනය පාපයක් ලෙස සැලකුවත් හින්දු ආගමේ ඒක දේව පූජාවක් විදියටයි සලකන්නෙ.සමහරවිට වාර්ෂිකව ඒ පූජාව නොකලොත් හින්දු ආගම අනුව ඒක දෙවියන්ගේ නොසතුටට හේතු වෙන්න පුළුවන්.හරියට අපි වාර්ෂිකව නුවර ඇසළ පෙරහර පවත්වනව වගේ.අපි බුද්ධාගමට සාපේක්ෂව බලන නිසයි ඔය සත්ව ඝාතනය වරදක් විදියට දකින්නෙ.ඕකට විරුද්ධව ලොකුවට කටයුතු කරන්න ගියොත් නැවතත් ජාතිවාදය ඇවිස්සෙන්න පුලුවන්.මම මේ ඒ අහිංසක සත්ව ඝාතනය අනුමත කරණව එහෙම නෙමෙයි.ඒත් ඒක ඒ අයගෙ ආගම.දර්ශනය.ඔවුන්ගේ ජීවිත හැඩ ගැහිල තියෙන්නෙ ඒ අනුව.මෙතන සිදුවෙන්නෙ වැ‍රැද්දක් කියල එයාල හිතන්නෙ නෑ.

    • 2010 අගෝස්තු 28 දින ප.ව. 6:17 ට

      මිත්‍රයා බුද්ධ ධර්මයෙ විතරක් නෙමෙ මනුසත් කමටත් ගැලපෙනවද මේවගේ වැඩ??
      ආගමක නාමයෙන් මේ වගේ මෝඩ වැඩ සධාරනීකරනය කරන්න හදන්න එපා.
      මේ අහිංසක සත්තුන්ගෙ ජීවිත බේරගන්න ක්‍රියා කරන එක කොහොමද ජාතිවාදය වෙන්නෙ ?
      ලංකාව තුල මෙවන් බිලි පූජා සිදිවීමට ඉඩ නොතැබිය යුතුයි.

  2. මොඩයා
    2010 අගෝස්තු 28 දින පෙ.ව. 6:18 ට

    දිනේෂ්, ඔයාගේ බිරිදව ක‍ව්රු හ‍රි වෙන ජාතියක අයෙක් ඇවිත් දුෂනය කලොත්, ජාතිවාද ඇවිස්වෙයි කියලා කට වහගෙන ඉන්නවද? වැරදි දේ වැරදියි, කොන්ද පන තියෙන මිනිහෙක් වගේ වැඩ කරන්න..

  3. Jehan
    2010 අගෝස්තු 28 දින පෙ.ව. 6:47 ට

    ලංකාවේ ඕනි තරම් මස් කඩ තියෙනවා නේ! කෝවිලේ සත්තු මරන එක විතරක් ඔයාට ප්‍රශ්නයක් උනේ ඇය්?

    අනිත් ආගම් අදහන එවුන් ව පාලනය කරන්න බුදු දහමේ උගන්වා තිබේ ද?

    • Prasad
      2010 අගෝස්තු 28 දින පෙ.ව. 10:40 ට

      අනෙ යකෝ පර දෙමල්ලු ඔක්කොම එලවල දාන්න ඔනෙ.ඔයා කටවහගෙන ඉන්න මල්ලි තොත් පර දෙමලෙක් වගේ.

      • Jehan
        2010 අගෝස්තු 28 දින ප.ව. 8:10 ට

        නියම බෞද්ධ = පන්සිල් රකින අය. ධර්මයේ හැසිරෙන අය.

        නමට (ඊනියා ) බෞද්ධ = අනිත් ආගම් පහත්කරන්නන්, ජාති, කුල මල භේද අවුළුවන්නන්.

        • තරිදු
          2010 අගෝස්තු 28 දින ප.ව. 9:12 ට

          පන්සිල් රකින පලියට හැමෝම බෞද්ධයන් නොවේ. අබෞද්ධයන්ටත් පන්සිල් රැකිය හැක.

          අනිත් ආගම් පහත්කරන්නන්, ජාති, කුල මල භේද අවුළුවන්නන් හැමෝම නමට (ඊනියා ) බෞද්ධයන් වන්නේද නැත.

          • Jehan
            2010 අගෝස්තු 28 දින ප.ව. 10:16 ට

            පන්සිල් නොරැකින අයවලුන් බෞද්ධයන් ද? දෙමළුන් එලවන්නැය් කියන්නේ බෞද්ධ කමකටද?

    • 2010 අගෝස්තු 28 දින ප.ව. 6:30 ට

      මසට සතුන් මැරුවත් වැරදි බිලි පූජාවකට කලත් වැරදිමයි.
      නමුත් මෙතන සිදුවෙලා තියෙන්නෙ ප්‍රසිද්දියෙම අහින්සක සතුන් නිකරුනේ මරාදැමිමයි.
      (පසුව මේ මළ කුනු මස් කඩ වලට ගිය බව ආරන්චි)😦

  4. Jehan
    2010 අගෝස්තු 28 දින පෙ.ව. 6:53 ට

    මොඩයා – මේ මරලා තියෙන්නෙ බෞද්ධ එලුවො ද? නිකම් කිසි අදාලත්වයක් නැති උපමා දෙන ඔබ සබෑ නූගතෙකි!

    • Prasad
      2010 අගෝස්තු 28 දින පෙ.ව. 10:48 ට

      ඔක මෝඩයෙක් නෙවේ මී හරකෙක්.දෙයියන්ට වැරදිලා උපද්දවල තියෙන්නෙ.

    • uma
      2010 අගෝස්තු 28 දින ප.ව. 7:00 ට

      ඔනම මොඩයෙකුට තේරෙනව සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනව කියල තව ටික දවසකින් ඔය හාදයව බිලි දීල කවුරුහරි කෑවත් කවුරුත් හොදයි කියාවි..

  5. 2010 අගෝස්තු 28 දින පෙ.ව. 9:22 ට

    බෞද්ධ එලුවො කියල එලුවො නෑ වගේම තමා හින්දු එලුවො, මුස්ලිම් එලුවො කියලත් නෑ. සත්තුන්ට මෙන් නොව මිනිසුන්ට බුද්ධියක් තිබෙන නිසයි ඔවුන් තමන් කැමති හෝ උපතින් ලද ආගමක් අදහන්නෙ. නමුත් මෙවැනි ක්‍රියා කරන මිනිසුන්ගෙත් සතුන්ගෙත් වෙනසක් මම නම් දකින්නෙ නෑ.
    කිසිදු ආගමක නාමයෙන් සමූහ ලෙස මෙවැනි සතුන් මරාදැමීම අනුමත කරන්න බෑ.
    මෙම සිද්දිය නැවැත්වීමට අපත් කලහැකිදේ කලා. නමුත් මෙම අපරාදය සිදු උනා, මතුවට මෙවැනි අපරාද නොවීමට අප සැම වගබලාගත යුතුයි.

  6. 2010 අගෝස්තු 28 දින පෙ.ව. 9:45 ට

    අපේ රටේ ඉන්න බක පණ්ඩිතයන් තමයි මස් සඳහා සතුන් මැරීමයි අසික්කිත බිලිපූජාවයි එකට දමාගෙන බිලි පූජාව අනුමත කරන්නේ. ජාති වාදය ඇවිස්සෙනවා කියලා එක එක මිලේච්ඡ ආගමික කල්ලි වලට මේකෙ ඩෙඟා නටන්න දෙන්න බෑ. මේවා දැන් ඉන්දියාවෙත් තහනම් කරලා තියෙන්නෙ. අනිත් එක හින්දු ආගමේ සංකල්පයක් නෙවෙයි මේක.
    කාලි නම් අමනුස්සයෙක් පුදන හරක් රැලක් තමයි මේ ධර්මද්වීපයේ මේ අමන ක්‍රියාව කරන්නෙ.

  7. 2010 අගෝස්තු 28 දින පෙ.ව. 9:56 ට

    ලංකාව ඇතුලෙ කරන මේ බිලිපූජා බෞද්ධ සංකල්ප වලට ඉඳුරා පටහැනි වුවත් මෙම පුවත් ලෝකයට යාමේදී යන්නෙ ලංකාවේ සිදුකල බිලිපූජා ලෙසයි. නැතුව මිලේච්ඡ, ලාමක ආගමික කල්ලියක් කාලිට කල පූජා ලෙසට නොවෙයි!. එතකොට ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආ බෞද්ධ දර්ශනය හා අනෙකුත් සාරධර්ම වලින් යුක්ත මේ රටේ කීර්ති නාමයට වෙන හානිය මේ බිලි පූජාවේ වැරැද්දක් දකින්නෙ නැති බක පණ්ඩිතයන්ට පේන්නෙ නෑ. මොකද පණ්ඩිත කම අති විශාලයි බක පණ්ඩිතකම වැඩි නිසා විවෘත්තව ලෝකය දකින්න බෑ. එතකොට කරන්නේ මොකක් හරි තර්කයක් හදාගෙන ඒකම දිනවන්න මෝඩයො වගේ කෑගහන එක.!

    • Jehan
      2010 අගෝස්තු 28 දින ප.ව. 8:19 ට

      මල්ලි, මමත් රට රජ්ජ වල ඇවිදලා තියෙනවා… හැබැය් ඔය කියන විදිහේ “කීර්ති නාමයක්” නම් අහන්න ලැබිලා නැහැ.🙂

      ළිදේ ඉන්න මැඩියන් වගේ ඉන්න ඊනියා ජාතිකවාදීන් තමන්ටම කියාගන්න දෙයක් තමය් ඕක…

      • Kanishka Dilshan
        2010 අගෝස්තු 28 දින ප.ව. 11:50 ට

        ලොකු උන්නැහේ මේකත් දැනගන්නවා,
        අහිකුන්ඨකයෙක් වගේ රට රාජ්ජ වල ඇවිද්දා කියලා බහුශ්‍රැතයෙක් වෙන්නෙ නෑ. මේ රටට තියන කීර්ති නාමය ගැන තමුන්නැහේගෙන් සහතික ඕන වෙන්නෙ නෑ. තමුන්නැහේට මේ රටේ කීර්ති නාමයක් අහන්න ලැබිලා නැති එක මට කිසිම වැදගත් කමක් නෑ!

      • Binary1001011
        2010 අගෝස්තු 29 දින පෙ.ව. 9:37 ට

        “[මොකද පණ්ඩිත කම අති විශාලයි බක පණ්ඩිතකම වැඩි නිසා විවෘත්තව ලෝකය දකින්න බෑ]”
        ඔන්න තියනවා උඩින් උඹට දෙන්න ඕන උත්තරේ දීලා. තවත් මොනවද බොල කෑගහන්නේ.
        “රට රජ්ජ” වල ඇවිදපු එකම මිනිහා තමයි උඹ. හා හා හා.🙂

  8. Prasad
    2010 අගෝස්තු 28 දින පෙ.ව. 10:45 ට

    ඒකනෙ සහෝ මුන් මහ ගොන් හරක්.මුන්ව තමයි මරල දන්න ඔනෙ.මුන් සත්තුන්ටත් වඩා අන්තයි.මුන් සත්තු මරන්නෙ හිත සතු‍ටු කරගන්න තමයි.ඔකුන් ඔක්කොම එලවන්න ඔනෙ.දෙයියො ගාවටම යන්න.

  9. dam
    2010 අගෝස්තු 28 දින පෙ.ව. 11:04 ට

    Jehan what a fool you are! do not respond to show your nakedness bastered!

  10. revenge
    2010 අගෝස්තු 28 දින ප.ව. 5:22 ට

    සත්ව හිංසා පණත යටතේ ආගමේ නාමයෙන් සත්ව ඝාතනය කිරීම නීතියෙන් තහනම්…..ලොකු ටෝක් දෙන අය ඒකට මොකද කියන්නේ…….

  11. sandaruwan
    2010 අගෝස්තු 28 දින ප.ව. 8:46 ට

    Prasad සහෝදරයා අපි ඔබත් එක්ක
    ඔය පාහර දෙමළු කරන මේ වැඩ කවදා වෙනකම් ඉවසන්නද තවදුරටත් ඔය බිලිපූජා මේ රටේ වෙන්න දෙන්න බෑ අපි එකතුවෙලා කොහොමහරි නවත්වන්න ඕන

  12. ගල්ටික්කා
    2010 අගෝස්තු 28 දින ප.ව. 10:16 ට

    මිනිස්සු හරිම තාර්කික වෙලා, පුදුම තර්ක ඉදිරිපත් කරන්නෙ. උත්තරනම් දුන්න හැකි, ඇයි කන්න මරද්දි විරොධ නොවන්නෙ , ආගමික පුජා සදහා මරද්දි විරොධය දක්වන්නෙ. මෙවුන් එක්ක කතා කරන්න ගියොත් ඉතින් හිත් පිත් නැති තිරිසන්නු බවට අපිව පත් කරගන්න වෙනවා.

  13. තරිදු
    2010 අගෝස්තු 28 දින ප.ව. 10:42 ට

    Jehan :

    පන්සිල් නොරකින අයවලුන් බෞද්ධයන් ද? දෙමළුන් එලවන්නැයි කියන්නේ බෞද්ධ කමකටද?

    පන්සිල් නොරකින පුද්ගලයන් සියල්ලද බෞද්ධයන් නොවේ.

    අප එසේ පවසා නැත.

    • Jehan
      2010 ඔක්තෝබර් 11 දින පෙ.ව. 8:42 ට

      මෙතන ඉන්න ඊනියා බෞද්ධ එකෙක් වත් ඉන්නවද තමන්ගෙ අම්ම, තාත්ත බෞද්ධ නොවන අය? අවබෝධයකින් බෞද්ධ උන අය?
      මුන් එකෙක්වත් බෞද්ධ උනේ බුදු දහමේ උගන්වා තිබෙන දේවල් පිළිබඳ ඇති අවබෝධයක් නිසා නොවෙයි. අම්ම තාත්ත වඳින නිසා වැඳපු අය.

      බුදුහාමුදුරුවන් ගෙ කාලෙත් බිලි පූජා, සත්ව ඝාතන සිද්ධ උනා නෙ. එතකොට බුදු හාමුදුරුවො එතන මැද්දට පැනලා ඩෙඟා නැටුවෙ නෑනේ ද?

  14. ගල්ටික්කා
    2010 අගෝස්තු 29 දින ප.ව. 2:08 ට

    කවුද බන් මෙ ජෙහන් කියන්නෙ, ඌ කොහෙද ඇවිදලා තියන රටවල්. ඌගෙ ඇවිදිල්ල ගැන අපි දන්නවා, අපෙත් මිනිස්සු රට රටවල් වල ඉන්නවා.
    ඔය ජෙහන්ලා රට රට වල් වල ඇවිදින්න වීසා ගත්තු හැටිත් අපි දන්නවා
    දස අතෙ නය වෙලා,
    එම්බසි ලඟ හිගා කකා,
    බොරු සහතික හද හද,
    එ රටවල් වලටත් බොරු කරලා,
    අඩලා විසා ගහ ගන්නෙ මුන්.

    ගිහිනුත් කරන්නෙ ඉගෙනගන්නකන් කාණු සුද්ද කරන එවා, වැසිකිලි කැසිකිලි සුද්ධ කරන එවා. මුන්ට ලංකාවෙ ඉද්දි ගෙදර මිදුල අතුගාගන්න බැහැ.
    තට්ටු 100 යක විතර බිල්ඩිමක් දැක්ලා ඇවිල්ලා මෙතන දාන සෙල්ලම්. අපි ලිඳෙ ඉන්න ගෙම්බො මුන්ට.

    මුන් එම්බසි ඇතුලෙ සුද්දො ඉස්සරා හතරට පහට නැමිලා හිඟා කන හැටි දැක්කනම්,

    සුද්දන්ගෙ කාලෙ මුන් පොලොන්නරුව පැත්තෙ ඉදලා ආපු උන් තමයි මෙහෙම නටන්නෙ. වැරැද්දක් දකිද්දි මෙක වැරදි කියලා කියන්න තරම් කොන්දක් නැහැ. එකට මොකද තර්ක ශස්ත්‍රයෙ කෙල පැමිනිලා තියන්නෙ.

    • Jehan
      2010 ඔක්තෝබර් 11 දින පෙ.ව. 8:52 ට

      මම හොඳ බෞද්ධයෙක්!

      වීස ගන්න පෝලිමේ හිටියා. බොරු සහතික හදුවෙ නෑ. තිබුන සහතික හොඳටම ඇති උනා. පාරවල් අතු ගාන්න උනේ නෑ. කෙනෙක් පාර අතුගාන එක මදිකමක් ද? පාර අතුගාන කෙනෙක් පහත් කරලා සලකන එකෙන් ඔහෙගෙ මානසික තත්වය මට හොඳට තේරුම් ගන්න පුලුවන්!

      වෙන මොනවද දැන ගන්න ඕනි?

  15. chamara
    2010 අගෝස්තු 31 දින පෙ.ව. 5:04 ට

    Mama nam rata ratavala avidala na. Lankava vitharai dekala thiyenne. Samaharavita e nisa mage danuma madi venna puluvan. Namuth mama danna tika kiyanna avasara denna.

    Sathva ghathanaya bohoma narakai. Kisima sathek maranna sudusu na. Minissu marana eka eeta vadiya bohoma narakai. E deka buddha desanave thiyenne alpa saavadya paapakarma saha mahaa saavadya paapakarma kiyala. Kohoma unath koi jeeviyek unath marana eka veradiy.

    methana liyala thiyena samahara evva dakina kota mata maha sanvegayak athi venava. Budurajanan vahanseta hondatama ninda karapu aya hitiya, nigantayo vage aya. Namuth budu Hamuduruvo e ayata ‘para nigantayo’ vage vachana kivve na ne. Niyama Bauddayek kohomada jaathivaadiyek venne? Me jeevithe gevala ivara karahama kohe upadinna veida danne kavda? api aapu thenak api danne na. yana thena danneth na. Ithin ai Budu hamuduruvoth nokarapu deyak api karanne?

    Pansil rakapu pamanin (rakinna epa kiyana eka nevei me kiyanne…. e vitharak madi) niyama Bauddhayek venne na… Ehema venava nam harak, eluvo vage saththuth pansilvala thiyena paw karanne na. Un Bauddhayo nevei ne… Bauddhakama anugamanaya karana kena dharmaya avabodha karana ekai kala yuththe. Ekata kaya, vachanaya, manasa sanvara veema vedagath venna puluvan.. Namuth dahama therum ganeema okkotama vadiya vedagath. Api okkoma eka laba ganna uthsaha karannai avashya venne.

  16. sandaruwan
    2010 සැප්තැම්බර් 11 දින ප.ව. 10:34 ට

    සහෝදර වරුනි පාහර “කොටි” මගේ තාත්තව 25 වැනිදාවක මැරුවා මේ ජරා පූජාවත් 25 මම සෑහෙන ට්‍රයිකරා මේක නවත්වන්න ඒත් මම පරාදයි ! දෙමලු උන්ට ඕන විදිහට උන්ගේ වැඩේ කරං යනවා සිංහල ජාතියම පරාද වෙන දිනය අත ලග .

  17. 2010 ඔක්තෝබර් 5 දින ප.ව. 2:24 ට

    01. ලෝ වැඩ සඟරා කාරයාගේ කියමණ ටිකක් සළකා බැලිය යුතුය. එක ගැනියෙක් එළුවෙකුගේ බෙල්ල කැපූ නිසා තව පුද්ගලයන් කෝටි ගානක් යලි යලි ඉපදී එළුවාගේ බෙල්ලේ මයිල් ගානට බෙලි කපා ඝාතනයට ලක් වීමයි. මේක මුන්නේස්වරම් කේස් එකටාත් වඩා භයානකය.! අන්තීමට ඉතිරි වන්නේ ඝාතකයන් පමනි!!හරි ඒක නව කථාවක් කියමුකෝ.
    02.ලංකාව බහු වාර්ගික රටක් බව පලමුව තේරුම ගත යුතුය.සියළුම ජන වාර්ගිකයන්ගේ ආගමික ඓතීන්ට ගරු කල යුතුය.
    03.අනික් කරුන නම් මෙරට මෙහි වෙසෙන සියළුම ජන කොටස් වලට මෙ රට එකසේ අයිති බවය.
    04.විශාල ජන සංඛ්‍යාවකට සිය ආදරනීයයන් අහිමි කළ සිවිල් යුද්ධය අවසන් වූවා පමනි.
    05.එහෙයින් වෛරය නොපතුරුවා සිටීම සුදුසුය.

  18. 2010 ඔක්තෝබර් 8 දින පෙ.ව. 12:42 ට

    rathubanda :

    01. ලෝ වැඩ සඟරා කාරයාගේ කියමණ ටිකක් සළකා බැලිය යුතුය. එක ගැනියෙක් එළුවෙකුගේ බෙල්ල කැපූ නිසා තව පුද්ගලයන් කෝටි ගානක් යලි යලි ඉපදී එළුවාගේ බෙල්ලේ මයිල් ගානට බෙලි කපා ඝාතනයට ලක් වීමයි. මේක මුන්නේස්වරම් කේස් එකටාත් වඩා භයානකය.! අන්තීමට ඉතිරි වන්නේ ඝාතකයන් පමනි!!හරි ඒක නව කථාවක් කියමුකෝ.
    02.ලංකාව බහු වාර්ගික රටක් බව පලමුව තේරුම ගත යුතුය.සියළුම ජන වාර්ගිකයන්ගේ ආගමික ඓතීන්ට ගරු කල යුතුය.
    03.අනික් කරුන නම් මෙරට මෙහි වෙසෙන සියළුම ජන කොටස් වලට මෙ රට එකසේ අයිති බවය.
    04.විශාල ජන සංඛ්‍යාවකට සිය ආදරනීයයන් අහිමි කළ සිවිල් යුද්ධය අවසන් වූවා පමනි.
    05.එහෙයින් වෛරය නොපතුරුවා සිටීම සුදුසුය.

    01. ඔය කියලා තියෙන විදිහෙ කතාවක් මේ කියන කවියෙ නම් නැත.

    02. මෙහෙම ගිහිං කවදහරි මිනිස්සුන්වත් බිල්ලට දෙන්න ගත්තහම එදාටත් සියළුම ආගම් වලට ගරු කරනවා කිය කිය ඉන්නවද?

    03. රටක අයිතිය තියෙන්නෙ ඒ රට නියෝජනය කරන ජාතියට බව අපි කලිනුත් පැහැදිලිව කියලා ඇති. ඒ වගේම මනුස්සයෙකුගෙ ආගමික අයිතිය රකින්න කියලා අහිංසක සතුන්ගේ ජීවිත විනාශ කරන එක හරි වැඩක්ද?

    04. යුද්ධයක් ඉවරයි කියලා දැන් අපි ඕන කෙනෙක් කරන ඕන අපරාධයක් ඒ අයගෙ අයිතිය හැටියට පිලිගන්න ඕනෙ කියලද මේ කියන්නෙ?

    05. වෛරය නොපතුරවා ඉන්නව කියන එකෙන් ඔබ අදහස් කරන්නෙ මේ වගේ වැඩ දැක දැක මුනිවත රකින එකට නම්, කණගාටුයි……. හැම සිංහලයම ඔය තරම් නිවට නැහැ.

  19. 2010 ඔක්තෝබර් 10 දින ප.ව. 5:52 ට

    “පෙර අඟනක් එක් එළු දෙනක හිස සිදා
    සියො ළඟ වැළදී ගිනි දැල් නිරයෙ දුක් විඳා
    ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා”

    01. කරුණාකර කවිය හොඳින් බලන්න. එහි පැහැදිළිවම සඳහන් වන්නේ එළුවාගේ බෙල්ල කැපූ කාන්තාව කල පව නිසා , බෙල්ලේ ලොම් ගානට යලි යලි ඉපදී මැරුම් කෑ බවයි!! ඒ අනුව අන්තීමට ඉතිරිවන්නේ ඝාතකයන් පමනි!!!

    02. මෙරට ආංඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට හිමි ඓතීන් පැහැදිලිවම දක්වා ඇත. එහි කොතැනකවත් ඔබ පවසන පරිදි කිසිම ජන කොටසකට විශේෂත්වයක් දක්වා නොමැත.සිංහල,දෙමල,යෝනක,මැලේ,බර්ගර්,ජිප්සි හෙවත් සංචාරක පුරවැසියන්,ආදිවාසිකයන් ආදි මේ හැමට ව්‍යවස්ථාවේ රැකවරනය සර්ව සාධරනව සලසී ඇත.

    03. ඒ හැරෙන්නට මෙරට රාජ්‍ය තන්ත්‍රයේ ඕනෑම තනතුරක් සඳහා සුදුසුකම් ඇත්නම් තරඟ විභාගවලට පෙනී සිට තේරී පත් වීමට ඕනෑම පුර වැසියෙකුට හැකිය.

    04. එසේම මෙරට රාජ්‍ය පාලන තන්ත්‍රයේ කවර තනතුරක්වත් අහවල් ජාතියේ අය පමනක් පත් විය යුතු බවට ප්‍රතිපාධන සැලසී නොමැත.!!!

    05.සිංහලය,දමිළය,මුස්ලිම් වරය ,ආදිවාසිකය යන අයගෙ භාසාව හැර වෙන මොනම විශේෂ ලක්ෂණයක් තිබෙනවාද? ලේ වෙනස්ද? ඇඟ පත වෙනස්ද? ශරීර ලක්ෂන වෙනස්ද? නන් දොඩවන්න එපා!!!!

    06.ඇත්ත කියන එකාට නිවටයා කියනවානම් බොරු දෙසා බාන එකාට මොකද්ද කියන්න ඕන?

  20. චේතියා
    2010 ඔක්තෝබර් 10 දින ප.ව. 9:05 ට

    rathubanda :

    “පෙර අඟනක් එක් එළු දෙනක හිස සිදා
    සියො ළඟ වැළදී ගිනි දැල් නිරයෙ දුක් විඳා
    ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා”
    01. කරුණාකර කවිය හොඳින් බලන්න. එහි පැහැදිළිවම සඳහන් වන්නේ එළුවාගේ බෙල්ල කැපූ කාන්තාව කල පව නිසා , බෙල්ලේ ලොම් ගානට යලි යලි ඉපදී මැරුම් කෑ බවයි!! ඒ අනුව අන්තීමට ඉතිරිවන්නේ ඝාතකයන් පමනි!!!
    02. මෙරට ආංඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියන්ට හිමි ඓතීන් පැහැදිලිවම දක්වා ඇත. එහි කොතැනකවත් ඔබ පවසන පරිදි කිසිම ජන කොටසකට විශේෂත්වයක් දක්වා නොමැත.සිංහල,දෙමල,යෝනක,මැලේ,බර්ගර්,ජිප්සි හෙවත් සංචාරක පුරවැසියන්,ආදිවාසිකයන් ආදි මේ හැමට ව්‍යවස්ථාවේ රැකවරනය සර්ව සාධරනව සලසී ඇත.
    03. ඒ හැරෙන්නට මෙරට රාජ්‍ය තන්ත්‍රයේ ඕනෑම තනතුරක් සඳහා සුදුසුකම් ඇත්නම් තරඟ විභාගවලට පෙනී සිට තේරී පත් වීමට ඕනෑම පුර වැසියෙකුට හැකිය.
    04. එසේම මෙරට රාජ්‍ය පාලන තන්ත්‍රයේ කවර තනතුරක්වත් අහවල් ජාතියේ අය පමනක් පත් විය යුතු බවට ප්‍රතිපාධන සැලසී නොමැත.!!!
    05.සිංහලය,දමිළය,මුස්ලිම් වරය ,ආදිවාසිකය යන අයගෙ භාසාව හැර වෙන මොනම විශේෂ ලක්ෂණයක් තිබෙනවාද? ලේ වෙනස්ද? ඇඟ පත වෙනස්ද? ශරීර ලක්ෂන වෙනස්ද? නන් දොඩවන්න එපා!!!!
    06.ඇත්ත කියන එකාට නිවටයා කියනවානම් බොරු දෙසා බාන එකාට මොකද්ද කියන්න ඕන?

    1. ඔබ දැන් පවසන්නෙනේ “එහි පැහැදිළිවම සඳහන් වන්නේ එළුවාගේ බෙල්ල කැපූ කාන්තාව කල පව නිසා , බෙල්ලේ ලොම් ගානට යලි යලි ඉපදී මැරුම් කෑ බවයි!! ඒ අනුව අන්තීමට ඉතිරිවන්නේ ඝාතකයන් පමනි!!!” බවයි එහෙත් පෙර පැවසුවේ “එක ගැනියෙක් එළුවෙකුගේ බෙල්ල කැපූ නිසා තව පුද්ගලයන් කෝටි ගානක් යලි යලි ඉපදී එළුවාගේ බෙල්ලේ මයිල් ගානට බෙලි කපා ඝාතනයට ලක් වීමයි. ” යනුවෙනි. ඔබ පෙර පැවසූ දෙය කවියෙහි සඳහන් නොවේ. තවද හිස් කැපුම් ලබන ආකාරය ගැන කවියේ සඳහන් නොවන නිසා අන්තිමට ඝාතකයන් ඉතිරි වේ යැයි ඔබට පැවසිය නොහැක.

    02. ආණ්ඩු ක්‍රම වයවස්ථාව ගැන හෝ රටේ පුරවැසියන්ගෙ අයිතිය ගැන නෙමෙයි අපි මෙතන සාකච්ඡා කලේ. බිලි පූජා වල සදාචාර සම්පන්න බව ගැන. අසා ඇති දෙයට පැහැදිලිව පිළිතුරු දෙන්න

    03. රාජ්‍ය තන්ත්‍රයේ තනතුරු ලබාගැනීම හා අහිංසක සතුන්ගේ ජීවිත අතර ඇති සම්බන්ධය කුමක්ද? දෙන්න උත්තර නැති පලියට මාතෘකාව වෙනස් කරන්න එපා.

    04. & 05. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර නොපවසා මාතෘකාවට අදාලව පමණක් කතාකරන්න

    06. අපි නිවටයි කියලා කිව්වෙ ඇත්ත කියන අයට නෙමෙයි.

  21. 2010 ඔක්තෝබර් 10 දින ප.ව. 10:16 ට

    01.”රටක අයිතිය තියෙන්නේ එරට නියෝජනය කරන ජනතාවටයි ” යනුවෙන් ඔබ පැවසූ නිසයි මා, මෙරට සියලුම ජන කොටස් වලට එකසේ අයිති බව කියා සිටියේ. ඒක නිසා එය කොහෙද යන්නෙ මල්ලෙ පොල් නොවන බව ඔබ තේරුම් ගත යුතුය.

    02.ලෝවැඩ සඟරාකාරයාගේ කවිය ගැන මගේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැත.එක ගැහැනියක් එළුවෙකුගේ බෙල්ල කැපූ නිසා බෙල්ලේ ලොම් ගානට කෝටිගානක් මිනිසුන් යලි යලි ඉපදී මැරුම් කෑවිට අන්තීමට ඉතිරි වන්නේ ඝාතකයන් පමනක් නොවේද?
    03.මන්ද බෙල්ල කැපීමට කෙනෙකු සිටිය යුතු බැවිනි.බෙලි කැපීමෙන් මැරුම් කන්නේ ගෑනියක් වූවත් පිරිමියෙක් වූවත් ප්‍රතිඵලය එකමය.අන්තීමට ඉතිරි වන්නේ ඝාතකයන් පමනි!!

    04.එම කරුන ගත් විට මුණ්නේස්වරමේ සත්ව ගාතනයටත් වඩා එය දරුනු තත්වයකි.

    05.ඔබ විසින් අවබෝධ කර ගත යුතු තවද කරුණක් ඇත.
    මෙරට සියළුම ජන වාර්ගිකයන්ගේ ආගමික නිදහස මෙරට ආංඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇත.එහෙයින් එම හිංදු ආගමික චාරිත්‍රයන්ට එරෙහිව කරුනු දැක්වීම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන එම ජන කොටස් වලට අහිමි කිරීමේ තැතක් බව කිව යුතුය. මෙරට හිංදු,බෞද්ධ,ඉස්ලාම්,ක්‍රිස්තියානි සහ අනිකුත් සියළුම ආගමික කොටස් වලට ඇත්තේ සමාන අයිතියක් බව පළමුව තේරුම් ගත යුතුය.
    06.කරුනාකර ව්‍යවස්තාව කියවා බලන්න.එක් ආගමකට තවත් ආගමක් අබිභවා යෑමට, යටපත් කිරීමට හැකිවන ප්‍රතිපාධන එහි නොමැත.මේ බව ඔබ ඇතුළු සැම දෙනාම තේරුම ගත යුතුය.

    • Jehan
      2010 ඔක්තෝබර් 11 දින ප.ව. 9:07 ට

      rathubanda :

      02.ලෝවැඩ සඟරාකාරයාගේ කවිය ගැන මගේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැත.එක ගැහැනියක් එළුවෙකුගේ බෙල්ල කැපූ නිසා බෙල්ලේ ලොම් ගානට කෝටිගානක් මිනිසුන් යලි යලි ඉපදී මැරුම් කෑවිට අන්තීමට ඉතිරි වන්නේ ඝාතකයන් පමනක් නොවේද?
      03.මන්ද බෙල්ල කැපීමට කෙනෙකු සිටිය යුතු බැවිනි.බෙලි කැපීමෙන් මැරුම් කන්නේ ගෑනියක් වූවත් පිරිමියෙක් වූවත් ප්‍රතිඵලය එකමය.අන්තීමට ඉතිරි වන්නේ ඝාතකයන් පමනි!!

      ඔබට ලෝවැඩ සඟරාවේ කවිය තේරිලා නැත. සිංහල තේරෙන කාගෙන් හරි අහගන්න.

  22. 2010 ඔක්තෝබර් 11 දින ප.ව. 9:56 ට

    ඔබගේ වර්ගවාදි අදහස් මෙරට ව්‍යවස්ථාවට පටහැනිය. මෙරට සියළුම ආගමිකයන්ට ව්‍යවස්ථාවෙන් සමාන රැකවරන සැලසී ඇති බවත්, හිංදු ආගමිකයන්ගේ ආගමික නිදහසට ව්‍යවස්ථාවෙන් ඔවුන්ට සැලසී ඇති රැකවරන මෙවැනි මතවාද නිසා අභියෝගයට ලක්වන බවත් මම පෙන්වා දුනිමි.

    සියලුම ආගමිකයන්ට ඔවුන්ගේ ආගමික කටයුතු කර ගෙන යාමට ඉඩ දෙනු!!
    මෙරට බහු වාර්ගික බහු ආගමික රටක් මිස එක ආගමක් ඇති රටක් නොවේ.

    ලෝවැඩ සඟරාවෙ කවිය ගැන කිව යුත්තේ මගේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැති බවය.එහි සඳහන් පරිදි ගැහැනියක් එළුවෙකුගේ බෙල්ල කැපූ නිසා , බෙල්ලේ මයිල් ගානට මිනිසුන් ඉපිද ඉපිද මැරුම් කෑවිට අන්තීමට ඉතිරි වන්නේ ඝාතකයන් පමනක් නොවේද?
    උගතෙක් කරුණාකර පහදන්න.

    • Jehan
      2010 ඔක්තෝබර් 12 දින පෙ.ව. 7:29 ට

      ඉස්ලාම් හා කතෝලික ආගම් වල කියනා දෙවියන් කෙනෙකු කල වරදකට අන් අයටත් දඬුවම් කරන අයෙකි. ඔබත් එබඳු ආගමක් අදහන්නෙකු බව පෙනේ. එබැවින් ඔබට කවිය තේරෙන්නේ ඔබ සිතන රාමුව තුලය. එහි වරදක් නොදකිමි.
      කවියේ කියා ඇත්තේ වරද කල තැනැත්තිය එලුවාගේ මයිල් ගණනට සමාන වාර ගණනක් ගෙල සිඳීමට ලක්වූ බවය.
      ආගමක් ප්‍රශ්ණ කිරීමේ වරදක් නැත. එය හරිහැටි කරුණු කාරණා අවබෝධයකින් කල යුතුය.

  23. 2011 නොවැම්බර් 23 දින පෙ.ව. 3:06 ට

    @dinesh
    ane me palayan harako yanna… thopwa maranna kiyala kawruhari dewi kenek kiwwoth tho kemathida… tho hithapan dewi kenek kiyanawa thoge pawlene eka gane billata one hema awruddema kiyala…. tho ethakota kiyanawada “kamak ne… eka dewiyanne illanne, dunneththam dewiyo nosathutu wei…” kiyala… ane me wal ballo… thopi deyak kiyanna kalin kalpana karapiya…..

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: