නිවස > ඉතිහාසය, බුදු දහම > ..:: බිනර පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

..:: බිනර පුන් පොහොය දිනයේ සිදුවූ විශේෂ සිදුවීම් හා අවස්ථා ::..

තවත් පින්බර පොහොය දිනයක් ළග ළගම පැමිණේ. පෙර සේම මෙවරත් මෙම එළඹෙන පොහොය දිනයේ සිදුවූ පින්බර සුදුවීම් හා අවස්ථා මෙම ලිපියෙන් දැක්වේ.


  • මෙම පුන් පොහොය දිනය මුලු මහත් ලෝක වාසී කාන්තා පාර්ශවය හට විශේෂ වූ පොහොය දිනයක් ලෙස හැඳින්විය හැක. ඒ මන්දයත්,  අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ “විශාලා මහනුවර කූටාගාර ශාලාවේ” වැඩ වෙසෙන සමයේ “මහ ප්‍රජාපතී ගෝතමී” දේවිය හා “රෝහිනී” නදී තීරයේදී පැවදි වූ කුමාරුවන්ගේ භාර්යාවන් 500 දෙනෙක් කසාවත් හැඳ හිසකෙස් සිඳ “කිඹුල්වත්” පුරයේ සිට “විශාලා” මහනුවර දක්වා පැමිණ “අෂ්ට ගරු ධර්ම” පිළිගත් පසු, මුල්වරට භික්ෂුණී ශාසනය පිහිටුවීමට අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ අනුදැන වදාලේ මෙම පුන් පොහොය දිනයේදී වීමය.

  • අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ පස්වග මහණුන් හට ධර්මය දේශනා කොට බුද්ධත්වයෙන් පසු ලැබූ පළමු වස්සාන ඍතුව “බරණැස් නුවර ඉසිපතනාරාමයේ” වැඩ වාසය කළේය.  මහා සංඝ රත්නයේ බිහිවීමත්, ධර්ම ප්‍රචාරයේ ආරම්භයත් මේ කාළය තුලදී  සිදුවී ඇති බවට පැරණි පොත පතෙහි සදහන් වේ.

  • සියලු ශ්‍රී ලාංකිකයන් හට මෙම උතුම් පොහොය දිනය වැදගත් වන්නේ, “තපස්සු – භල්ලුක” වෙළඳ දෙබෑයන් විසින් ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ “කේශ ධාතු” තැන්පත් කරනලද  “ගිරිහඩු සෑය” ඉදිකිරීමේ කටයුතු ද, බුදු පියාණන් වහන්සේගේ “ලාලාට ධාතු” තැන්පත් කර ඇති “සේරුවාවිල මංගල මහා සෑය” ඉදිකිරීමේ කටයුතු ද හා එහි වාර්ෂික පින්කමත් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමය.

සේරුවාවිල  චෛත්‍ය රාජයාණන්

පින්තූරය ලබා ගත්තේ : http://www.lakehouse.lk/budusarana/2009/09/04/z_pic350-fea.jpg

ගිරිහඩු සෑය

පින්තූරය ලබා ගත්තේ: http://www.lakehouse.lk/budusarana/2008/09/22/z_pic350-fea.jpg

නැවත වරක් තවත් පින්බර පොහොය දිනයක තතු ඔබවෙත ගෙන එන අරමුණින් මෙම ලිපිය මා අවසන් කරමි. මෙම ලිපියෙහි කිසියම් තැනක වැරදි අඩුපාඩු ඇතොත් ඒවා පෙන්වා දෙන මෙන් පාඨක ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!! අයිය නායක දෙවි පිහිටයි !!!


  1. 2016 සැප්තැම්බර් 15 දින පෙ.ව. 10:18 ට

    බොහෝම පින් මෙම ලිපිය මඟින් ලෝකවාසී බෞද්ධ ජනයාගේ නැණස පැහැදීමට ගත් උත්සාහයට … තෙරුවන් සරණයි .. මම

    ( චන්දන පොකුණේ සුමිත්ත පොඩි හාමුදුරුවෝ )….

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: