නිවස > ඉතිහාසය, බුදු දහම > ~ අට විසි බෝධීන් වහන්සේලා ~

~ අට විසි බෝධීන් වහන්සේලා ~

තණ්හංකර, මේධංකර, සරණංකර ආදී වශයෙන් අට විසි නමක් වන බුදු රජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වීමේදී පිටදුන් ශාක, එහෙමත් නැතිනම් ඒ ඒ බුදුන් වහන්සේලාගේ ශාසනයේදී බෝධි වෘක්ෂ ලෙසින් වන්දනයට පාත්‍ර වුණ අට විසි බෝධීන් වහන්සේලා ගැනයි මෙම ලිපියෙන් තොරතුරු හෙළි කරන්නෙ. අට විසි බෝධීන් ගැන සඳහන් ප්‍රධාන මූලාශ්‍ර ලෙස බෝධිවංශය සහ සූත්‍ර පිටකය හඳුන්වන්න පුළුවන්.

ඓතිහාසික මූලාශ්‍රවලට අනුව සල්, නා වැනි වෘක්ෂ කිහිපවරකදීම බුදුන් වහන්සේලාට බුද්ධත්වයේදී සෙවනදී ඇති බැවින් බෝධීන් ලෙස සැලකෙන ශාක, ගණනින් 22 කි. මෙම ශාක විශේෂ 22, ශාක කුල 7කට අයත් අතර ඉන් දෙකක් (ඇටඹ, හොර) ශ්‍රී ලංකාවට ආවේණික ශාක වීමද විශේෂත්වයකි. මෙම බෝධි වෘක්ෂයන් අතරින් නුග, අට්ටික්කා වැනි ශාකයන් නියං කාලයන්හිදී වුවද පරිසරයේ සතුනට ආහාර සපයමින් පැවතීම වැදගත්ය. ලංකාවේ ඕනෑම පලාතක වැවෙන මෙම ශාක පවතින ප්‍රදේශ වල ඉහල ජෛව විවිධත්වයක්ද පවතී. එමෙන්ම මෙම බෝධි වෘක්ෂයන්ගෙන් බොහොමයක් රෝග පීඩා වලට ප්‍රතිකාර කිරීමටද යොදාගනු ලැබේ. මෙම ශාක විශේෂ බොහොමයක් ඉන්දියාවේ උතුරු කොටසේ සහ නේපාලයේ ස්වභාවික වනාන්තර වල දක්නට ලැබේ. අටවිසි බෝධින් වහන්සේලා රෝපණය කොට, බෝධිපූජා සඳහා විශේෂ අටවිසි බෝ මළුවක් රාගම ඉහළගම පිහිටි සුගතාරාමයේ නිර්මාණය කර ඇත.

ආශ්‍රිත: විදුසර පුවත්පත, 2010 ජූලි

Advertisements
  1. Hasitha
    2010 ඔක්තෝබර් 11 දින ප.ව. 10:59 ට

    පළමුවරට බෝධි වන්දනාවක් ශාසන ඉතිහාසයේ දැකගත හැකිවෙන්නේ සැවැත් නුවර ජේතවනාරාමයේ කළ ආනන්ද බෝධිය රෝපණයයි. ගයාවේ ජය ශ්‍රී මහා බෝධියෙන් ලබාගත් බීජයකින් හටගත් මේ බෝ රුක මූලයේද බුදුන් වහන්සේ එක් රැයක් සමවත් සුවයෙන් ගත කළ නිසා එය බුද්ධ පාරිභෝගික වස්තුවක් බවට පත්ව වන්දනාවට පාත්‍රවිය.

    ජාතකට්ඨ කතාවේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටින අවස්තාවලදී තමන් වහන්සේව නියෝජනය කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටින ජීවමාන සංකේතයක් ලෙස ද බෝධි වෘක්ෂය හඳුන්වා ඇත.

    ඒ හැරෙන්නට අට විසි බෝධි වන්දනාවක් ගැන බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවාද ? ඒ ගැන යම් පැහැදිලි කරන්නේ නම් හොඳ බව මගේ හැඟීමයි.

  2. Hasitha
    2010 ඔක්තෝබර් 25 දින පෙ.ව. 12:33 ට

    මගේ ගැටළුවට තවමත් ප්‍රතිචාරයක් ලැබී නොමැත්තේ ඇයිද කියා දැනගන්න පුලුවන්ද ?

  3. 2010 ඔක්තෝබර් 27 දින පෙ.ව. 5:28 ට

    Hasitha :

    පළමුවරට බෝධි වන්දනාවක් ශාසන ඉතිහාසයේ දැකගත හැකිවෙන්නේ සැවැත් නුවර ජේතවනාරාමයේ කළ ආනන්ද බෝධිය රෝපණයයි. ගයාවේ ජය ශ්‍රී මහා බෝධියෙන් ලබාගත් බීජයකින් හටගත් මේ බෝ රුක මූලයේද බුදුන් වහන්සේ එක් රැයක් සමවත් සුවයෙන් ගත කළ නිසා එය බුද්ධ පාරිභෝගික වස්තුවක් බවට පත්ව වන්දනාවට පාත්‍රවිය.

    ජාතකට්ඨ කතාවේ දැක්වෙන පරිදි බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටින අවස්තාවලදී තමන් වහන්සේව නියෝජනය කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටින ජීවමාන සංකේතයක් ලෙස ද බෝධි වෘක්ෂය හඳුන්වා ඇත.

    ඒ හැරෙන්නට අට විසි බෝධි වන්දනාවක් ගැන බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවාද ? ඒ ගැන යම් පැහැදිලි කරන්නේ නම් හොඳ බව මගේ හැඟීමයි.

    ආනන්ද බෝධිය ගැන හසිත සඳහන් කරලා තියෙන කරුණු හරි. ස්තුතියි එම විස්තරයට. එය ඉහත ලිපියට ඇතුලත් නොකලේ අටවිසි බෝධීන්ට ඍජුවම අදාල නොවන නිසයි.

    සිංහල බෝධිවංශයේ ගෞතම බෝසතුන්ට විවරණ දුන් සූ විසි බුදුවරුන් ගැන කෙරෙන සඳහනේදි උන්වහන්සේලා බුද්ධත්වයේදී පිටදුන් වෘක්ෂ ගැන සඳහන් වෙනවා. එහෙත් ගෞතම බුදුන් වහන්සේ අටවිසි බෝධි වන්දනාව පිළිබඳව දේශනා කල අවස්ථාවක් ගැන මෙතෙක් මට පැහැදිලි තොරතුරක් ලැබී නැහැ (ඒ ගැන තවමත් කරුණු සොයමින් ඉන්නෙ. පිළිතුර පරක්කු වෙන්නත් ඒක හේතුවක් උනා). ඒ උනත් අටවිසි බෝධීන් එක් ස්ථානයක රෝපණය කර බෝධිපූජා පැවැත්වීම වර්තමානයේ සිදුවෙනවා. එමෙන්ම බෝධියක් ලෙස පූජාවට පාත්‍ර නොකලත් නා, නුග වැනි වෘක්ෂ වන්දනය අපේ සංස්කෘතිය තුල කාලාන්තරයක් තිස්සෙ පැවතෙනවා. සමහරවිට එම වෘක්ෂ පෙර බුදු වරුන්ගේ ශාසනයන්හි බෝධීන් ලෙස වන්දනයට පත්‍ර වීම මෙම චාරිත්‍රයට හේතු වන්නට ඇතැයි මට සිතෙනවා.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: