නිවස > කාළීන සිදුවීම් > රටටම නම් තැබූ සාහිත්‍යධරයෙකුගේ නික්ම යාම…

රටටම නම් තැබූ සාහිත්‍යධරයෙකුගේ නික්ම යාම…

1920 වසරේදී ආරියසේන ආශුබෝධ නමින් කොග්ගලදී උපත ලද මෙම කීර්තිමත් ලේඛකයා අරිසෙන් අහුබුදු නමින් සිය නාමය වෙනස් කලේ  හෙළ හවුල හා එක්වීමෙන් පසුවයි. එදා මෙදා තුර දශක ගණනාවක් පුරාවට දැයේ දූ පුතුන් සිය දහස් ගණනකට අර්ථවත් නම් තැබූ මේ අපූර්ව මිනිසා අප අතරින් සමුගත්තේ සිය ජීවිත කාලය තුල උපන් රටට මහත් වූ සේවයක් කැපකිරීමක් කිරීමෙන් අනතුරුවයි.

ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක්, කථිකයෙක් ලෙස එතුමා හෙළ බස ගැන, හෙළ ඉතිහාසය ගැන අප දැනුවත් කල අයුරු ප්‍රශංසනීයයි. සක්විති රාවන වැනි වේදිකා නාට්‍යද, මනුවස, කොග්ගල පවත වැනි පද්‍ය ග්‍රන්ථද, හෙළ දෙරණ වග වැනි ගද්‍ය කෘතීන්ද රචනා කල අරිසෙන් අහුබුදු ශූරීන් හෙළ ඉතිහාසය ලොවට කියන්නට බොහෝ වෙහෙසක් ගත්තෙකි. සාහිත්‍යය, හෙළබස වෙනුවෙන් ඔහු කල සේවය හමුවේ ඔහුට නිවන් සුව පතන්නට හදවත නොනැමෙන්නේ මතුවටත් හෙළයන් අතර ඉපිද ඔහුගෙන් වෙන සේවය ලබන්නට තරම් ආත්මාර්ථකාමී බවක් අප පෘතග්ජන හදවත් වලට දැනෙන බැවිනි.

ඇදුරාණෙනි… ඔබට දුටුගැමුණු බළකායේ උපහාරය!

ප්‍රවර්ග:කාළීන සිදුවීම්
  1. Kumari Sharma
    2011 මැයි 31 දින පෙ.ව. 2:54 ට

    May he attain Nibbana!

  2. සංජු
    2011 මැයි 31 දින පෙ.ව. 9:33 ට

    අපේ ඉලන්දාරි සහෝදරයාට තිබ්බ පෝස්ට් ගානෙන් සියයෙන් එකක් විතර ප්‍රමාණයක පෝස්ට් ගණනක් මම දැක්කේ මේ අමිල මහැදුරානන්ට… මොකක්ද මේකට හේතුව…??? ලාංකිකයන්ගේ තියෙන බුද්ධිමත් භාවයට දක්වන සැලකිල්ලේ තරම….

    මහැදුරැතුමණි ඔබට නිවන් සුව…

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: