විශ්‍රාමික දිවියට සිල්…!


  1. 2011 ජූලි 26 දින ප.ව. 8:55 ට

    ඇත්ත තිත්තයි. ඒත් නොකියාත් බෑ. අද මැදිවියේ ඇත්තන්ටත් වඩා වයසක ඇත්තන් පන්සල් එන්නේ ඇයි කියලා දන්නවාද? ඉස්සර කාලේ වගේ නෙමෙයි අද බල්ලගේ වැඩේ බූරුවා බාරගෙන. ඒ කියන්නේ ඉස්සර හම්බ කරලා දරුවන්ට ගෙනාවේ පියා. අද මව ඒකත් බාරගෙන. ඉතින් ගෙදර ගෘහණිය නෑ දරුවන් හදන්න. වයසක අත්තම්මා තමයි ළමයි බලා ගන්න ඔ්න. ඉතින් අද අත්තම්මට ගෙදරින් පිට යන්න තහනම්.
    ‘‘දුව මං එන ඉරිදා අපේ නංගිලා දිහා ගිහින් එන්නයි කල්පනාව.’’
    ‘‘අම්මට පිස්සුද? එයාලා අපේ දිහා ආවද අම්මා බලන්න?’’
    ඉතින් ගමන කැන්සල්. තවම මෙයාලා නීති දාන්න ආවේ නැත්තේ පන්සල් ගමනට විතරයි. මොකද රටේ ලෝකෙන් දෙකක් අහගන්න වෙනවාට බයේ.
    ඒ නිසා පන්සල පිරිලා වයසක ඇත්තන්ගෙන් පෝයට. මොනවාටද? යන තැනකට වැඩ කර ගන්නද? නෑ. බණ මඩුවේ කිරා වැටෙන අම්මලා ‘‘ෂෝක් බණ ටික’’ කියයි. දවල් දානයෙන් පස්සේ උපාසක මහත්තයෙක් කට්ටිය එක්කගෙන ධර්ම සාකච්චාවක් තියන්න හැදුවාට අම්මලා හොදට නිදි. අනේ සංසාරේ.
    තරුණ අය ශෝබනයට පන්සල් යති. ‘‘ඔන්න බුදුනි මල්, මෙන්න ගියා මං’’ ඒ ඉස්සර. දන් පන්සල හරියට තොරණ රාජයෙක් වගේ. චෛත්‍ය වටේ අටවිසි බුදු පිළිම. ඔක්කොම එකම අච්චුවේ කපපු බුදු පිළිම. පහන් පත්තු කරන්න තහනම්. මොකද ටයිල්ස් අල්ලලා. එතනට විතරක් මදෑ. දැන් චෛත්‍ය වටේ වැලි මඵ නෑ. ඒවාත් ටයිල් කරලා.
    ඔන්න දැන් අඵත් සෙල්ලමක් පටන් අරන්. බුදු හාමුදුරුවන්ට ඥාණ 72 ක් තිබුණාලු. දැන් දෙසැත්තෑ ඥාණ පූජාවට බුදු පිළිම 72 යි. අටපිරිකර 72 යි. අප පිං කරන්න කරන්න සසර දික් වෙනවා.
    දැන් හාමුදුරුවන් තැන දෙන්නේ මේ වගේ ආමිස පූජාවලට. ඉතින් පන්සල් යන්නත් බයයි. මොළේ තියෙන අයට අන්තර්ජාලයෙන් මුඵ ති‍්‍රපිටකයම බාගෙන බලන්න පුඵවන්.
    ගිහි ගෙයින් නික්මුණු හාමුදුරුවරුන් ඒසී අසපුවල දුක් විදිනවා දැක්කම අපොයි සංසාරේ කියා හිතෙනවා. මේ මළ කෝලම් බලන්න මොකට පන්සල් යනවාද කියලා බුද්ධිමත් තරුණ දූලා පුතාලා හිතනවා ඇති. ඉතින් දොස් කීම පැත්තකින් තියලා අන්තර්ජාලයෙන් හරි බණ ටිකක් උගන්වමු.

    • ගෙවල භූතයා
      2011 අගෝස්තු 2 දින ප.ව. 10:56 ට

      තිලකලා වගේ එන්ජී ඕ කාක්කෝ තමයි ඔළුව අතගාල සාක්කුවෙ තියනදේ අරන් යන්නේ.
      අපේ කම එක්ක වසර ගානක් බැදූනු පන්සලට යන්න එපා කොම්පීතරෙන් බණ අහන්න කියන ඔය ගොනා හැරෙන පොළ් පැලේ අපි දන්නවා. අනේ මෝඩ්සන් ඕවා ඕනනම් සංඝ රත්නයක් ඕන්නෑනෙ. බුදු දහම අකාලිකයි.ඉන්ටර්නෙට් ආව කියලා ශෝර්ට් කට් නෑ

  2. Thilaka Randeni
    2011 අගෝස්තු 11 දින පෙ.ව. 9:13 ට

    මට එන්ජීඔ් කාක්කෙක් කීවේ කුමන පදනමින්ද? මෝඩ සිංහලයන්ට තම ජාතියේ ශ්‍රේෂඨත්‍වය ගැන කියලා දෙන හින්දද? දීන ඉන්‍දියානු මානසිකත්‍වයට යන්න එපා කියලා ආයාචනා කරන හින්දද?
    මා කීවේ නෑ පන්සලට යන්න එපා කියා. මා කීවේ අපේ ළමයින්ට පන්සල එපා වෙලා ඇති කියලයි. ඇත්තටම තරුණ පෙළ පන්සල් යන්නේ නැත්නම් එහි වැරැුද්ද භාර ගත යුත්තේ පන්සලේ හාමුදුරුවොයි. දැන් හාමුදුරුවරු බණ කියන්න යන්න කීයක් ගන්නවාද කියලා දන්නවාද?
    කොහොමත් දස සිල්වලටත් මුදල් පරිහරණය තහනම්.
    තෙරුවන් සරණයි. (අන්තර්ජාල තෙරුවන් එහෙම නෙමෙයි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: