Archive

Archive for the ‘ගීත අසපුව’ Category

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ……

2010 අප්‍රේල් 25 ප්‍රතිචාර 2ක්

සිංහපුරේ පුංචි රටේ  ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ….

සිංහලයේ අභිමානේ මාගේ උදානේ..

ලංකාභිමානේ මාගේ නිධානේ..

ඈත නැඟී පායනා උදා ඉරේ

දිළෙනා රැස්මාලේ පිපෙනා මල්යායේ

සිරි දූ වඩින්නා

ගීත ඇසේ රුක් මුදුනේ ලංකා පුරාණේ….

මාගේ නිධානේ… මාගේ උදානේ…..

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ…

මූණ පුරා වාසනා සිනා මැවේ

කලතා ගී රාවේ නංවා නින්නාදේ ගංගා ගලන්නා

ශෝක නිවේ මල් පවනේ ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ…

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ… එච්. ආර්. ජෝතිපාල

Download

සිංහපුරේ පුංචි රටේ  ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ….

සිංහලයේ අභිමානේ මාගේ උදානේ..

ලංකාභිමානේ මාගේ නිධානේ..

ඈත නැඟී පායනා උදා ඉරේ

දිළෙනා රැස්මාලේ පිපෙනා මල්යායේ

සිරි දූ වඩින්නා

ගීත ඇසේ රුක් මුදුනේ ලංකා පුරාණේ….

මාගේ නිධානේ… මාගේ උදානේ…..

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ…

මූණ පුරා වාසනා සිනා මැවේ

කලතා ගී රාවේ නංවා නින්නාදේ ගංගා ගලන්නා

ශෝක නිවේ මල් පවනේ ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ…

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ…

ප්‍රවර්ග:පැරණි ගීත

ලක් වැසියන් – සුනිල් එදිරිසිංහ

ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙළොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ

ලක් වැසියන් – සුනිල් එදිරිසිංහ

Download

ප්‍රවර්ග:දේශාභිමනි ගී

ආයු රඛ්ඛන්තු ආවඩා

රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා…

රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..

පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..

රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා…

ගායනය : සුගත් හඳුන්ගේ, සුනිල් ජයසිරි ඇතුළු පිරිස
මෙතනින් බාගන්න

පසුවදන:

ලක් දෙරණේ සදා අමරණීය අපේම සෙබළ සෙබළියන්ට මේ ගී මල් පොකුර උපහාරයක්ම වේවා…
ඇස් ඉස් මස් ලේ දන් දෙමින් එකා පිට එකා මැරී වැටෙද්දිත් අවසන් හුස්ම පොද තෙක් සටන් කර කොටි හැත්ත වරිගය පිටින්ම නසා දුටුගැමුණු පරපුරේ සීහල තේජස පැතිරවූ සීහල දේශයේ අභීත රණවිරුවාණෙනි ඔබටයි අපගේ මේ උපහාරය.  එදා මෙන් අදත් අපේ ලක් අම්මා කෙලසන්න හදන කාලකණ්ණි හැතිකරයම මේ පින්බර ලක් දෙරණින් තුරන් කරන්න ඔබට විරිය ශක්තිය ලැබේවා. සියළු දෙවියෝ ඔබ රකිත්වා….

චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..

෴ දුටුගැමුණු පරපුරේ අපි ෴

රත්නදීප ජන්මභූමි – පණ්ඩිත් අමරදේවයන්

2010 අප්‍රේල් 13 ප්‍රතිචාර 4ක්

රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි

මානික්‍ය සේ පොලෝගැබේ නිධානවී
ඇත්තෙ ඒ අභීත දූපුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

සින්දූපමාන වැව්තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධවී
රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන්හෙලූ ප්‍රාණවායුවයි

ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

පණ්ඩිත් අමරදේව

https://i0.wp.com/img638.imageshack.us/img638/6905/4fc14044bc6e.png

ප්‍රවර්ග:දේශාභිමනි ගී

අම්මෙ පෙම්බරා_සුනිල් එදිරිසිංහ

අම්මේ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
ජෝර්ජ් මහරජා ගුණ කද කරමු සිහි සොඳා

මාස්ටර්ගෙ ගායනාව
හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව
අනුව වැයේ බටනලාව
සරිගමපධනි හරි හරි සනිධපමගරී

නළල් මතින් එන දාඩිය පිසදාගෙන විරාමයක
වීනාවක නාද නැගේ දිගාසිරි යදා රජු හට
සායට මනරම් අත්දිග හැට්ටය තොල් අග හිනාව
මතුකොට ටොප්හැට් ඇදගෙන ඒරොප්පේ කල්පනාව

මාස්ටර්ගෙ ගායනාව
හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව
අනුව වැයේ බටනලාව
සරිගමපධනි හරි හරි සනිධපමගරී

රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
බලා හිදී ගම්භිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස
හීන දීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කළ
යළි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික

මාස්ටර්ගෙ ගායනාව
හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව
අනුව වැයේ බටනලාව
සරිගමපධනි හරි හරි සනිධපමගරී

සුනිල් එදිරිසිංහ



සිංහල ජය ගීත හඩට_අතුල සෝමසිරි

සිංහල ජය ගීත හඬට
සිංහල කොඩිවැල් ලෙල දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ

මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ

Download

ප්‍රවර්ග:දේශාභිමනි ගී

පැරණි ගීත

01. අසන් මගේ ප්‍රිය මිතුරනි – එච්. ආර්. ජෝතිපාල  (Asan Mage Priya Muthurani – H. R. Jothipala)

02. අප පිබිදුන විට ගම පිබිදෙනවා – ඩබ්. ඩී. අමරදේව (Apa Pibiduna wita – W. D. Amaradewa)

03. අනගාරික ධර්මපාල ශ්‍රී නාමය – නන්දා මාලනී (Angarika Dhrmapala – Nanda Malani)

04. දස පාරමී පිරුවේ – යමුනා විනෝදනී (Dasa parami piruwe – Yamuna Vinodani)

05. ධර්මය සත්‍ය වේ (සත්‍යයි ඔබේ දර්ශනේ) – සුජාතා අත්තනායක (Sathyai Obe Dharshane -Sujatha Aththanayake)

06. හෙළ දිව එක්සේත් කල නිරිඳුන් – ලයනල් රන්වල  (Hela Diva Ek sesath – Layanal Ranwala)

07. හෙළයින් වී අප හෙලේ උපන්නේ – නන්දා මාලනී (Helain Vee Apa – Nanda Malani)

08. හෙළ ජාතික පියුම් විලේ – අයිරින් ද අල්විස්  / ලක්ෂ්මන් රුද්‍රිගු ( Hela Jathika Piyum – Irin De Alwis / Lakshman Rodrigo)

09. නිවහල් සිතුවිලි සිතනා – ඩබ්. ඩී. අමරදේව  (Niwahal Sithuwili Sithana – W. D. Amaradewa)

10. නිල් ඉ‍ඳෙන නිල් දෙරණා  (Nilla Indena Nil Derana)

11. නුඹේ මනාපෙට – ඉසුරු ජයරත්න / දිස්නා අතපත්තු  ( Nube Manapeta – Isuru Jayarathne / Disna Athapaththu)
12. පෙරපර දෙදිගම – ලක්‍ෂ්මන් රුද්‍රිගු ( Perapara Dedigama – Lakshma Rodrigo)

13. රන්වැලි සෑ රන්කොතේ – සපුන් මධුසංක  (Ranweli Se Ran Kothe – Supun Madusanka)

14. පුංචි පුතේ පුංචි දුවේ – මොහිදීන් බෙග්  ( Punchi Puthe Punchi Duwe – Mohideen Beig)

15. පෙර විරුවන් ගැන අම්මේ – රුවන් ශ්‍රී ලාල් (Pera Wiruwan Gena Amme – Ruwan Sri Lal)

16. රුවන් මුවා පොලෝ තලේ – නන්දා මාලනී (Ruwan Muwa Polo Thalen – Nanda Nalani)

17. සාධු සිරීපා – ඒ. ජේ. කරීම් (Saadu Siripa – A. J. Kareem)

18. සිංහලයෙකු වෙලා  හෙළයේ ඉපදීම – නන්දා මාලනී (Sinhalayeku wela – Nanda Malani)

19. සිංහලේ වීර සියළුන්නේ වරුනේ කියා – මොහිදීන් බෙග් (Sinhale Weera – Mohideen Beig)

20. සිරිපා වඳිමු මුණිගේ – සිසිර සේනාරත්න (Siripa Wadimu – Sisira Senaraththe)

21. ශ්‍රීනි විභූෂිත ලංකා – ලතා වල්පොල  (Srini Vibushitha – Latha Walpola)

22. උඩඟු ලියන් ‍ගොතා බඳින – නන්දා මාලනී (Udangu Liyan – Nanda Malani)

23. දල්වව් බැති ආදර පෙම්  (Dalvaw Bethi  Adara Pem)

24. දකුණ නැගෙනහිරි – අයිවෝ ඩෙනිස්  (Dakuna Negenahira – Aivo Denis)

25. දියෙහි ඉපිද දියෙහි නැඟී – දිස්නා අතපත්තු (Diyehi Ipida – Disna Athapaththu)

26. ලස්සන සැමදේ (රූප ගොත්තං නජීරති) – නාරද දිසාසේකර / සුජාතා අත්තනායක (Lassana Semade – Sujatha Aththanayake / Narada Disasekara)

27. ලංකා ලංකා – අයිවෝ ඩෙනිස්  (Lanka Lanka – Aivo Denis)

28. සෙබලානෙනි ඔබ මැරුණා නොවේ – රාජ් වික්‍රමසිංහ (Sebalaneni Raj – Wickramasinhe )

29. අපට එපා බිම් අඟලක් – වික්ටර් රත්නායක ‍(Apata Epa Bim Angalak – Victor Rathnayake)

30. දෙදහස් පන්සිය වසරක් වයසයි – නන්දා මාලනී ( Dedahas Pansiya wasarak – Nanda Malani)

31. ගමේ කෝපි කඩේ – සනත් නන්දසිරි (Game Kopi Kade – Sanath Nandasiri)

32. ඉදිරියටා යමු සැවොමා – එච්. ආර්. ජෝතිපාල  (Idiriyata Yamu Savoma – H. R.  Jothipala)

33. මුණි සිරිපා සිබිමින්නේ – ඩබ්. ඩී. අමරදේව ( Muni Siripa Sibiminne – W.D. Amaradewa)

34. බත කා ඉවරයි – සුනිල් එදිරිසිංහ (Batha ka Iwarai – Sunil Edirisinghe)

35.සීහලේ පිනෙන් – සුනිල් එදිරිසිංහ (Seehale Pinen – Sunil Edirisinghe)

ප්‍රවර්ග:පැරණි ගීත