Archive

Archive for the ‘පිරිත්’ Category

මෙත්තානිසංස සූත්‍රය

මෙත්තානිසංස සූත්‍රය  යනු අංගුත්තර නිකායේ ඒකදසක නිපාතයට ඇතුළත් සූත්‍රයකි. මෙය පසු කළෙක මහ පිරිත් පොතටද ඇතුළත් කර ඇත.

මෙත්තානිසංසයේ වැදගත් කම

1. සුවසේ නිදයි.

2. සුවසේ අවදිවෙයි.

3. නපුරු සිහින නොදකියි.

4. මිනිසුන්ට පි‍්‍රය වෙයි.

5. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි.

6. දෙවියෝ රකිති.

7. ගිනි – විෂ – ආයුධ හෝ ඔහුගේ කයට නොපිවිසෙයි.

8. වහා සිත එකඟ වෙයි.

9. මුහුණේ පැහැය බබළයි.

10. නුමුළාව කළුරිය කරයි.

11. මරණින් මතු සුගතියෙහි උපදියි.

මෙසේ නොකොට ද්වේශය ක්‍රෝඩය වඩවන්නෙකුට එම ද්වේශය හාක්‍රෝදය නිසා දස විඩ අන්තරායන්ගෙන් එකකට පත්වීමට සිදුවේ.

දස විධ අන්තරාය නම්:

1. දරුණු වේදනාවක් විඳින්නට සිදුවෙයි.

2. බලවත් ධන හානියක් සිදුවෙයි.

3. අතපය ආදී අවයව බිඳෙත්.

4. දරුණු ලෙඩක් සැදෙයි.

5. උමතු වෙයි.

6. රාජ උදහසක් ඇති වෙයි.

7. බලවත් චෝදනාවක් අසන්නට සිදුවෙයි.

8. කිට්ටුවර නෑයන්ගේ පිරිහීමක් සිදුවෙයි.

9. වී ගොවිතැන් ආදී භෝගයන්ගේ පිරිහීමක් ඇති වෙයි.

10. ඔහුගේ ගෙය ගිනි ගනී.

මේ කරුනු සලකා බැලීමේදී මෙත්තනුසංස පිරිත මගින් අපගේ ජීවිතයට මෙත් වැඩීමේ ආනිසංස මෙන්ම වෛරය ක්‍රෝඩය වල ප්‍රතිවිපාකත්  සිහිකරවයි,

ඔබත් මෙත්තානිසංස සූත්‍රය ශ්‍රවනය කරන්න.

Download

Advertisements
ප්‍රවර්ග:පිරිත්

ගිරිමානන්ද සූත්රය

නිදාන – කථාව

අනාත පින්ඩික සිටුවරයා විසින් කරවන ලද ජේතවනාරාම මහා විහාරයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ විසූයේය. එසමයෙහි  ගිරිමානන්ද ස්ථවිර දැඩිසේ රෝගී විය. යැවිට ආනන්ද ස්ථවිරයන් වහන්සේ ගිරිමානන්ද භික්ෂුවගේ ගිලන් බව බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ ඒ බව මෙසේ බුදුරජාණන් වහන්සේ වෙත දන්වා සිටියේය.

“ස්වාමිනි බුදුරජාණන් වහන්ස,  ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ දැඩිසේ රෝගීව සිටිති. බුදුරජාණන් වහන්සේ එහි වැඩම කළහොත් මැනවි. එය අසා වදාළ බුදුරජාණන් වහන්සේ එසේ නම් ආනන්ද තොප එහිගොස් මේ දස සංඥාවන් ගිරිමානන්ද භික්ෂුවට කියව. එසේ තොප දස සඤ්ඤාවන් කී කල එය අසා ගිරිමානන්ද භික්ෂුව සුවපත් වන්නේ යයි වදාරා අනිත්‍ය සඤ්ඤාවන් දෙසූ සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙම දස සඤ්ඤාවන් උගෙන ගිරිමානන්ද භික්ෂුව වෙත ගොස් කීහ. එම දස සඤ්ඤාවන් අසා ගිරිමානන්ද භික්ෂු තෙම නිරෝග විය. සුවපත් විය.

ගිරිමානන්ද මහරහතන් වහන්සේ

අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ නාම ලේඛනයෙහි ඇතුළත් සුමේධ බුදුරජාණන් වහන්සේ 13 වැනි අංකයට ගැනෙති. එම සුමේධ බුදුරදුන් දවස මහා සිටුවරයෙකු ලෙස ජීවත් වූ අයෙකි. මෙම ගිරිමානන්ද භික්ෂුව එසේ සිටියදී තම මව-පියා- සොහොයුරා බිරිඳ පුත්‍රයා යන අය එක් දිනෙකම මිය ගියහ. මහත් දුකට පත් ඔහු ප්‍රකෘති සිහිය ලබා ගැනීමට අසමත් වූයේ වනගත විය. පිස්සකු මෙන් හැසිරෙන්නේ ඉතා අසරණ විය. මෙසේ සිටියදී සුමේධ බුදුරජ ඔහු සමීපයේ අසල ගසක් මුල වැඩ සිටියේය. ස්වල්ප වේලාවකින් අසරණ සිටුවරයා සාමාන්‍ය සිහිය ලැබීය. එය අවස්ථාව කරගත් සුමේධ බුදුරජාණන් වහන්සේ

අනවිහාතා තතෝ ආගුං

අනනුඤ්ඤාතො ඉතො අගා

යථාගතා තථාගතා

කානාතත්ථ පරිදේවනා

මේ ගාථාව වදාරා ධර්ම දේශනා කළහ. ඒ ඇසූ සිටුවරයා ශෝකය සංසිඳවා ගෙන බුදුරදුන්ට විශේෂ පුෂ්ප පූජාවක් කළේය. එයින් සසර අනන්ත සැප ලැබ අප බුදු රදුන් දවස බිම්බිසාර රජුගේ පුරෝහිත බමුණාගේ පුතෙක්ව ඉපිද සුදුසු වියට පත් කළ බුදු ගුණ අසා පැවිදි විය. ග්‍රාමවාසය හැර අරණ්‍යවාසව කල් ගෙවීය.

වරෙක බුදුරදුන් දක්නට වැඩි බව අසා බිමිබ්සාර රජතුමා පැමිණ වන සෙනසුන් කරා නොවඩිනා ලෙසට ගිරිමානන්ද හිමිට ආරාධනා කොට සිව් පසයෙන්  උපස්ථාන කරන බවද දැන්විය. එය නොඉවසා  වන සෙනසුනට වැඩියේය. කුටියක් එහි නොවීය. වැසි කල පැමිණියේය.

එහෙයින් ගිරිමානන්ද රහතන් වහන්සේට පීඩාවන නිසා දෙවියෝ වැසි නතර කළහ. රටට අවශ්‍ය වැසි නැතිව රටවැස්සෝ පෙළුනහ. රජතුමා කරුණු විමසා දැන වන සෙනසුනෙහි කුටියක් තනවා පූජා කළේය. ඉන්පසු රටට වැසි ලැබින සසර පුරුද්ද නිසා උන්වහනසේ වන සෙසුනට පි‍්‍රය කළහ.

දෙවියන්ට වැසි වැස්ස වීමටත් වැස්ස නතර කිරීමටත් මෙම සුත්‍රයෙන් ප්‍රකාශ වීම ඉතා වැදගත්වන්නේය. මෙම ගිරිමානන්ද සූත්‍රය පිරිතක් වශයෙන් උදේ සවස සජ්ඣායනා කිරීමෙන් රෝගාබාධයන් ගෙන් මිදිය හැකිබවද සදහන් වේ.

Download

ප්‍රවර්ග:පිරිත්