නිවස > බුදු දහම > සම්මා දිට්ඨිය පිළිබද විමසුමක්,

සම්මා දිට්ඨිය පිළිබද විමසුමක්,

නිර්වාණය අවබෝධ කරගැනීමට උත්සා දරන්නා වූ පුද්ගලයෙක් විසින් ගමන් ගත යුතු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වෙයි. සම්මා දිට්ඨිය මෙම මාර්ගයේ ඇතුළත් එක් අංගයක් පමණකි. . සම්මා දිට්ඨිය බොහෝ දෙනෙක් අර්ථ දක්වන්නේ නිවැරදි දැකීම ලෙසය. නමුත් සම්මා දිට්ඨිය යනුවෙන් අදයස් වන්නේ කුමන ආකාරයේ නිවැරදි දැකීමක්ද? සාගරයක් වැනි වූ බුද්ධ ධර්මයේ සම්මා දිට්ඨි යන්න එක අංගයක් වුවත් මෙහි අර්ථය නිවැරදි ලෙස විමසා බලන්නේ නම් නිවැරදි දැකීම යන්නට වඩාත් ගැඹුරුවූ අර්ථයක් විද්යාාමාන වේ.
ලෝකයේ වෙසෙන්නාවූ විවිධ පුද්ගලයන්ගේ විවිධ ආගමික සමාජයීය ආර්ථික පසුබිම් යටතේ එම එක් එක් පුද්ගලයා නිවරදි යැයි දක්න්නා වූ දේ විවිධාකාරය. එනමුදු සම්මා දිට්ඨිය පිළිබදව සලකා බැලීමෙදී වෙනත් නිර්ණායකයන් සමග ගැලපීමට යාම සුදුසු නොවේ. සම්මා දිට්ඨිය අර්ථකතනය කළ යුත්තේ බුද්ධ ධර්මයේ සදහන් නිර්ණායකයන් අනුවමය.

එසේ නම් කුමක්ද මේ සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම?

බුදුරජානන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.
“කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි? යං ඛෝ භික්ඛවේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥානං, අයං වුච්චති භික්කවේ සම්මා දිට්ඨි”
“කිමෙක්ද, මහණෙනි සම්මා දිට්ඨිය කියන්නෙ? දුක පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ සමුදය පිළිබඳව ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධය පිළිබඳ ඥානයක් තිබෙනවා නම්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්යබය පිළිබඳ ඥානයක් තිබෙනවා නම් එය සම්මා දිට්ඨිය යනුවෙන් හැඳින්වේ.
සරලව පවසන්නේ නම් ‍ලෝකයේ පවතින්නා වූ අනිත්යිතාවය තේරුම් ගෙන අනිත්යු නිසාවෙන් හටගන්නා වූ දුක්ඛ දෝමනස්සයන් තේරුම ගෙන එම දුක සදාකාලිකවම තුරන් කිරීම සදහා තිසරණ සරණ යමින් ධර්මය අනුව හැසිරෙන්නා සම්මා දිට්ඨිය ඇති පුද්ගලයෙක් වන්නේය.

එසේ නොමැතිව සම්මා දිට්ඨිය තමා අවට ඇති සමාජය ඇසුරින් අර්ථ දැක්වීමට යාම පිවිතුරු නිර්මල බුද්ධ ධර්මයට හා බුදුරජානන් වහන්සේට කරන්නා වූ අවමානයක් හා තමාගේ සසර ගමන තවත් කාලයක් දිගු කර ගැනීමටද හේතු වන බව ධර්මය අවබෝධ කරගත්තා වූන් හට වැටහෙනු ඇත.

ප්‍රවර්ග:බුදු දහම
  1. chathura141
    2010 අප්‍රේල් 6 දින ප.ව. 11:47 ට

    දැනගත්තේ අදයි මේ අඩවිය ගැන මා
    සොයුරනි අපූරුයි මෙහි ඇති හැම දෙයමා
    කෙටි කාළයක් තුල ගිය දුර ගැන උපමා
    මොකටද ඉතින් හෙළ බොදුවන් ඔහොම තමා…..

    යහපත් දැක්ම ගැන සරලව ලියා ඇතී
    මේ ලිපි පොඩ්ඩ ගැන නම් සිත ඇදී යතී
    මේ හරි දැක්ම තියෙනවනම් එයම ඇතී
    මේ ලෝකයේ දුරලන්නට දුදන ගතී…….

  2. 2010 අප්‍රේල් 18 දින පෙ.ව. 12:41 ට

    නියමයි!!!. මේ ආකාරයෙන් සම්මා දිට්ඨිය ලෝකෝත්තර අර්ථයෙන් විස්තර කර ඇති තැන් අඩුයි.

  3. අරියරත්න ඔපාත
    2012 ජූලි 22 දින ප.ව. 7:08 ට

    අගය කලහැකි අදට අවශ්‍ය ලිපියක්

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න