Archive

Posts Tagged ‘සමථ භාවනාව’

බෞද්ධ භාවනා – 2 කොටස

දස අසුභය

මෘත ශරිරයක විවිධ අවස්ථා අරමූණු කොට ගෙන භාවනා කිරිම දස අසුභ ලෙස සදහන් වෙයි.

1.  උද්ධු මාතක   –  ඉදීමී ගිය මළ සිරුර
2.  විනීලක         –  ඉදිමී නිල්වන් වු  මළ සිරුර
3.  විපුබ්බක      –  ඒ ඒ තැනින් සැරව ගලන සිරුර
4.  විචිඡිද්දක      –   යුද්ධ භුමි ආදියෙදි දී දෙකට කපා දැමු (සිදුරු සහිත) මළ සිරුර
5.  වික්ඛායිතක  –   බලු , සිවල් ආදි සතුන් විසින් තැනින් තැන කා දමන ලද සිරුර
6.  වික්ඛිත්තක   –  බලු සිවල් ආදි සතුන් විසින් අත් පා ආදි අවයව තැන් තැන් වලට ඇද දැමු පිළිකුල් සහිත මළ සිරුර
7.  හත වික්ඛිත්තක   –   ආයුධ වලින් ඇග පසග කැබලි, කැබලි වලට කපා තැන තැන විසුරුවා ලු මළ සිරුර
8.  ලෝහිතක            –  ලේ වැගිරෙන පිළිකුල් සහිත මළ සිරුර
9.  පුලවක               –   පණුවන් ගැසුන මළ සිරුර
10. අට්ඨික           –   ලේ මස් නැති ඇ‍‍ට සමුහය හෙවත් ඇටසැකිල්ල

තවදුරටත් කියවන්න…

බෞද්ධ භාවනා – 1 කොටස

`

සමථ භාවනා විදර්ශනා භාවනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් ගැන බුදු දහමෙහි ඉගැන්වේ. සමථ භාවනා  කාමච්ඡන්න්ද ආදි පංච නීවරණ නමින් හැදින්වෙන් අකුසල් ධර්ම පහක් සමනය කර ගැනිමට ඉවහල් වන අතර විදර්ශනා භාවනාව නිර්වාණ අවබෝධය සදහා විශේෂයෙන් ම ඉවහල් වේ. බෞද්ධ භාවනාවේ අවසාන අරමුණ ද එයයි.

සමථ භාවනා

සිත එක අරමූණක පිහිටුවා ගැනිමෙන් කෙරෙන භාවනාවක් බැවින් මෙය චිත්ත භාවනා, සමාධි භාවනා
යන නමි වලින් හැදින් වෙයි. කුසල් ඇති කර ගැනීමට ඇති බාධක පංච නීවරණ වේ. එම බාධක සංසිදුවා
සිත තැන්පත් බවට පමුණුවා සිත දියුණු කරලීම මෙම භාවනාවෙන් සිදු වේ. ධ්‍යාන උපදවා ගැනිමට උදවු
වන භාවනාවකි.

සමථ කර්මස්ථාන

භවනාව සදහා අරමූනූ කර ගත යුතු (නිමිති) කරුණු කර්මස්ථාන නමින් හැදින්වෙයි.  සමථ භාවනාවට
අරමුණු වශයෙන් ගත හැකි කර්මස්ථාන හතලිහකි. කසිණදසය, අසුභදසය, අනුස්සති දසය, අප්පමඤ්ඤා
සතර, ආහාරේ පට්ටකුල සඤ්ඤ‍ායව, චතුධාතු වවත්ථානය, ආරුප්ප සතර යනු එම සමථ කර්මස්ථාන
සතලිසයි.

දස කසිණ

1.  පඨවි කසිණය
2.  ආපො කසිණය
3.  තේජො කසිණය
4.  වායෝ  කසිණය
5.  නීල කසිණය
6.  පීත කසිණය
7.  ලෝහිත කසිණය
8.  ඕදාත කසිණය
9.   ආකාශ කසිණය
10. ආලෝක කසිණය

තවදුරටත් කියවන්න…

රෝග සුව වීමට (සමථ) භාවනාවක්…

2010 අප්‍රේල් 24 ප්‍රතිචාර 4ක්

මේ ලෝකයේ තිබෙන වටිනාම දෙය පිරිසිඳු වාතයි. අපගේ ජීවිතය පවත්වා ගැනීමට අපට අත්වශ්‍යම දෙය වාතයයි. අහාර නැතිව සතියක් හෝ ඊටත් වැඩි දින ගණනක් – වතුර නැතිව පැය ගණනක් ජීවත් වන්නට පුළුවනි. එහෙත් පිරිසිඳු වාතය නැතුව (හුස්ම නොගෙන) පැයක්වත් ජීවත් විය හැකිද? පැයක් තියා පැයකාලක්වත් ජීවත් වීමට නුපුළුවන. ලෝකයේ තිබෙන වටිනාම දෙය පිරිසිඳු වාතය බව ඉන් අපට මනාව පැහැදිලි වේ.

මෙලොව බිහිවූ කව්රුත් පළමුව කලේ පිරිසිඳු වාතය උරා ගැනීමයි. කුමන වැඩක යෙදී සිටියත් අප ජීවත්වන තුරුම මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නොකඩවා සිදුකරමු. එය කඩ කළ දිනට අපගේ මරණය සිදුවේ.

බුදු රජාණන් වහන්සේ ලොව්තුරා බුදු බව ලැබුවේද මෙම ජීව වායුව ශරීරයට ඇතුළුවීම සහ පිටවීම දෙස නුවනින් බල සිට ඒ අනුව ත්‍රිලක්ෂණ ධර්මය මෙනෙහි කිරීමෙනි. ආනා පානා සති භාවනාව යනු එයයි.

අපට නොපෙනෙන බොහෝ දේව රූප, භූත රූප, රුපවාහිනී රූප මේ වායුවේ පවතී. ඒවා අපට නොපෙනෙන්නේ එම රූප දැකීමට තරම් සියුම් ඇසක් අපට නැති නිසා මිස රූප නැති නිසා නොවේ.

එමෙන්ම අපට නොඇසෙන බොහෝ ශබ්ද තරන්ගත් මේ සුලගේම ගමන් කරයි. විද්‍යාත්මක යන්ත්‍ර සුත්‍ර මගින් විසුරුවා හරිනු ලබන විවිධ ශබ්ද, විවිධ භාෂා වලින් අපට ගුවන් විදුලි යන්ත්‍රයක ආධාරයෙන් ඇසීමට පුළුවන. එම ශබ්ද පමණක් නොව අප කතා කරන දේවල්ද මේ සුළගට එකතු වේ. පිරිත්හඬ, බනහඬ  වැනි හොඳ යහපත් ශබ්ද මෙන්ම ඵරුස වචන, කුණුහරුප, සම්පප්‍රලපාදී (ආශාව තරහව වැඩිවන කතා) බොහෝ අහිතකර ශබ්දද මේ සුළගේ පවතී.

එමෙන්ම යහපත් මෛත්‍රී භාවනාදී හොඳ සිතුවිලි මෙන්ම නපුරු අයගේ අයහපත් නරක සිතුවිලිද මෙම සුළගේ පවතී.

නපුරු මිනුසුන්ගේ මුවින් පිටවෙන (නපුරු වචන) අහිතකර ශබ්ද තරංග සහිත වූ වැකි ඇතුලත් නපුරු සිතුවිලි, අහිතකර චිත්ත තරංග සහිත වාතය ශරීරයට වැඩිපුර උරාගත් විට ඒ අහිතකර වූ වාතය ආශ්වාස කල පුද්ගලයන්ගේ ද සිතුවිලි වඩ වඩාත් නොමගට යෙදේ. ඔවුන්ගේ සිත් තුල රාග, දෝස, මෝහ, වැඩි වැඩියෙන් දියුණු වේ.

යහපත් සිතුවිලි (භාවනා) යහපත් ශබ්ද බනහඩ, පිරිත්හඬ සහ වෙනත් යහපත් වචන සහ ශබ්ද තරංග සහිත වූ පිරිසිඳු වාතය ලබා ගන්න වූ අයගේ සිතුවිලි වඩ වඩාත් හොඳ වේ.රාග, දෝස, මෝහ තුනී වේ. යහපත උදා වේ.

නිතර තෙරුවන් වඳින පුදන ගෙදරක සාමය දියුණුව ඇතිවන්නේ එම බෞද්ධ නිවසේ වඩ වඩාත් හොඳ සිතුවිලි සහ යහපත් තරංග වැඩි වැඩියෙන් ඇති නිසාය. බෝ මළුවක් අසලදී – ශාන්ත පුද බිමක වැඩි වෙලාවක් ගත කරන විට යහපතක් උදාවන්නේ එබඳු පුජනීය භූමිවල මෙම යහපත් ශබ්ද තරංග සහ චිත්ත තරංග වැඩිපුර ඇති නිසාය.

යහපත් ගුණවත් සත්පුරුෂයන්ගේ මුවින් පිටවූ යහපත් ශබ්ද තරංග සහ (භාවනා) චිත්ත තරංග මිශ්‍ර වූ පිරිසිඳු අම්ලකර වාතය වැඩි ප්‍රමාණයක් ඔබගේ ශරීරයට ලබාගත හැකි නම් ඔබගේ යහපත් සත්පුරුෂකම වැඩි දියුණු කර ගැනීමට පුළුවන. මේ භාවනා ක්‍රමය අත්හදා බලන්න.

රේඩියෝවේ මීටරය කරකවන ඔබ, ඔබට උවමන ගුවන් විදුලි සේවයේ හඬ තෝරා බේරා ලබාගන්නක් මෙන් – සියලු දේටම වඩා මහා බලයක් ඇති ඔබේ සිත තුලින් හොඳ අධිෂ්ටානයක් ඇතිව බලවත් චිත්ත අධිෂ්ටානයෙන් යුතුව පිරිසිඳු වාතාශ්‍රය ලැබෙන තැනක ඉඳගෙන මෙසේ සිතන්න.

භාවනා ක්‍රමය:

“මේ විශ්වයේ පවතින භාවනා සිතුවිලි ආදී යහපත් චිත්ත තරංග සහිත වූ ද, බනහඬ, පිරිත්හඬ වැනි යහපත් ශබ්ද තරංග සහිතකර වුද පිරිසිඳු වාතය මගේ ශරීරයට ඇතුළු වේවා!!!” යි සිතා හොඳින් හුස්ම ගන්න. තත්පර කීපයක් එම පිරිසිඳු වාතය පෙනහළු තුල රඳවාගෙන “මම නිරෝගී වේවා!!!” යි දෙතුන් වරක් සිතන්න. “මාගේ සිරුරේ පවතින සියලු අහිතකර ශක්ති පිටවෙවා!!!” යි සිතා හෙමින් හුස්ම පිට කරන්න. මෙසේ වාර කීපයක්ම හොඳ පිරිසිඳු වාතය ලබාගන්න.

දිනකට විනාඩි 5ක් හෝ වැඩිම උනොත් විනාඩි 10ක් හෝ අඩුම ගනනේ වාර තුන හතරක් මේ භාවනා ක්‍රමය අනුව පිරිසිඳු වාතය ශරීරයට ලබාගන්නා ඔබගේ ලේ ධාතුව වඩාත් පිරිසිඳු වී ඔබ නිරෝගී කෙනෙක් වෙනවාට කිසිදු සැකයක් නැත. ලේ ධාතුව පිරිසිඳු වී හතිය, මහන්සිය, අඩුම ආදී බොහෝ රෝග සුව වේ.

තෙරුවන් සරණයි…!!!

පතපොත ඇසුරිනි: පරගස්තොට සුධම්ම හිමි විසින් රචිත “රෝග සුවයට භාවනා”