නිවස > ධර්ම දේශනා > මෝර පිරිත

මෝර පිරිත

මෝර පිරිත යනු බුද්ධ දේශනාවේ සදහන් තවත් මහානුභාව සම්පන්න පිරිත් රත්නයකි. අපගේ පැරැන්නන් හිමිදිරි උදෑසන මෙම පිරිත් දේශනාව කීමෙන් තමා කරන කියන සියළුම කාර්ය්‍යන් සර්වප්‍රකාරයෙන් සාර්ථක වන බවත් කිසිදු අපල උපද්‍රවයකට තමා ලක් නොවන බවටත් දැඩි විශ්වාසයකින් පසුවිය. මෙම පිරිත වනයේ සැරිසරන්නවූ මොනර රාජයෙකු ශ්‍රී සම්බුද්ධ ශාසනය මත විශ්වාසය තබා තම දින චරියාව ආරම්භ කරන්නා සේ අපගේ දින චරියවත් සියළුම බුදුවරුන්ගේ හා අරහත් ඵලයට පත් උතුමන්ලාගේ ශීලයේ බලයෙන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන උතුම් ප්‍රාර්ථනය පෙර දැරි කොටගෙන දේශනා කරන ලද්දකි.

සිංහල තේරුම:

රන්වන් පැහැයෙන් යුත්, සියල්ල දකින්නා වූ, එකම රජිඳුන් වූ, ලොව ආලෝකමත්
කරවන්නා වූ හිරු නැගෙයි; ලොව ආලෝකමත් කරන්නා වූ හිරු රජිඳුනි, මම ඔබ නමස්කාර
කරමි; ලොව ආලෝකමත් කරවන රන් පැහැයෙන් යුත් රජුනි, මම ඔබ නමස්කාර කරමි.
මාගේ නමස්කාරය සියළු ධර්මයන් අවබෝධ කරගෙන අර්හත් ඵලය ලැබූ සියලු
උත්තමයන් කෙරෙහි වේවා. ඔවුහු මා ආරක්ෂා කරත්වා. අතීතයේ වැඩ සිටි
සියලු බුදුවරයන්හටත්, මගඵල ලාභීන්ටත් මාගේ නමස්කාරය වේවා. සියළු
බන්ධනයන්ගෙන් නිදහස් වූ ඒ උතුමන්හටත් උන් වහන්සේලාගේ අවබෝධයටත් මාගේ
නමස්කාරය වේවා. මෙසේ ආරක්ෂාව ලැබ මොණර තෙමේ (ආහාර සෙවීම පිණිස)පිටත්ව
යෙයි.

රන්වන් පැහැයෙන් යුත්, සියල්ල දකින්නා වූ, එකම රජිඳුන් වූ, ලොව ආලෝකමත් කරන්නා
වූ හිරු බැස යයි. ලොව ආලෝකමත් කරන්නා වූ රන්වන් පැහැ  රජිඳුනි, මම ඔබ නමස්කාර
කරමි. ඔබගෙන් ආරක්ෂාව ලැබ අපි මෙම රාත්‍රියෙහි ආරක්ෂිතව වෙසෙන්නෙමු.
මාගේ නමස්කාරය සියළු ධර්මයන් අවබෝධ කරගෙන අර්හත් ඵලය ලැබූ සියලු
බ්‍රාහ්මණයන් කෙරෙහි වේවා.( බුදුවරුන්) ඔවුහු මා ආරක්ෂා කරත්වා. අතීතයේ වැඩ සිටි
සියලු බුදුවරයන්හටත්, මගඵල ලාභීන්ටත් මාගේ නමස්කාරය වේවා. සියළු
බන්ධනයන්ගෙන් නිදහස් වූ ඒ උතුමන්හටත් උන් වහන්සේලාගේ අවබෝධයටත් මාගේ
නමස්කාරය වේවා. මෙලෙස ආරක්ෂාව ලැබ මොණර තෙමේ ප්‍රීතියෙන් වෙසේ.

මෙම මහානුභාව සම්පන්න පිරිත් රත්නය හිමිදිරි උදෑසන ශ්‍රවණය කිරීමෙන් හා එහි අර්ථය නිතර මෙනෙහි කිරීමෙන් සෙතක් ශාන්තියක්ම උදා කර ගනිත්වා….

Download

ප්‍රවර්ග:ධර්ම දේශනා
  1. රවා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 3:54 ට

    මචන් මෙන්න වතුර පහරක්…

  2. චන්දිමා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:17 ට

    මේක කියවනකොට මට නිකමට හිතුණා මොණර කියන්නෙත් ආදි හෙළ ජන කොට්ඨාශයක්වත්ද කියල. සූර්ය නමස්කාරයත් බුද්ධාදී මගපල ලාභීන් නමස්කාරයත් සම සමව…

  3. මහ රාවණා
    2010 ජූනි 26 දින ප.ව. 10:15 ට

    වටිනා දැනුම් දීමක්. ඔබට ගොඩාක් පිං

  4. Hasitha
    2010 නොවැම්බර් 12 දින ප.ව. 7:13 ට

    තවත් විස්තරයක් එකතු කරන්න කැමතියි බුදුන් වහන්සේ තමන් වහන්සේ පෙර භවයක මොණරෙක්ව ඉපද සිටියදී කළ කාර්යයක් විදිහට තමා මෝර පිරිත දේශනා කරනු ලැබුවේ

  5. 2012 ජනවාරි 16 දින ප.ව. 5:59 ට

    Hdai Halo………

  6. 2012 ජනවාරි 16 දින ප.ව. 6:02 ට

    asdevcrfgbvfv

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න