ලක් වැසියන් – සුනිල් එදිරිසිංහ
ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙළොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ
එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ
ලක් වැසියන් – සුනිල් එදිරිසිංහ
ආයු රඛ්ඛන්තු ආවඩා
රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා…
රන් රිදී මිල මුදල් කහවනු යස ඉසුරු ලඟ අත නොපා
ඔබ රකින රට මාතෘ භූමිය අගී ස්වර්ගයටත් වඩා අගී ස්වර්ගයටත් වඩා
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..
පවුරු බැද සිවු දිගින් වට කල සමුදුරේ ගොස පරදවා
ඔබ නගන ජයගොසින් මවු බිම සිනා සෙන්නී රෑ දිවා සිනා සෙන්නී රෑ දිවා
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..
රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා
යෝධ බල වෙර විරිය ලැබගෙන මවු බිමට මගෙ වාසනා
විපුල විරියෙන් විදුල දිරියෙන් දිනේවා මුර දේවතා
ආයු රඛ්ඛන්තු ආවඩා…
ගායනය : සුගත් හඳුන්ගේ, සුනිල් ජයසිරි ඇතුළු පිරිස
මෙතනින් බාගන්න
පසුවදන:
ලක් දෙරණේ සදා අමරණීය අපේම සෙබළ සෙබළියන්ට මේ ගී මල් පොකුර උපහාරයක්ම වේවා…
ඇස් ඉස් මස් ලේ දන් දෙමින් එකා පිට එකා මැරී වැටෙද්දිත් අවසන් හුස්ම පොද තෙක් සටන් කර කොටි හැත්ත වරිගය පිටින්ම නසා දුටුගැමුණු පරපුරේ සීහල තේජස පැතිරවූ සීහල දේශයේ අභීත රණවිරුවාණෙනි ඔබටයි අපගේ මේ උපහාරය. එදා මෙන් අදත් අපේ ලක් අම්මා කෙලසන්න හදන කාලකණ්ණි හැතිකරයම මේ පින්බර ලක් දෙරණින් තුරන් කරන්න ඔබට විරිය ශක්තිය ලැබේවා. සියළු දෙවියෝ ඔබ රකිත්වා….
චිරන් ජීවතු චිරන් ජීවතු ආයු රඛ්ඛන්තු ආවඩා…..
෴ දුටුගැමුණු පරපුරේ අපි ෴
රත්නදීප ජන්මභූමි – පණ්ඩිත් අමරදේවයන්
රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි
මානික්‍ය සේ පොලෝගැබේ නිධානවී
ඇත්තෙ ඒ අභීත දූපුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
සින්දූපමාන වැව්තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධවී
රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන්හෙලූ ප්‍රාණවායුවයි
ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි
පණ්ඩිත් අමරදේව
අම්මෙ පෙම්බරා_සුනිල් එදිරිසිංහ
අම්මේ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
ජෝර්ජ් මහරජා ගුණ කද කරමු සිහි සොඳා
මාස්ටර්ගෙ ගායනාව
හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව
අනුව වැයේ බටනලාව
සරිගමපධනි හරි හරි සනිධපමගරී
නළල් මතින් එන දාඩිය පිසදාගෙන විරාමයක
වීනාවක නාද නැගේ දිගාසිරි යදා රජු හට
සායට මනරම් අත්දිග හැට්ටය තොල් අග හිනාව
මතුකොට ටොප්හැට් ඇදගෙන ඒරොප්පේ කල්පනාව
මාස්ටර්ගෙ ගායනාව
හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව
අනුව වැයේ බටනලාව
සරිගමපධනි හරි හරි සනිධපමගරී
රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
බලා හිදී ගම්භිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස
හීන දීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කළ
යළි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික
මාස්ටර්ගෙ ගායනාව
හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව
අනුව වැයේ බටනලාව
සරිගමපධනි හරි හරි සනිධපමගරී
සුනිල් එදිරිසිංහ
සිංහල ජය ගීත හඩට_අතුල සෝමසිරි
සිංහල ජය ගීත හඬට
සිංහල කොඩිවැල් ලෙල දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ
මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ
රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ
අසන් මගේ ප්‍රිය මිතුරනි මේ බස …….
අසන් මගේ ප්‍රිය මිතුරනි මේ බස
සැකක් නොවේ කිසි බියක් නොවේමය
බිහි කරලන්නට අභිනව දේශය
මහෝගයක් සේ එක්සත් වෙනු මැන
වෙහෙසී හැම මිට දිනු දැය වෙනුවෙන
අපි කැපවෙමු මතුපරපුර වෙනුවෙන
වාද භේද තව කුමටද කිවමැන
ඔබේම රට ජාතිය ඔබ වෙනුවෙන
ඉටු විය යුතු මෙහෙවර ගැන හිතමින
එනු ප්‍රිය මිතුරනි පෙරමුණ ගනු මැන……….
http://www.mediafire.com/download.php?mtzky2gwigz
නවතම ප්‍රතිචාර