නිවස > දුටුගැමුණු බළකාය > මුල්කිරිගල පුංචි සීගිරිය

මුල්කිරිගල පුංචි සීගිරිය

කර්තෘ: චන්දිමා

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්ගිරිගල, මුල්කිරිගල, මුහුදුගිරි, මුවතිටිගල, මුලාගිරිය යනාදී විවිධ නම්වලින් හැඳින්වෙන ලෙන් විහාර සංකීර්ණය පුංචි සීගිරිය නමින්ද ප්‍රචලිතව ඇත්තේ පර්වතයක් මත ඉදිව ඇති නිසාය. ක්‍රි.පූ. 2-3 සියවස්වලදී නිර්මාණය ඇරඹීයයි සිතන මෙහි නිර්මාතෘ පිළිබඳව විවිධ මත පවතී. ඇතැමෙකුට අනුව සද්ධාතිස්ස රජුන් මෙය කරවූ අතර, කාවන්තිස්ස රජු විසින් කරවූ මුහුදුගිරි විහාරය හෙවත් සමුද්‍රගිරි විහාරය මෙය බවටත් මත පවතිනවා. සද්ධාතිස්ස රජුන් දඩයමේ යනවිට හමු වූ වැද්දකු විසින් මේ ගල රජුට පෙන්වා මෙය විහාරයක් තැනීමට සුදුසුයයි කී බවද, “මූ කිව් ගල” යන ශබ්දයෙන් බිඳී පසුව මුල්කිරිගල වූ බව එක් කතාවෙක සඳහන්. මේ බව මුල්කිරිගල විහාරයේ ඇති එක් සිතුවමකද දැක්වෙනවා. මෙහි ඇති බුදුපිළිම හා ලෙන් විහාර දුටුගැමුණු, අග්බෝ, ධාතුසේන ආදී රජවරුන් විසින්ද, වළගම්බා රජුගේ අමාත්‍යයකු වූ  මුලව විසින්ද කලින් කල කරවන්නට ඇතැයි සැලකේ. පසු කාලයේ වල් වැදී පවතිනවිට යළි සොයාගෙන ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුන්ය. මෙහි ඇති බෝධීන් වහන්සේ සඟමිත් තෙරණිය ගෙන ආ බෝධින් වහන්සේගේ දෙතිස්ඵලරුහ බෝධීන් අතුරින් එකක් බවට ජනප්‍රවාදයේ පැවතියත් බෝධි වංශයේ මේ ගැන සඳහන් නොවේ.

ලන්දෙසි යුගයේදි සිරීපාදය සමග මෙය පටලවා ගත් කිතුණු භක්තික විදේශිකයන්, ආදම් සහ ඒවගේ සොහොන් මෙහි වේයයි සිතූ නිසා එකල මෙය ඔවුන් නිතර ආගිය තැනක් විය.  (සිරීපාදෙත් පටලව ගත්තු එකේ..) විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ආදම්යයි ලන්දේසීන් රැවටුණු අතර, ඔවුන් විසින් ලියන ලද පොත්වලද මේ බව දැක්වේ.

මේ ලෙන් විහාර සංකීර්ණයට ලෙන් විහාර හතක් ඇතුළත්. මේ හැම ලෙනක්ම සුවිසල් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගෙන් සහ බොහෝ ගණනක් හිඳි/හිටි පිළිමවලින් යුක්තයි. අතිශයින් රමණීය බිතු සිතුවම් ද විශාල සංඛ්‍යාවක් දැකිය හැකියි. ගලෙහි ඉහළට නැගීමට පඩි 533ක් තිබෙනවා. බෝධීන් වහන්සේ ඇත්තේ මෙහි මුදුනෙයි.

ගිහින් බලමු නේද? අපේ උරුමයන්නෙ. :D

  1. මහ රාවණා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 2:09 ට

    ඉතා අගනා ලිපියක් සහෝදරී. ඔබට බොහෝ පින්. පෙර මෙම ස්ථාන නොදැකපු පිරිස්ගේ සිත් එම ස්ථාන කරා ආකර්ශනය වන අන්දමට ඔබ ලිපිය ලිය තිබෙනව, ස්තූතියි.

    බුදු සරණයි !!!

  2. indika kumaara
    2010 අප්‍රේල් 27 දින ප.ව. 2:40 ට

    ක්‍රිස්ටියන් අය සිරීපාදෙ යන්නෙ ආදම් සහ ඒවගෙ සොහොන බලන්නද?

  3. චන්දිමා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 4:44 ට

    ස්තුතියි ප්‍රතිචාරවලට.
    සිරීපාදෙට විදේශිකයන් නම දැම්මෙ ඇඩම්’ස් පීක් කියල. ඔවුන්ගෙ කතාවලට අනුව පාරාදීසයෙන් පන්නනු ලැබූ ආදම් සහ ඒව පොළොවට ආවා- ආදම් මුළින්ම පොළොවෙ තැබූ පා සළකුණ මෙය බව තමයි ඔවුන්ගෙ විශ්වාසය.

  4. නුවා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 10:19 ට

    තවත් අලුත් ස්ථානයක්…අනිවාර්යෙන්ම මේ තැන්වලට යනවා…දවසින් දවස අපට මෙම ස්ථාන පිළිබඳව දැන්වීම ගැන ඔබට බොහොම පින්… 😀

  5. චේතියා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 10:33 ට

    වටින විස්තරයක් සහෝ ……. මටත් දැන් නම් යන්න හිතෙනවා.
    බොහොම පින් මේ තොරතරු වලට

  6. චන්දිමා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 11:13 ට

    යමු යමු. 😀

  7. 2010 අප්‍රේල් 27 දින ප.ව. 11:18 ට

    මුල්කිරිගල යන අය, ඉස්සරහ පොඩි කඩ වලින් බෙලි ගන්න එහෙම අමතක කරන්නවා එහෙම නොවෙයී ඕන්.

  8. 2010 අප්‍රේල් 27 දින ප.ව. 11:20 ට

    පොඩිකාලෙ ගියා මතකයි. ලගකදි ගියෙ නෑ.
    ගොඩක් පිං ලිපියට.
    කොලූ මොකක්ද බෙලි කතාව. කියන්නකො කට්ටියටම දැනගන්න 🙂

  9. චන්දිමා
    2010 අප්‍රේල් 27 දින ප.ව. 11:22 ට

    අය්යෝ ,මට බැරි වුණානෙ ඒ වැඩේ. අපි ගියෙ ලොකු කණ්ඩායමක් එක්ක. කට්ටියට ආපහු ගෙදර එන්න ලොකු හදිසියක් තිබුණා. යන්න ඕනෙනාඅයෙත්, නිවාඩුපාඩුවෙ,බෙලි අරගෙන, ගමන තව රසව්ත් කරගන්න.

  10. මහ රාවණා
    2010 ජූනි 26 දින ප.ව. 10:13 ට

    ඉතාමත් හරවත් ලිපියක්. ඔබට ගොඩක් පිං

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න