නිවස > ඉතිහාසය, දුටුගැමුණු බළකාය > කැප්පෙටිපොළ සැමරුම

කැප්පෙටිපොළ සැමරුම

වසර 193කට කලින් අද වගේ දවසක බෝගම්බරදි අපේ ජාතියට අහිමි කළේ රට ජාතියට පණ මෙන් ආදරය කළ අභීත සිංහලයෙක්… වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධයෙක්. සිංහල බෞද්ධයගෙ අනන්‍යතාවය රැකගන්න වගේම අනාගතේ බිහිවෙන අපේ පොඩිඋන්ට තමන්ගෙම කියලා රටක් ඉතුරු කරලා තියන්න සටන් වැදුණු මොණරවිල කැප්පෙටිපොල නිළමෙ තුමාව මේ විදිහට අපි සිහිපත් කරන්නෙ ඒ ගෙවුණු අතීතය සිහි කරලා උදම් අනන්නවත්, කඳුළු සලන්නවත් නෙමෙයි…  සිංහලේ පවතින තුරා ඔවුන්ව, ඔවුන් කළ මෙහෙවර මතක තියාගන්න.

එකක් නෑර හැමදෙයක්ම සිහියෙ තියාගන්න ඕනෙ කාලෙ ඇවිත්. අපේ විරුවො රට, ජාතිය, ආගම වෙනුවෙන් සටන් වැදපු හැටි, ජීවිත පූජා කළ හැටි, විතරක් නෙමෙයි… කැප්පෙටිපොල නිළමෙ තුමාව ඉංග්‍රීසින්ට පාවා දුන්න හැටි සිහි වෙනකොට, අද ඉන්න අපේ සමහරුන්ගෙ කෙරුවාව ගැන අනේ අපොයි කියලා හිතෙනවා. රට වෙනුවෙන් දිවි දුන් පිනෙන් නිවන් දකිනාතෙක් අපේ වරිගෙ රැකගන්න මේ පින්බිමේම උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  1. 2011 නොවැම්බර් 27 දින පෙ.ව. 1:24 ට

    අනගි සේවාවක් මේ වගේ බ්ලොග් එකකින් අතීත විරුවන්ව අගයන එක…ජය වේවා !!!!

  2. 2012 මැයි 24 දින ප.ව. 11:07 ට

    ඔය කැප්පෙටිපොල උතුමාගේ හිස ලංකාවට ආපහු ගෙනාවා එංගලන්තයේ ඉඳලා. එය ලංකාවේ ප‍්‍රදර්ශණය කළා මා හිතන හැටියට සතියක් විතර. ඊට පස්සෙයි එය තැන්පත් කළේ.
    එතකොට මට අවුරුදු 5 ක්වත් නෑ. අපේ ගෙදර ඔක්කොමලා ලෑස්ති වුණා එය බලන්න යන්න. ඒ වුණාට පුංචි මට හිතුණා මට ඒක වාවන එකක් නෑ කියා. ඉතින් මා ගියේ නෑ. ඒ නිසා මගේ ලොකු අයියාටත් ගෙදර නවතින්න වුණා මගේ තනියට.
    ඉතින් මා ස්තෝප්පුවේ පුටුවක් උඩට වෙලා කකුල් දෙක පද්ද පද්ද පාර බලාගෙන ඉන්න කොට අපේ රෙදෙව්වෙන් කි‍්‍රස්ටි ද මෙල්ගේ ඉතා ගැඹුරු කටහඬින් මෙන්න මේ ගීතය ඇසුණා. ‘‘පාපේ මේ ජීවිතේ නිස්සාර ලෝකයේ – අඳුරේහි විදුලිය සේ මායාවකි’’ ඇත්තටම එදා කැප්පෙටිපොල නිළමේතුමා හිතන්න ඇත්ද මෙම නිස්සාර ලෝකයේ ජීවත් වූ සාරවත් මිනිසකුගේ හිස බලන්නට හිත හදා ගන්න බැරි වුණු පුංචි ගෑණු ළමයෙක් ජීවිතයේ නිස්සාරත්‍වය ඒ විදිහට මෙනෙහි කරයි කියා?

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න