Archive

Author Archive

නිවැරදිව හදුනාගන්න!

2010 අප්‍රේල් 25 ප්‍රතිචාර 3ක්

යම් කිසි ආගමක් එම ආගම මානව වර්ගයාගේ සාමය හා යහපත උදෙසා සකස් වී තිබෙනවා යැයි කියතොත් එහි ඇති ‍ඓතිහාසික සත්‍යතාව පිළිබද ව අධ්‍යනය කළ යුතු ය. ඒ සදහා ඒ ආගම් වල ආගමික ග්‍රන්ථයන් අපක්ෂපාතී ව අධ්‍යනය කළ යුතු ය.  එවිට පැහැදිලිව ම පෙනෙන කරුණක් නම් සාමය ගැන මහලොකුවට කතා කරන ඇතැම් ආගම් ඍජුවම මනුෂ්‍ය ඝාතන වලට අනුබල  දී  තිබෙන බව යි. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි කරුණාවක් එම ආගමික කතෘවරුන්ට තිබුණා නම් ඔවුන් කෙදිනකවත් හිංසාව තම ආගම ප්‍රචාරය සදහා යොදාගන්නේ නැත.

මෙ නිසා අප අන්ධ භක්තියෙන් තොරව  බුද්ධිමත් ව විමසා බැලිය යුතු ය. මිනිස් වර්ගයා තුල සැබැවින් ම කරුණාව හා මෛත්‍රිය පතුරුවා හැරියේ කවුරුන් විසින් දැයි අප විමසා බැලිය යුතු ය. මනුෂ්‍යත්වයට උපරිම ගෞරවය ලබා දුන් අධ්‍යාත්මික ගුරුවරයා පිළිබද අවබෝධ කරගැනීම අවශ්‍ය ය.

ඉතාම මධ්‍යස්ථව, බුද්ධිමත් ව හරි-වැරද්ද, සත්‍ය-අසත්‍ය හදුනා ගෙන සත්‍ය සත්‍ය ලෙසත් අසත්‍ය අසත්‍ය ලෙසත් අවබෝධ කරගැනීමට අප දක්ෂ විය යුතු ය. මානසික වහල් භාවයෙන් නිදහස් ව නිවහල් චින්තනයක් ඔස්සේ බුද්ධිය දියුණු කරගැනීමට මංමාවත් සලසන ආගමක්ය අප තෝරාගත යුත්තේ. ඒ වෙනුවෙන් ආදර්ශයන්ගෙන් හා උපදේෂයන්ගෙන් පරම පවිත්‍ර දිවි පෙවෙතක් ගත කළ සැබෑම මුනිවරයෙක් ව අප තෝරාගත යුතු ය. අප එලෙසින් තෝරාගන්නා මුනිවරයා ප්‍රඥාව හිනිපෙත්තටම දියුණු කරනු ලැබූවෙකු විය යුතු ය. මොනම හේතුවකට වත් සිය මහා කරුණාව නොවෙනස් කරගත් තෙනෙකු විය යුතු ය.

සමස්ත මෑත කාලීන මානව ඉතිහාසයේ ම අපට එවැනි අමිල නිමල ගුණයෙන් යුත් එකම එක අසිරිමත් මුනිවයෙක් හමු වේ. එනම් අප මහා බුදුරජාණන් වහන්සේ ය.

ප්‍රවර්ග:කාළීන සිදුවීම්

ප්‍රචණ්ඩත්වය හදුනාගන්න

සාමාන්‍ය ජනතාව දුස්සීල වීම,  සුරාපානයට ඇබ්බැහි වී සිටීම, ආර්ථික අවශ්‍යතාවන්ට පහසුවෙන් නම්මාගත හැකි වීම ඔවුන්ගේ බොර දිය වේ.  බොර දියේ මාළු  බාන්නට නොහැකි කාටද?  බූවල්ලෙකු තමන්ගේ අඩු සියල්ල විහිදා සතෙකු ග්‍රහණය කරගන්නා සේ නොයෙක් ආගමික කණ්ඩායම් මේ සමාජය වේගයෙන් ආක්‍රමණය කරමින් සිටී.  අප බුද්ධිමත් නොවුනහොත් ඕනෑම මොහොතක ඒ ආගමික මතවාදයන් අපිව ආක්‍රමණය කරගන්නට ද පුළුවන.

ආක්‍රමණයේ ස්වභාවය දුර්වලයාව බලවතා විසින් ග්‍රහණය කර ගැනීමයි. ධනපතියා විසින් දිළින්දාව ආක්‍රමණය කරනු ලැබේ. උගතා විසින් නූගතාව ආක්‍රමණය කරනු ලැබේ.  අවිහිංසකයාව හිංසකයා විසින් ද අදක්ෂයාව දක්ෂයා විසින් ආක්‍රමණය කරනු ලැබේ.

මානව ඉතිහාසය පුරා සිදුවී තිබෙන මෙවැනි ආක්‍රමණ ආගමේ නාමයෙන්ද පැවතී  තිබීම මෙහි ඇති ශෝචනීය තත්ත්වයයි. එබදු ආගම් ඉතිහාසය පුරා සටහන් වී තියෙන්නේ කඩුවෙන්, කිණිස්සෙන්, ලේ කදුළු ඔස්සේ ප්‍රචණ්ඩත්වය මුල් කොට ප්‍රචාරය කළ ආගම් වශයෙනි. දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් මානව වර්ගයාට සිදුවූ හානියට වඩා විශාල හානියක් ආගමික ප්‍රචණ්ඩත්වය තුළින් සිදුවී ඇත. වටිනා ධර්ම ග්‍රන්ථ, ශාස්ත්‍රීය ග්‍රන්ථ, සිල්වත් ගුණවත් උතුමන් සමාජයට අහිමි වී තියෙන්නේ ආගමික ප්‍රචණ්ඩත්වය හේතුවෙනි.

ආගමික ප්‍රචණ්ඩත්වයෙන් නැගුණු ගිනිසිලු වලින් නාලන්දා විශ්ව විද්‍යාලයේ පමණක් පිරිසිදු ජීවිත දහස් ගණනක් දැවී ගියේ ය. විනාශ වූ පොත් පත් ගණන කිවනොහැකි තරම් විශාලය. මානව වර්ගයාගේ ප්‍රඥා ධනය අපට අහිමි වූයේ ආගමික උන්මන්තකයන්ගෙනි. මේ නිසා කුරිස යුද්ධය වේවා, වෙනත් ශුද්ධ යුද්ධයන් වේවා, ජිහාද් වේවා මොන නාමයෙන් පැවසුවද එයින් කියවෙන්නේ මිලේච්ඡ වූ ප්‍රචණ්ඩත්වයයි. හිංසාවත් ප්‍රචණ්ඩත්වයත් ආගම ප්‍රචාරයේ මාධ්‍යය කරගත් විට ඒකාන්තයෙන්ම සිදුවන්නේ මහත් විනාශයකි. සාමයේ නාමයෙන්, මානව දයාවේ නාමයෙන්, දේව කැමැත්තේ නාමයෙන් ඕනෑම අපරාදයක් කිරීමට සමහරක් ආගම් වලට පුළුවනි.  මීට හේතුව තම මතවාදයන් මොනම  උපක්‍රමකින් හෝ පතුරවා අනිකාව තමාගේ පැත්තට ඇද ගැනීමට තියෙන උමතු ආශාවයි.

ප්‍රවර්ග:කාළීන සිදුවීම්

බුදුදහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත

2010 අප්‍රේල් 5 ප්‍රතිචාර 28ක්

තර්කය

බුදුරජාණන් වහන්සේ සංශෝදකයකි. නමුත් බෞද්ධයන් එතුමාට දෙවියෙකු සේ සලකා එතුමාගේ නමින් අඹන ලද පිළිම වලට වන්දනා කරයි.

********************************************

මෙ‍ම තර්කය ඇතුළත් වන්නේ අබු අමීතාහ් බිලාල් ෆිලීප්ස් විසින් රචිත එස්. ඇම් මන්සූර් විසින් සිංහලයට පරිවර්තනය කරන ලද “සත්‍ය ආගම” නැමති ග්‍රන්ථයේය.

පිළිතුර

ප්‍රථමයෙන් කිවයුතු කරුණ නම් බුදුරජාණන් වහන්සේ “සංශෝධකයෙක්” යැයි මෙහි සදහන් කරුණ අසත්‍ය බවයි. ඊට හේතුව සංශෝධකයෙක් ළග ඇති රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් බුදුවරයෙක් තුල නොතිබීමයි. වරක් බුදුරජාණන් වහන්සේ උත්කට්ඨා නුවරත් සේතව්‍යා නුව‍රත් අතර ප්‍රදේශයේ දී දෝණ නම් බමුණා සමග සිදු කළ පහත සදහන් සංවාදය මීද නිදසුන්ය.

Quote:
“ඔබ දෙවියෙක් ද?”

“නැත බමුණ , මම දෙවියෙක් නොවෙමි”

“ඔබ එහෙනම් ගාන්ධර්වයෙක්ද?”

“නැත බමුණ , මම ගාන්ධර්වයෙක්ද නොවෙමි”

“එහෙනම් ඔබ යක්ෂයෙක්ද?”

“බමුණ ,මම යක්ෂයෙක්ද නොවෙමි.”

“එහෙනම් ඔබ මනුෂ්‍යයෙක්ද?”

“බමුණ , මම මනුෂ්‍යයෙක්ද නොවෙමි‍.”

“භවන්ති, මේක හරි පුදුම කථාවක්නේ , එහෙනම් ඔබ කවුද?” බමුණ ,දෙවියන් ගාන්ධර්වයන් හා යක්ෂයන් ළඟ කාමාදී කෙලෙස් තිබේ. කාම කෙලෙස් කිසිවක් නැති මම දෙවියෙක් හෝ ගාන්ධර්වයෙක් හෝ යක්ෂයෙක් නොවෙමි. එසේ ම මිනිසුන් තුළත් කෙලෙස් පිරී තිබේ. සියලුම කෙලෙස් නැති කළ නිසා මම සාමාන්‍ය මනුෂ්‍යයෙක්ද නොවෙමි. බ්‍රාහ්මණය, ජලයෙහි ම ඉපදී ,ජලයෙහි ම වැඩී , ජලයෙන් ඉහලට මතු වී ජලයෙහි නොගෑවී සිටිනා මහනෙල් මල් නෙළුම් මලක් හෝ සුදු නෙළුම් මලක් පරිද්දෙන් මිනිසුන් අතරම ඉපදී , මිනිසුන් අතරම වැඩී , මිනිසුන්ගෙන් ඉස්මතු වී මිනිසුන් සමඟ නොගෑවී , නොබැදී ඉන්නා කෙනෙකි මම . බ්‍රාහ්මණය , මම සියලුම කෙලෙස් නැති කළ උසස්ම මනුෂ්‍යයෙක්.බමුණ, මම බුදුවරයෙක්


මෙ‍ම සංවාදය තුලින් පැහැදිලි වන කරුණක් ඇත. එනම් බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුට පමණක්(අසමසම) විනා දෙවියෙකුටවත් සංශෝධකයෙකුටවත් නොවන බවයි.

මොවුන් ඊළගට ඉදිරිපත් කරන තර්කය නම් බෞද්ධයන් බුදුරජාණන් වහන්සේට දෙවියෙකු සේ සළකන බවයි.

නැවතත් මෙම පුද්ගලයා පොට පටලවාගෙන, වලිගය පාගා ගෙන ඇත. ඉහත සංවාදයෙන්ද පැහැදිලි වන පරිදි බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙක්ට පමණි. බෞද්ධයන් බුදුරජාණන් වහන්සේව දෙවියෙකු සේ සළකන්නේ නැත. එබැවින් අබු අමීතාබ් ඉදිරිපත් කරන මෙම තර්කය හුදෙක් කරුණු නොදන්නාකම නිසා හෝ කුහකකම නිසා ඉදිරිපත් කරන ලද හරසුන් තර්කයකි.

එසේම බෞද්ධයන් බුදු පිළිම වලට වන්දනා කර ඉන් පිහිටක් බලාපොරොත්තු වන්නේ ද නැත. බෞද්ධයන් සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේ කළ සේවය වෙනුවෙන් එතුමාට ගෞරව කිරීමකි; ආචාර කිරීමකි. බුදු පිළිමය යොදාගන්නේ බුදුරජාණන් වහන්සේ නියෝජනය කිරීමට යොදන සංකේතයක් ලෙස පමණි.

එය මෙවැනි දෙයකි.

හමුදා සෙබලෙක් ජාතික ධජයට ආචාර (salute) කරයි. එහිදී ඔහු කරන්නේ සිය රටට ගෞරවය ප්‍රකාශ කිරීමකි. ජාතික ධජය යොදාගන්නේ රට නියෝජනය කිරීමට යොදන සංකේතයක් (symbol) ලෙසය. මෙසේ කරන ආචාර කිරීම “ජාතික ධජයට වන්දනා කරනවා” යැයි කිව නොහැක.

එලෙසම බුදුන් වහන්සේ විසින් කළ සේවය අගයමින් බෞද්ධයන් බුදුන් වහන්සේට ගෞරව කර ආචාර කරයි. ඉහත දී හමුදා සෙබලා රට නියෝජනය කිරීමට සංකේතයක් ලෙස ජාතික ධජය යොදාගත්තා මෙන් බෞද්ධයන් බුදුහු නියෝජනය කිරීමේ සංකේතයක් ලෙස බුදුපිළිමය යොදාගනී. මෙසේ ආචාර කිරීම “වන්දනාවක්” යැයි සැළකිය නොහැක. (Buddhism is NOT an idolaters’ religion)

********************************

තමන්ගේ වර්ගයා විතරක් පොලොව මත සිටිය යුතු යැයි යන මතයේ සිටිනා මෙවන් පරපීඩාකාමී මනෝව්‍යාධිකයන්ගේ තර්කයන් හමුවේ බුදුදහම පසුනොබසින බව අවසන් වශයෙන් කිව යුතුය.

ප්‍රවර්ග:බුදු දහම