කවි මඩුව | අපේ සිංහළ අලුත් අවුරුද්ද
කෙත් වතු සාර වී අද අටු කොටු පිරිලා
කොවුලා හඩ නගයි නව අවුරුදු කියලා
සැම සිත් සතුටුවී එහි සිරියෙන් පිරිලා
අරඹමු කවි මඩුව අවුරුදු ගුණ වනලා
වැඩිහිටියන්ට ගරු සැලකිලි ලැබ දෙන්ට
ඉපැරණි හොද සිරිත් ඇසුරට ලැබ ගන්ට
තරහ මරහ අමතක කර හිනැහෙන්ට
සිංහල අවුරුද්ද එළඹෙනවා අපට
පින්බර අලුත් අවුරුද්දක් ලඟම එතේ
පැහැබර තවත් දවසක් දැන් ගෙවී යතේ
හරසර ඇතිව ඇරයුම් මේ සැමට සබේ
හරබර කවි මඩුව අරඹනු මැනවි අපේ
චිත්‍ර- මුතුහරිණි
ප්‍රවර්ග:කවි පියස
අවුරුද්ද, කවි, කවි මඩුව, සිංහල අවුරුද්ද
කොහා අවුත් රස පණිවිඩ කියන්නේ
පහල ගහේ රස පුහුලම් හැදෙන්නේ
අපේ අම්මා අතිරස හෙම හදන්නේ
සිංහල අපේ අවුරුද්දයි ලබන්නේ
හෙළ අවුරුද ගැන නොවැ කවි බඳින්නේ
වටිනා වැඩක බව අප හට හැඟෙන්නේ
මටත් ලියන්නට පදයක් හිතෙන්නේ
එයටයි ඔබෙන් මා අවසර පතන්නේ
හෙල අවුරුද්ද ගැන රස කවි පද ගොතන්න
අවුරුදු සිරිය ගැන අදහස් කියන්න
අපේකමට නව අරුතක් දෙවන්න
සෙන්පති තුමා ටත් අවසර ලියන්න
වසත් කල උදාවෙයි බක් මහ සමඟ
ගමත් රටත් පිබිදෙයි හෙළ දෙරණ මත
සියොත් කැල තුටින් ගයමින් දෙමින් රඟ
ගෙනත් පණිවිඩේ හෙළ නව වසර ගැන
නැකතට අපි හැම වැඩ කරන්නේ
ගෙදර දොරේ එකමුතු කම රැදෙන්නේ
අහල පහල අය හැම එකමුතු වන්නේ
අවුරුදු කුමරා ගෙපැලට වඩින්නේ
අවුරුදු සැනකෙළි දසත ඇසෙන්නේ
ගහකොල ඇලදොල ගී මුමුනන්නේ
ජාතික ආලය හද පුරවන්නේ
අපි හැම අවුරුදු කවි පබදින්නේ
අවුරුදු උදා නොවුවද මේ ඇසිල්ලේ
වැඩ අල්ලා ඇති බවයි මෙහිමට පෙනෙන්නේ
කොහා හොරෙන් කොවුල් ගීත ගයන්නේ
අවුරුදු අත ළඟය කියලයි කියන්නේ
චිරත් කලක සිට නොවැ මෙය පැවතෙන්නේ
වසත් කලට හෙළයෙම මඟුලක් වැන්නේ
පෙරත් රජුන් අවුරුදු කල විලසින්නේ
අදත් රටම එක්වෙමු මෙන් සොයුරන්නේ
හෙල බොදු සිරිතට මුල් තැන දෙන්නේ
පන්සල මුල්කොට අවුරුදු කන්නේ
පන්සිල් පද පහ නොම කඩමින්නේ
සමගිය හොදහිත හැමට බෙදන්නේ
එරබදු මල් ගහෙන් ගහට පිපෙන්නේ
කොහො ගීත ගම හැම තැන නද දෙන්නේ
අවුරුදු අසිරියයි හැම තැන පෙනෙන්නේ
හෙළ බොදු සිරිතටයි අපි අවුරුදු සමරන්නේ
ශිතල දැනෙන කොට හිතෙනවා දුවගෙන එන්න
අම්මත් කියනවා නිතරම ඇවිදින් යන්න
කොහා හඬන නද ඇහෙනවා කන ලඟම
කැවුම් කොකිස් බැදෙනවා ඇහෙනවා ජයට
අවුරුදු කුමාරී තෝරනවලූ අද හෙටම
නෑනත් මගේ ගජ රාමෙට පෙර හුරුව
එරබදු මලක රෑ සිරියෙන් ඈ හැඩය
සුවඳයි ගමම ඈ ඉන්නා වපසරිය
පාර්වතී ගොම මැටියෙන් බිම සකසයි
නිපුනි නංගි ලහි ලහියේ ඇඳුම් මහයි
මෘදංඟ බෙර කෝවිල තුල හඬ නංවයි
සතර දෙසින් අවුරුදු ධජ උඩ එසවෙයි…..
සීතල සුළඟක් ඒවිද කෙදිනක සිසිලක් සුවයක් එකට අනා
ඉඩෝරයේ සරතැස දාහය මැද දුක්වෙන කල ලොව සියළු දෙනා
“එක පදයක් අඩු කවියක් වාගේ” තව නව වසරක් උදා වුනා
ගතානුගතිකවු එරබදු මල් සහ කොහෝ කුරුළු නාදය තිබුනා
රතිඤ්ඤ සද්දේ කැවුම් කොකිස් සහ කි‍්‍රකට් සමග අවුරුදු ලැබුනා
ඒත් මොකක්දැයි හිතාගන්න බැරි අඩුවක් ඒ මැද්දෙන් එබුනා
ලැබු නව වසරේ දාහය නිවනා සීතල වා රැළි හමන්නයි
සිරිපොද වැසි මැද පිච්ච සමන් මල් සුවඳ විහිදමින් පිපෙන්නයි
“පද හතරක කවියක් සේ අඩු නැති” සුභ නව වසරක් ලබන්නයි
කරනා කලට බරටම වැඩ කළ සිහලුන්
ගන්නා කලට අස්වනු ගෙදොරට යහමින්
පුදනා හා ම සව්සිරි දුන් හිරු දෙවිඳුන්
සිටිනා කල අවුත් සාමෙන් හා විනෝදෙන්
තෙල් නට නටා උණුවෙන කැවුමක සුවඳ
මල් හැඩ කළා දසතම එකසේ නිබඳ
කව් පද ලියූ නුඹ සැම අමතා සබඳ
අවුරුදු සරුද අහමින් ආවෙමි මමද
අව් වැසි ගහ කොළ ට සවියට හිරු දෙවිඳුන්
යල මහ සරු සාර කරවා දෙන දිනිඳුන්
එ ලෙසින් අපේ මී මුත්තන් කර බුහුමන්
සමරන හොඳම දවසයි අවුරුදු කියමින්
මීන රාෂියෙන් මේෂය වෙතට යන
හිරුගේ ගමන් මග සිහියෙන් බලා නැණ
අප මී මුතුන් සැලකුව හෙළ සිරිත් ගුණ
සිහි කොට පතමි සුභ අවුරුද්දක් සොඳින
අඹ ගස් අතර හිඳ කොවුලන් හඬත් හඬත්
බක් මහ වැස්ස යන්තම් වුව වැටෙත් වැටෙත්
මල් ඵල සුවඳ පවනින් ගම බෙදෙත් බෙදෙත්
සොබා දහමටත් අවුරුදු ඇවිත් ඇවිත්
ළඟ ළඟ හෙට හට අවුරුදු ඒවී
ඇවිදින් සිත් තුළ සතුට ගලාවී
කැවුම් කොකිස් වල සුවඳ හමාවී
කවු මල් මාලා දසත නැගේවී
වසර එකිනෙක ගෙවී යද්දී හිටිය තැන්වල ඔහේ රැඳෙමුද
ගෙවී ගිය වසරින් ඉගෙන ගත් දෙයක් මතුවට ඉතිරි කරමුද
මෙතෙක් කල් කළ නොකළ යුතු දෑ තවත් දිගටම කරන් යන්නෙද
අලුත් වසරට අලුත් මිනිසෙක් වෙලා ලොව යළි ගොඩ නගන්නෙද
වසර ගෙවෙනා මේ වෙලාවේ
උගත දැණුමද යොදා රිසිසේ
නොකටයුතු දෑ අතැර සතොසේ
අලුත් මිනිසකු වෙමුකො නිතිනේ
හිත්කොන මුළුවුණු කරදර හිරිහැර පෑල දොරින් පැනලා යන්ටයි!
තුන් දොස සමවී ඉහෙන් බහින රෝ දොසක් කිසි ලෙසට නොමවන්ටයි!
සොඳුරු හිත් වලට සුකවි කම් වලට නව පණ ඉපැදී දළු ලන්ටයි!
ඉස්සර වාගෙම එකසිය විස්සට දෙසිය විස්ස කිරි උතුරන්ටයි!
අලුත් අවුරුදු උදැහැනැක්කේ
පුන්‍ය කාලය උදා වන්නේ..
පන්සලට යන්නයි පෙරුම් පිරුවේ
කෙළෙස යන්නද උදැහැනැක්කේ
ඔබත් නෑ අද මගේ අසලේ…. 😦
නව වසර අභිමුවේ පැතුම් මල් පිබිදෙනා
කොවුලිඳුගෙ ගී නදේ ගම පුරා රැව්දෙනා
බතින් බුලතින් අපේ මුළු රටම සරුවෙනා
වඩිනු හිරු කුමරුනේ රටට කිරි උතුරනා
රතිඥ්ඥා හඩ දසතින්ම ඇසෙන්නා…
රබන් සුරල් ගම එකලු කරන්නා….
කැවුම් කොකිස් සුවන්ඳින් ඉතිරෙන්නා…
වැඩ අල්ලා අපි නෑගම් යන්නා…..
ඇවිල්ල ඇවිල්ලා සිංහල
අවුරුද්ද ඇවිල්ලා
ගසුයි වැලුයි මලින් පිරෙනවා
අපෙ ගම්මානෙට අවුරුදු එනවා
අවුරුදු කාලේ අවුරුදු කාලේ
එරබදුමල් රතට පිපෙන අවුරුදු කාලේ
කෝකිලයන් ගීත ගයන අවුරුදු කාලේ
අපේ ගමට ඔන්න ඇවිත් අවුරුදු කාලේ
මාල ගිරව් පේළි ගැසී නව අවුරුදු ගීත ගයනවා
බාල ලියන්ගේ ටිකිරි සිනාවන් රිදී එළිය ගමට ගේනවා
වැල්ල දිගට නෙල්ලි කැලේ ගසුයි වැලුයි මලින් පිරෙනවා
නා අතු අග මල් පිපිලා අපෙ ගම්මානෙට අවුරුදු එනවා