නිවස > දේශාභිමනි ගී > සිංහල ජය ගීත හඩට_අතුල සෝමසිරි

සිංහල ජය ගීත හඩට_අතුල සෝමසිරි

සිංහල ජය ගීත හඬට
සිංහල කොඩිවැල් ලෙල දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ

මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ

Download

ප්‍රවර්ග:දේශාභිමනි ගී
  1. 2010 අප්‍රේල් 11 දින පෙ.ව. 10:01 ට

    අපි අභිමානවත් ජාතියක් බව හිතට තට්ටු කරලා මතක් කරවන ලස්සන ගීතයක්……

  2. 2010 අප්‍රේල් 11 දින පෙ.ව. 10:50 ට

    ස්තූතියි, බාගන්න හොය හොය හිටපු ගීතයක්…

  3. 2010 අප්‍රේල් 11 දින ප.ව. 5:46 ට

    සමනලී :

    අපි අභිමානවත් ජාතියක් බව හිතට තට්ටු කරලා මතක් කරවන ලස්සන ගීතයක්……

    ඉන්දරේ :

    ස්තූතියි, බාගන්න හොය හොය හිටපු ගීතයක්…

    😀

  4. maharaavana
    2010 අප්‍රේල් 11 දින ප.ව. 7:02 ට

    නියම සින්දුව.මෙහි ගායකයා, ගීත රචකයා… පිළිබදව තොරතුරක් සටහන් කරනවානම් සෑහෙන්න වටිනව. නැතහොත් ඉදිරියේදි ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. බොහොම ස්තූතියි.

    තෙරුවණ් සරණයි !

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න