නිවස > කාළීන සිදුවීම් > නිවැරදිව හදුනාගන්න!

නිවැරදිව හදුනාගන්න!

යම් කිසි ආගමක් එම ආගම මානව වර්ගයාගේ සාමය හා යහපත උදෙසා සකස් වී තිබෙනවා යැයි කියතොත් එහි ඇති ‍ඓතිහාසික සත්‍යතාව පිළිබද ව අධ්‍යනය කළ යුතු ය. ඒ සදහා ඒ ආගම් වල ආගමික ග්‍රන්ථයන් අපක්ෂපාතී ව අධ්‍යනය කළ යුතු ය.  එවිට පැහැදිලිව ම පෙනෙන කරුණක් නම් සාමය ගැන මහලොකුවට කතා කරන ඇතැම් ආගම් ඍජුවම මනුෂ්‍ය ඝාතන වලට අනුබල  දී  තිබෙන බව යි. මනුෂ්‍ය වර්ගයා කෙරෙහි කරුණාවක් එම ආගමික කතෘවරුන්ට තිබුණා නම් ඔවුන් කෙදිනකවත් හිංසාව තම ආගම ප්‍රචාරය සදහා යොදාගන්නේ නැත.

මෙ නිසා අප අන්ධ භක්තියෙන් තොරව  බුද්ධිමත් ව විමසා බැලිය යුතු ය. මිනිස් වර්ගයා තුල සැබැවින් ම කරුණාව හා මෛත්‍රිය පතුරුවා හැරියේ කවුරුන් විසින් දැයි අප විමසා බැලිය යුතු ය. මනුෂ්‍යත්වයට උපරිම ගෞරවය ලබා දුන් අධ්‍යාත්මික ගුරුවරයා පිළිබද අවබෝධ කරගැනීම අවශ්‍ය ය.

ඉතාම මධ්‍යස්ථව, බුද්ධිමත් ව හරි-වැරද්ද, සත්‍ය-අසත්‍ය හදුනා ගෙන සත්‍ය සත්‍ය ලෙසත් අසත්‍ය අසත්‍ය ලෙසත් අවබෝධ කරගැනීමට අප දක්ෂ විය යුතු ය. මානසික වහල් භාවයෙන් නිදහස් ව නිවහල් චින්තනයක් ඔස්සේ බුද්ධිය දියුණු කරගැනීමට මංමාවත් සලසන ආගමක්ය අප තෝරාගත යුත්තේ. ඒ වෙනුවෙන් ආදර්ශයන්ගෙන් හා උපදේෂයන්ගෙන් පරම පවිත්‍ර දිවි පෙවෙතක් ගත කළ සැබෑම මුනිවරයෙක් ව අප තෝරාගත යුතු ය. අප එලෙසින් තෝරාගන්නා මුනිවරයා ප්‍රඥාව හිනිපෙත්තටම දියුණු කරනු ලැබූවෙකු විය යුතු ය. මොනම හේතුවකට වත් සිය මහා කරුණාව නොවෙනස් කරගත් තෙනෙකු විය යුතු ය.

සමස්ත මෑත කාලීන මානව ඉතිහාසයේ ම අපට එවැනි අමිල නිමල ගුණයෙන් යුත් එකම එක අසිරිමත් මුනිවයෙක් හමු වේ. එනම් අප මහා බුදුරජාණන් වහන්සේ ය.

ප්‍රවර්ග:කාළීන සිදුවීම්
  1. yasela sumanasingh
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 5:36 ට

    ow oyyage kathaawa eththa……bududhama agaamakata wada dhrshnayak neda…

  2. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 5:40 ට

    ඔහොම යන්……….

  3. chamara
    2010 සැප්තැම්බර් 6 දින පෙ.ව. 12:23 ට

    Mama methanata aluth ne.. Danui meka dakke. Mage adahasath liyanna hithuna.

    Budu dahama aagamak kiyala laghu karanna ba. Darshanayak kiyalath laghu karanna ba. Ai e? Api danna godak venath darshanayan thiyenava. Evva ekka Budu dahama samaana karanna ba.

    Ehemanam, mokakda budu dahama? Eya api andunagannava ‘dharmaya’, ‘dharmathavaya’, ‘sri sathdharmaya’ vage yedum valin. Dharmaya, Dharmathaavaya kiyala api adahas karanne mokakda? dharmathaavaya kiyapu gaman apita hithenne, ‘e loke hati’ kiyala neda? Budu dahama kiyanne anna ekai. Loka svabhavaya saha eyin midena hati….

    E tika kisi dharshanayaka kiyanna ba ne. Kisima dharshanayak eeta kittu karannath ba. E nisa, Budu dahama vena nam valin handunvanna sudusu na. Eya Budu Dahama, Sri Sathdharmaya vani vachanayakinmai handinviya yuththe….

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න