ගිනි සිසිල

පැරණි උත්සව වලදී  සංදර්ශන වලදී පැමිණි සිටින පිරිසගේ ඇඟ ලොමු ඩැහැගන්වන දර්ශනයක් වන්නේ මේ ගිනි සිසිල නම් වූ අංගයයි.   ගින්දරත් සමග මේ ශිල්පියා කරන සෙල්ලම් නම් විශ්මය ජනකය. පැමිණ සිටින පිරිස නෙත් අයා හුන් තැනම හිඳ මේ අපූර්ව භයානක සංදර්ශනය දෙස බලා සිටියි.

විටෙක මෙම ශිල්පියා තම සිරුර  පුරා ගින් පන්දම තවරා ගන්නා අතර, තවත් විටෙක ගිනි හුල විවිද ආකාරයට වනමින් ඒ මේ අතර කරකවමින් විවිධ රටාවන් මවයි.  ගිනි පන්දම් දෙකක් අතින් ගෙන මෙම පන්දම් දෙක නිවීමට නොදී දක්වනු ලබන කරණම් සන්දර්ශනයද බෙර පද තාලයට ගමන් කරමින් දක්වන දස්කම් නම් මෙසේ වචනයෙන් විස්තර කළ නොහැක.

එවන් අවස්ථාවක් මේ තාක් නරඹා නැත්නම් ඔබ‍ වෙනුවෙන් අපගේ දුටු ගැමුණු බලකාය මඟින් ගෙන එනු ලබන මෙම වීඩියෝ දර්ශනය බලන්න.

  1. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 7:27 ට

    මේ ගැන තවත් විස්තර දැන ගන්න කැමතියි ..

  2. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 7:29 ට

    දෙන්නම්……..

  3. 2010 අප්‍රේල් 26 දින ප.ව. 5:40 ට

    හරිම සුන්දරයි.
    දැන් කාලෙ වගේ සර්කස් සන්දර්ශන, මැජික්, රූපවාහිනි ආදිය නොතිබූ කාලයේ ප්‍රේක්ෂකයාට ත්‍රාසය සමග විනෝදය ලබා දෙන්නත් මේ නැටුම් උපකාර වෙන්න ඇති.
    බොහොම ස්තුතියි.

  4. උපේන්ද්‍රමිණික
    2010 අප්‍රේල් 29 දින පෙ.ව. 1:38 ට

    මගේ යාළුවෙකුත් ඉන්නවා ගිණි සිසිල කරන
    එතනත් වෙන්නේ ඔරොත්තු දීමක් වගේ දෙයක්
    ගිනි සිසිල කරලා සතියක් විතර යනකං කෑමවල රස දැනෙන්නෑ ළු 😉

  5. උපේන්ද්‍රමිණික
    2010 අප්‍රේල් 29 දින ප.ව. 1:50 ට

    චන්දිමා :

    අපොයි, මොන තරම් කැපවීමක් කරනවද?

    ඔව් හැම function එකේදිම වගේ නටන්න වෙනවනෙ..

  6. නන්දිමිත්‍ර
    2010 අප්‍රේල් 29 දින ප.ව. 9:41 ට

    ඉතා හොඳ කරුණු රාශියක් රූප මගිනුත් පෙන්වා දීම මා අගේ කොට සලකනවා..ඔබට් ජය..

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න