Archive

Author Archive

සෝමනුවර සෝමාවතිය


බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කෙරුණ සෝමාවතී චෛත්‍යරාජයා වැඩ වසන සෝමාවති පුදබිම හෙළ බෞද්ධයාට සුවිශේෂී සිද්ධස්ථානයක්  . ඉතා රසවත් සෝමාවතියේ ඉතිහාස කතාව අපේ සමහර ඉතිහාසඥයන් පවා පටලව ගත්තු තැනක්.ඒ වළගම්ම්බා රජුගේ සෝමාදේවි නම් බිසව හා සෝමාවතිය ඈදන්න යාමෙන්. අන්තර්ජාලයේ පුවත්පත් පිරික්සන කොට මේ සතියේ සිළුමිණ පුන්කලසේ තිබී මට හමු වූ මේ ලිපිය රසවත් වගේම ඉතිහාස කරුණු බොහෝදුරට යථාරූපිව විග්‍රහ කෙරුනක් නිසා හෙළයන්ට බොහෝ සෙයින් වැදගත් වෙයි…


සෝමාවතිය ගොඩනඟන්නේ ක්‍රි.පූ. 2 වැනි සියවසේ කාවන්තිස්ස රජුගේ කාලයේ යි. ඒ කාවන්තිස්ට රජුගේ නැගණියගේ ඉල්ලීම පරිදි ඇගේ ස්වාමියා වූ ගිරිඅභය යි. කාවන්තිස්ස රජුට පුතුන් දෙදෙනෙක් සිටියා දුටුගැමුණු හා සද්ධාතිස්ස කියලා. සද්ධාතිස්සට පුතුන් හත්දෙනෙක් සිටියා. ථුල්ලතිස්ස, ලජ්ජිතිස්ස, ලලාටනාග සහ වළගම්බා කියලා. හත්වැනි පුතා තමයි වළගම්බා. සෝමාවතිය ඉදි කරලා වසර 130 කුත් ඉක්ම ගියායින් පසුවයි වළගම්බා ඉපදෙන්නේත්.

ඒ වගේ ම ධාතුවංශයේත් ජිනකාලමාලියේත් සෝමාවතිය ඉදිකරන කතාව සමඟ සම්බන්ධ වන්නේ ගැමුණු කුමරු පමණයි. සද්ධාතිස්ස ගැන සඳහනක්වත් නෑ. මට සැකයක් තියනවා මේ කාලය වනවිට සද්ධාතිස්ස ඉපදී සිටිය ද කියලත්. ඉපදී සිටියා නම් ඔහු ඉතා ළාබාල වියේ පසුවෙන්න ඇති. ඒ කියන්නේ වළගම්බා රජුගේ පියාගේ ළදරු කාලයේ හෝ ඉපදෙන්න පෙර කාලයේ තමයි බුදුන්වහන්සේගේ දකුණු දළදාව තැන්පත් කර සෝමාවතී චෛත්‍යය ඉදිවෙන්නේ.

සෝමාවතී චෛත්‍යයේ ඉදිවීම හා සම්බන්ධ ඓතිහාසික පසුබිම ගොඩනැඟෙන්නේ කෙසේද?

මේක ආකස්මික සිදුවීමක් නෙවෙයි. මේ කාලය වනවිට ලංකාවේ දේශපාලනික එක්සේසත් භාවයක් තිබුණේ නැහැ. උතුරින් මහවැලි ගඟෙන් එහා එළාරගේ පාලනයක් තිබුණේ. මේ අතරතුර සෝම නුවර, සේරු නුවර, ගිරි නුවර, කැලණිය වැනි ප්‍රාදේශීය රාජ්‍ය කීපයක් රට පුරා තිබුණා. එවකට කැලණියේ සිටි ශිව රජතුමාගේ බෑණා වන අභය සමඟ කාවන්තිස්ස රජුගේ නැගණිය විවාහ වී ගිරි ප්‍රදේශයට යනවා. මේ විවාහය රට එකමුතු කිරීම සඳහා කාවන්තිස්ස රජු විසින් ගත් දූරදර්ශී පියවරක් විදියටත් නම්කරන්න පුළුවන්. ඔවුන් වාසයට යන ගිරි නගරය ටොලමි විසින් හඳුන්වන ලද මලයිය රට්ඨ කියන කඳුකරය කියලයි පිළිගන්නේ.

පසුකාලීන ව කාවන්තිස්ස විසින් ආවා කියන ඇමතියාත් සමඟ ගැමුණු කුමාරයා ගිරි ප්‍රදේශයට පිටත්කර හරින බව ධාතුවංශයේ සහ ජිනකාල මාලියේ සඳහන් වෙනවා. ඇතැම්විට ගිරි නගරයේ රුහුණට පටහැනි යමක් සිදුවේදෝ බියක් කාවන්තිස්ස තුළ තිබෙන්නට ඇති. කෙසේ වෙතත් මහාවංශය හා දීපවංශය මෙය සඳහන් කරන්නේ ගැමුණු කුමාරයා පියාට ස්ත්‍රී වස්ත්‍රාභරණ තෑගි දී පලා ගිය බවයි. පසුකාලීන ව ගිරි අභය කියන තමන්ගේ මාමාත් සමඟ ගැමුණු කුමාරයා ගැටුමක් ඇති කර ගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගිරි අභය සහ සෝමාදේවිය සේරුනුවර වාසය කළ ශිව කියන මිත්‍ර පාලකයා වෙත ගොස් සේරු නුවරට නැඟෙනහිරින් සෝම කියන නුවර ඉදිකරගෙන ජීවත්වෙනවා.

සෝමා දේවියගේ ඉල්ලීම පිට සෝමාවතී ස්තූපය ඉදිවෙන්නේ මේ සෝම නුවර යි. වංශ කතාවල සඳහන් වන පරිදි වරාහන සන්ධි නම් විල කෙළවර තමයි සෝම නුවර ඉදිවන්නේ. එය සේරු නුවරට කි.මී. 30 හෝ කි.මී. 40 පමණ දුරින් පිහිටා තිබෙන්නේ. සෝමාදේවිය තමන්ට වන්දනා කිරීම සඳහා ස්තූපයක් ඉදිකරවා දෙන ලෙස ගිරි අභයගෙන් ඉල්ලීමක් කරනවා. මේ කාලයේ මිහිඳු මාහිමි ළඟ මුල්වරට පැවිදි වූ ලාංකික භික්ෂුව වන අරිට්ඨ හාමුදුරුවන්ගේ පරපුරේ මහින්ද කියලා හිමි නමක් මේ ප්‍රදේශයේ බණ භාවනා කරමින් ඉඳලා තියනවා.

උන්වහන්සේ වන්දනාමාන කිරීම සඳහා තබාගෙන තිබූ දකුණු දළදා වහන්සේ තමයි සෝමාවතී ස්තූපයේ තැන්පත් කර තිබෙන්නේ. මේ දළදා වහන්සේ ලංකාවට වැඩම කළ කාල වකාවනුවක් පිළිබඳ ව සඳහන් වෙන්නේ නෑ. මෙය අශෝක අධිරාජයාගේ රාජතාන්ත්‍රික මිත්‍රත්වය මත ලංකාවට ලැබෙන්න ඇති බවට අනුමාන කළ හැකියි. ජනප්‍රවාදයන්ට අනුව මේ දළදාව නාගලෝකයේ නාරජු විසින් පූජා පැවැත්වූ දළදාව යි.

ඉදිරියට කියවන්න  බක් මාසේ 18 වෙනිදා  සිළුමිණ පුන්කළස

ප්‍රවර්ග:ඉතිහාසය

අම්මෙ පෙම්බරා_සුනිල් එදිරිසිංහ

අම්මේ පෙම්බරා තොස කර දෙන්ට අවසරා
ජෝර්ජ් මහරජා ගුණ කද කරමු සිහි සොඳා

මාස්ටර්ගෙ ගායනාව
හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව
අනුව වැයේ බටනලාව
සරිගමපධනි හරි හරි සනිධපමගරී

නළල් මතින් එන දාඩිය පිසදාගෙන විරාමයක
වීනාවක නාද නැගේ දිගාසිරි යදා රජු හට
සායට මනරම් අත්දිග හැට්ටය තොල් අග හිනාව
මතුකොට ටොප්හැට් ඇදගෙන ඒරොප්පේ කල්පනාව

මාස්ටර්ගෙ ගායනාව
හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව
අනුව වැයේ බටනලාව
සරිගමපධනි හරි හරි සනිධපමගරී

රාජ තේජසින් එල්ලී රජ්ජුරුවෝ පින්තූරෙක
බලා හිදී ගම්භිර ලෙස දෙකට නැමෙන පරපුර දෙස
හීන දීන ගැත්තන් හට උපහාසෙන් සරදම් කළ
යළි උපදින්නේ කවදද හිමි දම්පල් අනගාරික

මාස්ටර්ගෙ ගායනාව
හුස්ම පිඹී සර්පිනාව
රාග තාල වර්ණනාව
අනුව වැයේ බටනලාව
සරිගමපධනි හරි හරි සනිධපමගරී

සුනිල් එදිරිසිංහ



සිංහල ජය ගීත හඩට_අතුල සෝමසිරි

සිංහල ජය ගීත හඬට
සිංහල කොඩිවැල් ලෙල දෙන
සිංහල දෙරණේ
සරණ සිංහල සරණේ

මූදු වගේ වැව් බැඳුනේ යෝධ විකුම් බල නැගුනේ
වීර හැඟුම් මල් පිපුණේ සාර රටක් ලොව මැවුනේ
ගල් මත බුදු රූ දිලුනේ මහ මෙත් සිසිලෙන් තෙමුනේ
මහ බෝ හිස දළු සැලුනේ සදහම් පණිවිඩ ඇසුණේ

රුදු රුපු ඔද තෙද සිඳුනේ සුර විරු රණ ගී ගැයුනේ
මව් බිම දියුණට පොරණේ දහදිය කඳු ගොඩ ගැසුනේ
සිරි දළදා රැකවරණේ රන් වැලි මහ සෑ කිරණේ
මරණින් මතු නව අරණේ යළි උපදිමු මේ දෙරණේ

Download

ප්‍රවර්ග:දේශාභිමනි ගී