බුදුදහමට එල්ල වන චෝදනාවන් හි ඇත්ත නැත්ත
තර්කය
බුදුරජාණන් වහන්සේ සංශෝදකයකි. නමුත් බෞද්ධයන් එතුමාට දෙවියෙකු සේ සලකා එතුමාගේ නමින් අඹන ලද පිළිම වලට වන්දනා කරයි.
********************************************
මෙම තර්කය ඇතුළත් වන්නේ අබු අමීතාහ් බිලාල් ෆිලීප්ස් විසින් රචිත එස්. ඇම් මන්සූර් විසින් සිංහලයට පරිවර්තනය කරන ලද “සත්‍ය ආගම” නැමති ග්‍රන්ථයේය.
පිළිතුර
ප්‍රථමයෙන් කිවයුතු කරුණ නම් බුදුරජාණන් වහන්සේ “සංශෝධකයෙක්” යැයි මෙහි සදහන් කරුණ අසත්‍ය බවයි. ඊට හේතුව සංශෝධකයෙක් ළග ඇති රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් බුදුවරයෙක් තුල නොතිබීමයි. වරක් බුදුරජාණන් වහන්සේ උත්කට්ඨා නුවරත් සේතව්‍යා නුවරත් අතර ප්‍රදේශයේ දී දෝණ නම් බමුණා සමග සිදු කළ පහත සදහන් සංවාදය මීද නිදසුන්ය.
“ඔබ දෙවියෙක් ද?”
“නැත බමුණ , මම දෙවියෙක් නොවෙමි” “ඔබ එහෙනම් ගාන්ධර්වයෙක්ද?” “නැත බමුණ , මම ගාන්ධර්වයෙක්ද නොවෙමි” “එහෙනම් ඔබ යක්ෂයෙක්ද?” “බමුණ ,මම යක්ෂයෙක්ද නොවෙමි.” “එහෙනම් ඔබ මනුෂ්‍යයෙක්ද?” “බමුණ , මම මනුෂ්‍යයෙක්ද නොවෙමි.” “භවන්ති, මේක හරි පුදුම කථාවක්නේ , එහෙනම් ඔබ කවුද?” බමුණ ,දෙවියන් ගාන්ධර්වයන් හා යක්ෂයන් ළඟ කාමාදී කෙලෙස් තිබේ. කාම කෙලෙස් කිසිවක් නැති මම දෙවියෙක් හෝ ගාන්ධර්වයෙක් හෝ යක්ෂයෙක් නොවෙමි. එසේ ම මිනිසුන් තුළත් කෙලෙස් පිරී තිබේ. සියලුම කෙලෙස් නැති කළ නිසා මම සාමාන්‍ය මනුෂ්‍යයෙක්ද නොවෙමි. බ්‍රාහ්මණය, ජලයෙහි ම ඉපදී ,ජලයෙහි ම වැඩී , ජලයෙන් ඉහලට මතු වී ජලයෙහි නොගෑවී සිටිනා මහනෙල් මල් නෙළුම් මලක් හෝ සුදු නෙළුම් මලක් පරිද්දෙන් මිනිසුන් අතරම ඉපදී , මිනිසුන් අතරම වැඩී , මිනිසුන්ගෙන් ඉස්මතු වී මිනිසුන් සමඟ නොගෑවී , නොබැදී ඉන්නා කෙනෙකි මම . බ්‍රාහ්මණය , මම සියලුම කෙලෙස් නැති කළ උසස්ම මනුෂ්‍යයෙක්.බමුණ, මම බුදුවරයෙක් |
මෙම සංවාදය තුලින් පැහැදිලි වන කරුණක් ඇත. එනම් බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙකුට පමණක්(අසමසම) විනා දෙවියෙකුටවත් සංශෝධකයෙකුටවත් නොවන බවයි.
මොවුන් ඊළගට ඉදිරිපත් කරන තර්කය නම් බෞද්ධයන් බුදුරජාණන් වහන්සේට දෙවියෙකු සේ සළකන බවයි.
නැවතත් මෙම පුද්ගලයා පොට පටලවාගෙන, වලිගය පාගා ගෙන ඇත. ඉහත සංවාදයෙන්ද පැහැදිලි වන පරිදි බුදුවරයෙක් සමාන කළ හැක්කේ තවත් බුදුවරයෙක්ට පමණි. බෞද්ධයන් බුදුරජාණන් වහන්සේව දෙවියෙකු සේ සළකන්නේ නැත. එබැවින් අබු අමීතාබ් ඉදිරිපත් කරන මෙම තර්කය හුදෙක් කරුණු නොදන්නාකම නිසා හෝ කුහකකම නිසා ඉදිරිපත් කරන ලද හරසුන් තර්කයකි.
එසේම බෞද්ධයන් බුදු පිළිම වලට වන්දනා කර ඉන් පිහිටක් බලාපොරොත්තු වන්නේ ද නැත. බෞද්ධයන් සිදුකරන්නේ බුදුරජාණන් වහන්සේ කළ සේවය වෙනුවෙන් එතුමාට ගෞරව කිරීමකි; ආචාර කිරීමකි. බුදු පිළිමය යොදාගන්නේ බුදුරජාණන් වහන්සේ නියෝජනය කිරීමට යොදන සංකේතයක් ලෙස පමණි.
එය මෙවැනි දෙයකි.
හමුදා සෙබලෙක් ජාතික ධජයට ආචාර (salute) කරයි. එහිදී ඔහු කරන්නේ සිය රටට ගෞරවය ප්‍රකාශ කිරීමකි. ජාතික ධජය යොදාගන්නේ රට නියෝජනය කිරීමට යොදන සංකේතයක් (symbol) ලෙසය. මෙසේ කරන ආචාර කිරීම “ජාතික ධජයට වන්දනා කරනවා” යැයි කිව නොහැක.
එලෙසම බුදුන් වහන්සේ විසින් කළ සේවය අගයමින් බෞද්ධයන් බුදුන් වහන්සේට ගෞරව කර ආචාර කරයි. ඉහත දී හමුදා සෙබලා රට නියෝජනය කිරීමට සංකේතයක් ලෙස ජාතික ධජය යොදාගත්තා මෙන් බෞද්ධයන් බුදුහු නියෝජනය කිරීමේ සංකේතයක් ලෙස බුදුපිළිමය යොදාගනී. මෙසේ ආචාර කිරීම “වන්දනාවක්” යැයි සැළකිය නොහැක. (Buddhism is NOT an idolaters’ religion)
********************************
තමන්ගේ වර්ගයා විතරක් පොලොව මත සිටිය යුතු යැයි යන මතයේ සිටිනා මෙවන් පරපීඩාකාමී මනෝව්‍යාධිකයන්ගේ තර්කයන් හමුවේ බුදුදහම පසුනොබසින බව අවසන් වශයෙන් කිව යුතුය.
ඉහත දෙබසින්, බුදුන් සන්සෝදකයෙකු නොවන බවවත්, සන්සෝදකයෙකු වීමට රාගය, ද්වේශය සහ මොහය තිබිය යුතු බවවත් සනාත වන්නේ නැත.
සමහරුන් බුදුන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙනවා පමණක් නොවෙයී, යැදීමත් වංචනිකව කරයී. පන්සලේ සුවය පතා එල්ලු කොඩිත්, ටිබෙටයේ කැරකෙවෙන සිලින්ඩර වල දැමූ ඉල්ලුම් පත්‍රිකාත් සමහර උදාහරණයී.
එහෙම කරන අය මමනං දකින්නෙ මෙම තර්කය ඉදිරිපත් කරන අබු අමීතාහ්ටත් වඩා බුදුදහම පිළිබද අඩු අවබෝදයකින් යුක්ත වන බව..
“තමන්ගේ වර්ගයා විතරක් පොලොව මත සිටිය යුතු යැයි යන මතයේ සිටිනා මෙවන් පරපීඩාකාමී මනෝව්‍යාධිකයන්ගේ තර්කයන් හමුවේ බුදුදහම පසුනොබසින බව අවසන් වශයෙන් කිව යුතුය.”
යන කොටසට හැර අන් මත වලට එකඟයි. ඉහතින් දක්වා ඇති ප්‍රකාශයට එකඟ නොවන්නේ ඉහත කතුවරයාගේ පරපීඩාකාමීත්වයක් දක්නට නොලැබෙන බැවිනි. එමෙන්ම ඔහු මනෝව්‍යාධිකයෙක් ලෙස හැඳින්වීමේ අර්ථයක් නොමැත.
සමහරු බුදුන් වදාළ දේ ආගමක් බවට පත්කරගෙන “බුද්දාගමිකයින්” බවට පත්වී පිළිම යැද්දාට, ගස් වලින් පිහිට අපේක්‍ෂා කළාට, බුදුන් බලාපොරොත්තු වුනේ තමන්ගේ දර්ශනය අනුගමනය කරන “බෞද්ධයින්” මිස “බුද්දාගමිකයින්” නොවේ.
අයියෙ ඒක තමයි පින්ච් එක :ඇහැක් ගැහුවා:
නොදන්නා කමට අහන්නෙ. ඔය සංශෝධකයෙක් වෙන්න රාග දෝශ මෝහ තියෙන්නෙ ඕන කියල කව්ද කිව්වෙ ? මගේ මොලේට තේරෙන විදියටනම් බුදුහාමුදුරුවෝ කියන්නෙ සමාජ සංශෝධකයෙක්. සමහර විට මෙතන ඉංග්‍රිසි පොත සිංහලට පරිවර්ථනය වෙනකොට වැරදීමක් උනාද දන්නෙ නෑ
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි අවදියේදී නන්දෙසින් දෙසින් බුදුපියාණන්ගෙ පිහිට, රැකවරණය පතා මිනිසුන් පැමිණියේය. බුදුරජාණන් වහන්සේ පිහිටක් රැකවරණයක් අවශ්‍ය වූ තැනැත්තන් වෙත වැඩම කර පිහිටවූ අවස්ථා අනන්තය අප්‍රමාණය. එනිසා බුදුරජාණන් වහන්සේ නොමැති විටෙක(වර්ථමානයේ දී) අධ්‍යාත්මිකව ඒ පිහිට පතන අවස්ථා ඇත. නමුත් එය උන්වහන්සේට මල්, පහන් පූජා කිරීමෙන් කෙසේවත් සිදුකරන්නේ නැත. මෙය ක්‍රියාවන් දෙකකි. මල්, පහන්, සුවද දුම් පූජා කරනුයේ උන්වහන්සේට කරන ගෞරවයක් නිසා බව මතකතබා ගන්න. සමහර ආගම් වල මෙන් දෙවියන් සතුටු කිරීමට සතුන් හෝ වෙනයම් දේවල් බිලි දීමෙන් තම අවශ්‍යතා සිතූපැතූ දේවල් ඉටුවේවායි, පරලොව දිවිය සැපවත් වේවායි යනුවෙන් ප්‍රාර්ථනා කිරීම් බුදුදහම තුල නැත, එවැනි දේ බුද්ධ ධර්මය ප්‍රතික්ශේප කරයි. මිනිසුන්ගේ දැනුම් පරමාණයන් එකිනෙකට වෙනස්ය. සියල්ල දන්නා මිනිසුන් වර්ථමානයේ දක්නට නොමැත. ඔබ නොදන්නා දෙය අසා දැනගැනීම පිලිබදව අප ඉමහත් සතුටට පත් වන්නෙමු. ඔබ නැගූ එම ප්‍රශ්නයට යම් තරමක හෝ පිළිතුරක් ලැබුනායැයි මට සිතේ. වැරදි අඩුපාඩු ඇත්නම් කරුණාවෙන් පෙන්වා දෙනමෙන් ඉල්ලා සිටිමි.
ඔබ සියළු දෙනා හට සම්මා සම්බුදු සරණයි ! ශ්‍රී දළඳා සමිදු පිහිටයි !
ඔබේ උත්තරයේ ඇති කාරණා සැබැය. නමුත් පිලිතුරක් ලැබුනේ නැත. බුද්ධ ධර්මය යැදීම ප්‍රතික්ශේප කරන බව “අබු අමීතාහ් බිලාල් ෆිලීප්ස්”නුත් කියයී. ඔබේ උත්තරයේ කියා ඇත්තේත් ඒ ටිකමය. මමත් එකගය.
ඊට අමතරව, පරපීඩකයෙකු ලෙස ඔබ විසින් හදුන්වන ලේඛකයා විසින් “ලෝකයා බුදුන්ට/පිලිමයට යදින බව” කියයී. ලේඛකයා සමග මම එකගය. (ලේඛකයාටත් වඩා දුර ගිහින්, පුද්ගලයන් බුද්ධාගම වෙනුවෙන් නීතී සම්පාදනයත්, ගල් ගැසීමේ සහ අනෙකුත් අගම්වලට්ට පහර දීමේත් යෙදන බවත් මට කිය හැක.) ගෞරවය පතා මල් පහන් පූජා කරන පමනින්; පින් තකා, සුවය තකා, විබාගය සමත් වීම තකා, මෙලොව, පරලොව දෙව් ලොව තකා; කොඩි එල්ලන, යදින උදවිය නැතැයී සනාත වන්නේ නැත.
(මල් වට්ටි පිටින් සකසා, බිම දිගාවි, යටහත්ව, පහත්ව, පහත්විය හැකි උපරිමයෙන් පහත්ව, යතිකාවේ යෙදිමින්, වටේට ගිනි දැල් ඇති, බුදු රුව පිදීම ගරු කිරීම උදෙසා පමණක් කෙරෙන්නක් නොවෙන බව පැහැදිලි නමුත්, ගෞරවය හෝ යැදීම සදහා හෝ මල් පහන් තැබීමේ වැරද්දක් මා දකින්නේනම් නැත.)
හදිස්සියක් නෑ මගේ ප්‍රශ්නෙටත් උත්තරේ ඉඩ තියෙන වෙලාවක දෙන්නකො.
විවිධ නිර්නායකයන්ට සාපේක්ෂව විවිධ විදියට පුද්ගලයෙක්ව හදුන්වන්න පුලුවන්…උදාහරණයක් විදියට අපිට හුගක් උදව් කරන කෙනෙක්ට අපි “දෙයියෙක්” කියලා කියනවා…එදිනෙදා කතා බහේදී “මචං උඹනං දෙයියෙක්” ආදී වශයෙන් කියන්නෙ…නමුත් ඇත්තටම එහෙම නෑනෙ…මෙතනත් එහෙම සීන් එකක් තියෙන්නෙ….විවිධ නිර්නායක වලට සාපේක්ෂව බුදුරදුන්ව “වෛද්‍යවරයෙක්” , “සංශෝදකයෙක්” ආදී නම් වලින් හැදින්වුවත් සත්‍ය වශයෙන් බුදු කෙනෙකුන් සමාන වන්නෙ තවත් බුදුකෙනෙකුට පමණයි..
මෙහිදී සංශෝධකයා යන වචනෙහි තේරුම සලකා බැලීම වටී .. සංශෝධකයා යනු පවත්නා න්‍යායක් සුදුසු පරිදි වෙනස් කර යළි ඉදිරිපත් කරන්නායි … මෙවැනි වචනයකින් බුදු රදුන් ඇගැයීම කොතරම් සාධාරණද යන්න පාඨකයා තීරණය කළ යුතුය .. පොතේ මේ ඡේදයේන් පැහැදිලි වන්නේ මෙහි ලේඛකයාට අන්ධ භක්තියෙන් කරන වන්දනාව හා ගරු කිරීම පිළිඹද නිසි අවබෝධයක් නොමැති බවයි … එමෙන්ම මෙහි අදහස් දැක්වූ සමහරු සංශෝධනය හා සමාජ ශෝදනය පටලවා ගෙන ඇති බව පෙනේ … ඒ දෙකෙහි අර්ථ සහමුලින්ම වෙනස් ය
//සංශෝධකයා යනු පවත්නා න්‍යායක් සුදුසු පරිදි වෙනස් කර යළි ඉදිරිපත් කරන්නායි //
සදිසා නමස්කාරය, ආනන්ද බෝධිය, අභිවාදන සීලිස්ස ගාථාව, වස් විසීම, පන්සිල්, අටසිල් ……… ඕනෑ නම් තව මතක් කර කිව හැකියි.
සංශෝධනය හා සමාජ ශෝදනය යන දෙකේ වෙනස පැහැදිලි කල හැකිනම් අගෙයි.
// ඊට හේතුව සංශෝධකයෙක් ළග ඇති රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් බුදුවරයෙක් තුල නොතිබීමයි //
සංශෝධකයෙක් ළග රාග, ද්වේශ, මෝහ තියෙන්න ඕන කියන්නෙ මොන පදනමකින්ද ?
බුදුරජානන් වහන්සේ යනු අසමසම ගුණ ඇති පුද්ගලයන් අතරේ මඩ වලකින් ඉහලට එසැවුනු පියුමක් වැනි වූ මනුශ්‍යයෙකි.
ඉහත යොදා ඇති වදන් වලින් බුදුහිමියන් සමාන කිරීමට තැත් කිරීමේ වරදක් මම දකිමි…
මන්ද යත් බුදු වරයකු සම කල හැක්කේ තවත් බුදුවරයකුට පමණක්ම බැවිනි, නමුදු සලකා බලන කල බුදුවරයෙක් බුදු වරයෙකුටද සමාණකළ හැකිද….?
බුදු වරුන්ට මේ ලෝකයේ (මිනිසාගේ)කරන්නට සිංශෝධනයක් නැත.එසේ කිරීම ඉවරවෙන කර්තව්‍යයක්ද නොවේ.බුදු කෙනෙක් පහළවන්නේ කුමටද කියා නොදන්නා වෙනත් ආගමිකයන් බුදුන් ඔවුගේ කෙළෙස් සහිත ආගමික නායකයන්ට අනුව උපකල්පනය කරමින් මිත්‍යා මතවාද වැපිරීම අරුමයක් නොවේ.එහෙත් සමාජයේ යහ පැවැත්ම උදෙසා ධනය ඉපයීම-මතු සසර සැපවත් කරගැනීම-සතුටුදායක සමාජ සම්බන්ධතා පවත්‍වා ගැනීම උදෙසා මහා කරුණාවෙන් යම් යම් උපදේශ හාඇවැතුම් පැවතුම් ගැන කියා දුන් බව සැබෑවකි.එසේ වෙතත්,එතුමන්ගේ එකම හා මූලික අරමුණ චතුරාර්ය සත්‍යය ලෝකයට හෙළි කිරීමයි.හෙවත් ධර්මචක්‍රය පැවැත්වීමයි.(ධර්මය ලෝකයේ සැඟව යනවා විනා අතුරුදන් වන්නේ නෑත)ඒ ඒ යුගවල පහළවන බුදුවරු නැවත ධර්මය ලෝකය හමුවේ පෙන්වා දෙති.
එදා අසංඛෙය්‍ය කෝට් ගනනකට පෙර කකුසඳ හා ඊටත් පෙර බුදුවරුන්ගේ යුගයේ තිබූ චතුරාර්ය සත්‍යය ධර්මයමයි මේ අප අදත් දකින්නේ.මේ සඳහා බුදුවරු දෙවියන් වැනි ඉතා පහත් මට්ටමක බලයක් හෝ ශක්තියකින් යුතුව නොව ඊට ගවු ගනනක් එහා ගිය සර්‍වඥතාවය හා අනන්තවූ ගුන-බල-වාසනා මහිමයක් සහිතව බුද්ධත්‍වයට පත් වීම අනිවාර්යය.එබඳු බුදු වරුන්ට අප වැනි පුහුදුන් ජනයාගේ වන්දනාමාන-පුද සත්කාර ලැබීමේ චේතනාවක් තබා සක් දෙවිඳුගේ-මහා බ්‍රහ්මයාගේ නමස්කාරයවත් කෙළපිඬක් තරම්වත් ආශ්වාදයක් නොවේ.පින් අවශ්‍ය අපටය.වන්දනා කිරීම සඳහා යම් පූජා වස්තුවක් ඉල්ලා සිටියේ අපය(ආනන්ද බෝධිය-කේස ධාතු වැනි)එතනදී නව අරහාදී ගුන සිහිකරමින්මනසින් වුව බුදුන් වඳින්නේ නම් මහා කුසලයක් හිමි වේ.මක් නිසාද? චේතනාව වන්නේ බුදුන් වැඳීම වන බැවිනි.
මට පෙනෙන හැටියට මෙතැන ඇත්තේ බුදුන් පිලිබද ගැටලුවක් නොවෙයී, බස පිලිබද ගැටලුවකී. පද රසය නොදන්නා කුමට උපන්නේදැයී මට ඇසිය හැකි නමුත්, ඒ තරමට දුශ්ඨ කතාවක් කීමේ අදහසක් මට නැත. එක් ඒකකයක්, හැදින්වීමට නාමපද රාශියක් පාවිච්චි කර හැකියී. එක් නාමපදයක් යෙදූ පමණින්, එම ඒකය අනෙකුත් සියලුම සමාන නාම පද යෙදූ ඒකක සමග සර්වසම වන්නේද නැත. Narendrasinghe ඒ ගැන පැහැදිලිව කියා ඇත. බුදුන් බුදු කෙනෙකු පමනක් නොවෙයී, පියෙකුද වෙයී, යහපත් පියෙකුද වෙයී. යම් තරමක කීකරු දරුවෙකුද වෙයී. ලෙඩෙකුද, නිරෝගී පුද්ගලයෙකුද වෙයී. විවීචනයට පාත්‍රවී ඇති ලේඛකයා, බුදුන් බුදු කෙනෙකු නොවෙන බව කියන්නේ නැත. කියන්නේ සංසෝදකයෙකු බවයී. ඒ කාරණා පරස්පර විරෝදී නැත. බුදුන්, සමාජ සංසෝදනය ගැන දුර්වල උත්සාහයකුත්, ආද්‍යාත්මික සන්සෝදනය සහ දර්ශණික මත වාද සංසෝදනය පිලිබද වැඩි උත්සහයකුත් ගනී. දේශපාලන සංසෝදනය පිලිබද උත්සහයක් ගන්නේම නැති තරම්ය.
මා සංසෝදනය කියන වචනය වටහාගෙන ඇත්තේ, දැනටමත් ඇති දෙයක්, කාලානුරූපව සහ සාපේක්ශීයව නිවරදි කීරීම, වැඩි දියූනු කිරීම යන අදහසේ ඉදගෙනය.
බුදුන් සමාන කර හැක්කේ තවත් බුදුන් කෙනෙකුටයී පමණයැයී නැවත නැවතත් කීම, කාරනය වටේ නැටීමකී.
//එතනදී නව අරහාදී ගුන සිහිකරමින්මනසින් වුව බුදුන් වඳින්නේ නම් මහා කුසලයක් හිමි වේ.මක් නිසාද? චේතනාව වන්නේ බුදුන් වැඳීම වන බැවිනි//
මේ කාරණය බුද්දාගමට පමණක් අදාල නොවෙයී. අනෙකුත් ආගම් වලත්, ඒ ඒ ආගමික නායකයාගේ ගුණ වැනුමත්, ගුණ නිතතින් සිහිකරමින්, ගුණ ගැයුමෙන්, ඒ ඒ ආගමානුකූලව මරනෙන් මතු පාවිච්චියට ගත් හැකි ණය පත් (Credit) ලැබේයැයී විශ්වාස කරයී.
“මා සංසෝදනය කියන වචනය වටහාගෙන ඇත්තේ, දැනටමත් ඇති දෙයක්, කාලානුරූපව සහ සාපේක්ශීයව නිවරදි කීරීම, වැඩි දියූනු කිරීම යන අදහසේ ඉදගෙනය.”
හරි බුදු පියාණන් දැන් මොනවද දැනටමත් ඇති දෙයක් වෙනස් කලේ?මොන ධර්මයද පැවැත්මද කාලානූරූපීව හා මොකකට සාපේකෂවද නිවරදි කලේ?මොන මොන කොටස්ද වැඩි දියුනු කලේ?
තමන් වැරදි වචනයක් බාවිතා කරලා ඒක හතර අතට වනමින් බුදුරජාණන් වහන්සේ සංශෝධකයෙක් මැයි කියන්නට වෙර දැරීම මහමෙර අබ ඇටයෙකැයි මොරගාන්නාට නොදෙවෙනියි.
හා..හා මේ අනිත් විහිළුව,
“//එතනදී නව අරහාදී ගුන සිහිකරමින්මනසින් වුව බුදුන් වඳින්නේ නම් මහා කුසලයක් හිමි වේ.මක් නිසාද? චේතනාව වන්නේ බුදුන් වැඳීම වන බැවිනි//
මේ කාරණය බුද්දාගමට පමණක් අදාල නොවෙයී. අනෙකුත් ආගම් වලත්, ඒ ඒ ආගමික නායකයාගේ ගුණ වැනුමත්, ගුණ නිතතින් සිහිකරමින්, ගුණ ගැයුමෙන්, ඒ ඒ ආගමානුකූලව මරනෙන් මතු පාවිච්චියට ගත් හැකි ණය පත් (Credit) ලැබේයැයී විශ්වාස කරයී.”
ක්‍රෙඩිට් ලැබෙන්නේ ලැබෙන තැනක යෙදවූවොත් පමණක් නොවේද?නිකං විශ්වාස නම් කොතෙක්ද? කුසලයක් ලැබෙන දෙයක් පුහු මනස්ගාතයකට සමාන කිරීමේ අඥාන බාවය වත් වටහා ගන්න බැරි හැටි.
සංසොදයනය යන්නේ අදහස මම වැරදියට වටහාගෙන ඇත්නම්, වැරදි තැනත්, නිවරදි නිර්වචනයත් ඉදිරිපත් කීරීම ඵලදායීය.
//හරි බුදු පියාණන් දැන් මොනවද දැනටමත් ඇති දෙයක් වෙනස් කලේ?//
පිං පව්, කර්මය වැනි ලාඕසී ධර්මයන්ද, අකිරිය වාදය වැනි දර්ශණයන්ද, කුලය වැනි සමාජීය කාරනාද බුදුන් සංසෝදනය කරයී. සමාජයේ කාන්තාවන්ට හිමි තැනද, අකමැත්තෙන් වුවද සංසෝදනය කරයී. පොත පත කියවා බුද්ධ චරිතයේ අයනු ආයනු ඉගන ගන්නා ලෙස කරුණාවෙන් යෝජනා කරමි.
// බුදුරජාණන් වහන්සේ සංශෝධකයෙක් මැයි කියන්නට වෙර දැරීම//
බුදුන් සංසෝදයෙකු මැයී මම කියන්නේ නැත. නැවතත් සිහි එලවා කියවා බලන්න.
//ක්‍රෙඩිට් ලැබෙන්නේ ලැබෙන තැනක යෙදවූවොත් පමණක් නොවේද?නිකං විශ්වාස නම් කොතෙක්ද? කුසලයක් ලැබෙන දෙයක් පුහු මනස්ගාතයකට සමාන කිරීමේ අඥාන බාවය වත් වටහා ගන්න බැරි හැටි.//
තමාගේ ආගමික නායකයාගේ ගුණ ගැයීම ඵලදායීය, වාසිදායීය, අනෙකුත් ආගමික නායකයන්ගේ ගුණ ගැයුම විහුලුවක්යැයී කියා අලුයම හූ කෙල පිඩක් වාගේ බැහැර කිරීම සෑම අඳ භක්තියකයකුගේම පුරුද්දයී. අනුන්ගේ විශ්වාසයන් පුහු මන්ස්ගාතයැයී කීම, අනිත් ආගමිකයන් අඥානයැයී කීම පහත්ය. නීචය. තමාගේ ආගම නිවරදිය, තමාට සියලු දේ වැටහී තිබේය, අනෙකුන්ට කිසිවක් නොවැටහේයැයී සිතීම, අමනයාගේම සිරිතයී.
මේ දශකයේ ලොකයේ ඇති භයානකම ප්‍රශ්ණය තමගේ ආගම නිවරදිය, අනුන්ගේ ආගම් වැරදියැයී, විහිලුවක්යැයී, මනස්ගාතයක්යැයී, අඥානයැයී සිතන උදවියයී.
මෑතක සිට මිත්‍යා දෘෂ්ටික ආගම් අදයන්නන් බුදු දහම පිළිබද වැරදි අර්ථ කථනයන් හා ප්‍රචාර ගෙනයමින් පවතී. එහෙත් සත්‍යවාදී දහමක් වන බුදුදහම යටපත් කළ නොහැකියී.
මිත්‍යා දෘෂ්ටික ආගම් අදයන්නන්ගේ අදහස් වලින් නොමග යෑමෙන් වලකිමු.
සෑම සංශෝදකයෙකුටම බුදුවරයෙක් වීමට නොහැකි නමුත් බුදුන්ට සංශෝදකයෙක් වීමට පුළුවන.
මෙහිදී බුදුන් සංශෝදකයෙක් වන්නේ එය උන්වහන්සේගේ වෘත්තිය නිසා නොව, උන්වහන්සේ සංසාරය ගැන හරිහැටි නොදැන වල්මත්ව සිටි සුවහසක් දනන්ගේ දැනුම සංශෝදනය කළ නිසාය.
මෙහි බාවිත වචන ගැන නම් අවුලක් තියනවා.ඒත් ඔබ කියන්න හදන දේ යම් සත්‍යයක් තියනවා.
වෘත්තිය-දැනුම සංශෝධනය-බුදුන්ටද සිංශෝධකයෙක් විය හැක…යනාදී වචනනාර්ථය අවුල් සහගතයි.හෝ අදාළ නැහැ.
නැත. ඔහු එසේ පවසයි. මෙබදු ලිපියක් ලියන්නට අවශ්‍යතාවය පැන නැගෙන්නේ ද එබැවිනි. ඔබ කියනා පරිදි බුදුන් බුදු කෙනෙකු බව ලේඛකයා පිළිගනී නම් මෙම ලිපිය ලියන්නට ද හේතුවක් නැත.
එම ග්‍රන්ථයේ සදහන් වන්නේ බුදුන් යනු හුදු සංශෝධකයෙකු පමණක් බවත් එබැවින් බුදුදහම අසත්‍ය බවත් එකම සත්‍ය ආගම ඔහු අදහන ඉස්ලාමය බවත් ය.
තවද කිතුනු බැතිමතුන් අදහන යේසුස් යනු අල්ලාහ්ගේ දේව දූතයෙක් යනුවෙන් පවසා කිතුනුවන් ඉස්ලාමීකරණය කිරීමට ද ලේඛකයා උත්සහ කරයි.
ලේඛකයා එසේ කියයීනම් එම කොටසද උපුටා දැක්විය යුතුව තිබුනි.
තමන්ගේ ආගම පමණක් සත්‍යබව ප්‍රකාශ කිරීම පමණක් නොවෙයී, අන්‍යාගමිකයන් ත්‍රස්තයට පත් කිරීමත් ඉස්ලාමිය සහ අනෙකුත් ආගම්වලත් නීතියයී. ලේඛකයා කීමෙන් පමණක් නැවතීමෙන්, සාදාචාරත්මක වශයෙන් පියවරක් ඉදිරියටත්, ආගමික වශයෙන් පියවරක් පසුපසටත් ගොස් ඇති බව මගේ හැගීමය.
යේසු යනු දෙවියන්ගේ පුත්‍රයාය. ලේඛකයා නිවරදිය.
ඒ කෙසේ වෙතත්, ලේඛයා සමග විවාදයේදී, බුදුන්, දෙවියන්වාගේම විශේශ, ඉහල, ස්තානයටක ඔසවා තැබිය යුතු නැත. ලේඛකයාගේ මානසික මට්ටමට වැටිය යුතු නැත. බුදුන්ගේ බලය නිසා බුදුන් අදහන උදවිය, දෙවියන් ඇදහීම ඊට වඩා යෙහෙකිය. බුදු ගුණ කියමින් පින් බලා පොරොත්තු වන උදවිය, දෙවියන්ගේ පින් කීම ඊට වඩා යෙහෙකිය. මක්නිසාද යත්, දෙවියන්ට බුදුන්ට වඩා බලයක් ඇති බැවිනි. බුදුන් සරණ යන උදවියට, බුදුන්ගේ සමාජ සහ ආධ්‍යාත්මික සංසෝදනයන්ම ප්‍රමාණවත්ය. එලෙසින් බලණ කල, බුදුන් දෙවියෙකුයී නොවේයැයී කීමෙන්, ලේඛකයා කරන්නේ බුදුන් ගැන වර්ණනාවකී.
නීතිය යන වචනයට වඩා ස්වභාවයයි යන වචනය වඩාත් ගැලපෙනු ඇත.
පොතක් තුලින් ඊට වැඩි සෙල්ලමක් ඔහුට කළ නොහැකි ය. නමුත් සැබෑ ලෝකය තුල ඔහු අනිවාර්යයෙන්ම ආගමික වශයෙන් ඉදිරි පියර තබනු ඇතැයි අනුමාන කළ හැක.
බුදුන් දෙවියෙක්ට සමාන නොවන බව සැබෑ ය. නමුත් එයින් දෙවියන්ට බුදුන්ට වඩා බලයක් ඇති බව සනාථ නොවේ. බුද්ධ ධර්මය තුලින් සංශෝධනයක් සිදු වන මුත් එය බුදුන් සරණ යන්න්ට සෑහෙන්න ප්‍රමාණවත් මුත් මෙහිදී ලේඛතයා සංසෝදකයා යන වචනය යොදාගන්නේ ඔබ කියනා පරිදි වර්ණනා කිරීමේ අරමුණින් නොවේ.
අනිවාර්‍යන්ම නීතියයී. ඒ නීති කඩන උදවියට දෙන දැඩි දඩුවම් ඒ ඒ ආගම් වල යහතින් පැහැදිලිව විස්තරාත්මකව ලියා කියා තිබේ.
පොත පතින් කල හැකි සෙල්ලම් බොහෝය. දාස් කැපිටල්, බයීබලය යනාදී පොත් බොහෝ දේ ලොවට කර ඇත.
දෙවියන්ට ලෝකය පමණක් නොවෙයී, විශ්වයම මැවිය හැක. ඉල ඇටයකින් ගැහැනියක් තැනිය හැක. අන්ධයන්ට පෙනීම දිය හැක. මලවුන් නැගිටවිය හැක. කොරුන් ඇවිදවිය හැක. මෙකී නොකී තවත් පුදුමාකාර බලසම්පන්න වැඩ කර හැක. දෙවියන් ඇදහුමේන්, වහලුන් ඇතුලු ධණ සම්පත්තිය ලැබේ. බුදුන් වැදීමෙන් ලැබෙන වහලෙක්වත්, කන්‍යාවක්වත් නැත. දෙවියන්ට බලය වැඩිය. බලයට වදිනවානම් , වැදිය යුත්තේ දෙවියන්ටමය.
අයහපත් අරමුනින් හෝ මොන අරමුනකින් හෝ ලේඛකයා කියන්නේ යහපත් දෙයකි.