නිවස > කාළීන සිදුවීම්, දුටුගැමුණු බළකාය, බුදු දහම > උන්වහන්සෙ පෙරුම් පිරුවෙ අපි වෙනුවෙන්

උන්වහන්සෙ පෙරුම් පිරුවෙ අපි වෙනුවෙන්

Dutugemunu Balakaya

බුදුරැස් විහිදෙන, ධාතුන් වහන්සේලා පෙලහර පාන, අනුහස් තියෙන පුදබිම් වලට අපේ උපාසක ඇත්තො ඇදී යන්නෙ වැල නොකැඩි.  බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති ශ්‍රද්ධාව හේතුවෙන් එසේ යන බැතිමතුන්, ඒ හේතුවෙන්ම  බුදුරජාණන් වහහ්න්සේ කියාදුන් මාර්ගයෙන් ඈතට ඇදෙන බව බොහෝ දෙනෙකුට කල්පනා නොවෙන හැඩයි.

වාසි තකා ඍද්ධි ප්‍රාතිහාර්ය පෑම භික්ෂුන් වහන්සේලාට තහනම් කළ  බුදුරජාණන් වහන්සේ, බොහෝවිට පෙළහර පෑවේ මිසදුටුවන් දමනයටයි. දමනය කළ පිරිස හැමවිටම ධර්ම මාර්ගයට ගෙන ඒමට උන්වහන්සේ කටයුතු කලා. නමුත් අද වෙනවිට සැදැහැවත් බැතිමතුන් පෙළහර, අනුහස් ආදිය කෙරෙහි යොමු කරන බැති සිත සත්‍ය ගවේෂණයට යොමු කරන්නේ කලාතුරකින්. අපට අමතක වෙලා  බුදුරජාණන් වහන්සේ කියන්නෙ පෙළහර පාන්නෙකුට වඩා වටිනා අසම සම මනුෂ්‍යයෙක් බව.

බුදුරජාණන් වහන්සේ උපක ආජීවකට තමන් වහන්සේව හඳුන්වා දුන්නේ, තමන් මිනිසුන් අතර උපන්, මිනිසුන් අතර දිවි ගෙවන, එහෙත් මිනිසුන් තුළ වන කෙලෙස් නමැති මඩ ගොහොරුවෙන් මිදුනු අසමසම බුදුවරයෙකු යනුවෙනුයි. බෞද්ධ අපට බොහෝවිට, බුදුවරයෙක් කියන්නෙ අප අතරින්ම බිහිවෙන මනුෂ්‍යයෙක් බව අමතක වෙන බවක් පෙනෙයි. ශ්‍රද්ධාව නිසා බුදුරැස්, පෙළහර වලට වන්දනා කරමින් ගෙවන ජීවිතයෙන් ඉඩක්, සත්‍ය සොයා යාමටත් වෙන් කරනවා නම් ඒක බුදු වරයෙකුට කරන වටිනාම පූජාවක් වේවි.

මොකද…
මනුස්සයෙකුට ලඟා කරගත හැකි ශ්‍රේෂ්ඨතම තත්වයට හෙවත් බුද්ධත්වයට පත්වෙන්න බෝසත්වරයෙක් පෙරුම් පුරන්නෙ අපි වෙනුවෙන්.

සත්‍ය සොයා යන ගමනෙදි සෝවාන්, සකෘදාගාමී ආදී මාර්ගඵල වලට පැමිණ නිර්වාණය ලඟාකරගත හැකි අවස්ථා තිබියදීත්, ඒ අවස්ථා සියල්ල මඟහැර බුද්ධත්වයට පත්වෙන්න යම් මිනිසෙක් කල්ප ගණනක් පෙරුම් පුරනවා නම්, ඒ අපි වගේ සුවහසක් මිනිසුන් කෙරෙහි වන මෛත්‍රිය සහ මහා කරුණාව නිසයි. අපිටත් සසරින් එතෙර වන්නට මාර්ගය විවර කරන්නටයි. මිහිමත පහලවෙන හැම බෝසත් වරයෙක්ම කල්ප ලක්ෂ ගණනාවක් පෙරුම් පුරන්නෙ අපි වෙනුවෙන්. ඒත් ඔවුන් මහා කැපවීමක් කරලා අපි වෙනුවෙන් විවර කරන ධර්ම මාර්ගය, මෝහයෙන් අන්ධ වෙලා අපි විසින්ම වසා දමනවානම් ඒක අපරාධයක්.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු සාසනං

  1. 2013 ජනවාරි 25 දින ප.ව. 4:09 ට

    හොද ලිපියක්

  2. 2013 පෙබරවාරි 4 දින ප.ව. 5:25 ට

    බුදු හිමි දෙසුවේ යමෙක් ධර්මය දකීද හේ මා දකී. අද කිසිවෙකුට ධර්මය දැකීමට අවශ්‍ය නැත. එක බුදුවරයකු වැදීමට වෙලාව හොයාගන්නට බැරි බෞද්ධයා පෙරලි පෙරලි වදීමටදෝ අටවිසි බුදුවරයන් චයිත්‍ය වටා පිහිටුවා ගනියි. හරියට වෙස තොරන් වගේ.සිහියෙන් එක බුදු කෙනකු වදින්නට පුරුදු වුවා නම් මීට වඩා සසුන රැක ගන්නට තිබුණා. අපේ රජවරුන්ගේ කාලයේ හොඳ වෙලාවට එක බුදු කෙනෙක් හිටියේ. 2500 ක් කල් සසුන රැකුණා. බුදු සරණයි.

  3. 2015 පෙබරවාරි 21 දින ප.ව. 12:08 ට

    බුදිනවා යන්නෙහි අතීත කාල පදය කුමක් ද?

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න